වෝල් වීදියේ “කලු සඳුදා” සිට තිස් වසරක්

Thirty years since Wall Street’s “Black Monday”

නික් බීම්ස් විසින් , 2017 ඔක්තෝබර් 19

1987 ඔක්තෝබර් 19දා, එනම් තිස් වරසරකට පෙර අද වැනි දිනක, නිව් යෝර්ක් කොටස් වෙලඳපොල එහි ඉතිහාසයේ විශාලතම එක් දින කඩාවැටීම අත්විඳීය. ඔක්තෝබර් 14-19 අතර දින වල කුලුගැන්වීම ලෙස “කලු සඳුදාවේ” ඩව් ජොන්ස් දර්ශකය සියයට 22.6 ද ස්ටෑන්ඩර්ඩ් ඇන් පුවර්ස් 500 දර්ශකය සියයට 28.5 ද කඩා වැටුනි.

අර්බුදයේ දිනවල අහිමිවී ගිය මුලු ධනස්කන්ධය ඩොලර් ට්‍රිලියනයක් පමන වෙතැයි ගන් බලා ඇත. එහෙත් 2008දී මෙන් මූල්‍ය අර්බුදය පුලුල් ආර්ථික අර්බුදයකට තුඩු දුන්නේ නැත. මූල්‍ය ආයතන වලට ද්‍රවශීලතාව සම්පාදනය කිරීම පිනිස ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව සෘජුව ද ප‍්‍රමුඛ බැංකු වලට පීඩනය යෙදීම ලෙස ද ක්‍රියා කිරීම නිසා එය සාපේක්ෂව ඉක්මනින් පාලනය කරනු ලැබින.

එහෙත් ඉන් අදහස් කෙරෙන්නේ, එහි බලපෑම පරිවර්තනීය හා, නොඑසේ නම් හුදෙක් සාර්ථක මූල්‍ය ක‍්‍රමයක යම් කෙටි ඇනහිටීමක් වැනි දෙයක්ය යන්න නොවේ.

සැබිවින්ම දැකගත හැකි වූයේ, බිඳ වැටීම ද ඊට පලවූ ප‍්‍රතිචාරය ද පසුගිය දශක තුන තිස්සේ මූල්‍ය කුනාටු ගනනාවකට තුඩු දුන් ක්‍රියාවලීන්ගේ ක්ෂනික ආරම්භය වූ බවයි. මේ දක්වා ඉන් වඩාත්ම බරපතල අර්බුදය, 2008 සැප්තැම්බරයේ කඩාවැටීමයි.

“කලු සඳුදා” දක්වා වූ කාල පරිච්ඡේදය තුල, ඇමරිකාවේ මෙන්ම ගෝලීය වශයෙන් ද ආර්ථිකයේ හා මූල්‍ය ක‍්‍රමයේ දැවැන්තම පරිවර්තනයක් සිදුවිය. 1979 මහ බැංකුවේ සභාපති ලෙස කාටර් විසින් පෝල් වෝකර් පත්කරනු ලැබීමෙන් ආරම්භවී, 1980 ගනන්වල රේගන් ආන්ඩුවේ මුල් වසර වල ගැඹුරු වෙමින් අඛන්ඩව පැවති, ඉහල පොලී අනුපාත යාන්ත‍්‍රනය, ඇමරිකානු කර්මාන්තයේ පදාස පිටින් විනාශ කරනු ලැබීය.

එය වනාහි, 1930 ගනන් වලින් පසුව, ඒ වන තෙක් සිදුවූ වඩාත්ම බරපතල පසුබෑම හමුවේ, පශ්චාත් යුද්ධ ආර්ථික උත්පාතය අවධියේ ගොඩනගන ලද මූලික කර්මාන්තයේ කොටස් පාලූවට හරිමින් ලෝකය පුරා පැතිර ගිය ක්‍රියාවලියක් විය.

කර්මාන්තය විනාශයට පත්වෙමින් තිබියදී, මූල්‍ය මෙහෙයුම් පාලනය කිරීම පිනිස ඇතිකර තිබුනු නියාමනයන්, සමපේක්ෂනාත්මක කටයුතු තුලින් ලාභ සමුච්ඡය කර ගැනීමට මග හෙලිකරමින්, බිඳ හෙලීම ආරම්භ විය.

මෙය, සැක සහිත ගුනයෙන් යුත් ඊනියා අඩමාන බැඳුම්කර ප‍්‍රයෝජනයට ගනිමින්, උත්තෝලනය කරන ලද වත්කම් මිලට ගැනීමේ අවධියක ආරම්භය විය. මෙහිදී සතුරු අත්පත්කර ගැනීම් තුලින් මුලු සමාගම්ම පාහේ ගිල ගැනීමේ හැකියාව ඇතිකල අතර දැවැන්ත ලාභ සහිතව ඒවා කැබලි කර විකුනා දැමුනි. 1987 කඩා වැටීම තුල සැලකිය යුතු ක්‍රියාකලාපයක් ඉටු කල සමපේක්ෂන පහසුකම් සැලසීම පිනිස නව මුල්‍ය මෙවලම් වර්ධනය කරන ලදී.

“කලු සඳදා” එලඹීමට පෙරාතුව ඩව් ජෝන්ස් දර්ශකය වේගයෙන් ඉහල නැගුනි. එය අගෝස්තු අවසානය වන විය සියයට 44න් වැඩිවී තිබුනි. එය මූල්‍ය බුබුලක් නිර්මානය කර ඇති බවට කනස්සල්ල පලව තිබුනි. එහෙත් එම අනතුරු ඇඟවීම් තිබියදීම සමපේක්ෂනය අඛන්ඩව සිදු විය.

ප‍්‍රන්සය, ඇමරිකාව, බ්‍රිතාන්‍යය කැනඩාව හා බටහිර ජර්මනිය යන ප‍්‍රධාන කාර්මික ජාතීන් 1985දී ප්ලාසා ගිවිසුම ඇතිකර ගත්තේය. එමගින් ඇමරිකානු ඩොලරයට අවප‍්‍රමානය වීමේ ඉඩ සැලසීය. එහෙත් දෙවසරක් ගතවෙද්දී, එය උද්ධමනය පිලිබඳව කනස්සල්ල ඇතිකරමින් නව ගිවිසුමකට කොන්දේසි නිර්මානය කලේය. ඩොලරය ලුහුටා යාම වලක්වා මූල්‍ය සන්ධාන තහවුරු කිරීමට දරන ලද උත්සාහයත් සමග 1987 පෙබරවාරියේදී ලව්රි ගිවිසුම ඇතිකරගන්නා ලදී.

කෙසේ වුව ද 1987 ඔක්තෝබරයේදී, පොලී අනුපාත පහතින් පවත්වාගෙන යාමට එකඟත්වය පලකල ජර්මනිය, උද්ධමනය පිලිබඳ බිය නිසා ඒවා වැඩිකිරීමට පියවර ගත්තේය. එම තතු හමුවේ ඇමරිකානු මහ බැංකුව, වට්ටම් අනුපාතය සියයට දෙක දක්වා වැඩිකිරීමත් සමග ඇමරිකාවේ භාන්ඩාගාර බැඳුම්කර අනුපාතය සියයට 10.25දක්වා ඉහල නැගුනි. ඉන් පසුව වෙලඳපොලේ කඩාවැටීමට ක්ෂනික හේතුව වූයේ, පොලී අනුපාතිකයන්ගේ මාරුවයි.

හිතුවාට වැඩි වෙලඳ හිඟයක් නිවේදනය කිරීම ද ඩොලරයේ අගය වැටීම ද පොලී අනුපාත තවදුරටත් ඉහල නගිනු ඇති බවට පලවූ භීතිය ද හමුවේ වෙලඳපොලවල් ඔක්තෝබර් 14දා සිට පහත වැටෙන්නට පටන් ගත්තේය. එම ඔක්තෝබර් 16 සිකුරාදා වෙලඳාම අවසන් වන විට ඩව් දර්ශකය සියයට 4.6න් පහත ගියේය. පෙර සතිය තුල එස්ඇන්පී 500 සියයට 9න් පහත වැටී තිබුනි. එලඹෙන තත්වය සඳහා එමගින් කරලිය සැකසුනි.

ඊලඟ සඳුදා, ඇමරිකාවේ වෙලඳාම පටන් ගැනීමට පෙර, ජාත්‍යන්තර හුවමාරුව විවෘත කල විට, ආසියාව හා පැසිෆික් කලාපය ව්‍යසනයකට ඇද වැටුනි. නවසීලන්ත වෙලඳපොල සියයට 60න් කඩා වැටුනි.

පලමු ගෝලීය මූල්‍ය, විකිනීම් සලකුනු කරමින්, ඇමරිකානු වෙලඳපොල විවෘත කිරීමේ සීනුව නාදවීමත් සමග කඩා වැටුනි. සමපේක්ෂනයට පහසුකම් සැලසීම පිනිස පෙර වසරවල හඳුන්වා දී තිබුනු මූල්‍ය නවීකරන මාලාව මගින් කඩා වැටීම තවත් වේගවත් කලේය.

ඇමරිකානු ආයෝජන සමාගම්, “ලැයිස්තුගත රක්ෂන” ලෙස හැඳින්වූ නව මූල්‍ය නිෂ්පාදනයන් වර්ධනය කර තිබුනි. අනාගත තොග විකල්ප හා ව්‍යුත්පන්නයන් ප‍්‍රයෝජනයට ගැනීම තුලින්, ඇතිවිය හැකි පසුබෑමක බලපෑමෙන් ආයෝජකයින් ආරක්ෂා කිරීමට ඒවා සැලසුම් කර ඇති බව පැවසුනි. කෙසේ වෙතත් ගැටලුව වුනේ, ඒවා ද මූලිකවම ක්‍රියාත්මක වුනේ ඒ ආකෘතියේම වීමයි. එනම්, කඩාවැටීමක් ඇරඹුන වහාම පිටවීමේ දොරටු කරා දිවීමය.

තවත් හේතුවක් වුනේ, කොටස් විශාල සංඛ්‍යාවක් අලෙවි කරන ලද පරිගනක ගත වෙලඳාම හඳුන්වා දීමය. ඒවා ද ක්‍රියාත්මක වුනේ, සමාන වීජගනිතමය හා මූල්‍ය ආකෘතීන්ගේ පදනම මතය. බොහෝ වාර්තාකරන පද්ධතීන් හුදෙක්ම වසා ගත්වෙලඳාමේ පරිමාව එසේ විය. පැයකට පසුව වාර්තාවූ, නිව් යෝර්ක් කොටස් හුවමාරුවේ වෙලඳාම විනාශ කිරීම, දැවැන්ත ව්‍යාකූලතාවකට තුඩු දුන්නේය.

කලු සඳුදා දින අවසානයේ, ඊලඟ දිනය තුල කුමක් සිදුවීමට යන්නේදැයි විශාල බියක් පැවතුනි. වෙලඳපොලවල් විවෘත කිරීමට පෙරාතුව, පෝල් වෝකර් වෙනුවට අගෝස්තුවේ සිට පත්ව සිටි ෆෙඩරල් මහ බැංකුවේ නව සභාපති ඇලන් ග‍්‍රීන්ස්පෑන්, අද දක්වාම පැවත එන මහ බැංකු ප‍්‍රතිපත්තියේ පදනම නිවේදනය කලේය.

“ජාතියේ මධ්‍යම බැංකුව ලෙස තම වගකීම් පෙරට ගෙන යමින් ෆෙඩරල් මහ බැංකුව, ආර්ථික හා මූල්‍ය ක‍්‍රමයට උදව් වනු පිනිස ද්‍රවශීලතාව සැපයීමේ මූලාශ‍්‍ර ලෙස කටයුතු කිරීමේ සිය සූදානම අද සහතික කරනු ලබයි” යනුවෙන් එය කියා සිටියේය. මහ බැංකුව සැමවිටම මූල්‍ය වෙලඳපොලට සහාය දීමට සූදානමින් සිටින්නේය යන අදහස ඇති, “ග්‍රීන්ස්පෑන් පුට්” ලෙස පසුව හඳුන්වන දේ ඇඹුනේ මෙතැන් සිටය.

ප‍්‍රකාශයට ක්‍රියාත්මකව පිටුබලය ලැබුනි. සෙනේට් සභාව හමුවේ කරුනු දක්වමින් 1994දී ග්‍රීන්ස්පෑන්, මෙසේ පැවසීය: “නිව් යෝර්ක්හි ෆෙඩරල් මහ බැංකුවේ නිලධාරීන් විසින් ප‍්‍රමුඛ නිව් යෝර්ක් සිටි බැංකු වෙත දෙනු ලබන දුරකථන ඇමතුම් වලින්, බේරුම්කාර මන්ඩලයේ සාමාජිකයින්ට දිගටම නය සැපයෙන බව සහතික වීමෙන්, එම සාමාජිකයින්ට අවශ්‍ය සීමාවේ ගෙවීම් කිරීමේ හැකියාව ලබා දෙයි.”

1990දී අනාගත මහ බැංකු සභාපති බෙන් බර්නන්කි, සඳහන් කලේ, බැංකුවල දෘෂ්ඨි ආස්ථානයෙන් ගත් කල එවන් නය, මුදල් නැතිවන මූලෝපායක් වන්නේය. නැතිනම් මහ බැංකුවේ අනුදැනීමක් අවශ්‍ය නොවනු ඇත. එහෙත් එය, “සමස්තයක් ලෙස පද්ධතියේ සුරක්ෂිත භාවය” සඳහා හොඳ මූලෝපායක් විය.

මැදිහත් වීමේ පරිමාව, සිටිගෘප් බැංකුවේ සභාපති නිව් යෝර්ක් මහ බැංකුවේ සභාපතිගෙන් ලත් දුරකථන ඇමතුමකින් පසුව, ආරක්ෂන සමාගම් වලට බැංකුවෙන් දුන් සාමාන්‍ය නය මට්ටම, ඔක්තෝබර් 20 දින සිට, ඩොලර් මිලියන 200-400 සිට දිනකට බිලියන 1.5 දක්වා වැඩිවීමේ කාරනයෙන් පෙන්නුම් කරයි.

මහ බැංකුවේ මැදිහත්වීමේ ප‍්‍රතිපත්තිය, 1990 ගනන් හා නව සියවස දක්වාත් දිගටම ක්‍රියාත්මක විය. කෙසේ වුව ද එමගින් ධනපති මූල්‍ය ක‍්‍රමයේ අති මූලික ප‍්‍රති විරෝධයන් විසඳීම වෙනුවට උත්සන්න කෙරුනි. ඒ අනුව 2008 අර්බුදය පැමිනීමෙන් පසුව, බංකොලොත් වීමට හෝ බිඳ වැටීමේ අද්දරට පැමිනියේ එම බැංකුම නිසා, ප‍්‍රධාන බැංකු මත මහ බැංකුවේ වාරුවීමට සම්බන්ධ පිලිවෙත, මුලූමනින්ම නොසෑහෙන තැනකට වැටුනි.

ඇමරිකානු මහ බැංකුව ද ලෝකයේ අවශේෂ මධ්‍යම බැංකු ද දැවැන්ත අප දීම් මගින් ද එතැන් පටන්, මූල්‍ය වත්කම් මිලට ගැනීමේ ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම් හා අතිශයින්ම පහත් හා රින පොලී අනුපාත පවත්වාගෙන යාමේ සිය පිලිවෙත් තුලින් මූල්‍ය වෙලඳපොලවල් තිරසාර කලේය.

ප‍්‍රතිපලය වුනේ, ආර්ථික වර්ධනය යලි අත්කර ගැනීමවත්, නව මූල්‍ය ස්ථාවරත්වයක් පිහිටුවීමවත් නොවීය. ඇමරිකානු වෙලඳපොලේ මුදල් ඉපැයීමේ අනුපාතය පිලිබඳ තක්සේරු වලට අනුව ඒවා 1929ට හා 2000 ගනන් මුල ඩොට් කොම් බුබුලට පමනක් දෙවෙනි වන, නව මුදුනකට නැගුනි. මෙය සිදු වුනේ, සැබෑ ආර්ථිකය පිලිබඳ මිනුම් දඬු වන, ආර්ථික වර්ධනය, පලදායිතාව හා ජාත්‍යන්තර වෙලඳාම, පූර්ව 2008 ප‍්‍රවනතාවන්ට වඩා පහත අගයක පවතිද්දීය.

1987 දී ආරක්ෂන සමාගම් බැංකු විසින් ඇපදී බේරාගනු ලැබින. දශක දෙකකට මඳක් වැඩි කාලයක් ඉක්ම යද්දී බැංකුම ඇපදී බේරාගත යුතු විය. එහෙත් තවත් මූල්‍ය අර්බුදයකදී, මහ බැංකුම එයට කෙලින්ම මුහුන දෙනු ඇත. මක්නිසා ද යත්, ඒවා ඩොලර් ට්‍රිලියන ගනන් ආන්ඩුවේ බැඳුම්කර හා අනෙකුත් මූල්‍ය වත්කම් ගොඩගසාගෙන තිබීමේ කාරනය නිසාය.

වත්මන් තත්වය තක්සේරු කිරීමේදී, නිසැකවම තවත් බොහෝ අයට ඇතුවාක් වැනි, “කලු සඳුදා” 20වන සංවත්සරය නිමිත්තෙන් ඔස්ට්‍රේලියාවේ මාධ්‍යජාලයක් වන එන්බීසී විසින් කරන ලද විශ්ලේෂනයක් සිහියට නගා ගැනීම වටනේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2006දී සඳහන් කලේ, ලෝක ආර්ථිකය දශක තුනක් ඇතුලත වේගවත්ම ප‍්‍රසාරනයක් ඇතිකරගෙන තිබෙන බවයි. ආර්ථික වර්ධනයේ අවධියක මැද මූල්‍ය විශ්ලේෂකයින් දරා සිටියේ, 1987 වැනි කඩාවැටීමක් ඒ සා පරිමානයෙන් යලි සිදුවිය නොහැකි බව යයි එන්බීසි සඳහන් කලේය. ඉන් එක් අයෙක් පැවසුවේ, “එවන් පොලී අනුපාත ව්‍යූහයක් දැන් ඇත්තේ නැත. 1987 පැවතුනාට වඩා බෙහෙවින් ජාත්‍යන්තරව සම්බන්ධීකරනයවූ බැංකු ක‍්‍රමයක් අපට ඇත” යනුවෙනි.

”ආසියාව තුල වේගවත් ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන තතු හමුවේ, වෙලඳපොලෙහි පොදුවේ පැවතුනේ, කොටස් වෙලඳපොලට තවත් දුර යාමට ඇති බවට අදහසකි.” එහි වැඩිදුරටත් සඳහන් විය.

යන්තම් 11 මසකට පසුව 2008 සැප්තැම්බරයේදී ලෝකය, 1930 ගනන්වල මහා අවපාතයට පසුව ගැඹුරුම ආර්ථික හා මූල්‍ය අර්බුදයට කඩා වැටුනි.

Share this article: