සිරියාව තුල වොෂින්ටනයේ යුද්ධ අපරාධ

Washington’s war crimes in Syria

2017 ජූනි 15

ඇමරිකා එක්සත් ජනපද ආන්ඩුව යුද්ධ අපරාධ වලට වැරදි කරු වෙයි. මෙය ප‍්‍රබල ලෙස නිගමනය වූයේ සිරියාවේ රාජ්‍ය තන්ත‍්‍ර වෙනස සඳහා ඇමරිකානු පිටුබලය සහිතව සිදු කෙරීගෙන යන දිග්ගැසුනු යුද්ධය මගින් සිදු වූ මානව අයිතීන් උල්ලංඝනය කිරීම පරීක්ෂා කිරීම සඳහා 2011 දී එක්සත් ජාතීන්ගේ (එජා* සංවිධානය විසින් ස්ථාපිත ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කොමිසම මගිනි.

එජා සංවිධානයේ සමීක්ෂන කොමිසමේ සභාපති පෝලෝ පින්හීරෝ බදාදා පැවසුවේ සිවිල් වැසියන් 160,000 අධික සංඛ්‍යාවකට තම වාසස්ථාන වලින් පලායාමට බල කෙරෙනු අතර ඉරාක සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍ය (අයිඑස්අයිඑස්* සංවිධානයේ ඊනියා අගනුවර වන උතුරු සිරියාවේ රක්කා නගරය තුල සහ අවට පෙන්ටගනයේ අනුකම්පා විරහිත බෝම්බ දැමීම් මගින් ”දැවැන්ත ලෙස සිවිල් ජනතාවගේ ජීවිත හානි” සිදු කර ඇති බව ය.

දහස් සංඛ්‍යාත සිරියානු පුරුෂයින්, කාන්තාවන් සහ ලමුන් ඝාතනය කරමින් ද අංග විකල කරමින්ද ඇමරිකානු යුද්ධ ගුවන්යානා රක්කා සහ අවට ප‍්‍රදේශවලට දස දහස් ගනනින් ප‍්‍රහාරක මූනිස්සම් පතිත කර ඇත. ජනාකීර්න නාගරික වටපිටාවන්ට මිමී 155 හෝවිසර් බෝම්බ එල්ල කරමින් ද ඊනියා සිරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී හමුදාවනට සමීප ගුවන් සහය සැපයීම සඳහා අපචෙ ප‍්‍රහාරක හොලිකොප්ටර් යානා පියාසර කරවමින් ද සිරියානු භූමියේ නීති විරෝධී ලෙස රඳවා ඇති හමුදා භටයන් සංඛ්‍යාව වැඩි කිරීමට දායක වූ ඇමරිකානු මැරීන් ඒකක තව තවත් මාරක ගිනි අවිවල බලය යොදා ඇත. කුර්දි වයි.පී.ජී මිලිෂායා හමුදාවන්ගේ අධිකාරයට යටත් මෙම වොෂින්ටනය වෙනුවෙන් පෙනී සිටින හමුදාවන් ට ඇමරිකානු විශේෂ මෙහෙයුම් හමුදාවන්ගේ ”උපදෙස්” ද ලැබෙයි.

රක්කාවේ ලේවැකි ආක‍්‍රමනය දිග හැරෙමින් පවතින්නේ වරක් මිලියන 2 ට අධික ජනගහනයක් සිටි බවට ප‍්‍රකාශිත, සැතපුම් 232 ක් රක්කාවට නැගෙනහිරින් පිහිටි ඉරාක නගරයක් වන මෝසුල් හි, පසුගිය ඔක්තෝබරයේ පටන් පෙන්ටගනය විසින් සිදු කරගෙන යන මේ හා සමාන ජන ඝාතනය සිදු කරන මෙහොතේමය. මෝසුල් වල බහුතර පදාසයක් ඇමරිකානු බෝම්බ ද, රොකට් ප‍්‍රහාර සහ ෂෙල් ප‍්‍රහාර වලින් ද සහමුලින්ම විනාශ කරන ලදී. බොහෝ දෙනෙක් සුන්බුන් වලට යට වී ඇති අතර දහස් සංඛ්‍යාත ජනයා මරනයට පත් වෙමින්, තුවාලවලටද ගොදුරු වූහ.

ඇමරිකානු කාල තුවක්කු සේනාංක රක්කා සහ මෝසුල් යන නගර දෙකටම සුදු පොස්පරස් ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කරමින් සිටින බවට තහවුරු කරන ලද වාර්තා සමග පෙන්ටගනය විසින් සිදු කෙරීගෙන යන ලද යුද්ධ අපරාධවල පරිමාව වඩාත් තියුනු ලෙස අවධාරනයට යොමු වී ඇත. ජනාකීර්න ප‍්‍රදේශවල භාවිතා කිරීමට ජාත්‍යන්තර නීතියෙන් තහනම් වූ මෙම ගිනි ගන්නා සුලූ රසායනික අවි ස්පර්ෂ වූ විට මිනිස් මාංශ ගිනි අවුලූවා, ඇට කටු දක්වාම පිලිස්සී යයි. මෙම ෂෙල් වලින් මුදා හරින වායුව ආඝ‍්‍රානය කරන්නන් හුස්ම හිරවීමට භාජනය වන අතර අභ්‍යන්තරයේ සිට බාහිරයට පිලිස්සීමට භාජනය වේ. මෙම අවි නිසා හට ගන්නා භයංකාර තුවාල වාතයට නිරාවරනය වූ පසු නැවත විවෘත වෙයි. සුදු පොස්පරස් රසායන ද්‍රව්‍ය ප‍්‍රහාරයට ගොදුරු වූවන් අතර ත‍්‍රස්ථය ඇති කිරීමට භාවිතා කෙරෙයි.

රක්කා සහ මෝසුල් හි මහජනතාවට එරෙහි භාවිතා කෙරෙන තවත් මරනීය ආයුධයක් වන්නේ එම්ජීඑම්-140 බී රොකට් ප‍්‍රහාරක බෝම්බ වේ. මෙය ජංගම රොකට් ලෝන්චර් උපකරනයක ආධාරයෙන් විදින ලදුව, අහසේ දී පුපුරා යයි. මෙමගින් මීටර 15ක අරය සහිත වට රවුම් පරාසයක සිටින ඕනෑම කෙනෙකු මරනයට පත් කරන ඇන්ටිපර්සනල් ග්‍රෙනේඞ් 274 ක් පමන මුදා හැරෙයි.

පසුගිය මස ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් මාධ්‍යවලට පැවසුවේ තම අයිඑස්අයිඑස් විරෝධී ව්‍යායාමය තුලදී ”ජන සංහාරක උපායයන්” පෙන්ටගනය භාවිතා කරන බවත් ”මෙවැනි තත්වයකදී සිවිල් වැසියන් අනතුරුවලට ගොදුරු වීම ජීවිතයේ යථාර්ථයක්” බවත් ය. ”පිස්සු බල්ලා” යනුවෙන් හමුදා පට බැඳීමට පාත‍්‍ර වූ මෑතදී විශ‍්‍රාම ගිය නාවික ජෙනරල්වරයකු වූ මැතිස් කථා කරන්නේ කුමක් ගැනද යන්න ඔහු දනියි. 2004 දී ෆලූජා නගරය දෙවරක් මාරක ලෙස ආක‍්‍රමනය කිරීමට නායකත්වය දුන් ඔහු මෑතම ඇමරිකානු දාමරිකකම් ලෙස සිවිල් වැසියන්ට එරෙහිව සුදු පොස්පරස් ෂෙල් ප‍්‍රහාර දියත් කරන ලදී.

ඉරාකය සහ සිරියාව තුල ඇමරිකානු හමුදා මැදිහත් වන්නේ අයිඑස්අයිඑස් සංවිධානය ”සමූලඝාතනය කිරීමේ” අරමුන සහිත ව නොවේ. අයිඑස්අයිඑස් නිර්මානය වූයේ 2003 දී ඇමරිකාව විසින් ඉරාකය ආක‍්‍රමනය කර වාඩිලා ගැනීමෙන් ද, අනතුරුව ලිබියාව සහ සිරියාව යන දෙරටටම එරෙහිව ”රාජ්‍යතන්ත‍්‍ර මාරු කිරීමේ” යුද්ධ තුලදී වොෂින්ටනය වෙනුවෙන් පෙනී සිටින හමුදා ලෙස ඉස්ලාමීය සටන් කරුවන් වොෂින්ටනය විසින් යොදා ගැනීම මගිනි. රක්කා නගරය උතුරින්ද, නැගෙනහිරින් සහ බටහිරින්ද ඇමරිකානු පිටුබලය සහිත හමුදා විසින් වටලනු ලැබ ඇති අතර දීර් අල් සෝර් ප‍්‍රාන්තයට පලායාම සඳහා ඊසාන දෙසින් බේරීයාමේ මාවතක් අයිඑස්අයිඑස් සටන් කරුවන්ට විවෘත කර ඇත. එහිදී අයිඑස්අයිඑස් සටන් කරුවන්ට සිරියානු හමුදාව සමග සටන් කිරීමට ඉඩ සැලෙසනු ඇත. ඒ ආකාරයටම, සිරියාව තුල එම අරමුන සඳහාම මෝසුල් නගරයේ සිටි අයිඑස්අයිඑස් සටන් කරුවන් විශාල සංඛ්‍යාවකට මෝසුල් දේශසීමාව හරහා සිරියාවට පලා යාමට ඉඩ සලසා දී තිබිනි.

ඉරාකය හෝ සිරියාව තුල වොෂින්ටනයේ මූලෝපායික අරමුන වන්නේ ”ත‍්‍රස්තවාදයට එරෙහි සටන් කිරීම” නොව තෙල් සම්පත් වලින් ආඪ්‍ය මැද පෙරදිග ඇමරිකානු අධිකාරය තහවුරු කිරීමත්, මෙම අරමුන සඳහා ප්‍්‍රධාන බාධක ලෙස පවතින ඉරානය සහ රුසියාවට එරෙහි යුද්ධය සූදානම් කිරීමත් ය. පර්සියානු බොක්ක සහ මධ්‍යම ආසියාව යන දෙතැනම ඇමරිකානු අධිරාජ්‍යවාදයට තම අවිවාදිත අධිකාරය පවත්වා ගැනීම තම භූගෝලීය ප‍්‍රතිමල්ලවයා වන චීනයට සිදු කෙරෙන බල ශක්ති සැපයුම කපා දැමීම සඳහා මාවතක් විවෘත කරයි.

මෙම කොල්ලකාරී අරමුනුු යුද්ධ අපරාධවල උල්පත වන්නේ ඉරාකයේ සහ සිරියාවේ පමනක් නොවේ. පර්සියානු බොක්කේ ඉරාන බලපෑම දුබල කිරීමේ අරමුන සහිතව සවුදි රජු විසින් යේමනයේ මෙහෙයවන ලද ආසන්න ජනසංහාරක යුද්ධය සඳහා වොෂින්ටනය පිටු බලය සපයමින් සිටියි. පසුගිය මස රියාද්හි තම සංචාරය තුලදී, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සවුදි රාජධානිය සමග ඇ.ඩො. බිලියන 110 ක අවි ගිවිසුමක් නිවේදනය කලේ ය. මේවා ප‍්‍රථම මොහොතේම සවුදිය, අරාබි ලෝකයේ වඩාත්ම දුගී ජාතියේ මහ ජනතාව මත වස්සවන බෝම්බ සහ මිසයිල ඉහල දැමීමට යොදවෙයි.

**

මෙම ආයුධ පැකේජයට පෙරාතුව මෙවැනිම ගනුදෙනුවක් සඳහා ඔබාමා පරිපාලනය අත්සන් කලේය. පසු කී ගනුදෙනුව යේමන ජනතාව ඝාතනයට පත් කරමින් ද වෛද්‍ය පහසුකම් අහිමි කරමින් ද සිදු කල ඇමරිකානු නාවික සම්බාධක සහ සව්දි ප‍්‍රහාරක ගුවන් යානාවලට අහසේදීම තෙල් සැපයිය හැකි පහසුකම් ද ඇතුලූව යේමනයට එරෙහි යුද්ධය සඳහා සැලසුම් කිරීමේ සහ බුද්ධි අංශ ඔත්තු සැපයීමේ ආධාර ද සැපයීය. ජනතාව 12,000 ක් රිජුවම මරනයට පත් කිරීමට අමතරව ඇමරිකානු එක්සත් ජනපදය හා සවුදිය විසින් හවුලේ මෙහෙයවන ලද යුද්ධය යේමන ජාතිකයන් මිලියන 7ක් සාගතයේ අද්දරට හෙලා දමමින්, තවත් දහස් සංඛ්‍යාත ජනතාව කොලරා රෝගය නිසා මරන තර්ජනයට ගොදුරු කර ඇත. සේව් ද චිල්ඩ‍්‍රන් සංවිධාන වාර්තාවකට අනුව, සාමාන්‍ය අගයක් ලෙස සෑම තත්පර 35 කට වරක් එක් යේමන දරුවකු මෙම රෝගයට ගොදුරු වෙති.

මේ අතරතුර, වොෂින්ටනය නැවත වතාවක් සූදානම් වන්නේ ඇෆ්ගනිස්ථානය තුල සිදු කෙරුනු දිග් ගැසුනු ජන ඝාතනය උග‍්‍රර කිරීමටය. ඇමරිකානු නිලධරයෝ අඟහරුවාදා වාර්තා කලේ 2001 සිට ඇමරිකාව වාඩිලා ගෙන සිටින මෙම රටේ හමුදා භටයින්ගේ සංඛ්‍යාව වැඩි කරන ලෙසට ට‍්‍රම්ප් මැතිස්ට නිර්දේශ කර ඇති බව ය. ආරක්ෂක ලේකම් විසින් ඇලූම් කරන ”සමූලඝාතක උපායයන්” ගෙනයාමේ අරමුන සහිතව තව තවත් දහස් සංඛ්‍යාත හමුදා භටයින් යෙදවීමට බලාපොරොත්තු වෙයි. සිදු වීමට නියමිත දෙයෙහි හැටි ස්වභාවය සඳුදා දින දැකීමට හැකි විය. එනම්, පාර අසල තිබුනු බෝම්බයක් සංචාරයේ යෙදුනු හමුදා කන්ඩායමක් ඉදිරියේ පුපුරා ගිය විට, ඔවුහු ගඩොල් පෝරනු කම්කරුවකු සහ ඔහුගේ 8 සහ 10 වියැති පුතුන් දෙදෙනා ඝාතනයට ලක්කරමින් සිවිල් වැසියන් වෙත ඉවක් බවක් නැතිව වෙඩි තැබූහ.

පුලූල් වෙමින් පවතින ගෝලීය යුද්ධ පිටියේ මෙවැනි දාමරිකකම් දිස් වෙමින් පවතින තතු තුල, වඩාත් සිත් කාවදින සුලූ කාරනාව වන්නේ ඇමරිකානු යුද්ධ අපරාධ වලට එරෙහිව කිසිදු සැලසුම්ගත විරෝධයක් නැති වීමයි. අඛන්ඩ යුද්ධ, කොන්ග‍්‍රස් මන්ඩලයේ විවාදයට ගැනෙන විෂයයක් නොවන අතර එයට ඩෙමොක්‍්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම සහය දෙති. පෙන්ටගනයේත්, සී අයි ඒ සංවිධානයේත් විශ්වාසනීය ප‍්‍රචාරක අන්ඩක් වන ජන මාධ්‍ය රුසියාවට හෝ සිරියානු ආන්ඩුවට එරෙහිව චෝදනා එල්ල වූ විට පමනක් අවදානය යොදමින්, ඇමරිකානු යුද්ධ අපරාධ කෙරෙහි කිසිදු උනන්දුවක් නොදක්වති.

තව දුරටත් කිව යුතුව ඇත්තේ, ඇමරිකාවෙත් ලෝක පරිමානවත් වැඩ කරන ජනතාව යුද්ධයට එරෙහි වන අතර, 1960 සහ 1970 දශකවල මධ්‍යම පන්තික යුද්ධ විරෝධී උද්ඝෝෂන වල තම ආරම්භකත්වය ලබාගත් ව්‍යාජ-වාම කන්ඩායම් ඇමරිකානු යුද්ධ ප‍්‍රකෝපකරනයට පැවැති වාචික විරුද්ධත්වය පවා අත්හැර දමා ඇති බවයි. ඇමරිකාවේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, ජර්මනියේ වාමාංශික පක්ෂය, ප‍්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය වැනි කන්ඩායම් වරප‍්‍රසාදිත මධ්‍යම පන්තික ස්ථරවල අවශ්‍යතාවන් නියෝජනය කරමින් අධිරාජ්‍යවාදය වෙනුවෙන් පෙනී සිටින මෙම නව කන්ඩායමේ දේශපාලනය විදහා දක්වයි. මොවුහු ”මානව අයිතීන්” ගේ නාමයෙන් සිදු කෙරෙන නව-යටත් විජිත ආක‍්‍රමන යුක්ති යුක්ත කරමින් ලිබියාව, සහ සිරියාව වැනි රටවල සිදු කෙරෙන සී අයි ඒ සංවිධානයේ රාජ්‍ය තන්ත‍්‍ර මාරු කිරීමේ මෙහෙයුම් ”විප්ලව” ලෙස හුවාදක්වති.

ප‍්‍රධාන තාප න්‍යෂ්ටික බලවතුන් පටලවා ගනිමින් භූගෝලීය පරිමාන ගැටුමකට තර්ජනය කරන ඇමරිකාව විසින් ලෝක පරිමානව යුද්ධ අපරාධ සිදු කෙරෙන තතු තුල අද දවසේ අව්‍යාජ යුද්ධ විරෝධී ව්‍යාපාරයක මතුවීම ජීවිතය සහ මරනය අතර කරුනකි. මෙවැනි ව්‍යාපාරයක් ගොඩනැගිය හැක්කේ, යුද්ධයේ උල්පත වන ධනවාදයට අවසාන තිත තබන සමාජවාදී වැඩ පිලිවෙලක පදනම මත කම්කරු පන්තිය ස්වාධීන කිරීමට බලමුලූ ගැන්වීම මගින් ය.

බිල්වෑන් ඕකන්

Share this article: