ජර්මනිය හා ඇමරිකාව අතර භේදය: “තීරනාත්මක පරිවර්තනීය” මොහොතක්

The rift between Germany and America: A “watershed” moment

2017 මැයි 29

පසුගිය සති අන්තයේ ඉතාලියේ පැවැති ජී7 සමුලූව අවසන්වූයේ එක්සත් ජනපදය හා ප‍්‍රමුඛ යුරෝපීය බලවතුන් අතර විවෘත භේදයකිනි. අන් සියලු දෙනා හැර ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සඳහන් කලේ, පශ්චාත් යුදකාලීන සමථයේ පදනම තැනූ අන්තර් අත්ලාන්තික් සන්ධානය අවසන් බව යි.

ඉරිදා මියුනික් බියර් ටෙන්ට් රැලිය අමතමින්, මර්කල් කීවේ, “අනෙක් අය මත රැඳී සිටීමට අපට හැකිවූ කාල සමයන් එක්තරා දුරකට නිමාවී ඇත -පසුගිය දින කිහිපයේදී මා එය අත් දැක්කා. යුරෝපියන් වන අප යථා වශෙයන්ම අපගේ ඉරනම අපගේ අතට ගත යුතු යි”.

මර්කල් කතා කරමින් සිටියේ, එක්සත් ජනපදය සමග විවෘත ගැටුමක් අත්දුටු සමුලුව අවසන්වීමෙන් දිනකට පසුව යි. නේටෝ ගිවිසුමේ 5 වැනි වගන්තිය එනම් ප‍්‍රහාරයක් එල්ලවූ විට එකිනෙකා ආරක්ෂා කිරීමට සාමාජික රටවල කැපවීම ඉල්ලා සිටින වගන්තිය, රැකීමට දී තිබූ පොරොන්දුව යලි සහතික කිරීමට බ‍්‍රසල්හි රැස්වීමේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු ආරවුල හට ගැනිනි. සන්ධානයට ”ඔවුන් ගෙවිය යුතු කොටස නොගෙවීම” ගැන ට‍්‍රම්ප් යුරෝපයින්ට දෝෂාරෝපනය කල නේටෝ රැස්වීමකින් පසු මෙය සිදු විය.

ජී7 සමුලුවේදී, බෙහෙවින්ම ප‍්‍රකට ගැටුම සංකේන්ද්‍රනයවූයේ, දේශගුන විපර්යාස පිලිබඳ 2015 පැරිස් ඒකග‍්‍රතාව අනුමත කිරීම මත ය. එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනයට සීමා පනවන්නේ ය යන පදනමින් එය අයුක්ති සහගතයැයි ට‍්‍රම්ප් පරිපාලනය විසින් සලකනු ලබයි.

සෙසු සාමාජිකයන් වන එක්සත් රාජධානිය, ප‍්‍රන්සය, ඉතාලිය, ජර්මනිය, කැනඩාව හා ජපානය පසුබා යාම ප‍්‍රතික්ෂේප කලේ ය. මෙහි ප‍්‍රතිපලයක් ලෙස, සමුලුවේ අවසන් නිවේදනය විශේෂයෙන්ම එක්සත් ජනපදයේ විරුද්ධත්වයන් මෙලෙස සටහන් කලේ ය: “ඇමරිකා එක්සත් ජනපදය දේශගුනික විපර්යාස හා පැරිස් ගිවිසුම සම්බන්ධයෙන් එහි පිලිවෙත් විමර්ශනය කිරීමේ ක‍්‍රියාවක නිරතව සිටින අතර ඒ හේතුවෙන් මෙම මාතෘකාවන් සම්බන්ධයෙන් එකඟතාවකට ඒකාබද්ධවීමේ ස්ථාවරයක නොසිටී.”

පූර්වයෙන් පැවැති ජී7 සමුලූවලදී වෙනස්කම් පැවතියාක් මෙන්ම එකඟවූ තීන්දුවලට වෙනස් අර්ථකථන ඉරිපත් කලත්, සමුලුවේ සහභාගිවූවන්ට අවසන් නිවේදනය තුලින් ඔවුන්ගේ වෙනස්කම් අකාමකා දැමීමට හැකියාව ලැබිනි. මෙම අවස්ථාවේ එය සිදු නොවිනි.

ගැටුම් අනෙක් අංශවලට ද ව්‍යාප්ත විනි. සමුලුව ආරම්භවීමටත් පෙරාතුවම, සමුලුවට අනුග‍්‍රහය දක්වන රටවන ඉතාලිය සරනාගතයින්ගේ අයිතීන් ගැන අඩුගානේ වාචිකව හෝ සඳහන් කිරීමට ගත් ප‍්‍රයත්නය එක්සත් ජනපදය විසින් අවහිර කලේ ය.

තවත් මතභේදකාරී ප‍්‍රශ්නයක් වූයේ වෙලඳාම යි. මෙම වසර මුලදී ජී 20 සමුලුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජී7 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලදී නිකුත් කල ප‍්‍රකාශනවලින් “ආරක්ෂනවාදයට එරෙහිවීමේ” අවශ්‍යතාව ගැන කෙරුනු සඳහන ඉවත්කරවා ගැනීමට එක්සත් ජනපදය ක‍්‍රියා කොට තිබුනි.

“අසාධාරන වෙලඳ භාවිතාවන්ට එරෙහිව දැඩිව පෙනී සිටින අතරේ අපගේ වෙලඳපොලවල් විවෘතව තැබීමටත් ආරක්ෂනවාදයට එරෙහිව සටන් කිරීමටත්” පොරොන්දුවක් ජී7 නිවේදනය සහතික කලේ ය. කෙසේවෙතත්, “ආරක්ෂනවාදයට එරෙහිව සටන් කිරීම” වාක්‍ය නිවේදනය තුල ඇතුලත් කිරීම කිසියම් පරාජයක සලකුනක් ලෙස වොෂිංටනය විසින් සලකනු ඇතයි යුරෝපානු දේශපාලනඥයින්ගේ ඕනෑම සිතුවිල්ලකට එතරම් ආයුෂ නැතිබව සනාථ කෙරනි.

රැස්වීමෙන් ක්ෂනිකවම ඉක්බිත්තේ, “අසාධාරන වෙලඳ භාවිතාවන්” වෙත කෙරුනු අවධානය ට‍්‍රම්ප් විසින් ඩැහැ ගනු ලැබීය. “ආරක්ෂනවාදයට එරෙහිව සටන් කිරීමේ” අවශ්‍යතාව ගැන සඳහන් නොකරම “සත්‍ය වශයෙන්ම සමානව වාසි ලැබෙන පිටියක් වර්ධනය කිරීම” පිනිස “සියලුම විකෘත වෙලඳ භාවිතාවන් ඉවත් කිරීම” ගැන වාක්‍ය ඛන්ඩ අවධාරනය කරමින් වෙලඳාම පිලිබඳ “මහා ප‍්‍රතිපල” ට්විටර් පනිවුඩ මාලාවක් හරහා ඔවුන් විසින් වගවර්නනා කරන ලදි.

ස්පීගර් ඔන්ලයින්ට අනුව, මෙම සතියේ මුලදී, යුරෝපයේ නිලධාරීන් සමග පැවැති රැස්වීමකදී ට‍්‍රම්ප් ජර්මනිය “නරක, ඉතාම නරක” යැයි විස්තර කලේ ය. “බලන්න, ඔවුන් මෝටර් රථ මිලියන ගානක් එක්සත් ජනපදය තුල විකුනනවා නේද? භයානකයි. අපි මේක නවත්තනවා” ඔහු එකතු කලේ ය.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ (බ්‍රෙක්සිට්) පුලුල් ඇඟවුම් හා එක්සත් ජනපදය සමග ගැටුම ගැන ඇය විසින් කතා කිරීමට යෙදුනු මියුනික්වලට ඉරිදා දින යාමට පෙරාතුව මර්කල් දේශගුනික ගිවිසුම ගැන කතාබස් “අතිශයින්ම අසන්තුෂ්ටිදායක”යැයි විස්තර කලා ය.

“ඇත්ත වසයෙන්ම, එක්සත් ජනපදය සමග හා එක්සත් රාජධානිය මෙන්ම රුසියාව ඇතුලු අනෙකුත් අසල්වැසියන් සමග මිතුරු සබඳතා පවත්වා ගැනීම අපට අවශ්‍යයි” ඇය කීවා ය. එසේද වුවත්, “අපගේ අනාගතය වෙනුවෙන් අපම සටන්වැදිය යුතුය” ඇය තවදුරටත් කීවා ය.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ දේශපාලන භූමිකාවේ ආරම්භය සිහිපත් කරන මියුනික් බියර් රැලියේදී මෙම අදහස් පලකෙරුනේය යන කාරනය මත් එයට වැදගත්කමක් ආරෝපනය කරයි.

විචාර කිහිපයක්ම මර්කල්ගේ සැඳහුම්වල ඓතිහාසික වැදගත්කම් ගැන අවධාරනය කලේ ය.

විදේශ සබඳතා පිලිබඳ එක්සත් ජනපද කවුන්සිලයේ ප‍්‍රධානී රිචඩ් හාස් ට්විටර් පනිවුඩයකින් කීවේ, ඒවා “අතිශය මූලික පරිවර්තනයක්” නියෝජනය කරන බවයි. දෙවන ලෝක යුද්ධයේ සිට “එක්සත් ජනපදය විසින් වලක්වනු ලැබීමට වෑයම් කල” තත්වයයි, එය.

ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා ජාත්‍යන්තර සබඳතා පිලිබඳ මහාචාර්ය හෙන්රි ෆැරල් වොෂිංටන් පෝස්ට් පුවත්පතට ලියමින් සඳහන් කලේ, මර්කල්ගේ විවේචන “දේශපාලන වාචාලත්වයෙන් දැවැන්ත වෙනසක්” බව යි. බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපදය අතර “සුවිශේෂි සබඳතාව” වඩාත් ප‍්‍රසිද්ධ ප‍්‍රමුඛතාවක් අත්කරගෙන ඇති අතරේ “ජර්මන්-එක්සත් ජනපද සබඳතාව විවාදාත්මකව වඩාත් වැදගත් ය”.

නේටෝ සංවිධානයේ අරමුනුවලින් එකක් වූයේ, “පලමු හා දෙවන ලෝක යුද්ධවලදී එය කලාක් මෙන් යුරෝපයේ සාමයට තර්ජනයක් වීමෙන් වලක්වා ගත හැකි ජාත්‍යන්තර රාමුවක් තුල ජර්මනිය තෙරපීමයැ”යි, ෆැරල් ලියුවේ ය. සන්ධානයේ අරමුන වූයේ, “රුසියාව බැහැරින් තබා ගැනීමත්, ඇමරිකානුවන් ඇතුලට ගැනීම සහ ජර්මානුවන් පහලට ඇදදැමීම”යැයි කී නේටෝවේ පලමු මහ ලේකම්වූ හැස්ටින්ග් ඉස්මේගේ වදන් ඔහු සිහිපත් කලේ ය. දැන් ජර්මානුවන් උත්සාහ කරමින් සිටින්නේ, දෙවනි ලෝක යුද්ධය අවසානයේ සිට මේ දක්වා ගතවූ කාලයේ ඕනෑම අවස්ථාවකටත් වඩා ස්වාධීන භූමිකාවක් රඟ දැක්වීමට යි.

ජී7 සමුලුව තුල භේදයට ක්ෂනික හේතුව වසයෙන් සෑම තැනකම වාගේ විස්තර කර ඇත්තේ ට‍්‍රම්ප්ගේ “නොහික්මුනු” හැසිරීම යි. එහෙත් ඔහුගේ ක‍්‍රියාවන් හුදෙක් නවතම හා මෙතෙක් අත්දැකි නාටකාකාරම ඒ්වා පමනක් වන අතර ඉන් ප‍්‍රකාශනය වන්නේ ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් අතර ගැඹුරුවෙමින් පවත්නා ආතතීන්වේ.

2003 ඉරාකය ආක‍්‍රමනය කරන අවස්ථාවේදී මැදපෙරදිග තුල තමාගේ ආර්ථික හා භූ-මූලෝපායික අවශ්‍යතාවන්ගෙන් මෙහෙයවුනු ජර්මනිය මිලිටරි ක‍්‍රියාවකට එරෙහි වූයේ ය. එයට ප‍්‍රතිචාර වසයෙන්, එවක එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වූ ඩොනල්ඩ් රම්ස්ෆීල්ඩ්, ජර්මනියේ ආධිපත්‍ය පැවැති ප‍්‍රදේශයට ඔහු නම්කල “පැරනි යුරෝපය” හා එක්සත් ජනපදය කෙරෙහි වඩාත් හිතපක්ෂපාතිත්වයක් දැක්වූ නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන්ගේ “නව යුරෝපය” අතර ප‍්‍රතිවිරෝධතාවක් ගෙනහැර පෑවේ ය.

අන්තර් අත්ලාන්තික් සන්ධානය එකදිගට පවත්වා ගන්නා අතරේ පසුගිය දශකය පුරා මෙම විභේදනයන් තීව‍්‍ර වී ඇත. ඒ, එක්සත් ජනපදයේ කඩාකප්පල්කාරී ජාත්‍යන්තර භූමිකාව පිලිබඳව හා ගෝලීය තලයේදී ජර්මනියේ අධිකාරිය තහවුරු කිරීම සඳහා අවශ්‍යතාව ගැන ජර්මානු දේශපාලන කව තුලින් වැඩෙන විවේචන මධ්‍යයේ ය.

ජර්මනියට සැලකිය යුතු ආර්ථික අවශ්‍යතා පවතින මැදපෙරදිගත්, ජනාධිපති ෂී ජින්පිංගේ වන් බෙල්ට්, වන් රෝඩ් ව්‍යාපෘතියේ වාසි ලබා ගැනීමට ජර්මනිය බලාපොරොත්තු වන චීනය සහ රුසියාවත් බේදයන්ගෙන් ඇලලී පවතියි.

2016 පෙබරවාරි මාසයේදී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, “යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන” නම් එහි ප‍්‍රකාශයේදී නව අධිරාජ්‍යවාදී යුද්ධයකට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කලේ ය.

ඇමරිකානු අධිරාජ්‍යවාදය “ජාත්‍යන්තර යුද සැලසුම්වල නියමු කුටිය” වන අතරේ එහි ක‍්‍රියාවන් “ලෝක ක‍්‍රමයක් ලෙස ධනවාදයේ පාලනය කල නොහැකි අර්බුදයෙහි වඩාත්ම සංකේන්ද්‍රිත ප‍්‍රකාශනය” පමනකි, එය සටහන් කලේ ය.

එවැනිම අභ්‍යන්තර හා බාහිර ප‍්‍රතිවිරෝධයන්ට මුහුනපා සිටින, යුරෝපීය හා ජපන් අධිරාජ්‍යවාදය අනුගමනය කරන්නේ, තමන්ගේ පාලක පන්තීන්ගේ ඊට නොඅඩු ප‍්‍රතිගාමී හා කොල්ලකාරී අවශ්‍යතාවන් බව ප‍්‍රකාශය පැහැදිලි කෙල්ය. “සියල්ලන්ම උත්සාහ කරන්නේ, ඇමරිකානු බඩජාරී කම ගසා කමින්, ලෝක ආර්ථික හා දේශපාලන බලය යලි බෙදාගැනීමේ උග‍්‍ර පොරය තුල ගිලී ගොස් ඇති සිය පංගුව බේරා ගැනීමටයි.”

ජී7 සමුලුවේ බෙදීම් හෙලිදරව් වෙත්ම, ප‍්‍රධාන බලවතුන් අතර බෙදීම් වඩාත් පුලුල්වී තිබෙන අතර එම පොරයේ උනුසුම උග‍්‍රවන ආකාරයක් පමනක් පෙනී යයි.

නික් බීම්ස්

Share this article: