දේශගුනික විපර්යාස හා ධනවාදයට එරෙහි අරගලය

Climate change and the struggle against capitalism

2017 ජූලි 14

මෙම සතියේ සිදුවීම් දෙකක් පෘතුවි ගෝලය උනුසුම් වීම හා දේශගුනික වෙනස් වීම් වලට ආවේනික අනතුරු සම්බන්ධ මහජන අවධානය යලි පන ගන්වා ඇත. පලමුවැන්න, Proceedings of the National Academy of Sciences of the United States of America ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාව පිලිබඳ ජාතික ශාස්ත‍්‍රාලයේ (නිල විද්‍යාත්මක සඟරාව වන) කාර්ය වාර්තාව තුල සඳුදා පල කෙරුනු වාර්තාවකි. මානව ක්‍රියාකාරකම් මගින් පෘතුවි ජීවයේ පරිනාමය තුල හයවැනි ප‍්‍රපංචය ලෙස සැලකෙන “ජෛව මූලෝත්පාටනය” හා දැවන්ත වඳවී යාමක් කඩිනම් කෙරෙමින් තිබෙන බවට එය අනතුරු ඇඟවී ය.

වාර්තාව ගොඩබිම් සත්වයින් 200කගේ ඓතිහාසික දත්ත අධ්‍යයනය කල අතර, ආසන්න වසයෙන් ඉන් බොහෝ සතුන්ට, භූගෝලීය ක්ෂේත‍්‍රවල සැලකියයුතු කොටසක් අහිමි වී ඇති අතර සියයට 40ට වඩා බරපතල ලෙස තම ගහනයේ අඩුවීමක් (සියයට 80ක්) අත්විඳිමින් අර්බුදයකට මුහුනපා සිටින බව සොයා ගත්තේ ය. සිංහයින්, චීටාවන්, ජිරාෆයන් හා කුරුලු විශේෂ අතිවිශාල සංඛ්‍යාවක්, විශාල ලෙස අඩුවී ඇති සතුන් අතර වෙති.

දෙවැනි සිදුවීම, විශාල හිම කුට්ටියක් බිඳී යාම සමග ඇන්ටාටිකාවේ ලාර්සන් සී නම් අයිස් තට්ටුවේ විශාල කොටසක් කඩාවැටීම යි. එය අයිස් ටොන් ට්‍රිලියනයක් තරම් වන අතර (ඇමරිකාවේ) ඊරී විලේ නැවුම් ජල කඳ මෙන් දෙගුනයක් වන බවට ගනන් බැලේ. මෙම අයිස් කුට්ටියට එක්සත් ජනපදයේ ඩෙලවෙයා ප‍්‍රාන්තය තරම් භූමි ප‍්‍රදේශයක්, (නැතහොත් එය ලෝකයේ ප‍්‍රසිද්ධ දූපත් සමග සංසන්දනය කරතොත් බාලී, ට්‍රිනිඩෑඩ් නැත්නම් කැනඩාවේ ප‍්‍රින්ස් එඩ්වර්ඩ් දූපත්වලට වඩා විශාල වන නමුත් කෝසිකා, සයිප‍්‍රස් හා පුවටෝ රිකෝ දූපත්වලට වඩා යම්තම් කුඩා ය) අයත්වේ.

ඇන්ටාටිකාව ගැන විශේෂ හැදෑරීම් කරන විද්‍යාඥයෝ, දේශගුනික වෙනස් වීම, නව යෝධ අයිස් කුට්ටියක් කැඩී යාමට ප‍්‍රධාන හා ඉක්මන් කාරනය ද යන්න මත බෙදී සිටිති. එවැනි කැඩී යාම් දකුනු මහාද්වීපය වසා පැතිරෙන යෝධ අයිස් තට්ටුවල ජීව-චක‍්‍රයේ නිත්‍ය කොටසකි. නමුත් ඇන්ටාටිකාව වටා, විශේෂයෙන් ම ලාර්සන් සී ආසන්න කලාපයේ සාමාන්‍ය සාගර උෂ්නත්වය සියවස් කාලක් තිස්සේ ඉහල යමින් තිබේ.

ගෝලීය උනුසුම ඉහල යාම, ඇන්ටාටිකාව මත ප‍්‍රධාන හා දීර්ගකාලීන බලපෑමක් ඇති කල බවට සැකයක් නොමැත. 1995දී ලාර්සන් ඒ හා 2002දී ලාර්සන් බී නමින් ප‍්‍රසිද්ධ අයිස් තට්ටුවල බිඳී යාම මෙයට සාක්ෂියකි. දැන් උත්සුකය වන්නේ, ලාර්සන් සී අයිස් තට්ටුවේ මුලු මතුපිටින් සියයට 12ක් සමග අයිස් කුට්ටියක් බිඳී වෙන් වීම, මුලු අයිස් තට්ටුව ම ඇද වැටීමේ පූර්වනිමිත්තක් වීමය. එසේ වුවහොත් එය ප‍්‍රධාන භූ භෞතික සිදුවීමක් වනු ඇත.

ආක්ටික් සාගරය වසා පැතිර ඇති උතුරු අයිස් ආවරනයේ වේගවත් දියවීම, ග්‍රීන්ලන්ත අයිස් ආවරනය හැකිලීම, හා ගෝලීය උනුසුම් වීමේ බලපෑම යටතේ ලෝකය පුරා ග්ලැසියර විසිරී යාම ඇතුලු වඩා විශාල ගෝලීය ක්‍රියාදාමයක කොටසකි, ඇන්ටාටික් අයිස් ඛාදනය.

ලාර්සන් සී ප‍්‍රධාන වසයෙන් ම අධ්‍යයනය කෙරී ඇත්තේ, නාසා ආයතනය හා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් කක්ෂයේ ස්ථාන ගත කෙරුනු චන්ද්‍රිකා උපකරන මගින් ය යන්න පෙන්වා දීම වැදගත් ය. නාසා ආයතනයේ ඇක්වා චන්ද්‍රිකාවේ මෝඩිස් (Moderate Resolution Imaging Spectroradiometer) නම් උපකරනය, අයිස් කුට්ටියේ බිඳීම පලමුවෙන් ම හෙලිදරව් කලේ ය. එය ලාර්සන් සී තට්ටුවෙන් මුලුමනින් ම වෙන්වීම තහවුරු කරන ලද්දේ, ධ‍්‍රැව කක්ෂයේ ගමන් කරෙමින් තිබෙන නාසා ආයතනයේ විර්ස් (Visible Infrared Imaging Radiometer Suite) නම් උපකරනය මගිනි.

පෘතුවිය අධ්‍යයනය කරන එවැනි චන්ද්‍රිකා මෙහෙයුම් 2018 මුදල් වර්ෂය සඳහා වන ට‍්‍රම්ප් පාලනාධිකාරියේ අයවැය සැලැසුම් තුල අඩු කිරීමට හෝ මුලූමනින් ම අතුගා දැමීමට සැලැසුම් කෙරේ. නාසා ආයතනය සම්බන්ධ අධිකරන බලය සහිත සෙනෙට් සභා කමිටුවේ ප‍්‍රධානියා වන රිපබ්ලිකානු සෙනෙට් සභික ටෙඞ් කෲස්, පෘතුවිය පිලිබඳ එවැනි අධ්‍යයන මග හරිමින් සෞරග‍්‍රහ මන්ඩලයේ අනෙකුත් ග‍්‍රහලෝක මත තම අවධානය යොදවන ලෙස නාසා ආයාතනයට නැවත නැවතත් බල කර ඇත. ඊට හේතුව නාසාවේ ව්‍යායාමය, ගෝලීය උනුසුම හා දේශගුනික විපර්යාස ප‍්‍රධාන තර්ජනයන් ලෙස පවතින්නේය යන විද්‍යාත්මක දැනුම වර්ධනය කරනු ඇතැයි යන්නය.

ට‍්‍රම්ප් පාලනාධිකාරිය හා රිපබ්ලිකානු දක්ෂිනාංශයේ ප‍්‍රතිගාමී මුරන්ඩුකම, ගෝලීය උනුසුම් වීමේ අනතුරු ගැන අවංකව උත්සුක වන ඇත්තන් ඔබාමා පාලනාධිකාරිය, ඩිමොක‍්‍රටික් පක්ෂය, හා ජර්මනියේ ඇන්ජෙලා මර්කෙල් වැනි යුරෝපයේ ඔවුන්ගේ සහචරයන්ගේ කල්පිත බුද්ධිවාදය වඩා යහපත් බව දැකීමට තල්ලු කෙරෙනු ඇත. මෙය විනාසකාරී වරදකි.

ධනේශ්වර සංස්ථාපිත දේශපාලකයින්―එක්සත් ජනපදයේ ඩිමොක‍්‍රටිකයන්, යුරෝපයේ කොන්සර්වේටිව්වාදීන් හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ― විසින් යෝජනා කරනු ලබන පියවර සමාන වන්නේ, ඇබිත්තක් නැත්නම් කිසිදෙයක් නො කරන අතර ගෝලීය උනුසුම් වීම මගින් ඇති කෙරෙන අනතුරු කෙරේ කටින් බතල කොල සිටවන ව්‍යායාමයකටය. පසුගිය මාසයේ ට‍්‍රම්ප් ඇමරිකාවේ සහයෝගය ඉවත් කර ගන්නා බව කියා සිටි හා විශාල ඝෝෂාවක් නගන පැරිස් සම්මුතිය මුලුමනින්ම ලොඹු කටකි.

කාබන් විමෝචනය හා අනෙකුත් පරිසර දූෂනයන්ට ප‍්‍රධාන වගකීම දරන ලෝකයේ සංගත ප‍්‍රභූවේ හා ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ සහයෝගය පැරිස් ගිවිසුමට ලැබී තිබීම කැපී පෙනුනි. සංගත 100කට අඩු සංඛ්‍යාවක් සියලු ප‍්‍රධාන කාබන් විමෝචනයන්ගෙන් තුනෙන් දෙකකට වග කිය යි.

මෙහි දී “හරිත” පක්ෂ ගැන විශේෂ යමක් කිව යුතු ය. මේවා 1960 ගනන් අග හා 1970 ගනන් මුල් කාලයේ පාරිසරික ව්‍යාපාර සමග සිය මූලාරම්භය සලකුනු කරන නමුත් බලයට පැමිනි වහා ම තමන් ම ද මහා ව්‍යාපාරිකයන්ගේ වහලුන් බව හෙලිදරව් කලේ ය. ඔවුන්ගේ පරිනාමය පෙන්වා දෙන්නේ පවතින ආර්ථික පද්ධතියේ පදනම මත පාරිසරික අර්බුද විසඳීමට ඇති නො හැකියාව යි.

දේශගුනික අර්බුදය තුල අද අවශ්‍ය කරන්නේ ගෝලීය උත්සාහයකි. ඒ සඳහා සමස්ත මානව වර්ගයාගේ විද්‍යාත්මක, තාක්ෂනික හා නිෂ්පාදන සම්පත් ඒකරාශී කරන උත්සාහයක් අවශ්‍ය කෙරේ. සැබවින් ම සමාජයේ කාබන් “පා සටහන්” [ මානව ක්‍රියාකාරකම් හේතුවෙන්වායුගෝලයට නිකුත්කරන අංගාරිකාම්ල - CO2 ප්‍රමානය] අඩු කිරීම මගින් වඩා කාර්යක්ෂම බලශක්ති පද්ධතීන් හා ක‍්‍රමවේද වර්ධනය කිරීම හා වායුගෝලයෙන් කාබන් මුදා ගැනීම (ඊනියා “කාබන් අල්ලා ගැනීම”) යන දෙක ම එක්කිරීම අවශ්‍යය. එය ඓතිහාසිකව තිරසාර මට්ටම් කරා ආපසු අංගාරකාම්ල වායු අනුපාතය අඩු කිරීමේ කි‍්‍රයාදාමය අරඹනු ඇත.

එවැනි උත්සාහයන් වහා ම ධනවාදය යටතේ වන මැඩලිය නොහැකි බාධාවන්ට එරෙහිව, එනම් ධනපති බිලියනපතියන් හා යෝධ සංගත අතලොස්සක් විසින් නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය දැරීම හා තරඟකාරී ධනේශ්වර ජාතික රාජ්‍යයන්ට ලෝකය බෙදී යාම සමග ගැටේ. එය ප‍්‍රදර්ශනය කරන්නේ ලාභ පද්ධතියේ ආකෘතිය තුල ගෝලීය උනුසුම හා දේශගුනික වෙනස්කම් ආපසු හැරවීමට බැරෑරුම් උත්සාහයක් ගෙන යාම අපහසු බව පමනි.

කඳු ගැසෙන සමාජ අසමානතාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාර හා වැඩෙන අධිරාජ්‍යවාදී යුද තර්ජන සමග දේශගුනික අර්බුදය, ධනවාදය අවසාන කිරීමට හා පුද්ගලික ලාභය සඳහා නොව, මානව වර්ගයාගේ අවශ්‍යතාවන්ට නිෂ්පාදන බලවේග යටත් කෙරෙන සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීම සඳහා තවත් අවශ්‍යතාවක් වන්නේ ය.

ග‍්‍රහලෝකය විනාස කිරීමට තර්ජනය කරමින් බිලියනපතියන් අත තිබෙන විද්‍යාත්මක ජයග‍්‍රහනයන් ම, මානව වර්ගයාගේ අති විශාල බහුතරය වන කම්කරු පන්තියේ හස්තය යටතේ ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිඵලයක් ඇති කිරීමට, එනම් දේශගුනික වෙනස්කම් හා ගෝලීය උනුසුම් වීම මගින් එල්ල කෙරෙන අනතුරු සමග දරිද්‍රතාව, යුද්ධය හා සමාජ අසාධාරනය අහෝසි කරන සමාජවාදී සමාජයක් ගොඩනැගීමට මෙහෙයවා ගත හැක.

පැට්‍රික් මාටින්

Share this article: