එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවා ප‍්‍රතිවිප්ලවයේ නව අවධියක්

A new stage in the US health care counterrevolution

2017 මැයි 8

එක්සත් ජනපද නියෝජිත මන්ත‍්‍රී මන්ඩලය විසින් සම්මත කල ඇමරිකානු සෞඛ්‍ය පනත, දේශපාලන සන්ධිස්ථානයකි. එහි සෞඛ්‍ය සේවය ප‍්‍රතිසංස්කරන කිරීමේ අරමුන, පසුගිය ශතවර්ෂ කාර්තුව තුල පෙර කවදාවත් එක්සත් ජනපද පාලක ප‍්‍රභූව විසින් මේසා නිර්ලජ්ජිත ලෙස හෙලිදරව් කර නැත. මූල්‍ය වංශාධිපති පැලැන්තියට ගෙවීමට ඩොලර් ට්‍රිලියන ගනනක මුදල් යෙදවීම පිනිස දශලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවකට සෞඛ්‍ය රක්ෂනය හා සෞඛ්‍ය සේවාවන් සඳහා ඇති ප‍්‍රවේශය අහිමි කිරීමට නියමිත ය.

පනතේ කේන්ද්‍රීය අංශය වන්නේ, මෙඩිකේඩ් නැමති දුගී ජනයා සඳහා වන ආන්ඩුවේ සෞඛ්‍ය රක්ෂන වැඩසටහනට වලකපමින් හිමිකම් වැඩසටහනක් වසයෙන් එහි ක්‍රියාකාරීත්වය අවසානයකට ගෙන ඒම යි. සෞඛ්‍ය පහසුකම් හා සමාජ ආරක්ෂනය විනාශ කිරීම සඳහා මෙය පූර්විකාව වනු ඇත.

පනත තුලින් සෞඛ්‍ය ආවරනයට සිදුකල දැවැන්ත කප්පාදුව මහජන කෝපය පුපුරුවා හලේ ය. පවුල් සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ සිට මනෝචිකිත්සකයන් සහ පිලිකා, හෘද රෝග, පෙනහලු රෝග, බහු විධ හා වෙනත් කායික රෝග වලින් පෙලෙන අයට සෞඛ්‍ය පහසුකම් සපයන අය ඇතුලත් සෞඛ්‍ය සැපයුම් ක්ෂේත‍්‍රයේ සෑම වැදගත් වෘත්තීය කන්ඩායමක්ම, ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් 4දා ඒසා උද්යෝගයෙන් අනුමැතිය දුන් පනතේ කෲරත්වය හෙලා දකිමින් කතා කර තිබේ.

කොංග‍්‍රසයේ ඩිමොක‍්‍රටික් දේශපාලනඥයෝ මහජන ප‍්‍රකෝපය බෙදාහදා ගැනීමක් මවා පාන නමුත්, පන්ති-යුද පනතේ මෙම බිහිසුනු ඛන්ඩය කෙරහි ඔවුන්ගේ විරෝධය පෑම් තනිකරම සැරසිලි ය. ප‍්‍රතිසංස්කරනවාදී පූච්චානම් පිටුපසින් ඔබාමාකෙයා වැඩසටහන හරහා ඒසා ප‍්‍රකටව සිදු කිරීමට ඉලක්ක කල දේ, එනම් ඇමරිකානු සංගත හා ධනපති රාජ්‍ය වෙනුවෙන් සෞඛ්‍ය සේවයට වෙන්කරන වියදම කපා දමමින් එහි බර, වැඩකරන ජනයා මතට මාරු කිරීම වඩාත් කෲර ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම පමනකි, රිපබ්ලිකන් පනත මගින් සිදු කරන්නේ.

ඔබාමාගේ සහනශීලි සෞඛ්‍ය සේවා පනත මෙන්, රිපබ්ලිකන් ඒඑච්සීඒ සිය ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගන්නේ, රෝහල් හා රක්ෂන, ඖෂධ හා වෛද්‍ය මෙවලම් කර්මාන්තය පාලනය කරන යෝධ සංගතවල ලාභ අවශ්‍යතාවලට සහ සමස්තයක් ලෙස ආර්ථිකය පාලනය කරන වෝල් වීදියේ බැංකුවලට සුවිශාල හා විවිධකාර අවශ්‍යතා සහිත මහජනතාවකගේ සෞඛ්‍ය අවශ්‍යතාවන් යටත් කිරීම මත පදනම්වූ සෞඛ්‍ය ආරක්ෂන ක‍්‍රමයකි.

ජනගහනය ඕනෑවට වැඩි කාලයක් ජීවත් වීම, පාලක පන්තිය උදෙසා කහින ප‍්‍රකාශකයෝ පුනපුනා කියා ඇති ආකාරයට, එක්සත් ජනපද සමාජ සුභසාධන පද්ධතියේ මූලික ප‍්‍රශ්නයකි. වෛද්‍ය ප‍්‍රතිකාර හා තාක්ෂනයේ ජයග‍්‍රහනවල අර්ථය වන්නේ, සෞඛ්‍ය ආරක්ෂනය හා මෙඩිකෙයා මුලින් පදනම්වූ සත්‍ය ප‍්‍රක්ෂේපනයට වඩා වැඩිකාලයක් දැන් ජීවත් විය හැකි බව යි. ඕනෑම ශිෂ්ට හා මානුෂීය සමාජයක් තුල ඉහල වර්ධනයක් වසයෙන් සැලකිය හැකි දේ, මූල්‍ය ප‍්‍රභූව විසින් සලකනු ලබන්නේ, එය ඔවුන්ගේ මතුමහල් මන්දිර, අධිසුඛෝපභෝගී යාත‍්‍රාවන් හා පෞද්ගලික දූපත් සමුච්චය කර ගැනීම මෙන්ම යුද්ධය හා රටතුල මර්දනය සඳහා එහි අවිගබඩා පුලුල් කිරීමට ඇති මුදල් දරුනු ලෙස ඉවත ඇදීයාමක් වසයෙනි.

ඒඑච්සීඒ පෙන්නුම් කරන ආකාරයට, නාටකාකාර ලෙස මරන රේට්ටුව වැඩි කිරීම මගින් හෝ මෙයට පිලියම් යෙදිය යුතු ය.

ධනවතුන් සහ රක්ෂන සමාගම් සඳහා, ඖෂධ හා වෛද්‍ය මෙවලම් නිෂ්පාදකයින් සඳහා ඉදිරි දස වසර තුල සමස්තයක් ලෙස බිලියන 600ක පමන වටිනාකමින් යුතු, විශාල බදු කප්පාදුවක් මන්ත්‍රී මන්ඩලය විසින් සම්මත කරගත් පනතට ඇතුලත් වේ. පාලක ප‍්‍රභූවට ඊටත් වඩා වැදගත් වන්නේ, සෞඛ්‍ය රක්ෂනය ගෙවුම් ලැයිස්තුවලින් මිලියන සංඛ්‍යාත ජනයා ඉවත් කිරීමට ක‍්‍රමෝපායන් ගනනාවක් ඇති කරමින්, සෞඛ්‍ය රක්ෂනයක් මිලදී ගැනීම සඳහා ලබාදෙන සහනාධාරවලින් ඩොලර් බිලියන 300ක් ද මෙඩිකෙයා වියදම්වලින් ඩොලර් බිලියන 800ක්ද මෙම පනත විසින් කපා හැරීම පිලිබඳව යි.

එක් විශේෂයෙන්ම මොට්ට රිපබ්ලිකන් කොන්ග‍්‍රස් සභිකයකු වන ඉදාහෝ ප‍්‍රාන්තයේ රාවුල් ලැබ්රාඩෝ, නගර ශාලාවේ පැවැති රැස්වීමකදී, මෙඩිකෙයා කප්පාදු අකල් මරන වලට හේතු වනු ඇතැයි යනුවෙන් සඳහන් කරන විවේචකයන්ට තදින් තරවටු කලේ, “ඒ අදහස නම් යුක්තිසහගත එකක් නොවේ” යැයි කියමිනි. “සෞඛ්‍ය සේවාවන්ට ප‍්‍රවේශයක් නැති නිසා කවුරුත් මැරෙන්නෙ නැහැ” ලැබ්රාඩෝ කීවේ ය.

ඇත්ත වසයෙන්ම නම්, මහජන සෞඛ්‍යය පිලිබඳ ඇමරිකානු සඟරාව 2009 දී ප‍්‍රකාශයට පත් කල අධ්‍යයනයකින් සොයාගෙන තිබුනේ, සෑම වසරකම සිදුවන මරනවලින් 45,000ක් සෞඛ්‍ය ආවරනයක් නැති අයට සම්බන්ධ බවත් රක්ෂනය නොකල වැඩකරන වයසේ පසුවන ඇමරිකානුවන් මියයාමේ ප‍්‍රතිශතය රක්ෂනයක් සහිත ඔවුන්ගේ සගයන් හා සසඳන විට සියයට හතලිස් ගුනයකින් වැඩි බවත් ය. කාර්මීකකරනහරනය, සමාජ කප්පාදු හා යටිතල පහසුකම් බිඳ වැටීම යන සියලු කාරනාවන්ගේ සාමූහික බලපෑම යටතේ, සුදු ජාතික මැදි වියේ පසුවන කම්කරුවන් අතර ආයු අපේක්ෂාව (විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල) අඩු වීමට පටන් ගෙන තිබෙන බව වඩාත් මෑතම අධ්‍යයන මගින් සොයා ගෙන ඇත.

මෙම විසකුරු ප‍්‍රවනතා උත්සන්න කරමින් අඛන්ඩව පවත්වා ගැනීම ඒඑච්සීඒ ඉලක්කය වන අතර, සෙනට් සභාවෙන් ඉදිරිපත්ව ජනාධිපති ට‍්‍රම්ප් විසින් අත්සන් තබා නීතියක් බවට පත් කරන ඕනෑම නීතියක් එම තත්වය පවත්වා ගැනීමට බැඳේ. මෙම පනත යෙදුම නිර්වචනය කරන ආකාරය මත පදනම්ව, මිලියන 50 සිට මිලියන 130 දක්වා ජනතාවගෙන් ඕනෑම අවස්ථාවක සිටින (රක්ෂනය ක්‍රියාත්මකවීමට පෙරාතුව පැවැති අසනීප කොන්දේසි සහිත) පුද්ගලයින් සඳහා ආරක්ෂාව සැලසීම පනත විසින් ක්‍රියාශීලි ලෙස අත්හිටුවන්නේ ඒ නිසාය. බරපතල රෝග වැඩී යාමේ බරපතලම අවදානමක් ඇති අය, ඒ නිසාම රක්ෂනයක් අත්‍යවශ්‍ය අය වෛද්‍ය කඳවුරු වෙතට (මේවා “දැඩි අවදානම් සහිත තටාක” නමින් හඳුන්වයි) පටවා යැවීමට නියමිත ය. එහිදී, ඔවුන්ගේ රේට්ටුව (රක්ෂන වාරික) අධික ලෙස ඉහලදැමීමේ හෝ සෞඛ්‍ය ආවරනය මුලුමනින්ම අහෝසි කිරීමේ ඉඩකඩ පවතී,

තවත් ප‍්‍රතිගාමී නියෝග ගනනාවක් පනතේ අඩංගු වේ. එය, මෙම වසර මුල දී ට‍්‍රම්ප්කෙයා මුල් කෙටුම්පතට දැඩි ලෙස පහරදී අවහිර කල අන්ත දක්ෂිනාංශික “නිදහස් දේශපාලන බල මන්ඩල” රිපබ්ලිකානුවන් සතුටු කිරීමට සැකසූ සංගත ගැති ප‍්‍රාර්ථනා ලැයිස්තුවක් මෙන් එය පෙනී යයි. එය, මිලියන සංඛ්‍යාත කාන්තාවන්ට පහර එල්ල කරමින්, වසරක් සඳහා සැලසුම්ගත මව්පිය වැඩසහටනට දුන් අරමුදල් කපා දමයි; ඉබෝලා හා ෂීකා වැනි වසංගත අනතුරුවලට එරෙහිව සටන් කිරීමට ලබා දෙන රාජ්‍ය අනුග‍්‍රහය කපා දමයි; මහජන සෞඛ්‍ය එන්නත් වැඩසටහනට ලබා දෙන රාජ්‍ය අනුග‍්‍රහය කපා දමයි; සෞඛ්‍ය දීමනා මත ජීවිතාන්තය දක්වා සීමාවන් යලි ස්ථාපිත කිරීමට හාම්පුතුන් සඳහා පිටුපස දොරක් විවර කර දෙයි. ඔබාමාකෙයා වැඩසටහන එවැනි සීමාවන් නීති විරෝධී ලෙස නම් කිරීමට පෙරාතුව හාම්පුතුන්ගෙන් සියයට 59ක් විසින් එවන් සීමාවන් පනවනු ලැබ තිබිනි.

සුපිරි පොහොසතුන්ගේ නිර්දය සේවකයන් ලෙස රිපබ්ලිකානුවන් පිලිබිඹු කිරීමට ඩිමොක‍්‍රටිකයෝ ඉසිඹු නොලබා ක්‍රියාත්මක වනු ඇත. එහෙත් මෙම විස්තරය ඩිමොක‍්‍රටිකයන්ට ද ඒ අයුරින්ම ආරෝපනය කල හැකි ය. සෞඛ්‍ය ආරක්ෂනය ඇමරිකානු මහා ව්‍යාපාරිකයේ ලාබ අවශ්‍යතාවලට සමානුපාත වන අයුරින් සීමා කල යුතු බවට ප‍්‍රධාන පක්ෂ දෙකම එකඟ වන අතර ගෝලීය ධනේශ්වර ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත් කල සෞඛ්‍ය ආරක්ෂනයට කෙරෙන වියදම් තරඟකාරීත්වයට අවාසි සහගත වන්නේ යැයි දෙගාල්ලෝම සලකති. මිලියන සංඛ්‍යාත වැඩකරන ජනයාගේ ජීවිත හා සෞඛ්‍යයට කෙරෙන වියදම් කැපීමට පක්ෂ දෙකම අදිටන් කර ඇත්තේ එබැවිනි.

සෞඛ්‍ය ආරක්ෂනයේ අර්බුදයට සමාජවාදී විසඳුම එහි ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගන්නේ වැඩකරන ජනයා හා සමස්තයක් ලෙස සමාජයීය අවශ්‍යතාවන් මිස යෝධ සංගත හා බැංකුවල මූල්‍යම ”සෞඛ්‍ය” නොවේ. සියලු දෙනා සඳහා පොදු, නිදහස් සෞඛ්‍ය ආරක්ෂනයක් ස්ථාපිත කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කරයි. මෙය, සමස්ත සෞඛ්‍ය ආරක්ෂන පද්ධතිය: රක්ෂන සමාගම්, ඖෂධ සමාගම්, වෛද්‍ය මෙවලම් සමාගම්, ලාභ ඉපැයීම සඳහා පවතින රෝහල් ජාල ආදිය ලාභය සඳහා නොව, මානව අවශ්‍යතාවලට සේවය කිරීමට ප‍්‍රජාතාන්ත‍්‍රක ලෙස පරිපාලනය කෙරෙන, මහජන ස්වාමිත්වය යටතේ පිහිටුවීම මත පදනම් වේ.

එවැනි ක‍්‍රමයක් ස්ථාපිත කිරීම, කම්කරුවන්ගේ පාලනය යටතේ ප‍්‍රධාන සමාගම් ජනසතුකරනය සහ බුද්ධිමත්ව සැලසුම්ගත ආර්ථිකයක් ස්ථාපිත කිරීම හරහා, මුලුමනින්ම සමාජවාදී විධික‍්‍රමයන් ඔස්සේ ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීමේ කොටසක් වනු ඇත. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකෙන්ම ස්වාධීනව හා ඒවාට එරෙහිව දේශපාලනික හා විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලු ගැන්වීම ඉල්ලා සිටියි.

පැට්‍රික් මාටින්

Share this article: