හිලරි ක්ලින්ටන් හා ඩිමොක්‍රටික් පක්ෂය 2016 මැතිවරනයෙන් පරාජය වුනේ මන් ද?

Why did Hillary Clinton and the Democratic Party lose the 2016 election?

2017 මැයි 03

2දා සීඑන්එන් මාධ්‍ය ජාලයේ ක්‍රිස්ටියානි ඇමන්පෝර් සමග පැවති ප‍්‍රසිද්ධ හමුවකදී 2016 ජනාධිපතිවරනයේ ඩිමොක‍්‍රටික් අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්, පසුගිය නොවැම්බරයේ තමා ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට පරාජය වූයේ මන් ද යන්නට හේතු වශයෙන් ප‍්‍රධාන කරුනු දෙකක් ගෙනහැර දැක්වූවාය. ඡන්දදායකයින් අතර පැවති නාරිද්වේෂය හා රුසියානු මැදිහත්වීම ඒ දෙකයි. ඇය රාජ්‍ය ලේකම්ව සිටියදී ඇගේ පෞද්ගලික විද්‍යූත් තැපෑල යොදාගැනීම පිලිබඳ පරීක්ෂන යලි ආරම්භ කරන බවට එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ විසින් කල නිවේදනය ද ඇයගේ සැලකිල්ලට ලක් විය.

පලමු කාන්තා ජනාධිපතිනිය “තෝරා ගැනීම සැබිවින්ම විශාල ප‍්‍රශ්නයක්ව තිබුන” බව පවසමින් ඇය කීවේ නාරිද්වේෂය “විශාල කාර්යභාරයක්” ඉටු කල බවයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ද චෝදනා කල ඇය, ඔහු “පැහැදිලිවම අපගේ මැතිවරනයට මැදිහත් වෙමින් මට රිදවා විරුද්ධවාදියාට උදව් කිරීමට සැලසුම් කල” බව පැවසුවාය. වෝල් වීදියේ බැංකුකරුවන් අමතා ගාස්තු අය කර සිදු කල කථාවල සමහර පිටපත් ද ඇතුලු ක්ලින්ටන්ගේ අධාරකරුවා වූ ජෝන් පොඩෙස්ටාගේ විද්‍යුත් තැපෑලෙන් ගෙන විකිලීක්ස් විසින් මුදාහල සටහන් රුසියානු මැදිහත්වීමට සාක්ෂි වශයෙන් ඇය සඳහන් කලාය.

ක්ලින්ටන් කල ප‍්‍රකාශ සාධකමය වශයෙන් බොරු ලෙස සනාථවී ඇති දේය. “ට‍්‍රම්ප් දිනුවේ මන් ද? ඩිමොක‍්‍රටිකයින්ගේ නව පරියේෂනයක් සිත් කම්පා කරන පිලිතුරක් සපයයි” යන මැයි 1දා පලවූ ලිපියක වොෂින්ටන් පෝස්ට් පත‍්‍රයේ ග්රෙකග් සාජන්ට් ජනමත විමසුමක සංඛ්‍යාංක ඉදිරිපත් කර ඇත. ඒ අනුව ට‍්‍රම්ප්ගේ මැතිවරන ජයග‍්‍රහනය, කම්කරු පන්තිය මුහුන දුන් පුලුල් ලෙස පැතිර පැවති ආර්ථික දුෂ්කරතාවන්ගේ හා ඩිමොක‍්‍රටික් පක්ෂයේ ව්‍යාපාර ගැති පිලිවෙත් කෙරෙහි පලවූ විරුද්ධත්වයේ නිමැවුමකි.

ඩිමොක‍්‍රටික් පක්ෂයට සම්බන්ධ ප‍්‍රයෝරිටීස් යූඑස්ඒ සමාගම විසින් පවරන ලද පරිදි පවත්වන ලද මත විමසුම, මිල්වෝකි, විස්කොන්සින්, ඩිට්ට්‍රොයිට්, මිචිගන් මෙන්ම ෆ්ලොරිඩාවේ ටැම්පාහි ද කම්කරු පන්තික නිවහන් ප‍්‍රදේශවල සිදුවිය. මේ සම්ප‍්‍රධායිකව “පැද්දෙන ප‍්‍රාන්ත” තුනම 2008 හා 2012දී බරක් ඔබාමාට සහාය දුන් අතර 2016දී ට‍්‍රම්ප්ට හැරී ඇත. විමසුම වර්ග දෙකක ඡන්දදායකයින් ඉලක්ක කර තිබුනි. “ඔබාමා-ට‍්‍රම්ප් ඡන්දදායකයෝ” හෙවත් 2012දී ඔබාමාට ඡන්දය දුන් එහෙත් 2016දී ට‍්‍රම්ප්ට ඡන්දය දුන් අය, “හැර ගිය ඡන්ද” හෙවත් 2012දී ඔබාමාට ඡන්දය දුන් නමුත් 2016දී ඡන්දය දීමෙන් වැලකී සිටි අය.

මත විමසුමෙන් මතුවන චිත‍්‍රය, අසීමිත මූල්‍ය පීඩාවන් යටතේ දෙපක්ෂයම කෙරෙහි විශ්වාසය භංගවූ ද සෞඛ්‍ය සේවය වැනි සමාජ වැඩසටහන් කප්පාදුවට තදින්ම විරුද්ධ වන්නාවූ ද කම්කරු පන්තියකි.

මෙම ඡන්දදායකයින් අතර පැවති “ප‍්‍රධාන පොදුභාවය” නම්, “ඔවුන් ආර්ථික වශයෙන් දැඩි අරගලයක” යෙදී සිටින අය වීමයි. මත විමසුමෙහි යෙදුන අය කියන පරිදි, ඔබාමා-ට‍්‍රම්ප් ඡන්දදායකයින්ගෙන් සියයට 50ක් පැවසුවේ තම ජීවන වියදම අදායම ඉක්මවා ගොස් ඇති බවයි. සියයට 31ක් පැවසුවේ තම ආදායම ජීවන වියදමේ වැඩිවීමට යන්තම් සමානවූ බවයි. හැර ගිය ඡන්දදායකයින්ගේ තත්වය ඊටත් නරක විය. ඔවුන්ගෙන් සියයට 43ක් පැවසුවේ තම ආදායම ඉක්මවා ජීවන වියදම වැඩිවී ඇති බවත් සියයට 49ක් පැවසුවේ දෙක සම තත්වයේ පැවති බවයි. එනම් සියයට 92කගේ තත්වය පහතට ඇද වැටෙමින් ඇති බව හෝ යන්තම් පන ගැටගසා ගන්නා බවය.

ව්‍යාකූල හා ප‍්‍රතිවිරෝධී ආකාරයකින් වුවත් ඔබාමා-ට‍්‍රම්ප් ඡන්දදායකයින් පෙන්නුම් කලේ දේශපාලන සංස්ථාපිතය කෙරෙහි වමෙන් වැඩෙන සමාජ විරුද්ධත්වයයි. මේ අයට අනුව ආන්ඩුවේ වඩාත්ම වැදගත් ප‍්‍රමුඛතාවන් විය යුතුව තිබුනේ, සමාජ ආරක්ෂනය හා සෞඛ්‍ය ආරක්ෂනය (සියයට 85ක්) පවත්වාගෙන යාම, සාධාරන වැටුප් ගෙවන රැකියා නිර්මානය (84ක්) හා සියලු දෙනාට භුක්ති විඳිය හැකි සෞඛ්‍ය සේවාවක් (80) සැපයීම බවය.

මත විමසුම පෙන්වන්නේ මෙම ඡන්දදායකයින්ගේ අවම ප‍්‍රමුඛතාවය වූයේ ඇමරිකාව හා මෙක්සිකෝව අතර තාප්පයක් ඉදිකිරීම බවයි. ඔවුන් අඩුම උනන්දුවක් දැක්වූයේ ට‍්‍රම්ප් “පුටින්ට ඕනෑවට වඩා සමීප බැවින් ඔහුට විරුද්ධව නොයනු ඇත” යන උත්සුකය කෙරෙහිය. ඔවුන් සැලකිය යුතු තරම් උනන්දුවක් දැක්වූයේ ට‍්‍රම්ප් ඇමරිකාව විදෙස් යුද්ධය වලට පටලවනු ඇති බවත් වැඩකරන ජනතාවට වඩා ව්‍යාපාරික විධායකයින් කෙරෙහි උනන්දු වනු ඇති බවත් ගැනය.

හැරගිය ඡන්දදායකයින්ගෙන් සියයට 87ක් ව්‍යාපාර බදු වැඩි කිරීමට හා 89ක් යටිතල ව්‍යූහය වෙනුවෙන් කරන වියදම් සඳහා කැමැත්ත පල කලේය. සියයට 79ක් අවම වැටුප් ඉහල නැංවීමටත් 75ක් ධනවතුන්ගෙන් අය කරන බදු වැඩි කිරීමටත් 73ක් ලමා සුරැකුම් සඳහා වැටුප් ගෙවන පවුලේ නිවාඩු සඳහාත් සහාය පල කලහ. හැර ගිය ඡන්දදායකයින් වඩාත් උනන්දු වුනේ ආර්ථිකය හා සැලසෙන සෞඛ්‍ය පහසුකම් වෙනුවෙනි. රුසියාව වඩාත්ම දැවෙන ප‍්‍රශ්නය සේ සැලකුවේ සියයට 6ක් පමනි. සියයට 5ක් සංක‍්‍රමනික ප‍්‍රශ්නයත් 2ක් ත‍්‍රස්තවාදය/ජාතික ආරක්ෂාවත් ගැන උත්සුකය පල කලහ.

සිය ආර්ථික කොන්දේසි පිරිහී යද්දී ඡන්දය දුන් අය, ඩිමොක‍්‍රටික් පක්ෂයේ පිලිවෙත් ධනවතුන් කෙරෙහි උනන්දු වන බව සලකති. වොෂින්ටන් පෝස්ට්හි සාජන්ට් සටහන් කරන්නේ, “සොයාගත් එක් තැතිගන්වන සුලු කාරනයක් වන්නේ, ඩිමොක‍්‍රටික ආර්ථික පිලිවෙත් ධනවතුන්ට වාසිදායක වන බව, මෙම ඔබාමා-ට‍්‍රම්ප් ඡන්දදායකයින්ගෙන් විශාල ප‍්‍රතිශතයක් විශ්වාස කරන බව ය. ට‍්‍රම්ප් ගැන එසේ කියන අය මෙන් දෙගුනයක්. මට ඔබාමා-ට‍්‍රම්ප් ඡන්දදායකයින් ඩිමොක‍්‍රටිකයින් හා ආර්ථිකය ගැන තියුනු විවේචන එල්ල කරන යොමුවී ගත් කන්ඬායමක වීඩියෝ පටයක් නැරඹීමට ද ලැබුනි.”

ඩිමොක‍්‍රටික් පක්ෂය කා වෙනුවෙන් පෙනීසිටින්නේදැයි අසන ලද එම කන්ඬායමේ ප‍්‍රශ්නයකට පිලිතුරු දුන් ඇය පැවසුවේ “සියයට එකක් (ජනගහනයෙන්) හා පවතින ක‍්‍රමය වෙනුවෙන්” යනුවෙනි. 2012දී ඔබාමාට ඡන්දය දුන් හා 2016දී ඡන්දය දීමෙන් වැලකී සිටි අය ඊට හේතුව ලෙස සාමාන්‍යයෙන් පැවසුවේ, “එහි කිසිදු වෙනසක් නැත, මම එකදු අපේක්ෂකයෙකුටවත් කැමැත්ත නොදැක්වීමි, මම ප‍්‍රාථමික ඡන්දයේදී (විමසුමේදී) බර්නි සෑන්ඩර්ස්ට ඡන්දය දුන්නෙමි, මහ මැතිවරනයේදී මට ක්ලින්ටන්ට ඡන්දය දීමට අවශ්‍ය නොවුනි, අඩු නපුරට ඡන්දය දීම මට තිත්ත වෙලා” යනාදි වශයෙනි.

මෙම ඡන්ද ප‍්‍රතිපල තහවුරු කලේ, මැතිවරන ප‍්‍රතිපල පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් කරන ලද ආරම්භක විශ්ලේෂනයයි: ක්ලින්ටන්ගේ පරාජය කම්කරුවන් ඡන්දය දීමෙන් වැලකී සිටීමයි, විශේෂයෙන්ම අප්‍රිකානු ඇමරිකානුවෝ, ඒ ක්ලීව්ලඩ්, ඩිට්‍රොයිට් හා මිල්වෝකි වැනි ප‍්‍රධාන කාර්මික මධ්‍යස්ථාන වලය, 2012 හා සසඳන කල 2016දී සියලු වාර්ගික ජන කන්ඩායම් රිපබ්ලිකානු අපේක්ෂකයා වෙත තල්ලු විය. 2012-2016 දී වැඩකරන ජනතාවගේ කාන්තාවන් මිලියනයකට වැඩි සංඛ්‍යාවකගේ අවසාන ඡන්ද ඩිමොක‍්‍රටික් පක්ෂයට අහිමිවී ඇතැයි යන කාරනයෙන්, තමා පැරදුනේ නාරිද්වේෂය නිසා බවට කරන ක්ලින්ටන්ගේ කථා ප‍්‍රතික්ෂේප වේ.

ඇමරිකානු කම්කරු පන්තිය හිලරි ක්ලින්ටන්ට වෛර කලේ ඇගේ ලිංගිකත්වය නිසා නොවේ. ඒ ඇය පෞද්ගලිකවත් දේශපාලනිකවත් ඇමරිකානු ධනවාදයේ කුනුවීමෙහි ප‍්‍රතිමූර්තියව සිටීම නිසාය. වඩාත් විශේෂිතව ක්ලින්ටන් කෙරේ වන අමනාපය ප‍්‍රකාශ කරන්නේ, ඩිමොක‍්‍රටික් පක්ෂය ඇමරිකානු බැංකු හා සංගතයන්හි වඩාත් නග්න නියෝජිතයා බවට වන වැඩෙන වැටහීමයි.

20 සියවසේ මුල් භාගය තුල ඩිමොක‍්‍රටික් පක්ෂය එහි ජාතික කටයුතු පදනම් කලේ, උතුරේ ටැමනි හෝල් සිටි යාන්ත‍්‍රනයේ වරප‍්‍රසාදිත කොටස් සමග ද දකුනේ පැරනි වහල් ප‍්‍රාන්තවල බෙදුම්වාදීන් අතර සන්ධානය ද මතය. 1960 ගනන් දක්වා ඩිමොක‍්‍රටිකයන්ගේ දේශීය ක්‍රියාමාර්ගය පදනම් වූයේ, පූර්ව අවපාත ජනතාවදී හා ප‍්‍රගතිශීලී ව්‍යාපාරවල පාර්ශවීය සහයෝගිතාව මත පදනම්වූ සුලු සමාජ ප‍්‍රතිසංස්කරන මාලාවක් මතය.

ප‍්‍රධාන සන්ධිස්ථානය 1960 ගනන් අගහරියේ ජනාධිපති ලින්ඩන් බී ජොන්සන්, ශ්‍රේෂ්ඨ සමාජයක් පිලිබඳ සමාජ වැඩසටහන් වලට වෙන්කරන ලද සම්පත් වියට්නාම් යුද්ධය කරා හැරවීමත් සමග පක්ෂයේ ප‍්‍රති කොමියුනිස්ට්වාදී හා ධනේශ්වර ගැති පදනම් සමග ගැටගැසී තිබුනු ප‍්‍රතිවිරෝධතා මතු පිටට පුපුරා ඒමත් සමග සලකුනු කෙරින.

යුද්ධයේ විනාශකාරී බලපෑම් හා යුද විරෝධී පෙලපාලි හා නගරවල කැරලිකාරිත්වය මැඩීම හමුවේ ආන්ඩුව ගැඹුරෙන්ම අපකීර්තියට පත්වීමත් සමග ඩිමොක‍්‍රටික් පක්ෂය, 1960 ගනන් මැද සිවිල් අයිතිවාසිකම් නීති වලට දුන් සහයෝගය නිසා වාසි සලසාගත් ධනපති අප්‍රිකානු ඇමරිකානුවන්ගේ කොටස් හා වාර්ගික සුලුතරයන් දෙසට යොමුවීමට පටන් ගත්තේය.

පසුව එලඹි දශකයන් තුල දුප්පත් හා ධනවත් අය අතර පරතරය පුලුල් වෙද්දී ඩිමොක‍්‍රටිකයින්, සමාජ ප‍්‍රතිසංස්කරනය පිලිබඳ ක්‍රියාමාර්ගයේ පදනම මත කම්කරු පන්තික ඡන්දදායකයින්ට ඇමතීමේ මායාව පවා අතහැරීමට පටන් ගත්තේය. වඩ වඩාත් වෝල් වීදියට හා මිලිටරි ඔත්තු ඒජන්සිවලට ගැටගැසීමත් සමග වඩ වඩාත් කම්කරු පන්තිය අතර අපකීර්තියට පත්වීම හමුවේ ඩිමොක‍්‍රටික් පක්ෂය වර්ගය, ලිංගිකත්වය හා ලිංගික ක්‍රියාකාරිත්වය පිලිබඳ දේශපාලනය රජ කල වරප‍්‍රසාදිත ඉහල මධ්‍යම පන්තිය තුල පුලුල් ඡන්ද පදනමක් ගොඩනගා ගැනීම ගැන උනන්දු විය.

ක්ලින්ටන්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය නියෝජනය කලේ මෙම දක්ෂිනාංශික ගමනේ කුලුගැන්වීමයි. යුද්ධය හා රාජ්‍ය සුපරීක්ෂාව පිලිබඳ ප‍්‍රශ්න අල්ලාගෙන ක්ලින්ටන්, ට‍්‍රම්ප්ගේ වාචාලකමට දකුනෙන් විරෝධය පල කරමින් හා කම්කරු පන්තියේ ආර්ථික අරගල හිතාමතාම නොතකා හරිමින් සිටියදී ඇගේ ව්‍යාපාරය මිලිටරි ඔත්තු යාන්ත‍්‍රනය හා මූල්‍ය ප‍්‍රාග්ධනය සමග ද වාර්ගික හා ලිංගික අනන්‍යතා දේශපාලනය සමග ද හාදකම් පැවැත්වීය.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජන සහයෝගය නගා සිටුවීම පිනිස අතිශයින්ම ශෝචනීය ක්‍රියාකලාපය ඉටු කලේ බර්නි සෑන්ඩර්ස් හා ඔහුගේ ව්‍යාජ වාම ආධාකරුවන් වැනි චරිත ය. ඩිමොක‍්‍රටික් පක්ෂයේ සභාපති හා ක්ලින්ටන්ගේ සහචරයෙක් වන තෝමස් පෙරේස් සමග ඡන්ද වෙනස්වුන ප‍්‍රාන්තවල කල සංචාරයකදී සෑන්ඩර්ස් මෑතකදී රැස්ව සිටි සෙනගට පැවසුවේ, “දේශපාලන විප්ලවය ගැන කථාකරන්නට අප පැමින ඇත්තේ නියම තැනටයි. අපගේ වැඩේ තමයි ඩිමොක‍්‍රටික් පක්ෂය රැඩිකල්වාදී ලෙස වෙනස් කිරීම.”

සෑන්ඩර්ස්, ක්ලින්ටන් හා සමස්ත දේශපාලන සංස්ථාපිතය වඩාත්ම බියට පත්ව ඇත්තේ, 2016 මැතිවරනයේදී ආරම්භක හා විකෘති ආකාරයකට ප‍්‍රකාශයට පත්, වැඩෙන විරුද්ධත්වය දැනුවත් වාම නැඹුරුවක් සහිත සමාජවාදී දිශාවකට වැඩෙතැයි යන්න ගැනය.

එරික් ලන්ඩන්

Share this article: