පොලීසිය උද්ඝෝෂන විසුරුවීමට පොලිස් සුනඛයින් යොදාගැනීමට සැරසෙයි

ඩී. ඒ. අංජන විසිනි , 2017 දෙසැම්බර් 18

“නීතිවිරෝධී” යයි හංවඩු ගසන උද්ඝෝෂන මර්දනය කිරීම සදහා පොලිස් නිල සුනඛයින් යොදාගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කරගෙන යමින් සිටින බව එහි සුනඛ අංශය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න ජන මාධ්‍යට ප‍්‍රකාශ කර තිබේ. මෙයට කඩතුරාව ලෙස යොදාගෙන ඇත්තේ උද්ඝෝෂන සහ ‘කැලඹිලිවලදී’ පොලිසියට එල්ල වන ගල් මුල් ප‍්‍රහාරවලින් වැලකී තත්ත්වය පාලනය කල යුතු බවකි.

පොලීසිය මෙම අලුත් ප‍්‍රහාරය සුදානම් කිරීම පෙන්නුම් කරන්නේ කොලඹ ආන්ඩුව රුදුරු ලෙස කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල මැඩීමට පියවර සැලසුම් කරමින් සිටින බවයි.

මේ පුහුනු කිරීම සඳහා සහය දීමට ඉදිරිපත්ව ඇත්තේ බ්‍රිතාන්‍ය තුල පමනක් නොව ජාත්‍යන්තරවත් කුප‍්‍රකට ක්‍රියා පිලිබඳව ප‍්‍රසිද්ධ ස්කොට්ලඩ් යාඩ් රහස් පොලිසිය විසිනි. එහි නිලධාරීන් දෙදෙනෙකු මේ වන විටත් මෙරටට පැමින පුහුනුවීම් කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් වන අතර ලංකාවේ සංස්ථාපිත ධනපති මාධ්‍ය මෙම පොලිස් මර්දන වැඩපිලිවල් ඉතාමත් සාමාන්‍ය හා අත්‍යාවශ්‍ය ඒවා ලෙස වාර්තා කරයි.

එහෙත් මෙම සූදානම් කිරීම් ජාත්‍යන්තරවම සිදුවේ. ලෝකයේ සෑම රටකම ආන්ඩු 2008 මූල්‍ය අර්බුදය පුපුරා යාමෙන් පසු ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ ක්‍රියාවට දමන සමාජ කප්පාදු වැඩපිලිවෙල උත්සන්න කරමින් සිටින්නේ ඒවාට එරෙහිව නැගෙන කම්කරුවන්ගේ හා දුගීන්ගේ පිඩිතයන්ගේ විරෝධතා අරගල ඉතාම මෘග ලෙසින් තලා දැමීමට මර්දන බලකායන් සන්නද්ධ කරමිනි. උද්ඝෝෂන විසුරුවීම සදහා කඳුලු ගෑස්, ජල ප‍්‍රහාර හා මිරිස් බෝම්බ යොදා ගැනීමට අමතරව සුනඛයන් ගෙන්ද පොලිසිය සන්නද්ධ කිරීමට ලංකාවේ ආන්ඩුව පියවර ගෙන ඇත්තේ මම තත්වය තුලය.

1963 ඇමරිකාවේ ඇලබාමා බර්මින්හැම් වලදී කලු ජනයාගේ සිවිල් අයිතීන් වෙනුවෙන් ගෙන ගිය උද්ඝෝෂනයේදී සරසවි සිසුන්ගේ පෙලපාලියක් මැඩීමට ප‍්‍රථම වරට සුනඛයන් යොදා ගැනුනි. මෑතකදී ඇමරිකාවේ ඩකොටා ප‍්‍රදේශයේ ස්වදේශික රතු ඉන්දියානුවන් වෙසෙන රක්ෂිත වනාන්තරයක් හරහා තෙල් නලයක් ඉදිකිරීමට විරුද්ධව එම ජනයා ගෙනගිය වඩිලාගැනීමේ උද්ඝෝෂනය විසුරුවීමට ද ඇමරිකානු පොලිස් බලකායන් සුනඛයින් යොදාගෙන පහරදුනි. නෙදර්ලන්තය, හොංකොන් වැනි යුරෝපා ආසියා බේදයකින් තොරව බොහෝ රටවල මේ සඳහා වෙනම සුනඛ ඒකක පිහිටුවා තිබේ.

මෙම රුදුරු දඩයම් විධීන්ගෙන් පොලිසිය සන්නද්ධ කෙරෙන්නේ ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති වික‍්‍රමසිංහගේ ආන්ඩුව අනෙක් අතට රටේ මර්දන අනපනත් විසදල සවිකරමින් බල ගැන්වීම වේගවත් කර කරන අතරය. නිදසුනක් ලෙස 1979 දී තාවකාලික විධිවිධානයක් ලෙස හඳුන්වා ඉදිරිපත් කල “ත‍්‍රස්තවාදය වැලැක්විමේ පනත” ඉක්මවා යන නව පනතක් කෙටුම්පත් කර තිබේ.

මේ නව පනත අනුව, * ශ‍්‍රී ලංකාවේ හෝ වෙනත් ස්වෛරී රටක ඒකීයභාවයට, කලාපීය ඒකාබද්ධතාවට, ආරක්ෂාවට හෝ පරමාධිපත්‍යයට තර්ජනය කිරීම, පහරදීම, වෙනස් කිරීම හෝ බරපතල ලෙස බලපෑම් කිරීම, * ශ‍්‍රී ලංකාවේ හෝ වෙනත් ස්වෛරී රටක ප‍්‍රතිපත්ති තීරන ආපසු හැරවීමට, සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට * ආරක්ෂාව, ජාතික සුරක්ෂිතතාව, කලාපීය ඒකාබද්ධතාව, ස්වාධිපත්‍යයට සම්බන්ධ මොන යම් හෝ ක්‍රියාවක් හෝ වැලැක්වීමට, * ශ‍්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිම ස්වාධීන රාජ්‍යයකට නීතිවිරෝධීව හා බලහත්කාරීව බලකිරීම, * ශ‍්‍රී ලංකාවේ හෝ වෙනත් ස්වෛරී රටක ආන්ඩුවක් නීතිවිරෝධී ලෙස වෙනස් කිරීම, * දෘෂ්ටිමය ආධිපත්‍යය මුදුන්පත් කර ගැනීම දෙසට වන මොන යම් හෝ අන්තවාදී ක්‍රියාවක් සිදු කිරීම නීති විරෝධී වෙයි.

වෙනත් වචනයකින් කිවහොත් ඕනෑම දේශපාලන කටයුත්තක් මර්දනය කලහැකි පරිදි නීතිය බල ගැන්වීමට ආන්ඩුව පියවර ගන්නට යයි. දැනටමත් දෙමල දේශපාලන සිරකරුවන් 132 ක් අවුරුදු ගනනාවක් තිස්සේ බන්ධනාගාරවල කොටුකර ඇත. මොවුන් රඳවා ගෙන ඇත්තේ දැනට ක්‍රියාත්මක ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන ය.

මේ අතර පාතාලය මර්දනය කිරීමේ නාමයෙන් රට පුරා හදිසි පොලිස් සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත. සිකුරාදා මහ ? 1 සිට 5 දක්වා රටපුරා දියත් කෙරුනු පොලිස් විශේෂ මෙහෙයුමේදී 1800කට වැඩි දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් භටයන් 15,000 පමන ද පොලිස් බල්ලන් 10ක ද මෙහෙයුමට යොදාගෙන තිබේ. නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය තබාගෙන සිටිතැන් වැටලූ බව කියැවේ. විවිධ අපරාධ වලට සැකකෙරෙන 800ක් පමන අත්අඩංගුවට ගත් බවද නීති විරෝධී අවි සොයා ගත් බවද පොලිස් වාර්තාවල සඳහන්ය.

කෙසේ වෙතත්, පාතාලය හා අපරාධකරුවන් මැඩීමේ නමින් කෙරෙන මෙම මෙහෙයුම්වලින් සැබවින්ම පොලිසිය හා ආන්ඩුව යෙදී සිටින්නේ පලල් පරිමාන මර්දනයක පෙරහුරුවක් බවට අපි අනතුරු අඟවමු. උතුරු නැගෙනහිර දෙමල ජනයා මඩිමින් බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව කල යුද්ධයේදී මෙන්ම 1987-1990 ගම්බද තරුනයන් මඩිමින් ගෙනගිය යුද්ධයේ දී ලංකාවේ කම්කරුවන් හා දුගීන් මෙවන් කෲර මෙහෙයුම් අත්දැක ඇත.

ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවන් ගෙනගිය අරගලයෙන් සලිතවූ ජනාධිපති සිරිසේන “රට විනයගත කරන ලෙස” ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගෙන් ඉල්ලා මාස 11 ගෙවුනු තැන අද අපි දකින්නේ වැඩවර්ජන, විරෝධතා හා උද්ඝෝෂන මැඩලීම සඳහා පොලිස් රාජ්‍ය වැඩපිලිවල වර්ධනය කිරීමයි. වෘත්තීය සමිතිවල හා ව්‍යාජ වම්මුන්ගේ පාවාදීම් යොදා ගන්නා අතරම ආන්ඩුව ඒවා මතින් පොලිස් රාජ්‍ය පාලනය සූදානම් කරයි.

Share this article: