ෆ්ලින්ට් නගරයේ ඊයම් විෂ වී වසර තුනකින් අනතුරුව නිවැසියෝ ජලය කපා හැරීමටත් නිවෙස් සින්න වීමටත් මුහුන දී සිටිති

Three years after the lead poisoning of Flint, residents face water shutoffs, home foreclosures

2017 මැයි 10

මිචිගන්හි පිහිටි ෆ්ලින්ට් නගරයේ ජල සැපයුම, දූෂනය වූ ෆ්ලින්ට් ගඟ වෙත මාරු කර වසර තුනක් ඉක්මීමෙන් අනතුරුව ද, ඊයම් විෂවීමෙන් මුහුන දුන් ඛේදජනක සෞඛ්‍යමය ප‍්‍රතිවිපාක සඳහා දස දහස් සංඛ්‍යාත කම්කරු පන්තික නිවැසියන් සඳහා කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැත. ඒ වෙනුවට, ජලය කපාහැරීම ආරම්භ කර ඇති බලධරයෝ ඊයම් සහ අනෙකුත් විෂ ද්‍රව්‍ය සහිත ජලය සඳහා ගෙවීම් කිරීමට අසමත් කම්කරුවන්ගේ නිවෙස් සින්නක්කර පවරාගැනීමටත් තර්ජනය කරමින් සිටිති.

නගරයේ බහුතරයක් කම්කරු පන්තික සහ පහල ආදායම් ලාභී නිවැසියන් ලක්ෂයක් පමන ජලවාහක බැක්ටීරියා වල අධික මට්ටම් වලට නිරාවරනය වූ අතර ඔවුන්ගෙන් 12 දෙනකු ලීජිනෙයරීස් රෝගයටත් ව්‍යාප්ත වූ ඊයම් විෂවීමටත් ගොදුරු වී මාරක උවදුරු වලටත් පත් විය. නොදන්නා තවත් ෆ්ලින්ට් නිවැසියන් සංඛ්‍යාවක් තවමත් කුෂ්ට රෝග වලින්ද, ඊයම් විෂ සහිත මට්ටම නිසා ඇති වූ අනෙකුත් රෝග වලින්ද පෙලෙති. මෙම ඊයම් විෂවීම මොලය සහ මූලික ස්නායු පද්ධතියට අනතුරු සිදු කරන අතර, එමගින් සිහි මුර්ඡාව, වලිප්පුව සහ මරනයද සිදු විය හැක.

විශේෂයෙන්ම වයස හයට අඩු නිරාවරනය වූ දරුවන් 9000 සඳහා දිගු කාලීන බලපෑම් ලෙස මොලයේ බිඳ වැටීම, ශ‍්‍රවන දුබලතා සහ හැසිරීමේ ගැටලු ද සිදු විය හැක. උත්පත්තියේ දෝෂ ද, මානසික ඌනතා වර්ධනය ද, සහ දරු උපත් මරන සංඛ්‍යව වැඩි කරන නියුරො ටොක්සීන පරම්පරා තුනක් දක්වා මවගේ සිට දරුවන් දක්වා සංක‍්‍රමනය විය හැක.

රිපබ්ලිකානු ආන්ඩුකාරයා රික් ස්නයිඩර් සහ ජනාධිපති බරක් ඔබාමාගේ සිට ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකානු රාජ්‍ය සහ ග‍්‍රාමීය මට්ටමේ බලධරයන් දක්වා මෙම මානව අර්බුදය සඳහා ලබා දුන් සියලුම පොරොන්දු ශුන්‍ය වී ඇත. 20,000 කට අධික නිවැසියන් තවමත් ඊයම් සහිත ජලනල භාවිතයට සිර වී සිටින අතර නගරයේ බොහොමයක් නල පද්ධතිය මල බැඳී පවතී. ජලය ආරක්ෂා සහිත යයි පවසන ස්නයිඩර් සහනාදායි ජල බිල්පත් ක‍්‍රම නවතා ඇති අතර, ප‍්‍රාන්තයේ ජලය බෝතල් ගත කිරීමේ වැඩ පිලිවෙල ද අවසන් කරමින් සිිටියි.

තම නිවැසියන්ගේ අවශ්‍යතාවලට පිලිතුරක් ඉල්ලා සිටීමේ “අපරාධය” සඳහා, කලහකාරී ලෙස හැසිරීමේ සිට පොලීසිය වෙත සාහසික ප‍්‍රහාර එල්ල කිරීම දක්වා පරාසයක චෝදනා සහිත නිවැසියන් අත් අඩංගුවට ගැනීමට අති මහත් ලෙස සන්නද්ධ වූ පොලීසිය භාවිතා කරමින් ඩිමොක‍්‍රටික් පාක්ෂික පුරපති වන කැරන් චීවර්, ජලය කපා දැමීම හා පවරා ගැනීම මගින් ජනයාගේ කෝපය බලාපොරොත්තුවෙන්, අප්‍රේල් 20 දා නගර ශාලාවේ රැස්වීමකදී ප‍්‍රකෝපකරනයක් ගෙන ගියේ ය.

ෆ්ලින්ට්හි විෂවීම සාපරාධී කුමන්ත‍්‍රනයක ප‍්‍රතිපලයකි. තමන්ව විකුනාගත් දේශපාලකයින්ගේ පිටු බලය සහිතව බැංකු කරුවෝ, මූල්‍ය සමපේක්ෂකයෝ සහ සමාගම් අතලොස්සක් නව ජල ප‍්‍රවාහන නල මාර්ගයක් ඉදි කිරීමට උපක‍්‍රම යෙදූ අතර, ෆ්ලින්ට් හි කම්කරු පන්තික පවුල්වල සෞඛ්‍යය පරදුවට තබමින් ඩොලර් මිලියන ගනන් උපයයි. කුමන්ත‍්‍රනය ගෙනයාම සඳහා ඔව්හු බැංකු වලට පමනක් වග කියන බලධරයන්ට අබාධිත බලතල පවරනු ලැබ ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හදිසි කලමනාකරන පද්ධතියෙහි වාසිය ඩැහැ ගත්හ.

ෆ්ලින්ට් වනාහි ඇමරිකානු ධනවාදයේ ක්ෂුද්‍ර අනුවකි: ජෙනරල් මෝටර්ස් සමාගමේ උපන් ස්ථානය වූ ෆ්ලින්ට්, අනෙකුත් බහුතර අභාවයට ගොදුරු වූ නගර මෙන් කර්මාන්තශාලා වසා දැමීම මගිනුත් විනාශ වී ඇත. ෆ්ලින්ට් මෝටර් රථ කර්මාන්තයේ රැකියා දස දහස් සංඛ්‍යාත විනාශ කිරීමත්, එහි ප‍්‍රතිපලයක් ලෙස ඇති වූ දැවැන්ත දුගීභාවයත් නිරූපනය කරන්නේ සමපේක්ෂනයත් සෘජු සොරකමත් මත පදනම් වූ නව මූල්‍ය කතිපයාධිත්වයක් බලයට පැමින ඇති බවයි. ඩොනල්ඩ් ට‍්‍රම්ප් යටතේ පවතින බිලියනපතියන්ගේ සහ ජෙනරාල්වරුන්ගේ ආන්ඩුව මගින් විවෘතව නියෝජනය කෙරෙන කතිපයාධිපතියෝ තමන් වෙත කම්කරු පන්තියෙන් කොල්ල කා ගත හැකි සියල්ල ලබා ගැනීම සඳහා සැදී පැහැදී ඇත, එනම් විශ‍්‍රාම වැටුපේ සිට රජයේ පාසැල් පද්ධතියේ ද, මෙඩිකෙයා, මෙඩිකේඩ් සහ සමාජ සුභ සාධන දක්වාද වෙයි.

ෆ්ලින්ට් වනාහි පුලූල් පරිමානයේ සිදු කෙරෙන සමාජ ප‍්‍රතිවිප්ලවයක අංගයකි. මෙම ප‍්‍රතිවිප්ලවය, 45,000 ක් ෆ්ලින්ට්හි නිවැසියන් තම සෞඛ්‍ය ආවරනය සඳහා යැපුනු මෙඩිකේඩ් විනාශ කිරීමටත්, සෞඛ්‍ය රක්ෂන සමාගම් සහ ඖෂධ සමාගම් වෙත ලාභ ගැරීමට පැවැති බාධා සියල්ල ඉවත් කිරීමටත් සම්මත වූ පනත මගින් නව අවධියක් ලඟා කර ඇත. සෞඛ්‍ය රක්ෂනය වෙත එල්ල කෙරෙනු මෙම දැනුවත් ද්වීපාර්ශ්වීය ප‍්‍රහාරයේ අරමුන වූයේ වයෝවෘධ කම්කරුවන් කලින්ම කනත්ත වෙත තල්ලු කිරීමයි.

නගර වැසියන්ගේ අධිෂ්ඨාන ශීලී විරෝධතා මගින් ෆ්ලින්ට්හි ජල අර්බුදය සහ බලධරයන්ගේ වසන් කිරීම, ජාතික සහ ජාත්‍යන්තර ශ‍්‍රාවකත්වයක අවධානයට යොමු වීමෙන් අනතුරුව, හිලරි ක්ලින්ටන්, බර්නි සැන්ඩර්ස් සහ චිත‍්‍රපට නිශ්පාදක මයිකල් මුවර් ඇතුලූ දේශපාලකයෝ, කීර්තිමත් පුද්ගලයෝ සහ මාධ්‍යවල කථා කරන ප‍්‍රධානියෝ පෙරහරක් මෙන් නගරයට පැමිනියහ. වසරකට පෙරාතුව, ජනාධිපති බරක් ඔබාමා පැමින වතුර වීදුරුවක් තොල ගාමින් වෙන කිසිවක් නොව ඔවුන්ට “ඊයම් බීමට ඉඩ හරිමු” යනුවෙන් පැවසූ විට, ෆ්ලින්ට්හි අවාසනාවන්ත තත්වය ගැන පැවති උනන්දුවේ ප්‍රෝඩාව අවසානයේ ආරම්භය සලකුනු කලේය.

වසර තුනකට පසුව, දේශපාලකයෝ සහ මාධ්‍යයන් අතුරුදහන් වී ඇත. ඔවුන්ගේ තැන බැටන් පොලු සහිත පොලීසිය විසින් අත්පත් කරගනු ලැබ ඇත.

මෙම තිත්ත අත්දැකීම් වල පාඩම් කුමක්ද? බලයේ සිටින කවරෙකුට හෝ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පමනක් සීමා වන කුමන හෝ අරගලයක් මුලුමනින්ම නොසෑහෙන අරගලයක් බවයි. ධනවාදයට සහ සංගත-පාලනය කරන දේශපාලන පද්ධතියට එරෙහි පොදු අරගලයක් මගින් කලු සහ සුදු, ස්වදේශික සහ විදේශික, රැකියාවෙහි නියුතු සහ රැකියා විරහිත ආදී කම්කරු පන්තියේ සියලු කොටස් ෆ්ලින්ට් සහ රට පුරා බලමුලු ගැන්වීම මත නව මූලෝපායක් අනුගමනය කල යුතු වෙයි. මෙය ඩිමොක‍්‍රටික් පක්ෂයත් එහි දේශපාලන හවුල්කරුවන් වන වෘත්තීය සමිති වලිනුත් මුලුමනින්ම ස්වාධීන විය යුතුයි.

යුද්ධය සඳහාත්, ඇප මගින් බැංකු බේරා ගැනීම සඳහාත් සහ සමාගම් වල බදු කැපීම් මගිනුත් ඩොලර් ට්‍රිලියන ගනන් කොල්ල කන අතර, සමාජ අවශ්‍යතාවන් සඳහා මුදල් නැත යන කියාපෑම කම්කරුවෝ ඉවත දැමිය යුතුය. පලමු කාර්තුවේ වාර්තාගත ලාභයක් ඉපයූ ජෙනරල් මෝටර්ස් සමාගම තම ධනවත් ආයෝජකයින්ට ලාභාංශ ගෙවීම් සහ ව්‍යාපාර වස්තු නැවත මිලදී ගැනීම් සඳහා ඩොලර් බිලියන 10 ක් බෙදා දුනි.

සමාජවාදී සමනතා පක්ෂය කැඳවුම් කරන්නේ ජල බිල අහෝසි කරන ලෙසත් නගරයේ ජනයාගේ දීර්ඝ කාලීන සෞඛ්‍ය අවශ්‍යතාවය සඳහා ඩොලර් බිලියන ගනනක වැඩපිලිවෙලක් සඳහාත් තම නිවෙස් වල වටිනාකම කඩා වැටීමත් සමග ජල අර්බුදය මගින් ඇති වූ අති දැවැන්ත වියදම් සඳහාත් ෆ්ලින්ට් වැසියන්ට වන්දි ගෙවීම සඳහාත් ය. අපි රැකියා විරහිතයින් යොදවමින් නගරය යලි ගොඩ නැගීමේ පොදු වැඩ පිලිවෙලක් සඳහාත් කැඳවුම් කරමු.

ජල පද්ධතිය මත පිහිටා ඇති පෞද්ගලික කෝපරේට්වාදී පරිපාලනය අවසන් කරමින්, මෙය පොදු අයිතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රීයව පාලනය කරන ව්‍යවසායක් බවට පරිවර්තනය කරමින්, ආරක්ෂා සහිත සහ පිරිසිදු ජලය සැපයීම සහතික කල යුතු ය.

ශිෂ්ට සම්පන්න පාසැල්, සෞඛ්‍ය පහසුකම්, නිවාස සහ සුරක්ෂිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් සහිත පිරිසිදු ජලය වනාහි වරප‍්‍රසාදයක් නොවේ. මේවා සමාජ අයිතිවාසිකම් බව කම්කරුවෝ ආස්ථානයක් ගත යුතු වෙයි. එහෙත් මෙම අයිතීන් දිනාගැනීම සඳහා ධනපති ක‍්‍රමයටත් එහි සියලුම පක්ෂ වලටත් ඒවාහි දේශපාලන නියෝජිතයින්ටත් එරෙහි අරගලයක් අවශ්‍ය කෙරෙයි.

ජෙරී වයිට්

Share this article: