මරුති සුසුකි කම්කරුවන් බොරු චෝදනාවලට වැරදිකරුවන් කිරීමෙන් ඉක්බිතිව
ඉන්දීය මුදල් ඇමති මරුති සුසුකි සභාපති හමුවේ

In wake of frame-up convictions of Maruti Suzuki workers India’s finance minister meets with Maruti Suzuki chairman

ෂැනන් ජෝන් විසිනි, 2017 මැයි 12

මරුති සුසුකි කම්කරුවන් 13 දෙනෙක් චෝදනා ඉදිරිපත් කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමත් සමගම ඉන්දීය මුදල් ඇමති අරුන් ජයිට්ලි මරුති සුසුකි සංගතයේ ප‍්‍රධානියා වන ඔසාමු සුසුකි ජපානයේ පැවති රැස්වීමකදී හමු වී ඉන්දියාව තුල ආයෝජන ඉහල දමා ගැනීම ගැන සාකච්ඡා කර ඇත.

බදාදා පැවති එම රැස්වීමට ජපානයේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙක්ම සහභාගී වූ අතර රැස්වීමෙන් අනතුරුව අලුතෙන් යෙන් බිලියන 100 (ඇ.ඩො.මිලියන 880 ක්) බටහිර ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ අලුතින් ඉදිකරන ලද නිෂ්පාදන පහසුකම් ප‍්‍රසාරනය කිරීමට 2020 මුල් භාගයේදී යොදන බව සුසුකි නිවේදනය කලේය. මෙය සමාගම දැනට ආයෝජනය කිරීමට ප‍්‍රතිඥා දී ඇති මුදලට අමතර නව ආයෝජනයකි. සුසුකි සමාගම ඉන්දියාවේ කාර් වෙලඳපොලෙන් අඩක් පාලනය කරන අතර ඉදිරි අවුරුදු 10 තුල දැනට පවතින අලෙවිය දෙගුන කිරීම ඉලක්කයයි.

මෝදි ආන්ඩුවේ “ඉන්දියාවේ නිපදවනු” ව්‍යාපාරය යටතේ ජයිට්ලි කල සාකච්ඡා මගින් මෙම ආයෝජන අවස්ථා ලැබී ඇත. මෙහි හරය වී ඇත්තේ අන්තර් ජාතික සංගත සඳහා ලාභ ශ‍්‍රම වේදිකාවක් ලෙස ඉන්දියාව අලෙවි කිරීමයි. මේ අනුව ඉන්දීය ආන්ඩුව කම්කරුවන්ගේ අරගල කෲර ලෙස මැඩීමට සහ කීකරු හා අඩු වැටුප් ලබන කම්කරුවන් ලබාදීමට ප‍්‍රතිඥා දී තිබේ.

සුසුකි නිවේදනය කල සැලසුම්වල ගුජරාටයේ පිහිටි තම කම්හලේ තුන්වන නිෂ්පාදන පේලිය ඇරඹීම අඩංගු විය. එසේම සමාගම දෙවන නිෂ්පාදන පෙල 2019 දී කම්හල තුල ආරම්භ කරන බව මෑතදී නිවේදනය කර ඇත.

සුසුකි ඉන්දියාව තුල විදුලි මෝටර් රථ සඳහා ලිතියම් අයන් බැටරි නිෂ්පාදන සඳහා සැලකිය යුතු ආයෝජනයක් කිරීමට මීට පෙර නිවේදනය කර තිබිනි. සුසුකි, ටොෂිබා, සහ ඩෙන්සෝ අනුපිලිිවෙලින් සියයට 50, සියයට 40 සහ සියයට 10 අයිතියක් හිමිවන ඒකාබද්ධ ව්‍යාපෘතිය ආරම්භ කරනු ඇත.

කොරියාව පාදක කරගත් මෝටර් වාහන නිෂ්පාදකයක් වන හයිඋන්ඩායි සමාගම ඩොලර් මිලියන 2 ක් ආයෝජනය කිරීමට සැලසුම් කර වාහන මිලියන එකක් 2020 - 2021 කාලපරිච්ඡේදය තුල ඉන්දියාව තුල නිෂ්පාදනය කර ගැනීමට ඉලක්කයක් ස්ථාපනය කර ඇත.

ජපාන ආන්ඩුව “ඉන්දියාවේ නිපදවනු” වැඩසටහන සඳහා යෙන් මිලියන 1.5 ක (ඇමරිකානු ඩොලර් බිලියන 13.2 ) අරමුදලක් දැනටමත් සම්පාදනය කර ඇත. මේ අතර ඉන්දියාව තම කාර්මික කලාප තුල ආයෝජනය කරන සමාගම් සඳහා විශේෂ දිරිගැන්වීම් සහ සහන ලබාදීමට සැලසුම් කිරීමට පොරොන්දු වී ඇත.

ආරක්ෂක ඇමති ලෙසත් කටයුතු කරන ජයිට්ලි සමග සුසුකි පැවති හමුව ආයෝජන අවස්ථා සොයා බැලීමට සහ නැගෙනහිර ආසියාතික රට සමග මිලිටරි සම්බන්ධතා තර කර ගැනීමට ජපානයේ දින 5 ක කල සංචාරයේ කොටසක් විය. එයට ඉන්දීය පාලක ප‍්‍රභූව කම්කරුවන්ගේ විරුද්ධත්වයක් කෲර ලෙස මර්දනය කරන බවට ඉන්දීය මූල්‍ය ප‍්‍රධානියා විසින් කරනු ලබන සහතික වීමද අයත්විය.

ප‍්‍රාථමිකව චීනයට විරුද්ධව පෙල ගැසීමේදී එක්සත් ජනපදය ඉන්දියාව සමග ඇති මිලිටරි සහයෝගීතාව තුල ඉන්දියාව ජපානය සමග හමුදාමය හා ආරක්ෂක සම්බන්ධතා සවිමත් කර තිබේ. ජපාන පාලකයෝ තම රටේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති කරගත් ව්‍යවස්ථාවේ ප‍්‍රති මිලිටරි ප‍්‍රතිපාදන, තම මිලිටරි බලය සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමේ කොටසක් ලෙස අහෝසි කිරීමට උත්සාහ කරමින් සිටියි.

ජයිට්ලිගේ ජපාන සංචාරය සිදුවූයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ටොයොටා සමාගමේ සභාපති අකියෝ ටොයොටා සහ ඔසාමු සුසුකි සමග ඉන්දියාව තුල අයෝජන සැලසුම් සාකච්ඡා කිරීමෙන් පසුවයි. ජපානය ඉන්දියාව තුල කරන සෘජු විදේශ අයෝජන මුරුසිය හා සිංගප්පූරුවට පමනක් පසු පසින් තුන්වන තැනට පත්ව තිබේ. ජපානය ඉන්දියාව තුල 2000 වර්ෂයේ සිට ඇමරිකානු ඩොලර් බිලියන 25.2 ක සෘජු විදේශ ආයෝජන කර ඇත.

2012 ජූලි 18 දින මරුති සුසුකි සමාගම තුල ඇති කල ප‍්‍රකෝපකරනයන් ඇති වූ ගැටුම තුල මියගිය කලමනාකරුවෙකුගේ මරනය සම්බන්ධයෙන් මරුති සුසුකි මනෙසර් කම්හලේ වැඩකල කම්කරුවන් පිරිසකට බොරු චෝදනා නගා වරදකරුවන් කර මෙම අවුරුද්දේ මුල් භාගයේ දඬුවම්වලට ලක්කර තිබීම මෙම සංචාරයේ පසුබිමින් තිබේ. මේ සම්බන්ධයෙන් චෝදනා නගා කම්කරුවන් 13 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දී ඇත. ඒ අතරින් එකලොස් දෙනෙක්ම පාලකයින්ගේ සහ සමාගමට හිතවාදි මරුති උද්යෝග් කාම්ගර් යූනියන් (එම්.යූ.කේ.යු) වෘත්තිය සමිතියේ විරුද්ධත්වය මැද ගොඩනගන ලද මරුති සුසුකි වර්කර්ස් යූනියන් (එම්.යූ.ඩබ්ලිව්.යූ) වෘත්තීය සමිතියේ නායකත්වයට අයත් කම්කරුවන් වේ.

2012 ජූලි 12 දින සිද්ධිය පාලකයෝ මනෙසර් කර්මාන්ත ශාලාවේ කම්කරුවන් දඩයම් කර ඉවත් කර 2,300 දෙනකු අලුතින් බඳවා ගැනීමට යොදාගෙන ඇත. මෙම සිද්ධියෙන් ඉක්බිතිව කම්කරුවන් 150 ක් අවුරුදු තුනක් තිස්සේ හිර අඩස්සියේ රඳවනු ලැබිනි. මරුති සුසුකි කම්කරුවන්ට මෙම ප‍්‍රහාරය එල්ල කීරීමෙන් අනතුරුව 2011 -2012 තුල මනෙසර් කම්හලේ වර්ජන මාලාවක් හට ගැනිනි.

****

සිරගත කරන ලද කම්කරුවන්ට විරුද්ධව සියලු නඩු කටයුතු ප්‍රෝඩාවක් වූ අතර මූලිකවම ලාභ ශ‍්‍රම තන්ත‍්‍රයකට එරෙහි විරුද්ධ පාර්ශවය බියවද්දා කම්හල තුල එවන් තන්ත‍්‍රයක් ඇති කිරීමේ ඉලක්කය සහිතව සහ වැඩ වේගවත් කිරීමට සහ අඩු වැටුප්වලට එරෙහිව කිනම් හෝ අරගලයක් ඉන්දියානු පාලකයින් මැඩපවත්වන බවට අයෝජකයින්ට නැවත සහතික වීමක් විය.

සමාගමේ නීතිඥයෙක් පැමිනිල්ලේ සම නීති උපදේශක ලෙස ක්‍රියා කලේය. පක්ෂග‍්‍රාහි වීම සහ එම නිසා විශ්වාසයෙන් තොර සාක්ෂි වීම යන ව්‍යාජ කරුනු මත කිසිම කම්කරුවෙකුට සාක්ෂිදීමට අවසර දෙනු නොලැබිනි. තවද විත්තිපක්ෂයේ නීතිඥයින්ට පැමිනිලි පක්ෂයේ ප‍්‍රධාන සාක්ෂිකරුවන් වෙතින් හරස් ප‍්‍රශ්න ඇසීමට අවසර දෙනු නොලැබින.

මෙය නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමයට අති මූලික ප‍්‍රහාරයකි. මේ අතර විනිශ්චයකාරවරයා වරද ඔප්පු කිරීමේ බර පැමිනිලි පක්ෂය වෙතින් කම්කරුවන් වෙතට පැවරීමට සැමවිටම උත්සාහ කල අතර අවශ්‍යයෙන්ම අවධාරනය කරන ලද්දේ චූදිත කම්කරුවන් තම අහිංසක භාවය ඔප්පු කල යුතු බවයි.

බලධාරීන් කොටසක් අමු අමුවේ පැමිනිලි පක්ෂයට හිතවාදිව නැඹුරුවක් තිබියදීත් 2012 ජූලි ගැටුම මත මුලදී බොරු චෝදනා නගා බන්ධනාගාරගතව සිටි කම්කරුවන් 150 අතිරින් වැඩිදෙනා නිදොස් කොට නිදහස් කර ගැනීමට විත්තියේ නීතිඥයන්ට හැකි විය. ඔවුන් නිශ්චිතවම පෙන්නුම් කරන ලද්දේ සාක්ෂි ගොතන ලද ඒවා බවත් අත්අඩංගුවට ගැනීම් සමාගම විසින් දෙන ලද ලැයිස්තුවක් අනුව සිදුව තිබෙන බවත්ය.

මෙය නොසලකා කම්කරුවන් 13 දෙනෙක් චෝදනාවලට වැරදිකරුවන් කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම්වලට ලක් කර ඇත.

කම්කරුවන් 13 දෙනාට දඬුවම් ප‍්‍රකාශ කිරීමත් සමගම ඉන්දියාව හරහා විරෝධතා කුනාටුවක් ජනිත කලේය. නමුත් නිල වෘත්තිය සමිති මරුති සුසුකි කම්කරුවන් හුදකලා කිරීමට, බෝරු චෝදනා සම්බන්ධ විරෝධතා මැඩපැවැත්වීමට සහ වෙනතකට යොමු කිරීමට උපරිමයෙන් ක්‍රියා කලේය. ස්ටැලින්වාදයට හිතවාදී ඉන්දියානු වෘත්තිය සමිති කේන්ද්‍රය (සී.අයි.ටී.යූ) තම වාර්ෂික මැයි දින ප‍්‍රකාශනයේ මරුති සුසුකි කම්කරුවන් ගැන සඳහන් නොකලේය.

එසේම ස්ටැලින්වාදයට හිතවාදී පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ චූදිත මරුති සුසුකි කම්කරුවන් හුදකලා කර තිබේ. ස්ටැලින්වාදී ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත සති ගනනක් යන තුරු මෙම කම්කරුවන් වැරදිකරුවන් කිරීම පිලිබඳව කිසිම දෙයක් පලකිරීමට අසමත් විය.

ඉහත සියල්ලට වඩා ස්ටැලින්වාදියෝ බියට පත්ව සිටින්නේ මරුති සුසුකි කම්කරුවන්ගේ අරගලය ඉන්දියාව හරහා කාර්මික කම්කරුවන්ගේ පුලුල් කැරලිකාරීත්වයක් අවුලුවනු ඇති නිසාත් රට ලාභ ශ‍්‍රම වේදිකාවක් බවට පත් කිරීමේ සැලසුම්වලට තර්ජනයක් වනු ඇති නිසාත් ය.

Share this article: