ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීමට ප‍්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පවත්වයි

Sri Lankan SEP/IYSSE calls public meetings to mark the centenary of the Russian Revolution

2017 ඔක්තෝබර් 27

ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීම පිනිස ප‍්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පවත්වයි. ප‍්‍රථම රැස්වීම නොවැම්බර් 12 දා කොලඹ නව නගර ශාලාවේ දී පැවැත්වෙනු ඇත. එහි දී 1917 ඔක්තෝබර් විප්ලවය පිලිබඳ ප‍්‍රාමානික වාර්තා චිත‍්‍රපටයක් වන සාර් ටු ලෙනින් ප‍්‍රදර්ශනය කෙරෙනු ඇත.

රුසියානු කම්කරු පන්තියට ධනවාදය පෙරලා දමා, දේශපාලන බලය සියතට ගෙන සමාජය සමාජවාදී පිලිවෙත් මත ප‍්‍රතිසංවිධානය කිරීමට ගාමකය සැපයූ කොන්දේසි දැන් යලි ඉස්මත්තට පැමින තිබේ. අධිරාජ්‍යවාදී යුද්ධය සහ ගෝලීය යුද ගැටුමක තර්ජනය, දරිද්‍රතාව, ඇදහිය නොහැකි මට්ටමේ සමාජ අසමානාතව, සහ සෑම රටකම ආන්ඩු ආඥාදායක පාලන ක‍්‍රම දෙසට හැරීම අද ලෝක තත්වය මත ආධිපත්‍යය දරයි. ධනවාදයට ද කාලකන්නිකම හා ම්ලේච්ඡත්වය සහිත අනාගතයක් පමනක්ම ලබා දෙන සමාජ පර්යායකට ද එරෙහිව කම්කරුවන් අතර විරුද්ධත්වය වැඩෙන කොන්දේසි යටතේ සෑම තැනකම මහා සමාජ අරගලය දවසේ න්‍යාය පත‍්‍රයට ඇතුලත්ව තිබේ.

කම්කරුවන් හා තරුන ජනයා තමන් මුහුන දෙන බෝහෝ ගැටලුවලට විසඳුමක් සොයන තතු තුල, ගැඹුරු වන අර්බුදය සමාජවාදය සහ රුසියානු විප්ලවය පිලිබඳ වැඩෙන උනන්දුවක් ජනිත කර ඇත. මෙම කොන්දේසි යටතේ, ඔක්තෝබර් විප්ලවයේ ඓතිහාසික පාඩම් දැවෙන සමකාලීන අදාලත්වයක් අත්පත් කරගනී. විප්ලවය පැන නැගි වෛෂයික කොන්දේසි මොනවාද, අන් සියල්ලටත් වඩා, එය දේශපාලනිකව හා න්‍යායිකව සූදානම් කෙරුනේ කෙසේද යන වග අධ්‍යයනය කිරීම කම්කරු පන්තියට අවශ්‍යය. එලඹෙන විප්ලවවාදී අරගල සඳහා කම්කරු පන්තිය දේශපාලකිව සන්නද්ධ කල හැක්කේ එමගින් පමනි.

සිය ජාත්‍යන්තර සගයන් මෙන්ම, ශ්‍රී ලංකාවේ ව්‍යාජ වාම සංවිධාන ද මෙම දැවැන්ත ඓතිහාසික අත්දැකීම්වලට නිග‍්‍රහ කරන අතර ඒවායේ දේශපාලන පාඩම් පිලිබඳ මොනම සොයාබැලීමක් වැලැක්වීමට උත්සාහ කරයි.

නිදසුනක් ලෙස, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසුව ධනපති කවයන් තුල බල පැවැත්වූ දැන් පුලුල් ලෙස අපකීර්තියට පත්ව ඇති විජයෝත්තමවාදය ප‍්‍රතිරාවය කරමින්, ඔක්තෝබර් විප්ලවය “අසාර්ථක අත්හදා බැලීමක්” ලෙස ඉදිරිපත් කර තිබේ. එමෙන්ම ව්‍යාජ වම්මු, යුද්ධය හා කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමන ධනපති පක්ෂවලට කම්කරුවන් ගැට ගසන “පුලුල් පෙරමුනක” අවශ්‍යතාව තොරොම්බල් කරනු පිනිස 1917 විප්ලවවාදී නැගිටීම පිලිබඳ කම්කරුවන් හා තරුනයන් අතර වැඩෙන උනන්දුව ගසාකෑමේ ප‍්‍රයත්නයක ද නිරතව සිටිති. මෙහි දී ඔවුන් තොරොම්බල් කරන සංකල්පයන්ට එරෙහිව ය 1917 දී ව්ලැඩිමිර් ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි හා බොල්ශෙවික් පක්ෂය සටන් වැදුනේ.

ඔක්තෝබර් විප්ලවය සිදු කිරීමේ දී පාදක වුනු දේශපාලන ඉදිරිදර්ශනයන් සමාලෝචනය හා ඒවා ආරක්ෂා කරනු ඇත්තේ සසප/සසජාතශි රැස්වීම් මගින්ම පමනි. ජාතික අවස්ථාවාදයේ සෑම රූපාකාරයකටම එරෙහි අඛන්ඩ අරගලයක් හරහා ධනේශ්වරයේ සියලු කොටස්වලින් කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන කරගැනීමේ ක්ෂමා විරහිත අරගලය, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් විස්තාරනය කිරීම සහ ලියොන් ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කරන ලද නොවතින විප්ලව න්‍යාය මෙයට ඇතුලත් වේ.

කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, කොලඹ පැවැත්වෙන් අපගේ ප‍්‍රසිද්ධ රැස්වීමට පැමින, 21 වන සියවසේ අරගල සඳහා සූදානම් වනු පිනිස 20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සිද්ධිය පිලිබඳ මෙම වැදගත් සාකච්ඡාවට සහභාගි වන ලෙසයි.

රැස්වීම් පිලිබඳ විස්තර

නොවැම්බර් 08 සවස 5

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කලාගාරය

නොවැම්බර් 12 වන ඉරිදා, සවස 3

නව නගර ශාලාව, ග්‍රීන් පාත්, කොලඹ.

Share this article: