මාධ්‍යයට එරෙහි ට‍්‍රම්ප්ගේ ප‍්‍රහාරය

Trump’s attack on the press

2017 ජුලි 4

2017 ජුලි 4 වන දින නිදහස් දිනය, ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දිගුකාලීන කුනුවීම හෙලිදරව් කෙරෙන තවත් කුජීත දැක්මක් සමග ගැලපීම සමහර විට උචිත ය. පසුගිය දින කීපය පුරා එක්සත් ජනපද මාධ්‍යය සමග ට‍්‍රම්ප්ගේ ගැටුම කැපී පෙනෙන ලෙස උත්සන්න වී ඇති අතර, මුලුමුනින්ම දූෂිත හා අවුල් සහගත මාධ්‍යය සංස්ථාපිතයකට එරෙහිව ෆැසිස්ට්වාදී හා අධිකාරීවාදී ජනාධිපති පොර වදිමින් සිටී.

සෙනසුරාදා පැවැත්වු කථාවක දී ට‍්‍රම්ප්, මාධ්‍යය අතරින් නිව්යෝර්ක් ටයිම්ස් සහ එම්එස්එන්බීසීද හෙලා දුටුවේය. ඊලඟ දවසේ ඔහු තම ට්විටර් ගිනුමේ අන්ත දක්ෂිනාංශික සහායකයෙක් විසින් නිර්මානය කරන ලද මල්ලව පොර තරගයක සංස්කරනිත වීඩියෝපටයක් පල කල අතර එමගින් දැක්වුනේ සීඑන්එන් ලේබලය සහිත ප‍්‍රතිවාදියෙක්ට ට‍්‍රම්ප් තඩිබාන දර්ශනයකි. දක්ෂිනාංශික ප‍්‍රවීනයන් සහ ආගමික කන්ඩායම් එක් කරගත් ජුලි හතර "නිදහස සැමරුම්" රැලියේ දී "බොරුකාර මාධ්‍යය උත්සාහ කරන්නේ අපව නිහඬ කරන්න. නමුත් අපි ඔවුන්ට එසේ කිරීමට ඉඩ නොදෙන්නෙමු" යි ඔහු කියා සිටියේ ය.

එම්එස්එන්බීසී වැඩසටහන් ඉදිරිපත් කරන්නන් වන මිකා බ්‍රෙසින්ස්කි හා ජෝ ස්කාර්බරෝ වෙත ට‍්‍රම්ප් එල්ල කල ට්විටර් ප‍්‍රහාරයට සාපේක්ෂව සලෙම් මීඩියා ක‍්‍රිස්තියානි ගුවන් විදුලි මන්ඩලය සහ සහ ඩැලස්හි පලමු බැප්ටිස්ට් පල්ලිය විසින් අනුග‍්‍රහය දැක්වූ "නිදහස් සැමරුම්" උත්සවයට ලැබුනේ සුළු මාධ්‍යය ආවරනයකි. කෙසේ වෙතත්, එය ප‍්‍රතිගාමිත්වයේ සහ පසුගාමීත්වයේ උත්සවයක් විය.

දැවැන්ත ඇමරිකානු ධජයක් ඉදිරියේ අදහස් දක්වමින් ට‍්‍රම්ප් කියා සිටියේ නිදහස් ප‍්‍රකාශය අත්සන් කිරීමෙන් අධ්‍යහාර වන්නේ නිදහස දෙවියන් වෙතින් පැමිනෙන්නක් බවය. මිලිටරිය හා පොලිසිය මුදුනට නංවමින් ඔහු මෙසේ ප‍්‍රකාශ කලේය. "දෙවියන් වහන්සේ අපට නිදහස නම් ත්‍යාගය ලබා දුන්නා පමනක් නොව, එම නිදහස ආරක්ෂා කිරීමට තම ජීවිත පූජා කිරීමට කැමති රනවිරුවන් ද ත්‍යාග කලේ ය."

"නිදහස" සඳහා වූ ට‍්‍රම්ප්ගේ පූච්චානම, මෑතක ශ්‍රේෂ්ඨාධිකරනය ඒකමතික තීරනයකින් ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා දුන් ඔහුගේ ව්‍යස්ථා විරෝධී සහ වර්ගවාදී මුස්ලිම් සංචාරක තහනම සමග බැඳී තිබේ.

සති අන්තය පුරා ට‍්‍රම්ප්ගේ දීර්ඝ දෝෂාරෝපන ඔහු පෙබරවාරි මාසයේ දී පල කරන ලද අදහස් යලි කැඳවුමකි. ඔහු මාධ්‍යය "ජනතාවගේ සතුරන්" ලෙස හෙලා දකින විට ප‍්‍රතිරාව නංවන්නේ ඔහුගේ සමාරම්භක දේශනයේ ආධිපත්‍ය දැරූ ෆැසිස්ට්වාදී "පලමුව ඇමරිකාව" තේමාව ය. "අපි සියලූදෙනාම එකම දැයක් හා එක් තේජාන්විත ඉරනමක් බෙදාහදාගත යුත්තෙමු." ඔහු මුසොලිනිගේ වාචාල කතා සිහිපත් කරමින් සෙනසුරාදා කියා සිටියේ ය. "අපි කළු හෝ දුඹුරු හෝ සුදු වේවා අපි හැමෝගෙන්ම ගලන්නේ එකම රතු රුධිරයයි."

ට‍්‍රම්ප්ගේ වාචික ප‍්‍රහාරයන්ගේ ගැඹුරින් ප‍්‍රතිගාමී අන්තර්ගතයන් පිලිඹඳ හඳුනාගන්නෙක්ට ඔහුගේ ක්ෂනික ඉලක්කයන් ගැන භාවාත්මකවීම අවශ්‍ය නොවේ. "වංක මාධ්‍යයන්ට" ඔහු එල්ල කරන ප‍්‍රහාරය, සංගත මාධ්‍යය කෙරෙහි පුලුල්ව පැතිරුනු සහ මුලුමුනින්ම යුක්තිසහගත වෛරය දක්ෂිනාංශික අධිකාරීවාදී න්‍යාය පත‍්‍රයක් ඉදිරියට ගෙනයාම සඳහා තමන්ගේ වාසියට හරවා ගැනීමට ට‍්‍රම්ප් උත්සාහ කිරීමකි.

ජනගහනයෙන් අතිමහත් බහුතරයක උත්සුකයන්ගෙන් මුලූමුනින්ම විරසක වී ඇති සහ අතිශයින්ම අපකීර්තියට පත්ව ඇති තාක් දුරට මාධ්‍යය ට‍්‍රම්ප්ගේ වාගාලාප වලට වඩාත් පුලූල් ප‍්‍රතිචාරයක් දක්වයි. සුපිරි පොහොසතුන් හැරුනු විට, නිව්යෝර්ක් ටයිම්ස්, සීඑන්එන් සහ අනෙකුත් අපමුඛයන්ගේ නිශ්චිත සංචිතය සමන්විත වන්නේ ඉහල මධ්‍යම පන්තියේ වඩාත් වරප‍්‍රසාදිත කොටස් වලින් ය.

ට‍්‍රම්ප්ට එරෙහිව සංගත මාධ්‍යය උද්ඝෝෂනය වඩාත් දක්ෂිනාංශික පදනමක් මත මෙහෙයවනු ලැබෙන අතර බුද්ධි අංශවලින් සපයන බොරු සහ ඍජු ප‍්‍රචාරක නාලිකා මගින් "ප‍්‍රවෘත්ති" විස්ථාපනය කෙරෙන එනම් රුසියාව ඇමිනීමේ මැකාතිවාදී ශෛලියේ විධික‍්‍රම යොදා ගනු ලැබේ.

චීනය හා රුසියාව සමග මිලිටරි බලය ලෙලවමින් කරන රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු ගැන හෝ න්‍යෂ්ටිකහරනය සඳහා උතුරු කොරියාවට තර්ජනය කිරීම හෝ සිරියානුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දේශපාලන මාධ්‍යය සංස්ථාපිතයට ට‍්‍රම්ප් සමග කිසිඳු ගැටලුවක් නැත. ඔහුගේ සංක‍්‍රමනිකයන්ට හිංසා කිරීම, මුස්ලිම් ජනයා යක්ෂාවේශ ගැන්වීම හෝ සෞඛ්‍යාරක්ෂන සඳහා ප‍්‍රවේශයන් දශලක්ෂ සංඛ්‍යාත ජනකායකට අහිමි කිරීමේ යෝජනා සම්බන්ධයෙන් ද විරුද්ධතාවක් නොමැත.

එපමනක් නොව, ජූලියන් අසාන්ජ්, එඩ්වඩ් ස්නෝඩන් සහ චෙල්සියා මැනින් වැනි ආන්ඩුවේ අපරාධ සහ බොරු මහජනතාව ඉදිරියේ අනාවරනය කිරීම සඳහා ජනමාධ්‍යයක මූලධර්මාත්මක වගකීම් ඉටු කිරීමට උත්සාහ කල මාධ්‍යයවේදීන් හා අනිත් අයට පාවාදෙන්නන් ලෙස නින්දා කොට හෙලාදැකීම සම්බන්ධයෙන් ද ඔවුන් සම්පූර්නයෙන් ම එකඟය.

ඊනියා "ලිබරල්" මාධ්‍යයේ උභතෝකෝටිකය වන්නේ, එහි ප‍්‍රමිතිය උසුලන්නාවූ නිව්යෝර්ක් ටයිම්ස් ,එය බැඳී සිටින, ස්වයං ආරක්ෂක කාරනයක් ලෙස, අවම වශයෙන් නාමිකව වත් මූලික අයිතිවාසිකමක් වන මාධ්‍යය නිදහස ආරක්ෂා කිරීම සමග අධිරාජ්‍යවාදයට සහ එක්සත් ජනපදය පවත්වාගෙන යන සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවන්ට නිරපේක්ෂව සහාය දැක්වීම සම්බන්ධ කිරීමේ දී ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ චරිතය තුලින් ඊට හානිදායක පුද්ගලාරෝපනයක් ලැබීම පිලිබඳ කාරනය ය. මේ අනුව, චාල්ස් බ්ලෝව්, සඳුදා, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඔහුගේ තීරු ලිපිය තුල "ඇමරිකානු ජනාධිපති ධුරය පැහැර ගැනීම" යන ශීර්ෂපාඨය යටතේ කියා සිටියේ ට‍්‍රම්ප්ට සහාය දක්වන අය, යුදකාමී, "රජවීමට සිටින්නෙක් ඉදිරියේ වකුටු වී හැකිලෙන්නවුන් බවත් පිස්සෙක් හා ඔහුගේ ව්‍යවස්ථාදයක හෙංචයියන් ඇමරිකාව ප‍්‍රාන ඇපකරුවෙකු ලෙස තබාගෙන සිටින බවත්ය."

එහෙත් ඔහු පසුව ධවල මන්දිරයේ සංස්ථාපිත විවේචකයන්ගේ වඩාත් කේන්ද්‍රීය තේමාවක් වන රුසියානු ආක‍්‍රමනය හා ට‍්‍රම්ප්ගේ අපරාධ සහායතාව වෙත නැඹුරු වේ. ඔහු මෙසේ ලියයි: "ඇමෙරිකානුවන් තනි තනිව ඔහුව තෝරාගැනීමට ඡන්දයෙන් අනුමැතිය දීම හෝ ඔහුගේ ප‍්‍රතිවාදීන්ට ඔවුන්ගේ ක‍්‍රියාකාරී සහය නොදී සිටීම යන තීරන අපට ගනනය කල නොහැකි ආකාරයේ මාර්ගවලින් බලපෑම්වලට හසුව තිබූ බවත් අපගේ මැතිවරනයට රුසියානු මැදිහත්වීම් මගින් ට‍්‍රම්ප්ට වරප‍්‍රසාදිත තත්වයක් නිර්මානය වූ බවත් ඔහු සැම විටම මතක තබාගත යුතුයි.”

බ්ලෝව් කියා සිටින්නේ, ට‍්‍රම්ප් බලයේ සිටින්නේ "අපගේ අවශ්‍යතාවන්ට සතුරු වූ විදේශීය බලවේගයකට ඔහුව ස්ථාපිත කිරීමට අවශ්‍ය වූ නිසාය" යනුවෙනි. ජනාධිපතිවරයා "එම විදෙස් බලවේගය ප‍්‍රශංසාවට ලක් කිරීම පමනක් නොව, ඒවා හෙලා දැකීම හෝ අනුන්ගේ දේට ඇඟිලි ගැසීමක් ලෙස පිලිගැනීමෙන් පවා අද්භූත ආකාරයට වැලකී සිටීමෙන් එය ඔප්පු කර තිබේ."

වොෂිංටන් පෝස්ට් හි, තීරු ලිපි රචකයෙකු වන කොල්බට් කිං පසුගිය වසරේ ඩිමොක‍්‍රටික් ජාතික කමිටුවේ රහස් පිටතට යාම වෝටර්ගේට් කඩා වැදීම හා සංසන්දනය කරන්නේ දූෂිත කාර්යයන් කර ඇත්තේ රුසියානු ක‍්‍රියාන්විතයන් මිස හිටපු සීඅයිඒ ඒජන්තයන් නොවන්නේය යන ලෙසට මැකාතියානු ආකාරයේ රත්තන් මැඩීම වඩා සෘජුව යොදා ගනිමිනි. ඔහු අවසන් කලේ මෙසේය: "ක්‍රෙම්ලිනයටත් ට‍්‍රම්ප් ධවල මන්දිරයට යැවීම සඳහා හේතු තිබුනි. ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයෙක් වූ ඇමරිකා එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ ගස් හෝල්වත් මෙතරම් විභූතිමත් පිලිගැනීමක් මොස්කෝවෙන් ලබා ගෙන නැත.

ට‍්‍රම්ප්ගේ සංස්ථාපිත විවේචකයන්ගේ ආඛ්‍යානය යටින් පවතින මූලික ප්‍රෝඩාව වන්නේ, ට‍්‍රම්ප් යනු කිසියම් ආකාරයක විකෘතියක් වන අතර, එම තත්වය ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද්විතීය භූමිදර්ශනය තුලට උඩින් කඩාපාත් වූවක් වන බව ය. බ්ලෝව්ගේ කියවීම අනුව ඔහුගේ බලයට නැගීම "අපගේ ජීවිත කාලය තුලදී හෝ සදාකාලයටම අත්විඳීමට කොහෙත්ම ඉඩ නොතිබූ ඇමරිකාවේ අත්‍යසමාන හා ප‍්‍රගාඪ මැතිවරන අත්වැරැද්දකි." කෙසේ වෙතත්, මෙම "මැතිවරන වැරැද්ද" සිදුවූයේ, ඔහුගේ විරුද්ධවාදියාගේ අත්‍යසාමාන දක්ෂිනාංශික චරිතය, හිලරි ක්ලින්ටන් නිසා විය හැකි ය.

ගැඹුරුම මට්ටමක දී ට‍්‍රම්ප් යනු රෝගාබාධ සහිත සමාජ පද්ධතියක අපවෘද්ධියකි. මේ අර්ථයෙන් ගත් කල, ඔහුගේ තේරීම "වරදක්" නොවේ. ඒ වෙනුවට එය ඇමරිකානු ධනවාදයේ සැබෑ මුහුනත හෙලිදරව් කලේය.

ට‍්‍රම්ප් පරිපාලනය හා එහි සංස්ථාපිත විවේචකයන් යන දෙපාර්ශවයම නිදන්ගත රෝගාබාධයක ප‍්‍රකාශනයන් ය. රුසියානු විරෝධී ප‍්‍රචාරය මත පදනම් වූ දේශපාලන කුමන්ත‍්‍රනයේ විධික‍්‍රම හරහා ට‍්‍රම්ප් ඉවත් කිරීම සහ එකිනෙකා මරාගන්නා ගැටුම පිටුපස පවතින සැබෑ ප‍්‍රශ්න සඟවා තැබීම මගින් කම්කරු පන්තියේ අවශ්‍යතා ප‍්‍රගමනය කල නොහැකි වනු ඇත. එමගින් සිදුවනු ඇත්තේ වඩාත් ඔප දැමූ හා වෘත්තීමය වූ ප‍්‍රතිගාමියකු ධවල මන්දිරයේ වර්තමාන පදිංචිකරුවා වෙනුවට ආදේශ කිරීමයි.

ට‍්‍රම්ප්ට එරෙහි කම්කරු පන්තියේ විරුද්ධත්වය, පාලක ප‍්‍රභූව හා එහි ධනවත් ඉහල මධ්‍යම පංතියේ සීමා මායිම තුලින් එන ප‍්‍රතිවාදී කල්ලිවල ප‍්‍රතිගාමී කුමන්ත‍්‍රන සමග කිසිඳු සම්බන්ධයක් නොමැති අතර සංගත පාලිත මාධ්‍යය මෙම මෙම ස්ථරයන් සඳහා ඝෝෂාකාරී මන්ඩලයක් ලෙස සේවය කරයි. කම්කරු පන්තිය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත තමන්ගේම පන්ති ශක්තිය ස්වාධීනව බලමුලූ ගැන්වීම හරහා ඩිමොක‍්‍රටික් පක්ෂය, එහි මාධ්‍යවේදීන් සහ මිලිටරි බුද්ධි යාන්ත‍්‍රනයෙන් ස්වාධීනව ට‍්‍රම්ප් පරිපාලනයට එරෙහිව තමන්ගේම අරගලයක් ගෙන යා යුතුය.

පැටි‍්‍රක් මාටින් සහ ජෝශප් කිෂෝර්

Share this article: