සෙල්මාගේ සිට සීඅයිඒ දක්වා
ජෝන් ලෙවිස්, ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා ”සිවිල් අයිතිවාසිකම්” සංස්ථාපිතයේ ඉරනම

From Selma to the CIA: John Lewis, Donald Trump and the demise of the “civil rights” establishment

2017 ජනවාරි 16

15දා උදෑසන එන්බීසී ”මීට් දි ප්‍රෙස්” වැඩසහටන මගින් පැවත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඩිමොක‍්‍රටික් නියෝජිත ජෝන් ලෙවිස් නිවේදනය කලේ තමා, ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ දිව්රුම්දීමේ උත්සවය වර්ජනය කරන බව යි. මන්දයත්, ”ජනාධිපති පදවියට පත්වූ මෙම පුද්ගලයා නීත්‍යානුකූල ජනාධිපති වසයෙන් මම දකින්නේ නැති” නිසා ය.

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජනාධිපතිධුරය ප‍්‍රතික්ෂේප කිරීමට හා එයට එරෙහි වීමට බොහෝ හේතු පවතී: ඔහු පුද්ගලාරෝපනය කරන්නේ, දැන් එක්සත් ජනපද දේශපාලන පද්ධතිය අභිබවනය කරන හා පෙරනොවූ විරූ ආකාරයෙන් ධනය කඳු ගසා ගැනීමේ එහි උමතු සහගත ධාවනය වෙනුවෙන් සමස්ත රාජ්‍ය පිලිවෙතම යටත්කිරීමට වෑයම් කරන මූල්‍ය කතිපයාධිකාරය යි; ඔහුගේ කැබිනට් මන්ඩලය හා ධවල මන්දිරය පුරවා ගෙන ඇත්තේ අන්ත දක්ෂිනාංශික දෘෂ්ටිවාදීන්, සහචර බිලියනපතියන් හා හිටපු ජනරාල්වරුන්ගෙනි; මිලිටරියේ යෝධ ගොඩනැගීමක් සමග අත්වැල් බැඳගෙන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා හා අනෙකුත් සමාජ සේවාවන් රුදුරු ලෙස කප්පාදු කිරීමේ වැඩසටහනකට ඔහුගේ ආන්ඩුව කැපවී සිටී.

කෙසේවෙත්, මේ එකක් ගැනවත් ලෙවිස් නොවේ සඳහනක් කරන්නේ. ට‍්‍රම්ප් ප‍්‍රතික්ෂේප කිරීමේදී ඔහු පදනම් වන්නේ, 2016 ජනාධිපතිවරන උද්ඝෝෂනය අතරතුර රුසියාව යෙදුනේයැයි කියන පරිගනක අපහරනය ගැන කියන, එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තාව මත ය. ”මම හිතන්නේ, මෙම පුද්ගලයා තෝරා පත් කර ගැනීමට උදව් කිරීමේදී රුසියාව සම්බන්ධ වුනා. ඒ වගේම ඔවුන් හිලරි ක්ලින්ටන්ගේ මැතිවරන අපේක්ෂකත්වය විනාශ කිරීමට සහාය වුනා, ඒක වැරදියි, ඒක සාධාරන නෑ. විවෘත ප‍්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය කියන්නේ ඒක නොවෙයි” ඔහු පැවසීය.

ඩිමොක‍්‍රටික් ජාතික කමිටුව හා ක්ලින්ටගේ උද්ඝෝෂනයට සම්බන්ධ පරිගනක අපහරනයට රුසියානු ආන්ඩුව වගකිවයුතු යයි සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කෙරී නැත. රුසියානු අපහරනය පිලිබඳ කෑමොරදීම පිටුපස අරමුනු දෙකක් පවතී: ඒ, ක්ලින්ටන් උද්ඝෝෂනයේ දක්ෂිනාංශික හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය පෙන්නුම් කල කාන්දුවූ විද්‍යුත් ලිපිවල ඇත්ත අන්තර්ගතය වසං කිරීම හා රුසියාවට එරෙහිව දේශපාලන, ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික හා මුලුමනින්ම මිලිටරිමය ”පලිගැනීමක්” සඳහා එක්සත් ජනපදයේ මහජන මතය පෙලගස්වා ගැනීම යි.

ට‍්‍රම්ප් පිලිබඳ ලෙවිස්ගේ විවේචනයට සෘජු, අව්‍යාජ ප‍්‍රජාතාන්ත්‍රික අන්තර්ගතයක් ඇත්තේ නැත. මිලියන තුනකට ආසන්න ගනනකින් ට‍්‍රම්ප් පැරදී තිබීම හා සුලුතර ඡන්ද දායකයන්ගේ ඡන්දය මර්දනය කිරීමට බොහෝ රිපබ්ලිකානු පාලිත ප‍්‍රාන්ත ආන්ඩු විසින් ක්‍රියාවට දැමූ ඡන්ද දායකයාගේ අනන්‍යතාව පිලිබඳ නීතිවල බලපෑම ගැන ඔහු අවධාරනය කලේ නැත. ට‍්‍රම්ප්ට එරෙහි ඔහුගේ ප‍්‍රහාරය පදනම, 1950 ගනන්වල උග‍්‍ර කොමියුනිස්ට් විරෝධී ජොශප් මැකාර්ති සිහියට කැඳවන භාෂාවකින්, සීඅයිඒ මෙහෙයවන රුසියානු විරෝධී උද්ඝෝෂනය එහෙම පිටින්ම වැලඳ ගැනීමය.

මෙහි රුදුරු ඓතිහාසික උත්ප‍්‍රාසයක් පවතී. 1950 හා 60 ගනන්වලදී දකුනේ සිවිල් අයිතිවාසිකම් සඳහා වඩාත්ම තියුනු අරගල පැවැති වසරවල, බර්මින්හැම්, ඇලබාමා වැනි නගරවල එෆ්බීඅයි, පොලිසිය හා දකුනේ ඩිමොක‍්‍රටික් දේශපාලනඥයින් යන මේ සියල්ලෝම කියා සිටියේ, බෙදීමට එරෙහි විරෝධතා ”පිටස්තර කඩාකප්පල්කාරයින්ගේ”, සෝවියට් සංගමය වෙනුවෙන් ඒවා කිරීමට එවන ලද කොමියුනිස්ට්කාරයින්ගේ වැඩ බව යි. එහෙත්, එම වසරවල ශිෂ්‍ය නායකයෙකු ලෙස වැදගත් භූමිකාවක් ඉටුකල හා ඡන්ද අයිතිය වෙනුවෙන් සෙල්මාවල සිට ඇලබාමා, මොන්ට්ගොමෙරි දක්වා පාගමනක් මෙහෙයවූ ජෝන් ලෙවිස්ට මතක ඇත්තේ එකම දෙයකි: ඔබගේ ප‍්‍රතිවාදීන් රුසියාවේ බලල් අත් වසයෙන් හෙලා දැකීම අත්දුටු ප‍්‍රචාරක උපායක්ය යන්න යි.

පසුගිය වසර 30ක් පුරා ඇට්ලන්ටාව නියෝජනය කරන කොන්ග‍්‍රස් සභිකයෙකු වන ලෙවිස් පුද්ගලාරෝපනය කරන්නේ, ධනේශ්වර දේශපාලනය ශක්තිමත් කර ගැනීම පිනිස මධ්‍යම පන්තික අප්‍රිකානු-ඇමෙරිකානු ස්ථරයක් යලි සේවයට කැඳවීම හා පෙලඹවීමේ ක්‍රියාවලියයි. ඩිමොක‍්‍රටික් පක්ෂය හා සමස්ථයක් වසයෙන් රාජ්‍ය යාන්ත‍්‍රනය යලි ඔප දමන, එක්සත් ජනපද පාලක ප‍්‍රභූවේ දැනුවත් මූලෝපායක කොටසක් වසයෙන්, ලෙවිස් වැනි සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ නායකයන් තෝරා ගෙන තිබේ.

ප‍්‍රධාන නගර දුසිම් ගනනක නගරාධිපතිවරුන් ලෙස අප්‍රිකානු ඇමෙරිකානුවන් පත්ව සිටින අතර ඔවුන්ගෙන් ඇතැම් අය සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨයින් ය. අනෙක් අය හුදෙක් එයින් වාසි ලබා ගන්නවුන් ය. කොන්ග‍්‍රස් බ්ලැක් කෝකස් [එක්සත් ජනපද කොන්ග‍්‍රසය තුල අප්‍රිකානු-ඇමෙරිකානු සභිකයන්ගේ සංවිධානය] සාමාජිකත්වය අතලොස්සකගේ සිට තිහකට වැඩි සංඛ්‍යාවක් දක්වා පුලුල් වී ඇත. විශේෂ සලාක වැනි වැඩසටහන්වල ආධාර සමග කලු අධ්‍යාපනඥයින් වෙනුවෙන්, රාජ්‍ය සේවය, මිලිටරිය, සංගත විධායකය හා අවසන් වසයෙන් ඉහල විධායකය සඳහා අවස්ථා ඔවුන් සඳහා විවෘතව ඇත.

මෙම තනතුරු සංඛ්‍යාත්මකව විශාල නැති නමුත්, හොඳින් ගෙවීම් ලබන අතර, දේශපාලනිකව සංකේතාත්මක ද ඇමෙරිකානු මහ ව්‍යාපාරිකයේ කොල්ලය හා පෙන්ටගනයේ අපරාධ සඳහා ”විවිධාංගීකරනයේ” කවරයක් ද සම්පාදනයක් කරයි. ඒකාබද්ධ ප‍්‍රධානීන්ගේ පලමු කලු සභාපතිවූ ජනරාල් කොලින් පවෙල් 1991 පර්සියානු ගල්ෆ් යුද්ධයේ ප‍්‍රගතිය ගැන මාධ්‍ය සාකච්ඡා පවත්වන අතරේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ඉරාකය තුල බලහත්කාරයෙන් හමුදාවට බඳවගත් අනාරක්ෂිත සෙබලුන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමානයක් දවා හලු කලේ ය. පවෙල් පලමු කලු රාජ්‍ය ලේකම්වූ ආකාරයෙන්ම, පලමු කලු ජාතික ආරක්ෂක උපදේශක කොන්ඩොලීසා රයිස්, 2003දී නීති විරෝධී ඉරාක ආක‍්‍රමනය දියත් කරන විට ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ සහායිකාවක් වූවාය.

ප‍්‍රථම අප්‍රිකානු-ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස -මෙන්ම ඩ්‍රෝන් යානා යොදාගනිමින් එල්ල කරන මිසයිලවලින් ලෝකයේ ඕනෑම තැනකදී ඇමෙරිකානු පුරවැසියන් පවා ඝාතනය කිරීමේ අයිතිය සහතික කල පලමු ජනාධිපති- බැරැක් ඔබාමාගේ තේරී පත්වීමෙන් මෙම සන්තතිය කූටප‍්‍රාප්ත විය. මිලිටරි - බුද්ධි අංශවල අතකොලූවක් බවට පත් වෙමින් ඔබාමා, ඇෆ්ගනිස්ථානය තුල යුද්ධය ව්‍යාප්ත කල අතර, ලිබියාව තුල නව යුද්ධයක් දියත් කලේ ය. එමෙන්ම ඔහු ඉරාකය හා සිරියාව තුල යලි වතාවක් එක්සත් ජනපද මිලිටරිය යෙදවුවේ ය. ඔහු, සීඅයිඒ, එෆ්බීඅයි හා ජාතික ආරක්ෂක ආයතනයේ පොලිස් රාජ්‍ය මෙහෙයුම් අඛන්ඩව ඉදිරියට ගෙනයමින් ඒවා ශක්තිමත් කලේ ය.

අප්‍රිකානු-ඇමෙරිකානු ඩිමොක‍්‍රටික් දේශපාලඥයින්ගේ මෙම දූෂිත ස්ථරයේ ස්වරූපය සටහන් කර ගැනීම වැදගත්ය. ලෙවිස් කිසි විටෙක ඔබාමා පාලානාධිකාරියේ මිලිටරි-බුද්ධි අංශ මෙහෙයුම්වලට විරුද්ධවී නැත. එයට ප‍්‍රතිපක්ෂව 2011 වසරේදී ලෙවිස්, ඔබාමාගෙන් නිදහස පිලිබඳ ජනාධිපති පදක්කම ලැබුවේ ය. ඇමෙරිකානු පුරවැසියෙක්වූ අන්වර් අල්-අව්ලාකි ඩ්‍රෝන් මිසයිලයක් යොදා ඝාතනය කිරීමට ඔබාමා අනුමැතිය පල කලේ ද එම වසරේදී ම ය.

වසර 50කට ඉහතදී කනිෂ්ඨ මාටින් ලූතර් කිං, වියට්නාම් යුද්ධයට එරෙහිව ධෛර්ය සම්පන්නව නැගී සිටිමින්, විදේශයින්හි අධිරාජ්‍යවාදී යුද්ධ වලට නැගෙන විරුද්ධත්වය රට තුල ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන් සඳහා අරගලය හා ඒකාබද්ධ කරමින් තීරනාත්මක පියවරක් ඉදිරියට තැබීය. අද දිනයේ තමන්ගේ දක්ෂිනාංශික දේශපාලනය ආවරනය කර ගැනීමට කිංගේ පිටකබාය දවටා ගැනීමට වෑයම් කරන්නවුන් අතර එවැනි මූලධර්මවල අංශුවකුදු දක්නට නැත.

1968දී කිංගේ ඝාතනයෙන් පසුව -ඔහු වියට්නාම් යුද්ධයට එරෙහිවීම නිසැකව එයට බැඳී තිබේ- ඔහුගේ අතවැස්සෝ, සංස්ථාපිතය සමග සිය සමාදානය ප‍්‍රකාශයට පත් කලෝ ය. කිංගේ සංවාද මන්ඩප තුල හැමවිටම දක්ෂිනාංශයට නැඹුරුව සිටි ඇන්ඩෲ යන්ග් වැනි ඔවුන්ගෙන් ඇතමෙකු, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විවෘත ක්ෂමාලාපකයින් බවට පත්විය. කාටර් පාලනය යටතේ යන්ග්, එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති වශයෙන් ද සේවය කලේය.

මහ ව්‍යාපාරිකයේ පක්ෂය වන ඩිමොක‍්‍රටික් පක්ෂය තවදුරටත් දකුනට යන විට ජෙසී ජැක්සන්, ජූලියන් බොන්ඩ් හා ජෝන් ලෙවිස් වැනි අනෙකුත් අය එයට ”ප‍්‍රගතිශීලි” මුහුනක් දෙමින් එම පක්ෂයේ දේශපාලන ක්ෂමාලාපකයන් බවට පත්ව තිබේ. ලෙවිස්, 1986 කොන්ග‍්‍රස් ආසනයක් දිනාගැනීමට පෙරාතුව, දිලිඳුකම පිටුදැකීමේ වැඩසටහන් කිහිපයක් පවත්වා ගෙන යමින් කාටර් පාලන තන්ත‍්‍රයට ද සේවය කලේ ය. 1965 පාගමන සිහිපත් කිරීම සඳහා සෙල්මාවට කෙරෙන වාර්ෂික සංචාරයේදී, ඔහුගේ ෆෙයිත් ඇන්ඩ් පොලිටිකල් ඉන්ස්ටිටියුට් තුලින්, බලපෑම් දමන්නන්ට අසුනක් ඩොලර් 25,000 ගානේ විකුනන අතර, 1960 ගනන්වල ඔහුගේ භූමිකාවෙන් මෑත වසරවලදී ඔහු සැබවින්ම වාසි ලැබුවේ ය.

යුදවාදී රුසියන්-විරෝධී උද්ඝෝෂනයට ලෙවිස් ද පැනගැනීම හුදෙක්ම පෙන්නුම් කරන්නේ, ඇමෙරිකානු කම්කරු පන්තිය මුහුනදී සිටින දේශපාලන අභියෝගය යි. ඩිමොක‍්‍රටික් පක්ෂයේ කිසිදු පාර්ශවයක්, ට‍්‍රම්ප් පාලනාධිකාරියේ හා රිපබ්ලිකන් කොන්ග‍්‍රසයේ බිහිසුනු දක්ෂිනාංශික වැඩපිලිවෙලට එරෙහිව අව්‍යාජ හා මූලධාර්මික අරගලයක් ගෙන යනු නැත. රිපබ්ලිකන් පක්ෂය මෙන් ඩිමොක‍්‍රටික් පක්ෂය ද මූල්‍ය කතිපයාධිකාරියේ ලාභ හා ධනය ද ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතා ද ආරක්ෂා කරයි.

පැට්රික් මාටින්

Share this article: