සව්දි අරාබිය කටාර් රාජ්‍යය වෙත ප්‍රකෝපකාරී අවසන් නිවේදන නිකුත් කරයි

Saudi Arabia issues provocative ultimatum to Qatar

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2017 ජූනි 24

ජූනි මුල සව්දි අරාබිය හා එරට සහචරයින්, කටාරයට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික තහනමක් පැනවීමත් සමග ඇතිව තිබෙන ආරවුල තියුනු ලෙස පැතිරයාමට කොන්දේසි සකසන, පෙර නොවූ විරූ අවසන් නිවේදන නිකුත්කර ඇත. නිර්දේශ නොකල ප‍්‍රතිවිපාකයන්ට මුහුන දිය හැකි පුලුල් ඉල්ලීම් 13ක ලැයිස්තුවකට එකඟවනු පිනිස කටාරයට දින 10ක් ලබාදී තිබේ. විරුද්ධත්වය පෑ නොහැකි ඉල්ලීම් මගිින් බල ශක්තියෙන් පොහොසත් කුඩා රාජ්‍යය රියාද්හි දේශපාලන වැයික්කියක් බවට පත් කෙරෙනු ඇත.

23දා ප‍්‍රසිද්ධ කෙරුනු ඉල්ලීම් සිතා මතා කල කුපිත කිරීමකි. සෞදි අරාබිය හා එහි සහචරයෝ, මෙම ඉල්ලීම් නිශ්චිතව ම ඉවත දැමෙනු ඇති බව දැන සිටිති. ඇසෝසියේටඩ් ප්‍රෙස් (ඒපී) ප‍්‍රවෘත්ති ඒජන්සියට අනුව, කටාර්හි අසැල්වැසියෝ සිය ඉල්ලීම් අවසාන තත්වයක් -සාකච්ඡා කල නොහැකි- බව අවධාරනය කරන අතර ගුවන්, මුහුදු හා ගොඩබිම් මාර්ග මත පවතින සීමාවලට එහා යන දඬුවම් පිලිබඳව අනතුරු අඟවති.

එක්සත් ජනපදයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති යූශෙප්-ඔටයිබා, කටාර් රාජ්‍යයට පනවා ඇති සම්බාධකවලට “මිලිටරි යෝජනා අයත් නැති” නමුත් ඒ ගැන විශ්වාසයක් තැබිය නො හැකි යයි ඒපී ප‍්‍රවෘත්ති ඒජන්සියට පැවසී ය. සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා බහ්රේන් විසින් පනවා ඇති තහනම, යුද පියවරකට සමාන වන අතර මිලිටරි ගැටුමක් ඉක්මන් කරවිය හැකි කුපිත කිරීමක් සඳහා ඇති තරම් අවස්ථා ද සපය යි.

ඉස්ලාමීය මිලීෂියා හමුදාවන්ට මුදල් සපැයීම වෙනුවෙන් කුප‍්‍රකට සෞදි අරාබිය, විශ්මයකර කුහකත්වය ප‍්‍රදර්ශනය කරමින්, තම අවසාන නිවේදනය සඳහා “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ගසා කමින් සිටී. කටාරය විසින් “ත‍්‍රස්තවාදීන්, නිකායික හා මතවාදීමය සංවිධාන” ලැයිස්තුවක් සමග සම්බන්ධකම් අවසන් කිරීම සහ “ත‍්‍රතස්තවාදී නායකයින්”, පලා යන්නන් හා සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා බහරේනයට අවශ්‍යම කෙරෙන පුද්ගලයන් භාර දීම ද ඉල්ලීම්වලට ඇතුලත් ය.

කටාරය ප‍්‍රබල ලෙස චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් අවහිරය ඉවත් කරන තෙක් සාකච්ඡා නො කරන බව ද ප‍්‍රකාශ කර ඇත. සෞදි අරාබිය හා එහි සහචරයන් විසින් නිකුත් කරන ලද පුද්ගලයන් 59ක් හා කන්ඩායම්වල ත‍්‍රස්තවාදී ලැයිස්තුවට ප‍්‍රතිචාර දක්වමින් කටාර් විදේශ ඇමති ෂේයික් මොහමඩ් බින් අබ්දුල් රහමාන් තානි පැවසුවේ, එම ලැයිස්තුවට අසරන සරන සංවිධාන, කටාරය මේ වන විටත් තහනම් කර ඇති හා මිය ගොස් හෝ රට තුල තවදුරටත් ජීවත් නොවන අන්තවාදීන් ද ඇතුලත් වන බව යි.

සෞදි ඉල්ලීම්වල ඉහල දේශපාලනික ස්වභාවය අවධානරය කෙරෙන්නේ, කටාරය අනුග‍්‍රහ දක්වන මාධ්‍ය සමග අල් ජෂීරා චන්ද්‍රිකා රූපවාහිනී ජාලයේ කටාර් චන්ද්‍රිකා රූපවාහිනී විකාශය හා ප‍්‍රවෘත්ති ජාලය ද වසා දමන ලෙස රියාද් පාලනය විසින් තදින් ම කියා සිටීම මගිනි. ඔවුන්ගේ ප‍්‍රතිපත්ති පිලිබඳ ඕනෑ ම විවේචනයක් නිහඬ කිරීමට හා දඬුවම් සඳහා විවේචකයින් හා විරුද්ධවාදීන් තමන්ට භාර දීමට කටාරයට බල කිරීමට ද සෞදි රාජාන්ඩුව හා එහි අත්තනෝමතික සහචරයෝ අධිෂ්ඨාන සහගත වෙති. සෞදි අරාබිය, ඊජිප්තුව, යූඒඊ හා බහ්රේන් හි දේශපාලන විරුද්ධවාදීන් සමග කටාරය පවත්වන සම්බන්ධතාවන්ගේ විස්තර එරට විසින් සැපයිය යුතු ය.

කටාරය සඳහා වන ඉල්ලීම්වල ඉහලින් ම ඇත්තේ කලාපීය ආධිපත්‍යය සඳහා තම ප‍්‍රධාන තරඟකරුවා ලෙස සෞදි අරාබිය විසින් සලකනු ලබන ඉරානය සමග සම්බන්ධකම් අවසන් කිරීම යි. අවසන් නිවේදනය කටාරයෙන් ඉල්ලා සිටින්නේ, ඉරානය සමග රාජ්‍යතාන්ත්‍රික බැඳීම් කපා හැරීම, ඉරාන විප්ලවවාදී ආරක්ෂක සේනාංකයන්ගේ සාමාජිකයින් නෙරපීම, ඉරානය සමග මිලිටරි හා ඔත්තුසේවා සහයෝගිතාව කපා දැමීම හා ඉරානය සමග වෙලඳ හා මුදල් ගනදෙනු හකුලා ගැනීම යි.

රට තුල ගොඩනගමින් තිබෙන තුර්කි මිලිටරි කඳවුරු වසා දැමීම මෙන් ම තුර්කිය සමග මිලිටරි සහයෝගිතාව නතර කිරීමට ද සෞදි අරාබිය බල කරමින් සිටී. සෞදිය නායකත්වය දෙන අවහිර කිරීම පැටවීමෙන් පසු කටාරය කෙරෙහි දක්වන තම සහයෝගය වැඩි කර ඇති තුර්කිය, එකී ඉල්ලීම්වලට එකඟ වීමට තමන්ට අදහසක් නැති බව ඊයේ නිවේදනය කලේ ය.

තුවාලය පාරමින් සෞදි අරාබිය ඉල්ලා සිටින්නේ, චෝදනා කෙරෙන පරිදි එහි මෑත ප‍්‍රතිපත්ති විසින් ඇති කරන ලද ජීවිත විනාසයට හා අනෙකුත් හානිවලට කටාරය නියම නො කල වන්දි හා අලාභ ගෙවිය යුතු බව යි.

ඒ අතරම කටාරය “මිලිටරි, දේශපාලන, සාමාජික හා ආර්ථික වසයෙන්” අනෙකුත් ගල්ෆ් හා අරාබි රටවල් සමග මිත‍්‍ර විය යුතු ය- ඵලදායක ලෙස තමාගේ විදේශ හා අභ්‍යන්තර ප‍්‍රතිපත්ති තීන්දු කරනු ලබන සෞදි අරාබියේ යටත් විජිතයක් බවට එරට හැරවීමකි එය. කටාරයේ යටත්වීම තහවරු කරනු පිනිස, එලඹෙන දශකය සඳහා අමුතු විගනන ක‍්‍රමවේදයක් ඇති කරනු ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සෞදි අවහිර කිරීමට හුරේ දමා ඇති අතර එය ඔහුගේ මැද පෙරදිග සංචාරයේ සාර්ථකත්වයක් යයි ප‍්‍රකාශ කලේ ය. “අදහා ගත නො හැකි සේ පොහොසත් මෙම ජාතියට (කටාර්) රැඩිකල් ඉස්ලාමීය හිංසනය හෝ ඕනෑ ම ආකාරයක ත‍්‍රස්තවාදයකට අරමුදල් සැපයීමට අපට ඉඩ දිය නොහැකි” බව ඔහු පසු ගිය සතියේ ඉයෝවා හි රැස්වීමක දී පැවසුවේ ය. සව්දි රජු වන සල්මාන් සමග පැවැත්වූ රැස්වීම ගැන සඳහන් කරමින් ට‍්‍රම්ප්, ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම බිඳ හෙලීමේ “දැවැන්ත බලපෑමක් අපට ඇත” යයි ට‍්‍රම්ප් පැවසීය.

ට‍්‍රම්ප් කටාරයට එරෙහිව සෞදි අරාබිය සමග උද්‍යෝගිමත් ලෙස පෙල ගැසුනු අතර, එක්සත් ජනපද රාජ්‍යයේ ලේකම් රෙක්ස් ටිලර්සන් 22දා ඔහුගේ කථාවේදී වඩා පරිස්සම් විය. ඒ කටාරයට එරෙහි ඕනෑ ම ඉල්ලීම් ලැයිස්තුවක් “යුක්ති සහගත මෙන් ම ක්‍රියාත්මක කල හැකි එකක්” විය යුතුව තිබුනා යයි අනතුරු අඟවමිනි. ඇමරිකානු හමුදා භයින් 10,000ක් රඳවා ඇති මූලෝපායිකව වැදගත් එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරක් ඇතුලුව කටාරය සමග දීර්ඝකාලීන බැඳීම් එක්සත් ජනපදයට ඇත. කටාරය එක්සත් ජනපද මධ්‍යම ආඥාවේ පෙරමුනු කඳවුරක් වන අතර එය කලාපයේ ඔත්තුසේවා මෙහෙයුම්වල කේන්ද්‍රය යි.

සෞදි අරාබිය සඳහා වන ට‍්‍රම්ප් ආන්ඩුවේ සහයෝගය පලමු අවස්ථාවේ දී ඉරානයට එරෙහිව වන නමුත් රුසියාවට ද එරෙහිව එල්ල කෙරුනු පුලුල් කලාපීය ප‍්‍රහාරයක කොටසකි. ටෙහෙරානය විසින් පිටුබලය දෙතැ යි රියාද් බලධාරීන් පවසන ෂියා හවුති කරලිකරුවන්ට එරෙහිව වොෂින්ටනයේ පිටුබලය ලබන සෞදි මිලිටරිය මේ වන විටත් දිගු කල් තිස්සේ පවතින ලේවැකි යුද්ධයක නියැලේ.

සෞදි අරාබිය ද, රුසියාව හා ඉරානය සහාය දෙන ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ ආන්ඩුව පලවා හැරීම සඳහා සිරියාව තුල එක්සත් ජනපද පිටුබලය ලබන යුද්ධයේ හවුල්කරුවෙකි. සීඅයිඒ, සෞදි අරාබිය හා එහි ගල්ෆ් සහචරයන් විසින් සන්නද්ධ කෙරුනු හා මුදල් සැපයුනු කන්ඩායම් තුල තම මූලයන් තිබූ, ප‍්‍රතිගාමී ඉස්ලාමීය කන්ඩායමක් වන ඉරාක හා සිරියානු ඉස්ලාමීය රාජ්‍යයට (අයිඑස්අයිඑස්) නාමිකව එල්ල කෙරුනු ගැටුම වඩ වඩා හා විවෘතව එල්ල කෙරෙන්නේ අසාද් තන්ත‍්‍රයට එරෙහිව ය.

එක්සත් ජනපද ගුවන් හමුදාව මෙම සතියේ දී පලමු වරට සිරියානු ආන්ඩුවේ ප‍්‍රහාරක ගුවන් යානයක් වෙඩි තබා බිම දැමුවේ අයිඑස්අයිඑස් නිහඬ කිරීමෙන් පසු අසාද් හා ඔහුගේ ආධාරකරුවන් සමග ඝට්ටනයක් සඳහා සූදානම්වීමේ දී ප‍්‍රදේශය තහවුරු කර ගැනීමේ උත්සාහයක් ලෙස ය. එය අසාද් විරෝධී සටන්කරුවන් පුහුනු කරන්නා වූ ද මෑත සතිවල දී ඉරාන ඞ්රෝන් යානා දෙකක් වෙඩි තබා බිම දමා ඇත්තා වූ ද ඉරාක සිරියානු දේශසීමා කපොල්ලක් සහිත මූලෝපායික ප‍්‍රදේශය, එක්සත් ජනපදය විසින් තහනම් ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශ කර ඇත.

පසු ගිය වසරේ දී වොෂින්ටනයේ ගැත්තර හමුදා අලෙප්පෝ වලින් පලවා හැරුනු පසුව එක්සත් ජනපදය සිරියාව තුල යුද්ධය උත්සන්න කරමින් සිටී. වොෂින්ටනයේ ඉවබව නැති ක්‍රියා ඉරානය හා රුසියාව සමග වඩා පලල් ගැටුමක අනතුර වැඩි කරයි. සිරියානු ගුවන් යානය වෙඩි තබා බිම දැමීමෙන් පසුව රුසියානු මිලිටරිය ප‍්‍රකාශ කලේ, එය තවදුරටත් “ගැටුම් වැලැක්වීමේ” රාජ්‍ය තාන්ත්‍රික විධිවිධාන වලට ගරු නො කරන බවයි. තර්ජනාත්මක එක්සත් ජනපද හා සහචර ගුවන්යානා ඉලක්ක කරනු ඇති බව ය.

කටාරයට එරෙහිව සෞදි අරාබිය හා එහි සහචරයන් නිකුත් කර ඇති අවසන් නිවේදනය මැද පෙරදිග වෙඩි බෙහෙත් ගබඩාවට තවත් පුපුරන සුලු ජ්වලනාංකයක් එකතු කර ඇති අතර එය න්‍යෂ්ටික බලවතුන් පැටලෙන විනාසකාරී කලාපීය හා ලෝක ගැටුමක් අවුලුවනු ඇත.

Share this article: