ධනවාදයේ මානව වියදම: ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් ගින්න හා (එක්සත් ජනපදයේ) මිචිගන්හි ෆ්ලින්ට් නගරයට වසදීම

The human cost of capitalism: The Grenfell fire and the poisoning of Flint, Michigan

2017 ජුනි 30

මිලියන 8.7ක් පුරවැසියන් වසන ලෝකයේ බිලියනපතියන්ගේ විශාලතම සංකේන්ද්‍රනය පවතින එංගලන්තයේ ලන්ඩන් පුරවරය, දශක තුනකට වැඩි කාලයක් ඊයම් විසවීමට එරෙහිව එහි පුරවැසියන් සටන් කරමින් සිටින්නා වූ , ඇමරිකාවේ “මලකඩ තීරුවේ” සංකේතයක් වන මිචිගන් ප‍්‍රාන්තයේ නිද්‍රාපන්න ෆ්ලින්ට් නගරය සමග පලමුව බලන විට තියුනු ලෙස එකිනෙකට වෙනස් වනවා විය හැක.

කෙසේ වුවත්, ලන්ඩන් මෙන් ම ෆ්ලින්ට් නගර තුලත් ඒමෙන් ම ලෝකය පුරා නගරවලත් වර්තමාන ධනවාදය අතිශය දුෂ්කර කොන්දේසි වලටද වේලාසන මරනයට ද කම්කරු පන්තිය ගොදුරු කරමින් සිටී.

ජූනි 14වැනිදා ග්‍රෙන්ෆෙල් කුලුනේ බුර බුරා නැගි ගින්නෙන් සති දෙකකට වැඩි කාලයකට ද පසු, විපතට පත්වූවන්ගේ සැබෑ සංඛ්‍යාව ද මෙම සමාජ අපරාධයේ සම්පූර්න පරිමාව ද බලධාරීහූ දිගටම වසන් කරති. නිල මරන සංඛ්‍යාව 80 දක්වා ඉහල නැංවූ පොලීසිය දැන් පවසන්නේ ලබන වසරේ යම් දවසක් වන තෙක් නියම ගනනය කිරීමක් නො කෙරෙනු ඇති බව යි. මෙම අනුකම්පා විරහිත හැසිරීම අවධාරනය කරන්නේ, කම්කරු පන්තිය හා දුප්පතුන්ට එරෙහි පන්ති යුද්ධය තුල ග්‍රෙන්ෆෙල් නිවසියන් “අමතර හානියක්” ලෙස දකින පාලක පන්තියේ පිලිකුල යි.

බදාදා, තමන් “බාධා කිරීමේ අවදානමකට” මුහුන දීමට ඉඩ ඇතැ යි චෝදනා කරමින් ප‍්‍රාදේශිය කවුන්සිල් සභිකයෝ , ගින්න ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ කෙන්සිස්ටන් හා චෙල්සී සභා කැබිනට් රැස්වීමට සහභාගී වීමට පන බේරා ගත් ග්‍රෙන්ෆෙල් නිවසියන්ට ඉඩ නුදුන්හ. මේ අතර, තෙරේසා මේගේ ආන්ඩුව, දශක ගනනාවක් තිස්සේ මෙම විනාසයට මග පෑදූ රෙගුලාසිහරනය හා කප්පාදු අධීක්ෂනය කර ඇති ටොරී හා කම්කරු පක්ෂ දේශපාලඥයින්ගේ උදාසීනත්වය වසන් කිරීමට වැඩි දෙයක් නො වනු ඇති විමර්ශනයක් සූදානම් කරමින් සිටී.

ලන්ඩනය මූල්‍ය හා දේපල වෙලඳාම් සමපේක්ෂනයේ ගෝලීය අගනගරයක් ද බිලියනපතියන් 50කුගේ නිවස ද වී ඇති අතර, නගරයේ කම්කරු පන්තිය හා අඩු අදායම් පුරවැසියන් පොදි ගසා ඇත්තේ, දුම් අනතුරු සංඥා, දිය ඉසීමේ පද්ධති මෙන් ම බහුවිධ පිට වීමේ මං ඇතුලු ඉතාමත් ප‍්‍රාථමික ආරක්ෂක රැකවරනයන් නොමති, ග්‍රෙන්ෆෙල් කුලුන වැනි මර උගුල්වල ය

ආරක්ෂාව පිලිබඳ ග්‍රෙන්ෆෙල් නිවසියන්ගේ පැමිනිලි නො සලකා හැරුනු අතර ප‍්‍රාදේශීය කවුන්සිල් සභිකයින් ගොඩනැගිල්ලේ පිටත ආවරන සවි කලේ, අඩු ආදායම් බද්ධ නිවාස ගොඩනැගිලි, පවුම් බහුමිලියන ගනන් වටිනා ඔවුන්ගේ නිවාස හා ආයෝජන දේපලවල වටිනාකම සිඳ දමන ඇහේ ඇනෙන කටු මෙන් සැලකූ පොහොසතුන්ගේ උත්සුකයන් සැනසීමට ය.

ලන්ඩනයේ මෙන් ම ෆ්ලින්ට් නගරයේ නිවැසියෝ ද පොහොසත් ආයෝජකයින් හා ඔවුන්ගේ දේශපාලන ගජමිතුරන්ගේ උමතු ලාභ හඹා යාම මගින් ඇති කෙරුනු සමාජ අර්බුදයකට ගොදුරුවූවන් වෙති. මෙම සිද්ධියේ දී, රිපබ්ලිකානු ආන්ඩුකාර, ඩොලර් බහුමිලයනපති රික් ස්නයිඩර් හා හිටපු ආයෝජන බැංකුකරුවෙකුමෙන් ම ඔහුගේ ඩිමොක‍්‍රටික් ප‍්‍රාන්ත භාන්ඩාගාරික ඇන්ඩි ඩිලොන්ගේ පාලනාධිකාරියේ නිලධාරීහු, ෆලින්ට් නගරය දශක ගනනාවක් තිස්සේ රැඳී තිබූ ඩිට්‍රොයිට්-පාදක පද්ධතිය නොසලකා හරිමින් හ්‍යුරන් විලේ සිට නව ජල නල මාර්ගයක් ඉදිකිරීම මගින් පුද්ගලික කොන්ත‍්‍රාත්කරුවන් හා ධනවත් බැඳුම්කර හිමියන් වඩාත් පොහොසත් කිරීමට යෝජනා ක‍්‍රමයක් සැලැසුම් කලහ. නගරයේ ජල සැපයුම සඳහා දූෂිත ෆ්ලින්ට් ගංගාවේ පිරිපහදු නොකරෙන ජලය ලබා ගැනීම ද මෙයට අයත් වුනි.

ලන්ඩනයේ මෙන් ම, මිචිගන් ප‍්‍රාන්තයේ ප‍්‍රාන්ත හා ප‍්‍රාදේශීය බල්ධාරීන් ද අවර්න හා දුගඳ ජලය තමන්ගේ ලමුන් ලෙඩ කරවන බවට චෝදනා කල ෆ්ලින්ට් නගරවැසියන්ගේ විරෝධතාවන් නොසලකා හැරියහ. ලෙජිඔනේලා (නම් බැක්ටීරියා හේතුවෙන් ඇතිවන බරපතල පෙනහලු) රෝගෙයන් අඩු වසයෙන් 12කු මියයාම, වැඩිහිටියන්ගේ අයහපත් සෞඛ්‍ය තත්වය හා නගරයේ ලමුන්ගේ ජීවිතකාලීන ඉගෙනීමේ ආබාධවලට හේතු වූයේ දූෂිත ජලය යි.

ජනාධිපති ඔබාමා පත්වීම දක්වා සියලු නිලධාරීන්ගේ වසර තුනකට වඩා වැඩි ව්‍යාජ පොරොන්දුවලට පසු, නිවැසියන් සහනයක් දැක නොමත. ඒ වෙනුවට, ප‍්‍රාන්ත හා ප‍්‍රාදේශීය බලධාරීහූ ජල සහනාධාර අවසන් කර, ජල ගාස්තු නොගෙවීම වෙනුවෙන් විශාල ලෙස ජල සැපයුම් කපා හැර ඇති අතර නොමිලේ සැපයෙන වතුර බෝතල් බෙදාහැරීම හකුලා ගනිමින් සිටිති.

මෙම සතියේ දී, ඡන්දයකින් තෝරා පත් නො කෙරුනු මූල්‍ය පුනරීක්ෂන මන්ඩලයක් , බැංකු හා මහා ආයෝජකයින් වෙනුවෙන් පෙනී සිටිමින්, තවමත් ඊයම් හා අනෙකුත් විෂ සහිත දූෂිත ජලය සඳහා ගෙවීමට අසමත් වන හෝ ප‍්‍රතික්ෂේප කරන නිවසියන්ගේ නිවාස මත, ඒවා ගෙවන තෙක් බද්දක් පැනවීම මත දී තිබූ වසරක සහනය අත් හිටවීමට ඒකමතිකව ඡන්දය දුන්හ. නිවසියන් ගාස්තු නො ගෙවන්නේ නම්, කවුන්ටිය හෝ නගරය නලමාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියට මුදල් සපයන බැදුම්කරහිමියන්ට ගෙවිය යුතු, ආසන්න වසයෙන් ඩොලර් මිලියන 85 ගෙවීමට නිවාස අත්පත් කර ගන්නවා ඇත.

ග්‍රෙන්ෆෙල් හා ෆ්ලින්ට් ව්‍යසනයෝ ස්වභාවික විපත් නො වෙති. ඒවා ධනයේ අතිවිශාල මාරුවක් හා ශ්‍රේනි සමාජයෙන් පසු අත් නො දුටු දේශපාලන බලයේ කතිපයාධිපති සංකේන්ද‍්‍රනයකට මග පාදමින් දශක ගනනාවක් තිස්සේ රෙගුලාසිහරනය, කප්පාදු හා අනෙකුත් නිදහස් වෙලඳපොල ප‍්‍රතිපත්තිවල නිර්මිතයක් ලෙස මිනිසා නිපද වූ අපරාධ වෙති.

ලෝකය පුරා එවැනි සිදුවීම් සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබේ. පසු ගිය ඉරිදා පකිස්තානයේ දී, හැප්පුනු තෙල් බවුසරයකින් කාන්දු වූ ඉන්දන එකතු කිරීමට ඔවුන් රොක්වනු අවස්ථාවේ, එය හදිසියේ පිපිරීමෙන් දිලිඳු ගම්මුන් 150දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. නිව් යෝක් නගරයේ දී, ඔවුන්ගේ උමං දුම්රිය පීලි පැන්න අවස්ථාවේ ඒහි සිටි මගීන් විශාල සංඛ්‍යාවක් මාරාන්තික තුවාල ලැබීමෙන් යන්තම් බේරුනි. පසු ගිය වසරේ ධවල මන්දිරයට යාම නිසා ඔවුන්ගෙන් එකෙකු අහිමි වුව ද, ලෝකයේ බිලියනපතියන් විශාල ම සංඛ්‍යාවක ට නිවස වූ නගරයේ, යල් පිනූ සංඥා පද්ධතිය 1904 දක්වා ආපසු යන එකකි.

එංගලන්තයේ කම්කරු පන්තියේ තත්වය( The Condition of the Working Class in England) නම් ඔහුගේ 1945 කෘතිය තුල ෆ්‍රෙඞ්රික් එංගල්ස්, මැන්චෙස්ටර් හා අනෙකුත් කම්කරු පන්තික දිස්ත‍්‍රික්ක පීඩාවට පත් කල දුගඳ හමන ජල සැපයුම, තදබද නිවාස හා රෝග හේතුවෙන් ඇති වූ “සමාජ ඝාතන” වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාලක පන්තිය හෙලා දුටුවේ ය:

සමාජය කම්කරුවන් සියගනනක් එවැනි තත්වයක තබන විට ඔවුන් අනිවාර්යයෙන් ම මුහුන දෙන්නේ ඉතා ඉක්මන් හා අස්වාභාවික මරනයට යි, එය කඩුවෙන් හෝ උන්ඩයෙන් මෙන් ප‍්‍රචන්ඩතා මගින් ඇති කෙරෙන මරනයට සම්පූර්නයෙන් සමාන තරම් ය; එය දහස් ගනනක් ජීවිතයේ අවශ්‍යතා අහිමි කරමින් ජීවත් වීමට නොහැකි කොන්දේසි වලට ඔවුන්ව පත් කරන්නේ (නීතියේ බලහත්කාරී බලය විසින් අනිවාර්ය ප‍්‍රතිඵලය වන මරනය දක්වා ඔවුන්ව එම කොන්දේසි තුල කොටු කෙරේ) මෙලෙස ගොදුරුවන දහස් ගනනක් විනාශයට පත්විය යුතු බව දැනගෙනම ඒම කොන්දේසි වලට පැවතීමට ඉඩ හරිමින් තනි පුද්ගලයෙකු ඝාතනය කිරීම හා සමානවම ක‍්‍රියාත්මක කෙරෙන ඝාතක ක‍්‍රියාවක් මගිනි...

21වැනි සියවසේ නූතන ධනේශ්වර පද්ධතිය යටතේ, ජලය ඇතුලුව, ජීවිතයේ සෑම දෙයකටම “වටිනාකමක් නියම කෙරී” මූල්‍ය සමපේක්ෂනය සඳහා ඉඩකඩ සාදා ඇත. මෙම සමාජ ඝාතකයින්ගේ දුර්ලබ්ධ ආදායමේ භුක්තිය පැහර ගැනීම සහ ඔවුන්ගේ මන්දිර, පුද්ගලික ජෙට් යානා හා ඝර්ම කලාපීය දූපත් මත සමාජ ධනය නාස්ති කිරීම නැවත්වීම මහජන සෞඛ්‍යය හා ආරක්ෂාව පිලිබඳ හදිසි කාරනයක් වී ඇත.

එක්සත් රාජධානියේ ද ඒවා ප‍්‍රයෝජනයට ගන්නා අනෙක් රටවල ද නේවාසික ගොඩනැගිලි දහස් ගනනක එල්ලෙන ගිනිගන්නා සුලු ආවරන, එමෙන් ම ෆ්ලින්ට් නගරයේ පමනක් නොව රට පුරා ඊයම් මිශ‍්‍ර ජලනල පද්ධති වෙනස් කිරීමට දැවන්ත ආර්ථික හා සමාජ කැපවීමක් අවශ්‍ය කෙරේ. තීරනාත්මක වැදගත්කමකින් යුත් මෙම කටයුත්ත සඳහා අවශ්‍ය අතිවිශාල ධනය පාලක ප‍්‍රභූවේ හෘදය සාක්ෂියට ආයාචනා කිරීමෙන් (ලෝකය කියන පරිදි ජෙරමි කෝබින් හා බර්නී සෑන්ඩර්ස් මෙන්- අත්පත් කර ගත නො හැකි අතර එය ජය ගත හැක්කේ මූල්‍ය පරපුට්ටන්ගේ ආර්ථික හා දේශපාලනික ග‍්‍රහනය අවසන් කිරීමට හා ඔවුන්ගේ ධනය හා බලය පදනම් වන්නා වූ ධනේශ්වර ලාභ පද්ධතිය විස්ථාපනය කිරීමට කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස බලමුලු ගැන්වීමෙන් පමනි.

ජෙරී වයිට්

Share this article: