න්‍යෂ්ටික ලෝක යුද තර්ජනය පරාජය කරනු !
සමාජ සමානතාවය හා සමාජවාදය සඳහා අරගලය පෙරට !

2017 මැයි 14

ප්‍රසිද්ධ රැස්වීම

ස්ථානය: නගර ශාලාව, ගාල්ල

දිනය : 2017 මැයි 30

වේලාව : සවස 4.00

අප්‍රේල් 7 වන දින සිරියාවේ ගුවන් හමුදා කඳවුරු වලට එල්ල කල මිසයිල් ප‍්‍රහාරය මැද පෙරදිග කලාපයේ සිරියාවේ ප‍්‍රබල ආධාරකරුවන් වන රුසියාව හා ඉරානයට එරෙහි යුද ආතතිය ඇවිලවීමට සිතා මතා ඇවිලවූ ප‍්‍රකෝපකරනයකි. ඉන් සතියකට පසු, 1945 දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානයේ හිරෝෂිමා හා නාගසාකි යන නගර වලට පරමානු බෝම්බ හෙලා ක්ෂනයකින් ලක්ෂ ගනන් ජීවිත බිලිගත් ප‍්‍රහාරයෙන් වසර 72 කට පසු සිදුකල දැවැන්තම බෝම්බ හෙලීම ඇෆ්ගනිස්තාන පකිස්තාන දේශසීමාවේ ආසන්නයේ සිදු කෙරුනි. රාත්තල් 27,600 ක් බර මෙම බෝම්බය පෙන්නුම් කරනුයේ න්‍යෂ්ටික යුද අවි වලට අමතරව මානව සංහතියට එරෙහිව අධිරාජ්‍යවාදී බලයන් සතුව ඇති විනාශකාරී ආයුධ වල පරිමාවයි. ප‍්‍රහාරයේ අරමුන වූයේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ලෝක ආධිපත්‍යයට එරෙහිවන්නවුනට තර්ජනය කිරීමයිි.

1950 ගනන් ආරම්භයේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් කොරියානු අර්ධද්වීපයේ ගෙනගිය යුද්ධයෙන් මිලියන ගනනක් ජනතාව විනාශකර 1953 දී කොරියාව, උතුර හා දකුන ලෙස බෙදා වෙන් කලේය. එදා සිට මේ දක්වා තම යටතට ගත නොහැකි වූ උතුරු කොරියාව විනාශයේ ගිල්වීමට සම්බාධක ඇතුලු නොයෙක් උපායන් යොදා දරිද්‍රතාවයට ඇද දමා ඇති අතර මේ වන විට න්‍යෂ්ටික යුද්ධයක මුවවිටට ගෙනවිත් ඇත.

න්‍යෂ්ටික අවි සහ සබ්මැරීන රැගත් කාල්වින්සන් යුද නැව කොරියානු අර්ධද්වීපයට පැමින ඇත. බ්‍රිතාන්‍යය, කැනඩාව, ජපානය හා අනිත් අධිරාජ්‍යවාදී බලයන් පෙල ගැසෙන්නේ කොරියාව විනාශ කිරීමට පමනක් නොව චීනය හා රුසියාව ද එල්ල කර ගෙනය.

ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චීනයට එරෙහිව සූදානම් කෙරෙන යුද සැලැස්මේ ප‍්‍රධාන පාර්ශ්වකරුවෙකු බවට ඉන්දියාව ඇතුලත් කරගෙන ඇත. ඇමරිකාව ඉන්දියාවට න්‍යෂ්ටික යුද අවි තාක්ෂනය ලබා දීමට ගිවිස ගෙන ඇති අතර ඉන්දියාව ඇමරිකානු හත්වන නාවික බලකායට තම රටේ ගුවන් තොටුපලවල් වරායවල් සියලු අවශ්‍යතාවයන් සඳහා පාවිච්චි කිරීමට ඉඩ ලබා දී ඇත. තවද යුද සැලසුම් ඉදිරියට ගෙන යාමට ජපානය ඕස්ට්‍රේලිියාව ඇමරිකාව සමග චතුර් පාර්ශ්වීය සන්ධානයකට ඇතුලත්ව ඇත.

මහින්ද රාජපක්ෂ පාලනය චීනය සමග ගොඩ නගා ගෙන තිබූ සම්බන්ධයට එරෙහි වූූ ඇමරිකාව හා ඉන්දියාව සිදුකල මෙහයුමක ප‍්‍රතිපලයක් ලෙස සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය බලයට ගෙනෙනු ලැබීය. මෙම පාලන තන්ත‍්‍රය දිගින් දිගටම අධිරාජ්‍යවාදී බලයන් සමග සම්බන්ධතාවයන් තහවුරු කර ගනිමින් පවතී.

ලෝක පරිමාන ආර්ථික බිඳ වැටීමේ පීඩනයෙන් හා ගොඩ ආ නොහැකි නය බරකින් පෙලෙන ආන්ඩුව මෙම සියලු බර කම්කරු පීඩිත ජනතාව මත පැටවීමට වේගවත් පියවර ගනිමින් සිටී. මෙම ප‍්‍රහාරයන්ගෙන් පෙරලිකාරි වන කම්කරු පීඩිත ජනතාව තම අත යටතට ගැනීමට මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ධනපති කල්ලි වර්ගවාදී උද්ඝෝෂන උසිගන්වමින් පෙරට පැන ඇත.

න්‍යෂ්ටික ලෝක යුද්ධයක අන්තරායෙන් සහ ශ්‍රී ලංකාව ද ඇතුලත් රටක් රටක් පාසා ධනපති ආන්ඩු කම්කරු-පීඩිත මහ ජනතාවගේ සමාජ සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන සමාජ ප‍්‍රතිවිප්ලවීය ප‍්‍රහාරයෙන් අත්මිදීමේ ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගය සාකච්ඡා කිරීමේ රැස්වීමක් සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය කැඳවුම් කර ඇත. මෙම රැස්වීමට සහභාගි වන ලෙස කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ

Share this article: