ගෝලීය සාගිනි දර්ශකය දකුනු ආසියා සමාජ දුක්ඛිතභාවය ඉස්මතු කරයි

Global Hunger Index highlights South Asia’s social misery

සමන් ගුනදාස විසිනි, 2017 නොවැම්බර් 3

ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂන ආයතනය පසුගිය මස නිකුත් කල 2017 ගෝලීය සාගිනි දර්ශකය (Global Hunger Index-GHI), “ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනයා චිරස්ථිත සාගිනි තත්ත්වයන් අත් විඳින බවත්, බොහෝ ස්ථාන සාගත තත්ත්වයන් තරම් පවා වන තියුනු ආහාර අර්බුද වලින් පෙලෙනා බවත්˜”වාර්තා කරයි.

දකුනු ආසියාව හා සහරා කාන්තාරයෙන් දකුනු දිග ප්‍රදේශ වඩාත්ම තදින් බලපෑමට ලක්වූ ඒවා ලෙස වාර්තාව දක්වයි. එම ප්‍රදේශ වල, වයස අවුරුදු 5ට අඩු ලමුන්ගේ මුලූ ඌන පෝෂනය හා කුරුවීම, ක්ෂයවීම හා මර්ත්‍යතාව (මරනයට පත්වීම) මනිනු ලබන සමස්ථ GHI ලකුනු, පිලිවෙලින් 30.5 හා 29.4 ක්වේ.

ලකුනු 100 ක ප්‍රමානය ජනගහනය පුරා විහිදුනු සම්පූර්න ආහාර අනාරක්ෂිතතාව පෙන්වන අතර ශුන්‍ය අගය ආහාර සුරක්ෂිතතාව දක්වයි. 20 ට වැඩි ඨ්‍යෂ අගයන් “බරපතල ” ආහාර හිඟ තත්ත්වයන් දක්වයි. 35 ට වැඩි අගයන් “අනතුරුදායක” ආහාර තත්ත්වයක් ද, 50 ට වැඩි තත්ත්වයක් “අතිශයින් අනතුරුදායක” අර්බුදයක් ද දක්වයි.

මධ්‍යම අප්‍රිකානු ජනරජය අතිශය අනතුරුදායක පරාසයේ ද, චාඩ්, ලයිබීරියා, මැඩගස්කාර්, සියරා ලියොන්, සුඩාන් හා සැම්බියාව ඇතුලු අනෙකුත් අප්‍රිකානු රටවල් අනතුරුදායක පරාසයේද සිටී.

දකුනු ආසියානු ජනගහනයෙන් හතරෙන් තුනකට වග කියන ඉන්දියාව, ආහාර සුරක්ෂිතතා දර්ශකයේ රටවල් 119 න් 100 වන ස්ථානය දරා සිටී. පාකිස්ථානය 106 ද අෆ්ගනිස්ථානය, බංගලාදේශය හා ශ්‍රී ලංකාව පිලිවෙලින් 107, 88, හා 84 ස්ථාන දරයි.

ලමා කුරු බව හා ලමා වැහැරී යාම මගින් මනිනු ලැඛෙන ලමා ඌන පෝෂනය අප්‍රිකාවේ වඩාත්ම දරුනු ලෙස බලපෑමට ලක්වූ ප්‍රදේශ වලටද වඩා, දකුනු ආසියාවේදී ඉහලය.

ඉන්දියාව අනතුරුදායක පරාසයේ ඉහල අන්තය දෙසට වන්නාවූ අගයක් වන 31.4 ක GDI අගයක් ලබා ගනී. සියයට 38 ක් පමන ඉන්දියානු දරුවෝ සිරුරට ලබා ගන්නා කැලරි ප්‍රමානය මද බව හේතුවෙන් උස වර්ධනය අඩාලවීම මගින් කුරු බවට ලක්වී ඇත.

මාස 6 සිට 23 දක්වා වන වයස් පරාසයේ පසුවන ඉන්දියානු ලදරුවන් ගෙන් ප්‍රමානවත් ආහාර ලැබෙනුයේ 9.6 කට පමනක් වන බවට හෙලිදරව් කල මෑත සමීක්ෂන සොයා ගැනීම්, වාර්තාව උපුටා දක්වයි. මව්කිරි වලින් පසු බිලිඳුන්ට අවශ්‍ය කරන අනුපූරක ආහාර එකතු කිරීම කරනු ලබන්නේ බිලිඳුන්ගෙන් 42.7 කට පමනි. ප්‍රමානවත් සනීපාරක්ෂක පහසුකම් පරිශීලනය සතුවනුයේ සියලූ කුටුම්බයන්ගෙන් සියයට 48.4 කට පමනි.

රුදුරු සූරා කෑමට ලක්වන කම්කරුවන් ගෙන්, අඩු වැටුප්ලාභී කොන්ත්‍රාත් සේවකයන්ගෙන්, පීඩිත ගම්බද ජනතාවන්ගෙන් සැදුම්ලත් ජනගහනයේ විශාල බහුතරයකගේ දුගීභාවය තුල ගිලූනු ජීවන කොන්දේසි මෙම සංඛ්‍යාවන් ඉස්මතු කර දක්වයි මිලියන 800 ක පමන ජනතාවක් දිනකට ඇ. ඩොලර් 2 කට වඩා අඩු මට්ටමකින් ජීවිත ගත කරති.

කිසිදා නොවූ විරූ තරම් ධනස්කන්ධයක් ගිල දමන ඉන්දියානු සමාජයේ ඉහල අන්තය සමග මොවුන්ගේ ඉරනම විලක්ෂිත වේ.

2017 ෆෝබ්ස් ගෝලීය ධන ශ්‍රේනිගත කිරීම් වලට අනුව ඉන්දියානු බිලියනපතියන්ගේ සංඛ්‍යාව 100 කි. මෙයට වඩා වැඩි සංඛ්‍යාවක් හිමි කර ගන්නේ එ.ජ., වීනය හා රුසියාවයි. ක්‍රෙඩිට් ස්වීස් පර්යේෂන ආයතනයේ 2016 සංඛ්‍යාවන්ට අනුව ඉන්දියාවේ ධනවත්ම සියයට 1 රටේ ධනයෙන් සියයට 58.4 ක් වන ඉහල සංඛ්‍යාවක් අත්පත් කර ගනිති.

එම දත්තයන්ම ඉන්දියාවේ හා අප්‍රිකාවේ සිටින වැඩිහිටි පුද්ගලයන්ගෙන් සියයට 80 ක් ම ගෝලීය ධන ව්‍යාප්තියේ පහල අර්ධයේ ස්ථාන ගතවන බව පෙන්වා දෙයි. ලෝක ජනගහනයේ දුප්පත්ම අර්ධය ලෝක ධනයෙන් උරුම කරගන්නා ප්‍රමානය සියයට 1 ටත් අඩු අතර, එම ධනයෙන් සියයට 89 ක්ම අත්පත් කර ගන්නා ඉහලම සියයට 10 සමග සසඳා බලනු වටී.

පසු ගිය මස දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මූල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වික්ටර් ගැස්පා වාර්තා කරුවන්ට පැවසූ පරිදි “අප රටින් රට ආදායම් විෂමතාව දෙස බැලූවහොත් අපට තේරුම් යන්නේ ලොව පුරා සිටින බොහොමයක් ජනයා ජීවත් වන්නේ විෂමතාව වැඩිවූ රටවල්වල බවයි. විෂමතාව වැඩිවී ඇත්තේ ලොව විශාලතම රටවල් වන චීනය, ඉන්දියාව හා එක්සත් ජනපදයේ බව අවධාරනය කිරීම වැදගත් ය.”

ආදායම් පරතරය වඩාත් තියුනු කරන, ගැඹුරින්ම ජන අප්‍රසාදයට පාත්‍රවූ වැඩ සටහනක්, අගමැති මෝඩිගේ ඉන්දීය රජය ජනතාව මත පටවමින් සිටී. පසුගිය වසර අගදී එය විසින් ආරම්භ කල විමූල්‍යන වැඩ සටහන කම්කරුවන් හා දුගීන්ගේ ආදායම් කපා හෙලා ඇත. නව භාන්ඩ හා සේවා බද්දක්, වඩාත්ම සූරා කැවෙන කම්කරුවන්ගේ වැටුප් තව දුරටත් ඛාදනය කරයි.

ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවේ දර්ශකය 2008 හිවූ 24.2 මෙම වසරේදී 25.5 දක්වා ඉහල ගොස් ඇත. ඌන පෝෂනය, ලමා කුරුවීම හා ලමා මර්ත්‍යතාව යාන්තම් පමනකින් අඩුවී තිබේ. එසේ වතුදු නොපොහොනා පමනින් ආහාර ගැනීම හේතු කොටගෙන සිරුරේ බර සීමාවීම එනම් ලමා වැහැරීම, 2006-2010 දී සියයට 13.3 සිට 2012-2016 දී 21.4 දක්වා ඉගිල ගොස් ඇත.

මෑතම 2016 සංඛ්‍යා අනුව යුද්ධයෙන් විනාශවූ ශ්‍රීලංකාවේ උතුරු හා නැගෙනහිර පලාත්වල දුප්පත්කම තියුනු ලෙස ඉහල ගොස් ඇත. ත්‍රීකුනාමලය, මඩකලපුව, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල දුගී බවින් පෙලෙන ජන සංඛ්‍යාව පිලිවෙලින් සියයට 10, 11.3, 12.7 , හා 18.2 ක් වේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ශ්‍රී ලංකා රජය, රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරනයේද, රජයේ වියදම් නාටකීය ලෙස කපා හැරීමේද, කම්කරු පන්තිය මත ප්‍රහාර තියුනු කිරීමේද ජා.මූ.අ. නියෝග පටවමින් සිටී.

වසර 16ක් පුරා එ.ජ. මිලිටරි වාඩිලෑමෙන් විනාශව ඇති ඇෆ්ගනිස්ථානයේ ඨ්‍යෂ අගය 33.3 වන අතර දකුනු ආසියාවේ 32.6 වන දෙවන ස්ථානය පාකිස්ථානය දරයි. පාකිස්ථානයේ ලමා කුරු බව 2016 සිට සියයට 50 කින් වැඩිවී සියයට 45 ක අගයක් ගනී. මුලු මහත් ජන ගහනයෙන් 1/5 ඌන පෝෂිත වේ.

දකුනු ආසියාවේ තවත් තැනක, බංගලාදේශයේ, ආහාර තත්ත්වය “බරපතල” වන අතර GDI අගය 26.4 ක් ගනී.

නේපාලයේ ජනගහනයෙන් 8.1 ක් ඌන පෝෂිතවේ. වයස 15 ට අඩු ලමුන්ගෙන් 37.4ක් කුරුවී ඇත. එම වයස් සීමාවේ ලමා මර්ත්‍යතාව 3.6 කි.

දකුනු ආසියාවේ මහ ජනතාවන්ගේ විශාල බහුතරය මන්ද පෝෂනයෙන් හෝ ආහාර අනාරක්ෂිත බවින් පෙලෙන අතර ප්‍රදේශය පුරා ආන්ඩු ඩොලර් බිලියන ගනන් ඔවුන්ගේ හමුදා සඳහා වෙන් කරති. මේ, සමාජ විරෝධය මැඩපැවැත්වීමට හා වර්ධනය වන භූ-දේශපාලනික ගැටුම් වලට සහභාගී වීම සඳහාය.

චීනයට එරෙහි එ.ජ. යුද සැලැසුම් වල කේන්ද්‍රීය භූමිකාවන් ඉටු කරන ඉන්දියාව, මෙම වසරේදී එහි මිලිටරි වියදම් 10% කින්, වාර්ෂික මුලුගනන ඉන්දීය රුපියල් ට්‍රිලියන 2.74 ක් (එ.ජ. ඩොලර් බිලියන 42 ) දක්වා වැඩි කලේය. පාකිස්ථානයේ 2017- 18 මිලිටරි වැය පසුගිය වසරට වඩා 7 % කින්, පාකිස්ථාන රුපියල් බිලියන 920.2 ක් (එ.ජ.ඩොලර් බිලියන 8.7 ) දක්වා වැඩි කරගෙන ඇත.

ලෝක බැංකුවට අනුව ඉන්දියාව එහි දල දේශීය නිෂ්්පාදනයෙන් 2.5 ක් මිලිටරිය සඳහා වියදම් කරන අතර පාකිස්ථානය 3.6% ක්ද, ශ්‍රී ලංකාව 2.4% ක්ද, මිලිටරිය සඳහා වැය කරති. වෙනත් වචන වලින් පවසතොත් මෙම ප්‍රදේශයේ ආන්ඩු වලට යුද්ධ සඳහා මුදල් ඇති නමුත් මහජනතාවන්ගේ සමාජ දුඃඛිත භාවය සඳහා විසඳුම් නැත.

Share this article: