වසර 100ට එපිට: රුසියාවේ වැඩවර්ජන හා මහජන විරෝධතා

100 years ago: Mass strikes and protests in Russia

2017 ජනවාරි 16

1917 වසරේ පීට්‍රොග්‍රෑඩයේ කම්කරු විරෝධතා

සාර් තන්ත්‍රය වසර 12ට කලින් එල්ල කල මිනීමරු ප්‍රහාරය හඳුන්වන ලද ලේවැකි ඉරිදා සමරන පෙලපාලි වලට, 1905 ජනවාරි 22දා ලක්ෂ ගනන් රුසියානු කම්කරුවෝ සහභාගී වූහ. 1917 රුසියානු විප්ලවය ඇවිලුවේ එම සිද්ධියයි.

පෙලපාලි පැවැත්වුනේ සාර් තන්ත්‍රයේ උග්‍ර අර්බුදය මධ්‍යයේ ය. පලමුවන ලෝක යුද්ධයේදී, නැගෙනහිර පෙරමුනේ සටන් වලින් රුසියානු හමුදාවන්ට බරපතල හානි සිදු විය. එම යුද ව්‍යායාමය නිර්මානය කල ආහාර හිඟය හා උග්‍ර සමාජ කෝපය රටේ කාර්මික කම්කරුවන් බෙහෙවින් සංකේන්ද්‍රනය වී සිටි ප්‍රදේශවල ජනතා වැඩවර්ජන ව්‍යාපාරයක් ඇවිලවීය.

තවමත් ස්විට්සර්ලන්තය තුල පිටුවහලේ ජීවත්වූ ව්ලැඩිමීර් ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂය පෙරමුනේ සිටිමින්, ලේවැකි ඉරිදා සංවත්සරයේ මහජන සහභාගිත්වය වෙනුවෙන් කැඳවුම් කලේය. එම සිද්ධිය දේශපාලන වැඩවර්ජනයක් බවට පත් කරන ලෙස ඉල්ලා බොල්ෂෙවිකයෝ රැස්වීම් සංවිධානය කරමින් පත්‍රිකා බෙදාහැරියහ. ”සාර්ගේ යුද්ධය භංගවේවා” හා ”සාර්ගේ ඒකාධිපතිත්වය භංගවේවා” වැනි සටන්පාඨ ඔවුහු ඉදිරිපත් කලහ.

ඔක්රානා යන සාර්ගේ රහස් පොලිසිය, කම්කරු පන්තික ප්‍රදේශ තුල සාකච්ඡාවට මාතෘකා වූ මහා වැඩවර්ජනයක් පිලිබඳ වාර්තා වලින් බියට පත්විය. සංවිධානයේ සමස්ත පීට්‍රොග්‍රෑඩ් නායකත්වය ද ඇතුලු ප්‍රමුඛ බොල්ෂෙවිකයින් අත්අඬංගුවට ගනිමින් ආන්ඩුව මර්දන රැල්ලක් දියත් කලේය. කෙසේ වුව ද රටේ කම්කරු පන්තියෙන් හරි අඩක්ම පාහේ ස්ථානගතව සිටි පීට්‍රොග්‍රෑඩයේ පැවැත්වුන පෙලපාලියට 150,000ක් සහභාගී වූ බවට ගනන් බලා ඇත.

රුසියානු විප්ලවවාදී නායකයෙකුවූ ලියොන් ට්‍රොට්ස්කි, එම අවධියේ පැවති මනෝ ගතිය, ඔහු පසුව රචනා කල රුසියානු විප්ලවයේ ඉතිහාසය කෘතිය තුල මෙසේ සඳහන් කලේය: ”හිටපු ලෝහ කම්කරුවෙකුවූ බොල්ෂෙවික් මධ්‍ය ම කාරක සභික ෂ්ලියාප්නිකොව් එම දිනවල කම්කරුවන් කෙතරම් කලබලකාරී වී දැයි විස්තර කලේය: සමහර වෙලාවට සුරුවම් බෑමක් හෝ කුමන ආකාරයක හෝ ශබ්දයක් සෑහුනි, කම්කරුවන් එය කම්හල නතර කිරීමේ සංඥාවක් ලෙස සැලකීය.” මෙම විස්තරය දේශපාලන නිමිත්තක් ලෙස මෙන්ම මනෝවිද්‍යාත්මක කාරනයක් ලෙස ද වැදගත් විය, වීදි වලට පැමිනීමට පෙරාතුවම මිනිසුන්ගේ සිත් සතන් තුල විප්ලවය ජීවමාන විය.

”ව්‍යාපාරයේ විශාලත්වය වැඩිවීම හා සටන්කාමීත්වය නැගී ඒම, එහි ගුරුත්ව කේන්ද්‍රී ය රෙදිපිලි කර්මාන්තයෙන් ලෝහ කර්මාන්තයේ කම්කරුවන් වෙත ද ආර්ථික වැඩවර්ජන වල සිට දේශපාලන වැඩවර්ජන කරා ද ප්‍රදේශ බද සිට පීට්‍රොග්‍රෑඩය කරා ද මාරු කලේය. 1917 මුල් දෙමාසය තුල 575,000ක් දේශපාලන වැඩවර්ජකයින් දැකිය හැකිවූ අතර වැඩි ප්‍රමානය අගනුවර මුල්කරගත් වැඩ වර්ජන ය. එකල රුසියාවේ භාවිතාවූ ජූලියන් දින සටහනට අනුව 1905 සංහාරය සිදුවූ ජනවාරි 9දා ආසන්න වන විට, එම ලේවැකි සිද්ධියේ සංවත්සරය නිමිත්තෙන් අගනුවර කම්කරුවෝ 150,000ක් වැඩ වර්ජනය කලහ. එහි පෙරමුන ගත්තේ ලෝහ කම්කරුවන්ය. සියලු කම්කරුවන්ට හැඟී ගියේ පසුපසට යාමට නොහැකි බවය. සෑම කම්හලකම ප්‍රධාන වශයෙන් බොල්ෂෙවිකයන් වටා, ක්‍රියාකාරී න්‍යෂ්ටියක් ගොඩනැගෙමින් තිබුනි.”

Share this article: