අසමානතාවයේ එක්සත් ජනපදය

The United States of Inequality

2017 දෙසැම්බර් 18

පසුගිය සතියේ, මූල්‍ය කතිපයාධිකාරීත්වයට ඩොලර් ට්‍රිලියන ගනනක් හරවා යවන බදු පනතක් සම්මත කර ගැනීමට කොන්ග‍්‍රසය යුහුසුලුව කටයුතු කරත්දී, එක්සත් ජනපදය තුල සමාජ අසමානතාවේ වර්ධනය ලේඛන ගත කරමින්, විශේෂඥයන් ගෙන් යුත් කන්ඩායම් දෙකක්, විවේචනාත්මක වාර්තාවන් ප‍්‍රකාශයට පත්කලේය.

බ‍්‍රහස්පතින්දා, තෝමස් පිකටි, එමානුවල් සයස් සහ ගේබ්‍රියල් සුක්මන් ඇතුලත් අසමානතාවය පිලිබඳ ප‍්‍රමුඛ පරීක්ෂකයන්ගේ කන්ඩායමක්, බටහිර යුරෝපයේ අනෙකුත් සංවර්ධිත රටවලට වඩා මෙන්ම ලෝකයේ අනෙකුත් තැන් වලින් බොහොමයකට වඩා එක්සත් ජනපදය බොහෝ සෙයින්ම අසමානතාවෙන් යුක්ත බව පෙන්නුම් කරන තම 2018 ලෝක අසමානතාවය පිලිබඳ වාර්තාව ඉදිරිපත් කලේය.

2016දී ඉහලම සියයට 10ට ජාතික ආදායමෙන් ලැබුනු පංගුව

1980 දී සියයට 10ක් වූ එජ ආදායම් උපයන්නන්ගෙන් ඉහලම සියයට එකෙහි ආදායම් පංගුව, 2016 වන විට 20ක් දක්වා වර්ධනය වී ඇති බව පරීක්ෂකයෝ වාර්තා කලහ. ඒ, පහල සිටින සියයට 50 ආදායම් පංගුව එම කාල පරිච්ඡේදය තුලදීම සියයට 20 සිට 13 දක්වා පහල වැටෙත්දී ය. දශක තුනකට පෙර ධනයෙන් සියයට 40ක් පාලනය කල පතුලේ සිටින සියයට 90 දැන් පාලනය කරන්නේ සියයට 27ක් පමනි.

ඇමරිකාවේ හා බටහිර යුරෝපයේ ඉහල සියයට 1 හා පහල සියයට 50 අතර ආදායම බෙදීයාම: ආදායම් අසමානතාවේ වෙනස්කම් වල ප‍්‍රක්ෂේපනය

එජ තුල ඇති අදහාගත නොහැකි සමෘද්ධිය මධ්‍යයේ පැතිර පවත්නා අන්ත දරිද්‍රතාව, මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යැයි සිකුරාදා පල කල වාර්තාවක තර්ක කල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්ත දරිද්‍රතාව සහ මානව හිමිකම් පිලිබඳ නියෝජිත පිලිප් ඇල්ස්ටොන් ඇමරිකානු සමාජය පිලිබඳ තවත් විචිත‍්‍ර චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කලේය.

එක්සත් ජනපදය “මානව හිමිකම්” රැකීම යන ප‍්‍රලාපය යටතේ ලෝකය පුරාම රටවල් ආක‍්‍රමනය කර තිබීම, එම රට වලට බෝම්බ හෙලා තිබීම සහ එම රටවල් අස්ථාවර කර තැබීම යන කරුන, සංගත විසින් මෙහෙයවන මාධ්‍ය මගින් මෙම වාර්තා දෙකම වලලා දැමීමට තෝරාගෙන ඇති හේතු වලින් එකක් වන බවට සැක නැත.

“ආන්ඩුව සනීපාරක්ෂක පහසුකම් ඔවුන්ගේ වගකීමක් යැයි නොසලකන එක්සත් ජනපදයේ, ඇති ජරාව පිරුනු මිදුල්” සම්බන්ධයෙන්, “ඉතා දුගී පුද්ගලයන් හට ඇති වැඩසටහන් වලින් බොහොමයක් වැඩිහිටි දන්ත ආරක්ෂාව ආවරනය නොකරන බැවින් තමන්ගේ දත් සියල්ලම අහිමිව තිබූ මිනිසුන්” සම්බන්ධයෙන්, සහ “වේගයෙන් ඉහල නගින මරන අනුපාතය සහ නියම කරන ලද බෙහෙත් වලට සහ අනෙකුත් මත් ද්‍රව්‍ය වලට ඇති ඇබ්බැහි වීම මගින් නිර්මිත කුටුම්බ සහ ප‍්‍රජා විනාශය” සම්බන්ධයෙන් ඇල්ස්ටන් ලියයි.

“මෙතරම් ඡන්ද දායකයන් පිරිසකට ඡන්ද බලය අහිමි කල සහ සාමාන්‍ය ඡන්ද හිමියන්ට අවසානයේදී දේශපාලන ප‍්‍රථිපලයන් සම්බන්ධයෙන් ඉතා කුඩා බලපෑමක් පමනක් කල හැකි සංවර්ධිත රටක් තවත් නොමැති” යැයි ලියමින්, ධනය ආන්තික ලෙස සංකේන්ද්‍රනය වීම මගින් ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම් සෝදාගෙන ගොස් ඇතැයි ඔහු සඳහන් කරයි.

නිව්යෝක් ටයිම්ස් තම ඉරිදා සංස්කරනයේ “අසමානතාව විසින් නිර්මානය කල බදු පනත” නමින් කතුවැකියක් පල කලේය. “දුප්පතුන්ගෙන් සහ මධ්‍යම පන්තියෙන් ප‍්‍රතිලාභ ඉවතට ගෙනයන අතරේදී ධනවතුන් සහ සංගත සඳහා නොමසුරු වාසි වෙනුවෙන් කොංග‍්‍රසය තුල බලයෙන් සම්මත කරමින් සිටින” පනත, පුවත්පත විසින් විවේචනයට ලක් කරයි. “බොහෝ දෙනා අවබෝධ කොට නොගනු ඇත්තේ, පනත නිර්මානය කිරීමට මූලික වූවේ වර්ධනය වන අසමානතාවයම බව” යැයි කතුවරුන් තව දුරටත් සඳහන් කරයි. “ඇමරිකානු දේශපාලනය තම අවශ්‍යතාවයන් වෙනුවෙන් හරවා ගැනීමට” උත්සාහ ගනිමින් “කුඩා මිනිසුන් කන්ඩායමක් සැලකිය යුතු තරමකට රජුන් තනන්නන් බවට පත් වෙමින් තිබේ... ප‍්‍රගතිශීලී බදු පැනවීම් වලට, සුභසාධන වැඩසටහන් වලට සහ ඕනෑම වර්ගයක ආන්ඩුවේ රෙගුලාසිවලට හතුරු අපේක්ෂකයන්ට ධනවත් පවුල් සහයෝගය දක්වා ඇත.”

“මූල්‍ය නියාමනයන්, ජාත්‍යන්තර වෙලඳාම, සාධාරන වෙලඳ තරඟය සඳහා වූ ප‍්‍රතිපත්ති සහ සුභ සාධන ප‍්‍රතිසංස්කරනය වැනි ප‍්‍රශ්න වලදී වෝල් වීදියේ සහ සංගත ඇමරිකාවේ පරිත්‍යාගයන් බොහෝ ඩිමොක‍්‍රටිකයන් මධ්‍යයට හෝ ඇතැම් විට දකුනට පවා තල්ලූ කර ඇතැයි” පිලිගන්නා අතරම, කතෘහු වගකීම රිපබ්ලිකන් පාක්ෂිකයන් මත පටවති.

ඇමරිකානු සමාජය පිලිබඳ ටයිම්ස්හි ඉදිරිපත් කිරීම සහ අවසාන වශයෙන් ඩිමොක‍්‍රටික් පක්ෂයට ආධාර කරන එහි උපදේශනය සිත් ගන්නා සුලු ලෙස එකිනෙකට අසම්බන්ධිතය. “ඇමරිකාවේ අසමානතාවට ස්වයං-නොනවත්වා පැවැත්මක් නැති” බවට සහතිකයක් ලෙස දක්ෂිනංශික ඩිමොක‍්‍රටිකයෙකු වන ඩග් ජෝන්ස් ගේ තේරීපත්වීම වර්නනා කරමින් කතුවැකිය අවසන් කරයි.

2016 මැතිවරනයේදී, “වෝල් වීදියට සහ සංගත ඇමරිකාවට” මුලුමනින්ම නයගැති අපේක්ෂකයෙකු වන හිලරි ක්ලින්ටන්ට එය මුලු හදවතින්ම සහය දැක්වූ බව සඳහන් නොකිරීම උචිතයැයි ටයිම්ස් කල්පනා කරයි. එමෙන්ම පසු ගිය මාසයේ රිපබ්ලිකානු බදු සැලස්මේ මූලික කාරනාවවූ සංගතවල බදු කැපීම සඳහා තමන්ගේ පූර්න සහයෝගය ප‍්‍රකාශයට පත් කරමින් කතු වැකියක් පල කල බවද එය යලි සිහිකරන්නේ නැත. “රිපබ්ලිකානුවන් ඩිමොක‍්‍රටිකයන් සමග කටයුතු කලේ නම්, ඉහල සංගත සඳහා බදු අඩු කිරීම සඳහා ඔවුන්ට එකඟතාවයකට පැමිනීමට හැකිව තිබුනි” යැයි ටයිම්ස් ලිවීය.

එක්සත් ජනපදය මේ තත්වයට පැමිනියේ ඇයි සහ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙන්ම ඇමරිකානු සමාජයේ අනාගතය වෙනුවෙන් සමාජ අසමානතාවයේ අතිවිශාල මට්ටම ගම්‍යකරන දේ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් ටයිම්ස් හි විස්තරයේ කොහෙත්ම දැකගැනීමට නොතිබුනි. ඒ මන්දයත්, එසේ කිරීමෙන්, පුවත්පත ඒ සා උද්‍යෝගයෙන් සහය දක්වන ධනපති ක‍්‍රමය සම්බන්ධයෙන්ම ප‍්‍රශ්නය මතුකරනු ඇති නිසාය.

වර්තමාන තත්වය අහසින් කඩා පාත් වුනේ නැත. එමෙන්ම එය එක පක්ෂයක දුෂ්ට මෙහෙයුම් වල නිෂ්පාදිතයක්ද නොවේ. පාලනයේ කතිපයාධිකාරී ස්වරූපයේ හෝ රජුන් “තනන්නන්” ගේ නැගීම දීර්ඝ ඓතිහාසික පරිනාමයක නිෂ්පාදිතයයි.

20 ශතවර්ෂයේ ඇමරිකානු ධනවාදයේ දෘෂ්ටිවාදිමය පදනම් - “ඇමරිකානු සිහිනය”, එනම් ඇමරිකානු ධනවාදයේ වර්ධනය සියලුම මට්ටම්වල පිරිස් වලට ආර්ථිකමය වාසි ගෙන එනු ඇතැයි සහ සෑම පරම්පරාවක්ම ඊට පෙර පරම්පරාවට වඩා හොඳ ස්ථානයක සිටිනු ඇතැයි යන අදහස - දැන් අතීත මතකයක් පමනි.

පසු ගිය ශතවර්ෂයේ මුල් භාගයේදී, පන්ති අරගල පුපුරා යාමට සහ සියල්ලටමත් ඉහලින් රුසියානු විප්ලවය මගින් නිරූපනය කල සමාජවාදී විප්ලවයේ තර්ජනයට ඇමරිකානු පාලක පන්තිය, සමාජ ප‍්‍රතිසංස්කරන මගින් ප‍්‍රතිචාර දැක්වීය- (සමාජ ආරක්ෂනය ද ඇතුලු) රූස්වෙල්ගේ නිව් ඩීල්, ධනවතුන් මත බදු ඉහල දැමීම සහ 1960 (මේඩිකෙයා සහා මේඩිකේඞ් ඇතුලු) ශ්‍රේෂ්ඨ සමාජ වැඩපිලිවෙලවල් මේවාට උදාහරන ය.

කෙසේ වෙතත් මෙම පියවරයන් ක‍්‍රියාත්මක කරනු ලැබුවේ, බැංකු සහ සංගත වල පුද්ගලික අයිතිය මත පදනම් වූ සමාජ සහ ආර්ථික පද්ධතියක් ආරක්ෂා කරගැනීමේ රාමුව තුලය. තවදුරටත්, ඒවා ඇමරිකානු ධනවාදයේ ශක්තිය සහ ලෝක ආර්ථිකය තුල එහි බලගතු ස්ථාවරය මත පදනම් විය.

පාලක පන්ති මූලෝපායේ වෙනස්වීම, ඇමරිකානු ධනවාදයේ ස්ථාවරය මාරුවීමක් සමග අනුරූප විය. පසුගිය අර්ධ ශතවර්ෂය පුරාවට සිය ආර්ථිකමය තත්වයේ පිරිහීම නවත්වා ගැනීම සඳහා පාලක පන්තිය උත්සහා දැරුවේ, විදේශයේදී, මිලිටරි ප‍්‍රචන්ඩත්වය හරහා සහ අභ්‍යන්තර වශයෙන් මහා ජනතාවගෙන් ගෙන් මුල්‍ය කතිපයාධිකාරීත්වයට ඉහල අතට සමාජ සම්පත් නැවත බෙදා දීම හරහා ය. මෙහි ප‍්‍රතිපල, ඉහලම සියයට එක අනවරතව ධනයේ සහ ආදායමේ විශාල පංගුවක් ගොඩ ගසා ගැනීම පෙන්වන, සමාජ අසමානතාවයේ ප‍්‍රස්තාර තුල දැක ගත හැකිය.

මෙම චක‍්‍රය ඩිමොක‍්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් යන දෙගොල්ලන් යටතේම නොකඩවා සිදුවී ඇත. ටයිම්ස් කතුවැකිය පසුගිය දශක තුන තුල සිදුවී ඇති අසමානතාවේ අතිවිශාල වර්ධනය ගැන සඳහන් කරයි. කෙසේ වෙතත්, රිපබ්ලිකන් පාක්ෂිකයන් ජනාධිපති ධුරය දැරුවේ වසර 12 (එක වාරයක් ෙජ්‍ය්ෂ්ඨ බුෂ් සහ වාර දෙකක් කනිෂ්ඨ බුෂ්) සමග සසඳන විට, මෙම කාලය තුලදී ඩිමොක‍්‍රටිකයන් (ක්ලින්ටන් වාර දෙකක් සහ ඔබාමා වාර දෙකක් වශයෙන්) වසර 16ක් ජනාධිපති ධුරය හොබවා තිබේ. ධවල මන්දිරය සහ කැපිටල් හිල් පාලනය කරන්නේ කුමන පක්ෂයද යන්න නොතකා, රෙගුලාසිහරනය, මූල්‍යකරනය සහ සමාජ වැඩපිලිවෙලවල් කප්පාදු කිරීම අඩුවක් නැතිවම දිගටම සිදුවී තිබේ.

ඇමරිකානු සමාජයේ සියලුම සංස්ථාවන් හට මෙම සමාජ ප‍්‍රති විප්ලවය තුල රඟදැක්වීමට භූමිකාවක් හිමිවී තිබේ.

“කම්කරුවන්ගේ” සංවිධාන වීමට ඇති සියලු හිමිකම් අතහැර දමමින් වෘත්තීය සමිති තමන්ව සංගත කලමනාකරනයේ අංඩවල් බවට ඒවා පරිවර්තනය කරගෙන තිබේ. 1980 ගනන් වල, ඔවුහු ධනවතුන්ගේ දැඩි ප‍්‍රහාරයට එරෙහි සෑම වැඩ වර්ජනයක්ම සහ අරගලයක්ම හුදකලා කොට, මර්දනය කලේය. අද ඒවා, එම සමිති පාලන කරන මධ්‍යම පාන්තික නිලධාරීන් හට සැප පහසු රැකියා සපයන අතරම ලාභ ශ‍්‍රම කොන්ත‍්‍රාත්කරුවන් සහ පාලක පන්තිය සඳහා කාර්මික පොලීසිය ලෙස සේවය කරයි.

ට‍්‍රම්ප් පරිපාලනය සහ එහි බදු පනත, අක‍්‍රමිකතාවයක් වනවා වෙනුවට මෙම පන්ති ප‍්‍රතිපත්තියම ඉදිරියට පවත්වාගෙන යෑමකි.

ලෝකය පුරා සිටින පාලක පන්තීන් ආකෘතියක් ලෙස දැකගන්නා ඇමරිකානු සමාජයේ තත්වය, මාක්ස්වාදයේ තහවුරුවීමක් සටහන් කරයි. ධනවාදය සංලක්ෂිතව ඇත්තේ, මානව වර්ගයාගේ අති මහත් බහුතරය වන කම්කරු පන්තිය සහ පාලක පන්තිය අතර සමහන් කල නොහැකි ගැටුම මගිනි. රාජ්‍යය අපක්ෂපාතී විනිසුරු වරයෙකු නොවේ, එය පන්ති පාලනයේ උපකරනයකි. කම්කරු පන්තිය, සමාජ සහ ආර්ථික ජීවිතය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය ඇතිව තමන්ව ස්වාධීනව සංවිධානය කර ගත යුතුය.

රිපබ්ලිකන්වරුන් මෙන්ම ඩිමොක‍්‍රටිකයන්ද මෙය සිදුවීමට ඇති ඉඩකඩ පිලිබඳව දැඩිව බියට පත්ව ඇත. අනෙකුත් දේවල් අතර, රුසියානු විරෝධී උද්ඝෝෂනයේ සිට නිව්යෝක් ටයිම්ස් විසින් ප‍්‍රවර්ධනය කරන ලිංගික අතවර කිරීම් පිලිබඳ වර්තමාන උමතුව දක්වා දිවෙන අවමංගත කිරීම් සහ වෙනත් දිශා වලට හරවා යැවීම් දක්වා ගිනිය නොහැකි උත්සාහයන් පවතින්නේ මෙබැවිනි.

එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය වසර 22ට පෙර සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවීමට තීරනය කල විට, “පෙර නොවූ විරූ ධනයක් භුක්ති විඳින ජනගහනයේ කුඩා ප‍්‍රතිශතයක් සහ ආර්ථික අඩමානයේ සහ නොයෙකුත් මට්ටම් වල ජීවත් වන වැඩකරන ජනතාවගේ අතිමහත් බහුතරය අතර පුලූල් වන පරතරය” දේශපාලන ජීවිතයේ ප‍්‍රමුඛතම ලක්ෂනය වන බව සඳහන් කලේය.

මෙම විශ්ලේශනය, එකකට පසු එකක් වශයෙන් පැමිනි දශකයන් දෙක පුරා සනාථ වී ඇත. සමාජ අසමානතාවයේ ක්ෂනික නැගීම ධනේශ්වර පද්ධතියේ නොවැලක්විය හැකි ප‍්‍රථිපලය වනවාක් මෙන්ම, ඇමරිකානු සහ ලෝක සමාජය සමාජ අසමානතාවයේ ව්‍යසනයෙන් සහ සමාජ සහ ආර්ථික ජීවිතය මත ඇති එහි ග‍්‍රහනය මානව ප‍්‍රගතියේ මූලික බාධකය බවට පත්ව ඇති මුල්‍ය කතිපයාධිකාරීත්වයෙන්, මුදා ගැනීමේ එකම ක‍්‍රමය වන සමාජවාදී පරිවර්තනයද ධනේශ්වර පද්ධතියේ නොවැලක්විය හැකි ප‍්‍රථිපලයයි.

ආන්ද්‍රේ ඬේමන්

Share this article: