බිලියනපතියන් තිදෙනෙක් එක්සත් ජනපදයේ ජනගහනයෙන් අඩක ධනයට වැඩි ධනයකට හිමිකම් කියති

Three billionaires are wealthier than half the US population

2017 නොවැම්බර් 10

ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (අයිපීඑස්) විසින් නොවැම්බර් 8දා පලකරන ලද වාර්තාවකට අනුව, ජෙෆ් බෙසෝ, බිල් ගේට්ස් හා වොරන් බෆට් යන ධනවත් ම පුද්ගලයන් තිදෙනා මිලියන 160 ගනනක් වන එක්සත් ජනපදයේ ජනගහනයේ දිලිඳු ම අඩකට හිමි ධනයට වඩා වැඩි ධනයකට හිමිකම් කියති.

ජනමාධ්‍යවේදී ෆර්ඩිනන්ඩ් ලුන්ඩ්බර්ග් 1937 දී කල හෙලිදරවුවක් තුල වාර්තා කරනු ලැබූ ඇමරිකාවේ සුවිසල් ලෙස ධනවත් “පවුල් 60හි” ස්ථානය, මේ වනවිට ඩොලර් බිලියන 264කට වැඩි ඒකාබද්ධ ධනයකට හිමිකම් කියන බිලියනපතියන් තිදෙනෙක් විසින් හිමිකරගෙන තිබේ.

“බිලියනපතියන්ගේ සුපිරි වාසානව: ෆෝබ්ස් 400 දෙනා සහ සෙසු සියල්ලෝ” නමැති අයිපීඑස් වාර්තාව එලි දක්වන්නේ, එක්සත් ජනපද ජනගහනයේ පහල සියයට 56ට වැඩියෙන් පොහොසත් ම ඇමරිකානුවන් 25දෙනා ධනවත් බවයි. රටෙහි ධනවත් ම 400 දෙනා සමස්තයක් වසයෙන් මිලියන 200ක් ජනයා හෙවත් පහල ආදායම් ලබන තුනෙන් දෙකකට දල වසයෙන් සමාන වන ධනයකට හිමිකම් කියති. එක්සත් ජනපදය “ධනයේ හා බලයේ ප්‍රවේනික වංශාධිපති තන්ත‍්‍රයක්” බවට පත්ව ඇතැයි වාර්තාවේ කතුවරු කියති.

එක් ධ‍්‍රැවයක් අත පෙර නුවූ විරූ පරිදි ධනය සංකේන්ද්‍රනය වීම ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. ඔක්ස්ෆෑම් ආයතනය වාර්තා කල පරිදි ලෝක ජනගහනයේ දිලිඳු ම අර්ධයට හිමි තරම් ධනයකට ලෝකයේ ධනවත් ම පුද්ගලයන් ගනන 2015 දී 80ක සිට 2017 ජුනි මාසය වනවිට 5 දෙනකු දක්වා අඩු විය. අද දින සෑම බිලියනපතියන් 5 දෛනකුම මිලියන 750 ක එනම් ලතින් ඇමරිකාවේ සමස්ත ජනගහනයට හෝ එක්සත් ජනපද ජනගහනය මෙන් දෙගුනයකට අයත් සම්පත් අත් කරෙගන සිටිති.

දහයෙන් පංගු අනුව ධනයේ කොටස. ස්තුතිය: People’s Policy Project(ජනතා ප‍්‍රතිපත්ති ව්‍යාපෘතිය )

අයිපීඑස් වාර්තාව විස්තර කරන්නේ “විදේශ බදු පාරාදීස හා නෛතික භාරයන් තුල වත්කම් සැවීඟවීම අන්කවරදාටත් වඩා පෘථුල වී තිබීම” නිසා, එක්සත් ජනපදය පිලිබඳ ඇති දත්ත “ධනය සංකේන්ද්‍රනය වීමේ වර්තමාන මට්ටම් අවතක්සේරු කරන” බව. අල්ස්ටාඩ්සැයේටර්, ජොහැන්සන් හා සුක්මන් විසින් 2017 දී “බදු පාරදීස වල ධනය අයත්වන්නේ කාට ද?” යන හිසින් පලකල වාර්තාවක්, ලෝකයේ සුපිරි ධනවත්තු, ඩොලර් ට්‍රිලියන 5.7 සිට 32 දක්වා මුදල් ප‍්‍රමානයක් බදු තක්සේරු කිරීම හෝ සංඛ්‍යාන විද්‍යාත්මක විශ්ලේෂන වලින් සඟවන බවට තක්සේරු කරයි.

සුපිරි ධනවත්තු පාලන බලයේ ආධිපත්‍යය දරන අතරේ, ජනගහනයේ පහල සියයට 90 සමනන්තරතාවෙයන් පමනක් වෙනස් වන දුෂ්කරතාවන්ට හා අර්බුදයන්ට මුහුන දෙති. අයිපීඑස් වාර්තාව කම්කරු පන්තියේ ශුද්ධ ධනය මනින්නේ, මෝටර් රථ, ගෘහ උපකරන හා දැව භාන්ඩ යනාදී කල්පවත්නා භාන්ඩ නොසලකමිනි. එහි තක්සේරුවට අනුව, එක්සත් ජනපදයේ නිවැසියන්ගෙන් සියයට 19ක් *මෙය දල වසයෙන් මිලියන 60කි* කල්පවත්නා භාන්ඩ අයින් කලවිට හිමිකම් කියන්නේ “ශූන්‍ය හෝ සෘන දල වර්ධනයකට ය.”

දිලිඳු ම සියයට 20ට ඔබ්බෙන් “යම් ධනයකට හිමිකම් කියන පහල හා මධ්‍ය ආදායම් ලබන පවුල් සතුව මුදල් හෝ ඉතිරි කිරීම් යනාදී ද්‍රවශීල වත්කම් නැත” යයි වාර්තාව විස්තර කරයි. “ඇමරිකානුවන්ගෙන් සියයට 60කට වැඩි පිරිසක් හදිසියක දී ප‍්‍රයෝජනය සඳහා ඩොලර් 500ක ඉතිරි කිරීම් තමන්ට නැති බව පවසති.”

සියලු එක්සත් ජනපද පවුල් වල මධ්‍යන්‍ය විශ‍්‍රාමික ගිනුම්:

Promedio por grupo etario de las cuentas de ahorros de jubilación de las familias en EUA en el 2007, 2013 y el porcentaje por el que cayeron. Fuente: Economic Policy Institute

දල වසයෙන් මිලියන 200කට වැඩි දෙනෙකුට කිසිදු ඉතිරියක් නැති අතර 60 සිට 90 දක්වා සියයෙන් පංගුවලට අයත්වන පිරිසගේ තත්ත්වය ද එලෙසින් ම දුෂ්කර වේ. කම්කරු පන්තියේ මෙම කොටසින් බහුතරයක ශුද්ධ ආදායම සමන්විත වන්නේ නිවාස හිමිකාරීත්වයෙනි. එම ආදායම අඩුකල විට විශ‍්‍රාම ලබා වසර කිහිපයක් ගත වූ පසු බොහෝ දෙනෙකුට ජීවත් වීම අසීරු වේ. ආර්ථික ප‍්‍රතිපත්ති ආයතනයේ මෑත වාර්තාවකට අනුව, සෑම වයස් කාන්ඩයක ම විශ‍්‍රාම ගිනුම්වල ඉතිරි කිරීම් නාටකාකාර ලෙස ඇද වැටී තිබේ.

අයිපීඑස් වාර්තාව පදනම් වන්නේ, පසුගිය මාසයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විශ්ලේෂනයට බඳුන් කල එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් බැංකුවේ පාරිභෝගික මුදල් සමීක්ෂනය මත ය. අතිශයින් ම ධනවත් පුද්ගලයන් සුවිසාල ධනයක් සමුච්ඡය කරගෙන තිබෙන අතර, ඉහල සියයට 10ට අයත් පුලුල් ස්ථරයක් ද වැඩකරන ජනයාගේ වියදමින් අතිමහත් ලෙස ධනවත් වී ඇත. අනන්‍යතා දේශපාලනයේ සමාජ හා දේශපාලනික පදනම වන එක්සත් ජනපදයේ ධනවත් ම සියයට 10, සමස්ත ධනයෙන් සියයට 77.1කට හිමිකම් කියද්දී, පහල කාර්තු තුන හිමිකම් කියන්නේ ධනයෙන් යන්තම් සියයට 10කට පමනි.

සමාජ අසමානතාවේ පුපුරනසුලු නැගීම අහම්බ ක‍්‍රියාවලියක් නො වේ. එය වනාහි, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ විසින් කම්කරු පන්තියෙන් ධනවතුන්ගේ පසුම්බි වෙත ඩොලර් ට්‍රිලියන ගනනින් ධනය මාරු කිරීමේ ප‍්‍රතිපලයයි. පසුගිය වසර හතලිහේ කාලසීමාව පුරා පක්ෂ දෙකේම “ජයග‍්‍රහනය” වන්නේ, ධනවතුන්ගේ බදු කැපීම, සමාජ සුභසාධන කප්පාදුව, බටහිර-මද්‍යම ප‍්‍රදේශයේ පුලුල් නිර්කාර්මීකරනය, සංගත මත රෙගුලාසි ඉවත් කිරීම හා අධිරාජ්‍යවාදී යුද්ධ මත ඩොලර් ට්‍රිලියන ගනන් වියදම් කිරීම, රාජ්‍ය රහස් ඔත්තු සේවා නඩත්තුව, මහා පරිමාන පිටුවහල් කිරීම් හා සිරගත කිරීම් වෙනුවෙන් කරන යාඥාවයි.

ඔබාමා පරිපාලනය මෙම දිග්ගැස්සුනු සමාජ ප‍්‍රතිවිප්ලවයේ සැතපුම් කනුවක් සලකුනු කලේ, 2008-2009 වෝල් වීදියේ බැංකුවලට ඇපතැබීම, 2009 දී මෝටර් රථ කර්මාන්තය ප‍්‍රතිව්‍යුහගත කිරීම සහ 2013-14 සමයේ ඩිට්‍රොයිට් නගරයේ බංකොලොත් භාවය ප‍්‍රකාශ කිරීම යනාදියෙනි. ඩිමොක‍්‍රටික් පරිපාලනයේ උදව්ව සහිත ව මූල්‍ය අර්බුදයේ වාසිය පාලක ප‍්‍රභූව විසින් තමන් වෙත උකහාගනු ලැබී ය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, එක්සත් ජනපදය වර්තමානයේ පවතින්නේ කතිපයාධිකාරයක පාලනය යටතේ ය. තම අතිවිශාල ධනය හා ප‍්‍රමුඛ පෙලේ සංගතවල පාලනය අතදරා සිටින සුපිරි ධනවත්තු, දේශපාලනය, සංස්කෘතිය හා බුද්ධිමය බලය යන ඒවා නියෝජනය කරන සියලු නිල ආයතන මත සම්පූර්න ආධිපත්‍යය ස්ථාපනය කරගෙන ඇත.

උසාවි, කොංග‍්‍රස් සභාව හා ජනාධිපතිවරයා වංශාධිපතීන් ගේ අවශ්‍යතා වෙනුවෙන් ක‍්‍රියා කරනවා පමනක් නො වේ; ඩොනල්ඩ් ට‍්‍රම්ප් තුලින් ප‍්‍රකාශිත වන්නා දේ, මිලියනපතියන් හා බිලියනපතියන් අතට මේ ආයතන වල පාලනය සෘජුව පත්වෙමින් ඇත. සංගතවල ලාභ රැකගැනීම සඳහා මිලිටරිය සමස්ත භූගෝලය පුරා අනවරත යුද්ධ දියත් කරයි. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය, ඇමරිකානු කතිපයාධිකාරයේ නිල ප‍්‍රචාරක අංශය වනවාට වැඩි යමක් නො වේ. වෘත්තීය සමිතිවලට, ඒවාටම ලාක්ෂනික වන කෲරතර හා දූෂිත රූපාකාරයෙන්, කම්කරුවන් පාලනය කිරීමට හා විරෝධය මර්දනය කිරීමට සංගත විසින් මුදල් ගෙවනු ලැබේ.

ජනගහනයේ මෙම වරප‍්‍රසාදිත ස්ථරයේ ධාරනයන් හා අවශ්‍යතාවන්, පහල සියයට 90හි අවශ්‍යතාවලින් මුලුමනින් ම පරත්වාරෝපිත වේ. සෞඛ්‍යාරක්ෂනයේ පිරිවැය පිම්මේ ඉහල යමින් තිබේ; දහස් ගනන් සංක‍්‍රමනිකයන් පිටුවහල් කිරීමට භාජනය කිරීම මගින් සතිපතා මෙම පවුල් කඩා දමනු ලැබේ; මත් ද්‍රව්‍ය අවභාවිතය මගින් දිනකට සියයක් පමන මිය යති; සමස්ත පරම්පරාවක් ම ශිෂ්‍ය නය මගින් මිරිකා දමා ඇත; ගංවතුර, ගිනිගැනීම් හා සුලිසුලං හේතුවෙන් මිලියන ගනනක් දෙනා විනාශයට මුහුන පා සිටිති; ප‍්‍රාන්ත බොහොමයක කාන්තා සෞඛ්‍ය සායන නවතා දමා තිබේ; සෑම මිනිත්තු 80කට ම වරක් එක් විශ‍්‍රාමික යුධ බටයෙක් සිය දිවි හානි කරගනී; ලැයිස්තුව මේ පරිද්දෙන් ඉදිරියට ඇදේ.

කොංග‍්‍රසය මෙවැනි දේවල් ගැන සාක්ෂි විමසීම් පවත්වන්නේ නැත. එහි කැලැන්ඩරයයේ දින වෙන්කර තිබෙන්නේ, එක්සත් ජනපද දේශපාලනයට රුසියාවේ අතපෙවීම් පිලිබඳ සාක්ෂි කැඳවීම් සහ සමාජ ජාල වෙබ් අඩවි හා තාක්ෂනික සමාගම්, සංස්ථාපිතයට විරුද්ධ මාධ්‍යයන් වාරනයට ලක්කිරීම හරහා දනගැස්සීමේ අවශ්‍යතාව සඳහා ය. ඩිමොක‍්‍රටිකයෝ හා රිපබ්ලිකානුවෝ, ධනවතුන් හා මහා සංගත වෙත ට්‍රිලියන ගනනින් මුදල් මාරු කරන බදු පනත් ගැන එකඟතාවට එලැඹීමට දවසේ පැය විසිහතර ම ගතකරන අතර රිපබ්ලිකානු සෙනෙට් සභිකයෝ බදු පනත පිලිබඳ ඔවුන්ගේ අනුවාදය ඉදිරිපත් කලේ හරියට ම ඊයේ ය.

අසමානතාවේ දැවැන්ත වර්ධනය සහ සාමාන්‍ය ජනයාගේ සමාජීය දුක්ගැනවිලිවලට ආමන්ත‍්‍රනය කරන ආයතනීය යාන්ත‍්‍රනයක් නොමැති වීම, පන්ති අරගලයේ ඓතිහාසික පරිමාන පුපුරා යාමක පෙර නිමිති පල කරයි. මිලියන ගනනක කම්කරුවන් හා තරුනයන් සහභාගි වන වැඩවර්ජන හා විරෝධතා අනිවාර්ය වුවත් එම අරගලයන් සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් විසින් මෙහෙයවනු ලැබිය යුතු ය.

බිලියනපතියන්ගේ ධනය අත්පත් කරගනිමින් අවශ්‍යතාවන්ගෙන් පෙලෙන්නන්ට බෙදාහරිනු ලැබිය යුතු ය. බිලියනපතියන් තම ධනය උකහා ගනු ලබන මහා සංගතයන් අල්ලාගෙන, පුද්ගලික ලාභය වෙනුවට මහජන අවශ්‍යතාවන්ට සේවය කිරීම සඳහා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ ප‍්‍රතිසංවිධානය කල යුතු වේ.

ව්‍යසනවලට ලක් වී ඇති කලාපයන්ට හා දරිද්‍රතාවෙන් පෙලෙන ප‍්‍රදේශවලට ඖෂධ, ආහාර, ජලය හා ගොඩනැගිලි උපකරන ප‍්‍රවාහනය සඳහා බෙසෝගේ ඇමේසන් වැනි සමාගම් යොදාගනු ලැබිය හැක. මූලික සම්පත්වල හිඟය නිමාවට ගෙන ඒම හා පාරිසරික හානි පූරනය කිරීම පිනිස නිෂ්පාදනය පාලනයට යටත් කිරීම සඳහා, පෙර නුවූ විරූ පරිමානයේ සමාජමය සැලසුම් ලෝක ආර්ථිකයට හඳුන්වා දීමට ගේට්ස්ගේ මයිකොසොෆ්ට් හි මෘදුකාංග හා පරිඝනක වැඩසටහන වර්ධනය කල හැක. සියලු කර්මාන්ත මානව වර්ගයාගේ අවශ්‍යතාවන්ගේ සේවය පිනිස සැලසුම් කල හැකි වේ.

සමාජවාදය යටතේ සෑම කර්මාන්තයක ම නිරත සියලු රටවල කම්කරුවෝ තම වැඩහල්, කර්මාන්තශාලා හා කාර්යාල හරහා සමානතාව හා ප‍්‍රගතිය පිනිස ලෝකයේ නිෂ්පාදන බලවේග යොදාගැනීම සඳහා සැලසුම් සකස්කරගනු ඇත. එහෙත් පාලක පන්තිය ස්වේච්ඡාවෙන් සිය ධනය අත්හැර දමන්නේ නැත. සමාජවාදය සඳහා වන අරගලය සමග ඒකාබද්ධ වීමට අද ම අප සමග සම්බන්ධ වන්න.

එරික් ලන්ඩන්

Share this article: