ගෝලීය සයිබර් ප‍්‍රහාරය, රුසියාවට එරෙහි එන්එස්ඒ හා වොෂින්ටනයේ යුද ව්‍යායාමය

The global cyberattack, the NSA and Washington’s war propaganda against Russia

බිල් වෑන් ඕකන් විසින් , 2017 මැයි 15

ලෝකය පුරා පරිගනක දෙලක්ෂයකට පමන හානි සිදුකල සයිබර් ප‍්‍රහාරය, උත්සන්න ආකාරයකින් තවදුරටත් පැතිර යනු ඇතැයි බලාපොරොත්තු විය හැක. ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ) විසින් වර්ධනය කල දුෂ්ඨ මෘදුකාංගයක් ඒ සඳහා යොදාගෙන ඇත.

පෙනී යන පරිදි ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ) විසින් වර්ධනය කල දුෂ්ඨ මෘදුකාංගයක් යොදාගෙන පසුගිය සිකුරාදා ලෝකය පුරා පරිගනක දෙලක්ෂයකට පමන හානි සිදුකල සයිබර් ප‍්‍රහාරය, වැඩ කරන සතිය එලඹෙත්ම, උත්සන්න ආකාරයකින් තවදුරටත් පැතිර යනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

“වන්නා ක්‍රිප්ට්” යනුවෙන් ප‍්‍රකට ප‍්‍රහාරය සඳහා යොදාගත් සයිබර් අවිය, මේ දක්වා ක්‍රියාත්මකවූ ඒ වර්ගයේ විනාශකාරීම එක බවට පත්ව තිබේ. ප‍්‍රහාරය සඳහා ගොදුරුවී ඇති පරිගනක පද්ධතීන් අතර, රෝගීන්ගේ වාර්තා ලබාගැනීම අවහිරවී හමුවීම්, ප‍්‍රතිකාර හා ශල්‍යකර්ම අවලංගු කිරීමට බලකෙරී ඇති බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය ද වේ.

ප්‍රහාරයට ලක්වූ අනෙකුත් ප‍්‍රමුඛ සංස්ථා අතර ස්පාඤ්ඤයේ ටෙලිකොම් ටෙලිෆොනිකා, ප‍්‍රන්සයේ රෙනෝල්ට් මෝටර් රථ නිෂ්පාදකයා, ඇමරිකාවේ ෆෙඩෙක්ස් බෙදාහැරීමේ සේවය හා ජර්මනියේ ෆෙඩරල් දුම්රිය පද්ධතිය ද වේ. වැඩියෙන්ම බලපෑමට හසුව ඇති බවට වාර්තා වන්නේ රුසියාව, යුක්රේනය හා ජපානයයි.

ප‍්‍රහාරයට අවිය ලෙස යොදාගත් මෘදුකාංගය, ගොදුරුවූ පරිගනකයේ ලිපිගොනු කේතාංකකරනය කරන අතර ඒවා ඉවත්කර යලි යන්ත‍්‍රයට ඇතුලුවීමට ඉඩ සැලසීම පිනිස බිට්කොයින් හෙවත් ඩිජිටල් මුදලින් ඩොලර් 300ක් ඉල්ලා සිටියි.

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය වැනි ආයතන වලට පහර දීම තුලින් මිනිස් ජීවිතයට හානි පමුනුවන මේ වර්ගයේ ප‍්‍රහාරයක් පැහැදිලිවම දැවැන්ත සමාජ කඩාකප්පල් කිරීමක හැකියාවෙන් යුක්තය.

ඉතිහාසයේ දරුනුම සයිබර් ප‍්‍රහාරයන් අතරට ගැනෙන මෙම සිද්ධිය, විකිලීක්ස් විසින්, ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජාතික කමිටුව හා හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරයේ සභාපති ජෝන් පොඩෙස්ටාගේ අපහරනය කල ගිනුම්වලින් ලබාගත් ලියවිලි නිකුත් කිරීමට පටන්ගත් තැන සිට, පසුගිය 10 මාසයේ ඇමරිකානු දේශපාලන ජීවිතය තුල රජ කල ප‍්‍රශ්න වලට ද එලියක් විහිදුවයි.

මෙම කාන්දුවූ ලියවිලි වල අන්තර්ගතය, එක් අතකින් බර්නි සෑන්ඩර්ස්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට කි‍්‍රයාත්මක වූ ඩිමොක‍්‍රටික් සමුලූවේ කූටෝපායන් ද අනෙක් අතින් ඔහුගේ එදිරිවාදියා වූ ක්ලින්ටන්, ගෝල්ඩ්මන් සැක්ස් වැනි මූල්‍යායතන වලට කලින් පවත්වන ලද කථා තුලින් වෝල් වීදියේ යටත් සේවකයෙක් වීම ද හෙලිදරව් කෙරුනි.

ඇමරිකානු මිලිටරි හා ඔත්තු සේවා යාන්ත‍්‍රනයේ ප්‍රියතම අපේක්ෂකයා වූ ක්ලින්ටන් අපකීර්තියට පත්කිරීමට ඉවහල් වූ මෙම තොරතුරු, ඇමරිකානු මැතිවරනයට සෘජුවම මැදිහත්වීම පිනිස අපහරනයේ යෙදූ බවට රුසියාවට චෝදනා කිරීමේ ඇමරිකානු ආන්ඩුවේ හා ව්‍යාපාරික මාධ්‍යයේ යෝධ උද්ඝෝෂනය හමුවේ, යටපත් කරන ලදී. එනම් ඇමරිකානු ජනතාවට දැනගැනීමට තිබුනු තොරතුරු යටපත් කර ඒවා ඔවුන්ගෙන් සැඟවීමයි.

එතැන් පටන් ඇමරිකානු ඔත්තු ආයතන, ඩිමොක‍්‍රටික් පක්ෂ නායකයින්, නිව් යොර්ක් ටයිම්ස් පත‍්‍රයේ මූලිකත්වයෙන් ව්‍යාපාරික මාධ්‍ය ජාල හරහා තොරක් නැතිව, ව්ලැඩිමීර් පුටින්ගේ පෞද්ගලික මගපෙන්වීම ඇතුව සිදුවූ රුසියානු අපහරන ගැන චෝදනා එල්ල කලේය. අද දින දක්වාම මෙම ආයතන හෝ මාධ්‍ය ජාල කිසිවක් “එක්සත් ජනපද මැතිවරනය අපහරනය” කල බව සනාථ කරන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

ඩිමොක‍්‍රටික් පක්ෂය අපහරනය කිරීම කෙතරම් සියුම් ආකාරයෙන් සිදුකල යුතු ද යත්, එය කල හැක්කේ රාජ්‍ය මැදිහත්කරුවෙකු තුලින් පමනක්ය යන මොස්කෝවට එරෙහි චෝදනාවලට රුකුලක් ලෙස එය යොදාගත්තේය. රුසියාව යක්ෂයෙකු ලෙස වෙස්ගැන්වීමේදී චෝදනා ලත් මොස්කෝවේ අපහරන, සමස්ත ග‍්‍රහ ලෝකයටම තර්ජනයක් ලෙස හුවා දැක්වින.

නවතම සයිබර් ප‍්‍රහාරය රාජ්‍ය ආයතනයක නොව අපරාධකරුවන්ගේ සංවිධානයක වැඩක් බව බටහිර ආරක්ෂක ආයතන විසින් පිලිගනු ලබයි. එසේම ප‍්‍රහාරයේ මූලයන් ඇත්තේ මොස්කෝවේ නොව වොෂින්ටනයේය. ප‍්‍රහාරය සඳහා යොදාගෙන ඇති “වන්නාක්‍රිප්ට්” විෂ බීජයන්ගේ මූලාශ‍්‍රය, එන්එස්ඒ විසින් වර්ධනය කරන ලද එටර්නල් බ්ලූ යන කේත නාමයෙන් හඳුන්වනු ලබන මෘදුකාංග අවියයි. එය එන්එස්ඒ සර්වරයෙන් සොරකම් කල පරිගනක කේතාංක හා ලිපි ගොනුවල කොටසකි. ඉන්පසුව ඒවා “ෂැඩෝ බ්‍රෝකර්ස්” යන අපහරන කන්ඩායම විසින් ප‍්‍රසිද්ධියට පත් කරන ලදී.

රුසියාවේ අපහරන ගැන උන්මන්තක ප‍්‍රචාරක ව්‍යාපාරය ගෙන යන අතරතුර වොෂින්ටනය, රටවල් පිටින් අඩපන කිරීමේ හැකියාව සහිත සයිබර් අවි පෙලක්ම වර්ධනය කර තිබේ. එන්එස්ඒහි නොසැලකිලිමත්කම නිසා දැන් එම අවි වලින් සමහරක් අපරාධකරුවන් අතට පත්ව තිබේ. තමන් විසින්ම නිර්මානය කල සයිබර් අවි නොවරදවාම පාවිච්චි කෙරෙනු ඇති බව දන්නා ඇමරිකානු බලධාරීන්, ඒවායින් ආරක්ෂා වීම ගැන කෙසේ වෙතත් ඒ පිලිබඳව ජනතාවට කිසිදු අනතුරු ඇඟවීමක් පවා කර නැත.

ගෝලීය සයිබර් ප‍්‍රහාර ගැන සිය වාර්තාව තුල නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍ර ය පැවසුවේ, “ප‍්‍රහාර පිටුපස සිටියේ කවුරුන් ද යන වග සොයාගැනීමට මාස ගනනක් ගතවිය හැකිය. එම අබිරහස නොවිසඳීම යටපත් විය හැකිය” යනුවෙනි.

මෙම වාර්තාවේ සම සංස්කාරකයා, පුවත්පතේ වොෂින්ටන් මාධ්‍යවේදී ඬේවිඩ් ඊ සැන්ගර්ය. “වාර්තා පිලිබඳ පුවත්පතේ” ලිවීමට අමතරව ඔහු, රජයේ හාවඩ්හි කෙනඩි පාසැලේ දේශන ද පවත්වයි. එය ඉහල දේශපාලන හා මිලිටරි නිලධාරීන් අවසාන වශයෙන් පුහුනු කරන රාජ්‍ය සම්බන්ධකම් සහිත පාසැලකි. ඊට අමතරව ඔහු, ඇමරිකානු අධිරාජ්‍යවාදී මූලෝපාය සාකච්ඡා කරන ධනපති දේශපාලඥයින්, මිලිටරි හා ඔත්තු සේවා නිලධාරීන් ද ව්‍යාපාරික නායකයින් ද එකට එකතු කරන බුද්ධි මන්ඩලයන් වන විදේශ සම්බන්ධතා කවුන්සිලය හා ඇස්පෙන් මූලෝපායික කන්ඩායම යන දෙකේම සාමාජිකත්වය ද දරයි.

මේ සියල්ල, මහජන විෂය පථය තුලට අවශ්‍ය කාන්දු කිරීම් හා ප‍්‍රචාරක දැනුම්දීම් සඳහා සීඅයිඒහි හා පෙන්ටගනයේ ජනප්‍රියම මාධ්‍ය කාන්දුව බවට සැන්ගර් පත්කර තිබේ. 2016 ඇමරිකානු ජනාධිපතිවරනය ආසන්නයේ හා ඉන් ඉක්බිත්තේ රුසියානු අපහරන පිලිබඳ චෝදනා සම්බන්ධයෙන් ටයිම්ස් පුවත්පත කටයුතු කල ආකාරයත්,“වන්නාක‍්‍රිප්ට්” රැන්සම්වෙයාර් ප‍්‍රහාරය පිලිබඳව ඔහු සලකා ඇති ආකාරයත් සසඳා බැලීම ප‍්‍රයෝජනවත්ය.

වරදකරුවන් හෙලිදරව් කර ගැනීමට මාස ගනන් ගතවීම පිලිබඳ කථාවක් එවක නොතිබුනි. කුමන හෝ අබිරහසක් නොවිසඳී යටපත්වීම ගැන කවර කථා ද? තහවුරු නොකල චෝදනා හා වක්රෝක්ති මත පදනම්ව පුටින් හා රුසියාව වරදකරුවන් බව ප‍්‍රකාශ කෙරුනි. ඇමරිකානු ඔත්තු සේවාවන්ගේ ප‍්‍රචාරක මාධ්‍යය ලෙස සේවය කරන ටයිම්ස් පත‍්‍රය, එතැන් පටන්, තම චෝදනාවන්ට පිටුබලය දෙන කිසිදු සාක්ෂියක් සැපයීමට කරදර නොවී, ඩිමොක‍්‍රටික් පක්ෂ අපහරනය පිලිබඳව රුසියානු රාජ්‍යයේ මගපෙන්වීම ගැන යලි යලිත් නිමක් නැතිව කරන චෝදනා තුලින් අවශේෂ මාධ්‍යයට නායකත්වය දී ඇත.

වොෂින්ටනයේ සයිබර් යුද්ධයේ විශේෂඥයින් විසින් සකසන ලද අවියකින් සමස්ත ලෝකයටම එල්ලවූ ප‍්‍රහාරය යටතේ රුසියානු අපහරන පිලිබඳ උන්මාදනීය චෝදනා නැගීම් ඉදිරිදර්ශනයක් සම්පාදනය කරයි.

ආරම්භයේදී ඒවා යොදගනු ලැබුවේ යුද ප‍්‍රචාරනයටය. ලෝකයේ දෙවන ලොකුම න්‍යෂ්ටික බලවතා වන රුසියාවට එරෙහි උත්සන්න කෙරුනු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරි තර්ජන හා ආක‍්‍රමනිකත්වය සඳහා ජනතා සහාය පෙලගැස්වීමේ මාධ්‍යයන් ලෙසය.

ට‍්‍රම්ප් බලයට ආ තැන් පටන් ඩිමොක‍්‍රටික් පක්ෂය, රුසියානු විරෝධී ප‍්‍රචාරනය තවත් උත්සන්න කර ඇත. එය මොස්කෝව කෙරෙහි ආක‍්‍රමනිකත්වයේ ලිහිල් පිලිවෙතක් කරා හැරීම අතහැර දැමීමට ට‍්‍රම්ප් පාලනයට පීඩනය දැමීමටත්, ට‍්‍රම්ප් ක්‍රෙම්ලිනයේ ඒජන්තයෙකු ලෙස පින්තාරු කිරීමේ ප‍්‍රතිගාමී හා නව මැකාතියානු උද්ඝෝෂනයක් යටතේ ආන්ඩුව අනුගමනය කරන දක්ෂිනාංශික හා කම්කරු පන්ති විරෝධී පිලිවෙත් කෙරෙහි ජනතා විරෝධයේ ගෙල සිරකිරීමත් යන දෙකම සඳහා මාධ්‍යයන් ලෙස සේවය කරයි.

Share this article: