ඇමසන් සමාගම විසින් හෝල් ෆුඩ්ස් සමාගම මිලදී ගැනීම සහ පොදු අයිතිය සඳහා අවශ්‍යතාවක්

Amazon’s purchase of Whole Foods and the case for public ownership

2017 ජූනි 22

ජූනිමස 16 දින, ඇමසන් සමාගම හෝල් ෆුඩ්ස් නැමැති ඇමරිකානු යෝධ සිල්ලර බඩු වෙලඳ සමාගම මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් (ඇ.ඩො.) බිලියන 13.7 ක ලංසුවක් නිවේදනය කලේය. මෙම වසර අවසානයේදී නිම කිරීමට බලාපොරොත්තු වන මෙම ගනුදෙනුව, ඇමසන්හි කොටස් මිල ඉහල දැමූ අතර, එහි ප‍්‍රධාන විධායක නිලධාරියා වන ජෙෆ් බෙසොස් සඳහා එක් දිනකින් ඇ.ඩො. බිලියන 2.88 ක ප‍්‍රතිලාභයක් ගෙන දුන්නේ ය.

ද හෝල් ෆුඩ්ස් සමාගම මිලයට ගැනීම මගින් ඇමසන් සමාගමට ඩොලර් බිලියන 800 ක් වටිනා සිල්ලර බඩු වෙලඳ කර්මනාන්තය තුල පය ගසා ගැනීමට අවස්ථාවක් සැපයූ අතර ඇමරිකාව, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍ය පුරා සිල්ලර ව්‍යාපාර හා ස්ටෝරු 460 ට අධික සංඛ්‍යාවක් අයිතියට පැවරීය. මෙම පුලුල් වීම ඇඟවුම් කරන්නේ ලෝක ධනේශ්වර ආර්ථිකය තුල ආධිපත්‍ය දරන අතලොස්සක් වන සමාගම් වෙත ආර්ථික ශක්තිය පෙර නොවූ විරූ ලෙස සංකේන්ද්‍රනය වීමයි.

ජුනි 17 දින ද වෝල්ස්ට්‍රීට් ජර්නල් සඟරාව වාර්තා කලේ ඇමසන් මිලදී ගැනීම වනාහි “විශාල සහ බහුල ආනුෂංගික ප‍්‍රපංචයක වඩාත්ම ආන්තික නිදසුන” ලෙසය. එනම් කර්මාන්ත ක්ෂේත‍්‍රය පුරා පවතින ව්‍යාපාර බොහොමයක් “මිලදී ගැනීමට ලක් වෙමින් ද නැතිනම් සමතලා වෙමින් ද වැඩවසම් යුගයේ (ගිලඩ් ඒජ්) පටන් නොදක්නා ආකාරයට සමාගම් අතලොස්සක් තුල බලය සහ ධනය සංකේන්ද්‍රනය වනු ඇත. .... රටක් වශයෙන් ද ශිෂ්ඨාචාරයක් වශයෙන් ද අප අපගෙන් ම අසා ගත යුත්තේ ව්‍යාපාර එතරම් ම සුලු සංඛ්‍යාවක් අතට කොතරම් බලයක් නොබියව ලබා දිය හැකියැයි අප සිතන්නේ ද යන්නයි.”

මෙම ක්‍රියාදාමය අනාවැකි පල කරන්නේ සියලු සිල්ලර වෙලඳාම් අංශයේ නියුතු කම්කරුවන් මත එල්ල කෙරෙන ප‍්‍රහාරවල නව අවධියක් සලකුනු කරන හෝල් ෆුඩ්ස් හි රැකියාවන්, වැටුප් සහ සේවා කොන්දේසි මත එල්ල කෙරෙන රුදුරු ප‍්‍රහාරය වෙයි. බ්ලූම්බර්ග් නිව්ස් මාධ්‍ය වාර්තා කලේ ඇමසන් හට “(හෝල් ෆුඩ්ස්) ස්ටෝරු සඳහා අවශ්‍යවන්නේ ඒකාකාරී කර්තව්‍යයයන් කරනවාට වඩා නිෂ්පාදිතය පිලිබඳ විශේෂඥ දැනුමක් සම්පාදනය කරන සුලු සේවක පිරිසක්” බවයි. අධි සූරාකෑමට ගොදුරු වී ඇති ඇමසන් කම්කරුවන් සතුව ඇති බිය උපදවන කථා හෝල් ෆුඩ්ස් කම්කරුවන් හට තමන්ට බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද යන්න පිලිබඳ අදහසක් ලබා දෙයි.

විශාලතම පරිගනක පාලිත (ඔන්ලයින්) සිල්ලර බඩු වෙලඳ සමාගම ලෙස ඇමසන් සමාගම පරිවර්තනය වී ඇතුවා පමනක් නොව, එයට පරිගනක පාලිත (ඔන්ලයින්) ව්‍යාපාර මගින් සිදු කෙරෙන සෑම ඇ.ඩො. 2 ක ගනුදෙනුවක්ම සැලකූ කල ඉන් ඇ.ඩො. 1 ක් ආදායම් ගෙන දෙන පරිදි වෙලඳපොලෙහි යටිතල පහසුකම් වැඩි වැඩියෙන් හිමි වී ඇත. එහි ගනනය කිරීමේ ක‍්‍රමය සමන්විත වන්නේ ලෝක පරිමානව සෑම එක් දිනකම ඇ.ඩො. බිලියන ගනන් නිශ්පාදිත ගලායන ආකාරයට ය. ඔන්ලයින් වෙලඳාම පිනුම්පිත්තක් කරගෙන තම ආධිපත්‍යය අනෙකුත් කර්මාන්ත වෙත පතුරුවා ඇති ඇමසන් සමාගම කෘතීමව මිල පහත හෙලමින් දුබල සමාගම් ව්‍යාපාර ක්ෂේත‍්‍රයෙන් පලවා හැර අතුගා දැමීමටත් තම (ඇමසන්හි) ආර්ථික බලය භාවිතා කරයි.

ඇමසන්හි වර්ධනය වන ඒකාධිකාරය ගැන යේල් ලෝ ජර්නල් සඟරාවට ලීනා ඛාහ් 2017 දී ලිව්වේ සිල්ලර බඩු වෙලඳ සමාගමට අමතරව ඇමසන් සමාගම වෙලඳාම් වේදිකාවක් ද, බෙදාහැරීම් සහ සංසරන ජාලයක් ද, ගෙවීම් කරන සේවාවක් ද, නය දෙන්නෙක් ද, වෙන්දේසි කරුවෙක් ද, ප‍්‍රධාන පොත් ප‍්‍රකාශකයෙක් ද, රූපවාහිනී යන්ත‍්‍ර සහ චිත‍්‍රපට නිෂ්පාදකයෙක් ද, විලාසිතා නිර්මානකරුවෙක් ද, දෘඪ උපාංග නිෂ්පාදකයෙක් ද සහ ප‍්‍රමුඛ පෙලේ ක්ලව්ඩ් සර්වර් ස්පේස් සහ කොම්පියුටර් බලය සපයන්නෙක්ද වන බවයි. බොහෝ ලෙස ඇමසන් සමාගම මෙම ක්ෂේත‍්‍ර වල ප‍්‍රසාරනය වී ඇත්තේ පවතින කර්මාන්ත අත් කර ගැනීමෙනි.

නිදසුනක් ලෙස ඇමසන් හි කලවුඩ් ඩේටා ස්ටෝරේජ් සේවා අංශය, මයික්‍රොසොෆ්ට්, අයි.බී.එම් සහ ගූගල් වල සමස්ථයටම වඩා මුලු වෙලඳපොලෙන් සියයට 33 පාලනය කරයි. එහි ගැනුම්කරුවන්ට ප‍්‍රධාන පෙලේ සංගත ද මධ්‍යම ඔත්තු සේවාව (සීඅයිඒ) ද ජාතික ආරක්ෂක ඒජන්සිය ද සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව ද ඇතුලු වෙයි.

මෙම සමාගම මහාද්වීප පහ පුරා විසිරී ඇති අවශ්‍යතා සැපිරීමේ මධ්‍යස්ථානවල සේවයේ නියුතු බඩු ගබඩාවල කම්කරුවන් 400,000 ක් පමන ඒකාබද්ධ කරමින් ජාත්‍යන්තර සංසරන ලේ නහර පද්ධතියේ සැලකිය යුතු පදාසයක් පාලනය කරයි. ඇමසන් සමාගම ට‍්‍රක් රථ වාහන භාන්ඩ ප‍්‍රවාහන, ඩ්‍රෝන යාත‍්‍රා සහ ගුවන් යානා පද්ධතියක් ද මත අනසක බල පවත්වන අතර, මෙයට රටවල් 100 ඉක්මවා භාන්ඩ ප‍්‍රවාහනය කරන කුඩා සැලසුම් සහිතව කඩිනමින් බෙදා හැරීමේ නියුතු ඌබ වැනි රියදුරන්ගේ කුඩා හමුදාවක්ද ඇතුලත්වේ.

ඇමසන් වල මතුවෙමින් පවතින අධිකාරය සියලුම කර්මාන්ත ක්ෂේත‍්‍රය පුරාම බලය පුලුල් ලෙස සංකේන්ද්‍රනය වීමේ කොටසක් වෙයි. ඇමරිකාවේ විශාලතම සමාගම් 100 විසින් නිපදවන දල දේශීය නිශ්පාදනයේ පංගුව 1994 සියයට 33 සිට 2013 දී සියයට 46 දක්වා වැඩි විය. ඇමරිකාවේ විශාලතම බැංකු පහ සමස්ථ බැංකු වත්කම් වලින් සියයට 45 ට වග කියයි. එනම් 2000 වසරේ සියයට 25 ව තිබී දෙගුනයක් දක්වා වැඩි වීමකි.

ගුවන් සමාගම්, සන්නිවේදන, සෞඛ්‍ය පහසුකම්, පරිඝනක යන්ත‍්‍ර, ඖෂද, යනාදී සෑම කර්මාන්ත ක්ෂේත‍්‍රයක් මතම ඉතාමත් සුලු සමාගම් සංඛ්‍යාවක් විසින් ආධිපත්‍ය දරනු ලබමින් සිටියි. මෙය 20 වන ශත වර්ෂයේ මුල් සහ මැද භාගයේ සංගත මත බල පැවැත් වූ ඒ්කාධිකාර විරෝධී නීති (ඇන්ටි ට‍්‍රස්ට් නීති) අල්පයේ පවා සැර බාල කරමින් ද, සමාගම් නීති රෙගුලාසි හකුලා දමමින් ද ඩිමොක‍්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය මගින් ක්‍රියාවෙහි යොදවන ලද දැනුවත් ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵලයකි.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, මූල්‍ය කර්මාන්ත අංශයේ සංකේන්ද්‍ර වී ඇති හිමිකරුවන්ගේ පොදු ජාලයක් මගින්, මෙම අති දැවැන්ත සමාගම් ඒකාබද්ධ වී ඇත. වෝල් වීදියේ සුලු පිරිසකට ඇමසන් සහ හෝල් ෆුඩ් සමාගම් වල විශාල කොටසක් හිමි වන අතර, මේවයේ සංස්ථාපිත කොටස් හිමිකරුවන්ට අනුපිලිවෙලින් සියයට 62 ක් සහ සියයට 93 ක් හිමි වෙයි. බ්ලැක් රොක්, වෑන්ගාර්ඩ් සහ ස්ටේට් ස්ට්‍රීට් යන මූල්‍ය සමාගම් තුන ඇමසන් සහ හෝල් ෆුඩ්ස් සමාගම් වල විශාලතම සංස්ථාපිත කොටස් හිමිකරුවන් වෙයි.

තමන් සතුව ඇති වෙලඳපොල කොටස් ඒකාබද්ධ කලවිට මෙම මූල්‍ය ආයතන තුන මිලියන 23 ක් ජනයා සේවයේ නියුක්ත කරන අතර ඇමරිකාවේ දල දේශීය නිශ්පාදනයට ආසන්න වෙලඳපොල ප‍්‍රාග්ධනයකින්ද සමන්විතය. ප‍්‍රසිද්ධියේ කොටස් වෙලඳාම් සිදු කරන ලද ඇමරිකානු සංගතවල ව්‍යාපාර කොටස් හිමියන් 3,900 න් විශාලතම කොටස් හිමිකරුවන් 1,662 ක්ද නියෝජනය කරයි.

සමාජ අසමානතාව අතිශයින් පුලුල් කරමින් කම්කරු පන්තියෙන් අතිරේක ශ‍්‍රම අගය සූරාකෑම තීව‍්‍ර කිරීම, සඳහා මෙම බැංකු වල සහ ඒකාධිකාරයන්ගේ අධිකාරය සංගත අතර තරඟයක් අවුලුවාලයි.

ඇමරිකාවේ කොලොම්බියා සරසවියේ සහ ස්පාඤ්ඤයේ ග්‍රෝනා සරසවියේ ශාස්ත‍්‍රාලිකයන් දෙදෙනෙක් “මුල්‍යකරනය සහ ගෝලීයව කම්කරු පන්තියේ පංගුව පිරිහී යාම්” යන නමින් 2017 දී කල අධ්‍යයනයකදී සොයාගත් දෙයක් නම් ලෝක ආදායමෙන් කම්කරු පන්තියේ පංගුව පහතවැටීමෙන් සියයට 57ක් පමන ලෝක ආර්ථිකය මත මූල්‍ය ප‍්‍රාග්ධනයේ වැඩිවන්නා වූ ආධිපාත්‍යය හේතු කොට ගෙන සිදුවන බවයි. ඒමගින් මූල්‍ය කතිපයාධිපත්‍ය තව දුරටත් පොහොසත් කෙරේ. සඒස්, පිකටි සහ සුක්මන් නැමැති ආර්ථික විශේෂඥයන්ගේ 2016 වාර්තාවක දැක්වූ ඇමරිකානු දත්ත වලට අනුව, ජනගහනයෙන් ධනවත් ම සියයට 10 ට සංගත ව්‍යාපාර කොටස් සමස්තයෙන් සියයට 89 ක් හිමි විය.

ඇමසන් සමාගමේ පුලුල් ජාත්‍යන්තර මෙහෙයුම් ලෝක ආර්ථිකයට යටින් ක්‍රියාත්මක වෙමින් පවතින තවත් ක්‍රියාවලියක් සාක්ෂාත් කරයි. සන්නිවේදනය, ප‍්‍රවාහනය සහ ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත‍්‍ර වල වර්ධනය මගින් උත්තේජනය කර ඇති භූගෝලීය සැපයුම් මාධ්‍යවල සංවිධාන වෙන කවරදාටත් වඩා නිශ්පාදන ක්‍රියාවලිය තුල විවිධ කර්මාන්තවල ජාත්‍යන්තර කම්කරු පන්තිය එකට ඒකාබද්ධ කරමින් සමාජ සබඳතාවල පරිවර්තනයක් සිදු කරමින් සිටියි.

මානව වර්ගයාගේ අවශ්‍යතාවන් සඳහා ලෝක ආර්ථිකය සකස් කිරීමේ කොන්දේසි දැනටමත් පවතී. එහෙත් ධනවාදය යටතේ, මෙම ප‍්‍රගතිශීලී ප‍්‍රවනතාවන් කම්කරු පන්තියටත් සමස්ථයක් ලෙස සමාජයටත් එරෙහිව පිහිටුවයි. තාක්ෂනයේ වැඩි දියුනුවීම සහ භූගෝලීය පරිමානව නිෂ්පාදනය ඒකාග‍්‍ර වීම පුලුල් මහජනතාවගේ රැකියා සහ ජීවන කොන්දේසි විනාශයට යොදා ගැනීමට ධනපතියන්ගේ අතේ ආයුධ බවට පත් වී ඇති අතර ආර්ථික ජීවිතයේ භූගෝලීය ලක්ෂනය සහ ධනවාදයේ ජාතික රාජ්‍ය-පද්ධතිය අතර ගැටුම් මිලිටරිවාදය සහ යුද්ධය ආකාරයෙන් පුපුරා මතු වෙයි.

අවශ්‍ය කෙරෙන්නේ ඇමසන් වැනි සංගතවල ධනය අස්වාමික කරමින් ද මේවා ලාභය සඳහා සූරාකෑමේ යෝධයන්ගේ සිට කම්කරු පන්තිය තමන් විසින් ම සංවිධානය වී ප‍්‍රජාතන්ත්‍රීයව පාලනය කරන ජාත්‍යන්තර සමාජ සුභ සාධන සේවා බවට පරිවර්තනය කරමින්, ලෝක ආර්ථිකය සමාජවාදී පරිවර්තනයකට භාජනය කිරීමයි.

ඇමසන් ජාත්‍යන්තර සංසරන ජාලය මීට උදාහරනයකි. ඇමරිකානු සැපයුම් ජාලවල තියුනු බව යොදාගෙන ඇමසන් කොටස්කරුවන් පොහොසත් කිරීම සහ කම්කරුවන් සූරාකෑම උග‍්‍ර කරනවා වෙනුවට එම ජාලයේ නිරවද්‍යතාව හා තර්කානුකූල බව ලෝකය පුරා භාන්ඩ බෙදාහැරීම සහේතුකව සංවිධානය කිරීමට යොදාගත හැකි වේ. සෑම පෙදසකින්ම තමන් ගේ හැකියාව අනුව හා සෑම පෙදෙසකටම තමන්ගේ අවශ්‍යතාවය අනුව තත්කාලීන පදනමක එය යොදා ගත හැකිය.

ඇමසන් සමාගමේ පුලුල් දත්ත සම්භාරය සහ එහි එකෝ උපකරනය ආපදා අවස්ථා සොයා ගැනීමටත්, ආපදා සහ සාමාන්‍ය සමාජ අවශ්‍යතා පිලිබඳ ක්ෂේත‍්‍ර සොයා බැලීමටත් භාවිතා කල හැකිය. බොත්තම එබූ විගස කම්කරුවන්ට ලෝකයේ එක් කොනක සිට තවත් කොනකට වෛද්‍ය උපකරන, ගොඩනැගිලි ද්‍රව්‍ය, පවිත‍්‍ර ජලය සහ ආහාර සෘජුවම සැපයිය හැක. දසදහස් සංඛ්‍යාත පාසැල්, පුස්තකාල, කටුගෙවල්, රෝහල්, රඟහල්, ජල පවිත‍්‍රාගාර සහ උද්‍යානයන් ගොඩ නැගිය හැක. තව දුරටත් භෞමික සීමාවන් මගින්, සම්පත් ඇතිකම හෝ පදිංචිකරුවන්ගේ සංස්කෘතික මට්ටම හෝ නිර්නය කරන්නේ නැත.

මැයි මස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කොමිටිය ඉන්ටනැෂනල් ඇමසන් වර්කර්ස් වොයිස් (අයිඒ්ඩබ්ලිව්වී) යනුවෙන් ඔන්ලයින් ප‍්‍රකාශනයක් ආරම්භ කර ඇත. මෙහි අරමුන වන්නේ සිය දහස් සංඛ්‍යාත ඇමසන් කම්කරුවන්ගේ අරගල වාර්තා කිරීමත්, එමෙන්ම මෙම ජාත්‍යන්තර රාක්ෂයාට එරෙහි සටන් කිරීම සඳහා ජාත්‍යන්තරව ඒකාබද්ධ ප‍්‍රතිචාරයක් අවශ්‍යය යන පැහැදිලිකම මත පදනම් ව දේශපාලන මූලෝපායක් සැපයීමත් ය. අයිඒඩබ්ලිව්වී ප‍්‍රකාශනය වෙත එහි මුහුනු පොත Facebook පරිහරනය කරන දහස් සංඛ්‍යාත කම්කරුවන් අතරින් රටවල් දුසිම් ගනනක කම්කරුවන්ගෙන් ඉතාමත් ඉහල උනන්දුවක් ලැබී ඇත.

සමාගමේ ආඥාදායකත්වයට එරෙහිව ඇමසන් කම්කරුවන් අතර මෝදු වෙමින් පවතින විරුද්ධත්වය පිලිබිඹු කරන්නේ සමාජ අසමානතාවයටත් සහ බැංකු සහ සංගත අතලොස්සක් තුල ධනය සහ බලය සංකේන්ද්‍රනය වීමටත් එරෙහි කම්කරු පන්තියේ වැඩෙන ප‍්‍රතිචාරයත් ය.

තම අයිතීන් රැක ගැනීම සඳහා, කම්කරුවෝ සමාගමේ ද ජාතික සහ ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවල ද ධනපති පක්ෂ වල ද බලපෑමෙන් ස්වාධීන වී, පන්ති අරගලයේ මූල ධර්ම මත පදනම් වී ෆැක්ටරි කොමිටි ගොඩ නැගිය යුතුය. මෙම කොමිටිවල අරමුන විය යුත්තේ ඒකාබද්ධ ජාත්‍යන්තර අරගලයක් තුල ලෝක පරිමාන තම පන්ති සහෝදර සහෝදරියන් සමග අත්වැල් බැඳ ගැනීමයි. මෙය යෝධ බැංකු සහ සංගතවල ආඥාදායකත්වය අවසන් කිරීමටත් පුද්ගලික ලාභය නොව සමාජ අවශ්‍යතාවය මත සමාජයක් ගොඩ නැගීමටත් සම්බන්ධ කල යුතුය.

වැඩිමනක් අධ්‍යයනය කිරීම සඳහා contact the IAWVඅදම හමුවන්න. සමාජවාදය සඳහා අරගලයට සම්බන්ද වන්න.

එරික් ලන්ඩන්

Share this article: