ධනවාදය හා හූස්ටන් ගංවතුර ව්‍යසනය

Capitalism and the Houston flood catastrophe

2017 අගෝස්තු 28

කැට්රිනා සුලිකුනාටුවෙන් වසර දොලහකට පසු හමා ගිය මහා සුලිකුනාටුව එක්සත් ජනපදය තුල පන්ති සබඳතාවන්ගේ ගොරතර යථාර්ථය යලිවතාවක් හෙලිදරව් කරයි.

නිව් ඕලර්න්ස් නගරය සුන්බුන් ගොඩක් බවට පත්කල කැටි‍්‍රනා සුලිකුනාටුවෙන් දොලොස් වසරට ආසන්න වනවිට, හාවි සුලිකුනාටුව ටෙක්සාස් ගල්ෆ් වෙරල ඔස්සේ මහත් ව්‍යසනයක් පමුනුවමින් හමාගියේය. මිලියන 2.3ක ජනගහනයකින් යුත්, රටේ සිව්වැනි විශාලතම නගරය වන හුස්ටන් හා මිලියන 6.5ක ජනගහනයක් වෙසෙන නාගරික ප‍්‍රදේශයක් යටකල මහා ගංවතුරක් ඇති කිරීමට හාවි සුලිකුනාටුව හේතු විය.

යලිවතාවක්, ප‍්‍රමුඛ සුලිකුනාටුවක් මගින් මහා දරිද්‍රතාව, ඇදහිය නොහැකි සමාජ අසමානත්වය හා ආන්ඩුවේ නොසලකා හැරීම හා අන්ත දූෂනය හෙලිදරව් කරමින්, සියලලු මවාපෑම් කීතුකර තිබේ. තෙල්, අපද්‍රව්‍ය හා රසායනද්‍රව්‍යවලින් දූෂිතවූ ඉඟතෙක් ඉහල නැගි ජලකඳ ඔස්සේ අසීරුවෙන් ගාටන පවුල් වේගයෙන් ඉහල නගින ජලයෙන් ගලවා ගනු ඇතිය යන බලාපොරොත්තුවේ අසරනව වහලවල් මත නැගුනු බාල මහලු ජනයා; නිවාස, ආහාර හා පිරිසිදු ජලය වැනි අවශ්‍යතාවන් මුල්මනින්ම කපා හැරුනු සමස්ත පලාත්වල දසුන් ඉස්මත්තට එමින් තිබේ. කුනාටුව මගින් නගරයට හා ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශ වලට වාර්තාගත වැසි ලැබෙමින් ඇති තතු යටතේ සිදුවිය හැක්කේ තත්වය තවත් නරක අතට හැරීම පමනි.

2008 මූල්‍යමය කඩාවැටීමෙන් ඉක්බිත්තේ බැංකුවලට ඩොලර් ට්‍රිලියන ගනනක් මුදාහැරීම හැකිවූ ලෝකයේ ධනවත්ම රට තුල, වැඩිවන සීඝ‍්‍රතාවකින් හටගනිමින් ඇති ටොනාඩෝ, ගංවතුර, සුලිකුනාටු හා අනෙකුත් බරපතල කලගුනික විපත් සිදුවන මහා විනාශයන් හා ජීවිත හානි සාමාන්‍ය ලක්ෂනයක් බවට පත්ව ඇත. සියල්ලට ඉහලින් මෙයට හේතුවී ඇත්තේ, යටිතල පහසුකම් විනාශමුඛයට අත්හැරීම හා මිලියන ගනනක් ස්වභාවික විනාශයක් සඳහා සූදානම්වීමේ ඉඩ කඩ අවහිර කෙරුනු තියුනු සමාජ අර්බුදයකි.

සැමවිටම වාගේ ව්‍යසනයේ ගොදුරබවට පත්වූවන් අතිබහුතරය කම්කරු පන්තිය යි. රාජ්‍ය අසමර්ථතාව මධ්‍යයේ දිගහැරෙන මානව ව්‍යසනයේ දසුන්, එක්සත් ජනපදය සෞභාග්‍යය හා සමෘද්ධියේ භූමියකි යන කියාපෑම් යලිවතාවක් කීතුකරමින් තිබේ.

එවැනි සෑම අර්බුදයකදී මෙන්ම, සාමාන්‍ය මහජනයාගේ ස්වයං ප‍්‍රතිචාරය වනාහී සමාජ සහෝදරත්වයේ පිලිබිඹුවකි. කුනාටුවේ ගොදුරුබවට පත් ජනයා උදව් සොයා ඔවුන්ගේ අසල්වැසියන් වෙත දිව ගියෝ ය. මේ අතර දහස් ගනන් ජනයා ජීවිත බේරාගැනීමට සහය වෙමින්, ආහාර, ඉඳුම් හිටුම් හා වෛද්‍ය ප‍්‍රතිකාර සම්පාදනය කරමින් උදව් කිරීමට විපතට පත් ප‍්‍රදේශයට ඇදී එමින් සිටිති. මෙම මහජන ප‍්‍රතිචාරය, මහා ගංවතුර තත්වයක බලපෑම අවම කිරීම හෝ එහි ප‍්‍රතිවිපාකයන් වලට මුහුනදීමට ජනතාව පෙරසූදානම් කිරීම සඳහා කිසිවක් නොකල පාලන අධිකාරීන්ට ඉදුරාම පටහැනිව නැගී සිටී.

තතු මෙසේ වන්නේ, හූස්ටන් හා ගිනිකොන දිග ටෙක්සාස්හි පූර්වයෙන් එක් ගංවතුර ව්‍යසනයකට පසු තවකෙක් වසයෙන් එවන් ව්‍යසන අත්දැක තිබේය යන කරුන තිබියදීත් ය. ප‍්‍රධාන වරාය නගරයක් වසයෙන් හූස්ටන් පැන නග්මෙත්, යාබද ගැන්වෙස්ටන් නගරය විනාශකල 1900 වසරේ සුලිකුනාටුව හේතුවෙනි. නව ශතවර්ෂය ආරම්භයේ සිට, 2001 වසරේදී ඇලිසන් නිවර්තන කුනාටුව, 2005 වසරේ රීටා සුලිකුනාටුව හා 2008 වසරේ අයිකේ සුලි කුනාටුව හූස්ටන් නගරයට පහරදී තිබේ. හාවි, පසුගිය වසර තුනේදී හුස්ටන් පීඩාවට පත් කල තුන්වැනි මහා ගංවතුර සිදුවීම යි. පසුගිය දශක හතරේදී හූස්ටන්, එක්සත් ජනපදයේ අනෙක් ඕනෑම ප්‍රධාන නගරයකට වඩා වැඩියෙන් ගංවතුර ව්‍යසනයට ගොදුරුව තිබේ. හූස්ටන්හි ස්වභාවික විපත්වලින් ජනයා වැඩියෙන්ම මරනයට පත්වන අංක එකේ ස්වභාවික විනාශය වන්නේ ගංවතුර යි. එබැවින් එයට ලබායු සිටි නම් අන්වර්ථ නාමය ලැබී ඇත. ආසන්න ප‍්‍රදේශ වලින් ගලා එන දඟරාකාර ජල මාර්ග දහයක වක්කලමක හූස්ටන් පිහිටා තිබීම එයට හේතුව යි.

ඛනිජ තෙල් කර්මාන්තයේ මධ්‍යස්ථානයක් හා බුෂ් පවුලේ මුල් බිම වන හූස්ටන් හා ටෙක්සාස් ප‍්‍රාන්තය නිර්බාධිත නිදහස් වෙලඳපොල ධනවාදයේ ආදර්ශකයක් වසයෙන් නැගී සිටී. නගරයේ අවම සංගත බදු රේට්ටු හා නිල නොවන සංක‍්‍රමනිකයන් මිලියන ගනනක් සිටීම හා අවම රෙගුලාසි හා අවම වැටුප්වලට යටත් කල ශ්‍රම බලකායේ වාසිය ගැනීමට ප‍්‍රමුඛ මහා සංගතයෝ තම ව්‍යාපාර ටෙක්සාස් ප‍්‍රාන්තයට ඇදීඑම හේතුවෙන් හූස්ටන් හා අනෙකුත් ප්‍රධාන ටෙස්සාස් නගර සැලකිය යුතු වර්ධනයක් අත්දැක තිබේ.

දශක ගනනාවක් තිස්සේ, දේපල සංවර්ධනය කරන්නන් හා තත්ය දේපල සමපේක්ෂකයන්ට සිත්සේ, ජලය උරාගන්නා වගුරුබිම් හා තෘනභූමි කොන්ක්‍රීට් ස්ථරවලින් විස්ථාපනය කරමින් නගර විස්තාරනය කිරීමට නගරය ඉඩ දී තිබෙන අතර, නගරයට ගංවතුර තර්ජනය උග‍්‍ර කිරීමට මෙය හේතුවී තිබේ. “ඔවුන් විනාශයක් සූදානම් කරමින් සිටීයා” යනුවෙන් විද්‍යාඥයින් හා විශේෂඥයින් පුනපුනා කල අනතුරු ඇඟවීම්, ජාතික, ප‍්‍රාන්ත හා ප‍්‍රාදේශීය දේශපාලනඥයින් විසින් නොතකා හරින ලදී.

සුලි කුනාටුවලින් ආරක්ෂාවීම සඳහා ඇති යටිතල ව්‍යුහය එකදිගට නොතකා හැර තිබේ. අයිකේ සුලිකුනාටුවට පසු, වෙරලතීරය දිගේ සාගර බැම්මක් ඉදිරිකිරීමටත් හුස්ටන් වරාය ඇලවටා ගංවතුර බාධකයක් ඉදිකිරීමටත් විශේෂඥයෝ යෝජනා කලහ. මෙම ව්‍යාපෘතිය තාමත් එතැනම ය. ඇස්තමේන්තු කර ඇති වියදම ඩොලර් බිලියන 6 සිට 8දක්වා වන අතර මෙය එක්සත් ජනපද තෙල් කර්මාන්තය එක්වසරක් තුල ලබන ආදායමෙන් ස්ලේෂමාත‍්‍රයකි.

සුලිකුනාටු හා ගංවතුර ස්වභාවධර්මයාගේ සංසිද්ධි වුවත් ඒවායේ බලපෑමේ ප‍්‍රමානය මිනිසා විසින් නිර්මිත කාරනාවන්ගෙන් දියුනු තියුනු කර තිබේ. ඇත්තටම කිවහොත්, කාලගුනික සිදුවීම්මත් ආර්ථික හා සමාජයීය කොන්දේසි මගින් ගැඹුරුතර ලෙස බලපෑමට ලක්ව තිබේ. එක්සත් ජනපදයේ හා ලෝකය පුරා කුනාටු හා ගංවතුර ගැලීම්වල සීග‍්‍රතාව හා විනාශකාරී බව වැඩිවීමට හේතු කාරක වී ඇති ගෝලීය උනුසුම වැඩිවීම , අක‍්‍රමවත්, අථාර්කික හා ලාභ පිපාසිත ධනවාදයේ ස්වභාවය වගකිවයුතුබවට සැකයක් ඇත්තේ නැත.

ආරක්ෂා කලයුතුයැයි ඇමෙරිකානු පාලක පන්තියේ අවධානය යොමුවී ඇති ප‍්‍රධාන සම්පත් වේ නම් ඒ හූස්ටන් පලාතේ ඉන්ධන පිරිපහදු මිස නගරයේ කම්කරු පාන්තික නිවස්නවල් නොවේ. “ෆොක්ස් නිව්ස් සන්ඬේ” වෙත පෙනී සිටිමින්, එක්ෂොන් මොබිල් ප‍්‍රධාන විධායක නිලධාරී වත්මන් රාජ්‍ය ලේකම් හා මිලියනපතියෙකු ද වන රෙක්ස් ටිලර්සන්, “ඇතම්විට මේ ආකාරයේ සිදුවීම් සඳහා වඩාත්ම සූදානම්වී ඇත්තේ” ඉන්ධන හා ගෑස් කර්මාන්තය යැයි සඳහන් කරමින් ඔවුන්ගේ ආයෝජන ආරක්ෂා කෙරී ඇති බවට මූල්‍යමය කතිපයාධිකාරිත්වයට සහතික විය.

හුස්ටන්හි ගංවතුර තත්වය ඉහල නගිමින් පවතිද්දී, “හාවි සුලිකුනාටුව රක්ෂනකරුවන්ගේ ශේෂපත‍්‍රවලට හානිකර නොවන ලකුනු ” යන සිරසින් ඉරිදා වෝල්ස්ට්‍රීට් ජ‘නලය ලිපියක් පලකලේ ය.

හූස්ටන් ඇමෙරිකාවේ සමාජ අසමානතාවේ යෝධ මට්ටම්වලට නිදසුන් සපයයි. නිල දරිද්රතා රේඛාව සියයට 25ක් වන හා ලමා දරිද්‍රතාව සියයට 38ක් වන නගරය තුල දලවසයෙන් ලෝකයේ සිටින බිලියනපතියන් 1600 දෙනාගෙන් දහතුන් දෙනෙකු ජීවත් වෙති. පිව් රිසර්ච් මධ්‍යස්ථානය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව, හූස්ටන් වනාහී ධනපතියන් දිලිදු ජනයාගෙන් භූගෝලීය වසයෙන් වෙන් කෙරී පවතින එක්සත් ජනපදයේ ආර්ථිකමය වසයෙන් වඩාත්ම වියුක්ත නගරය යි.

හාවි සුලිකුනාටුව මගින් යනඑනමං අහිමි කල බොහෝ දෙනා වාර්තාකරුවන්ට කීවේ, ගංවතුරෙන් ගැලවී යාමට තරම්වත් ඔවුන්ට මුදල් නැති බව යි.

කැට්රිනා සුලිකුනාටුවෙන් අනතුරව මෙන්ම, 2010 වසරේ බීපී තෙල් කාන්දුව හා හූස්ටන් හා රටපුරා ඇතිවූ ගංවතුර ගැලීම් දුසිම් ගනනකට පසුවත්, ව්‍යසනයේ ගොදුරුබවට පත්වූවන් සඳහා කිසිවක් ලැබෙනු නැත. කැට්රිනා කුනාටුවෙන් පසුව දශකයට වඩා ගතවීත්, ලක්ෂ සංඛ්‍යාත හිටපු නිවැසියන්ට සිය නිවෙස් කරා පෙරලා ඒමට හැකියාවක් ලැබී නැති අතර නිව් ඕර්ලන්ස් අවට ප‍්‍රදේශ ගනනාවක් තවමත් පවතින්නේ ජන ශුන්‍ය මුඩුබිම් ලෙසය. තවදුරටත්, හුස්ටන්හි සිදුවීම් දිගහැරෙනුයේ, රාජ්‍ය ගංවතුර රක්ෂන වැඩසටහන හා සම්බන්ධ ව්‍යාපෘතිවලට කෙරෙන තියුනු කපාහැරීම්ද ඇතුලත්ව, 2018 මූල්‍ය වසර සඳහා අයවැය තුල ට‍්‍රම්ප් පාලනය මගින් (ගංවතුර පාලනය නියාමනය ක) ෆිමා (FEMA) සංවිධානයේ ප‍්‍රතිපාදන වලින් ඩොලර් මිලියන සියගනනක් කපා හැරීමට යෝජනා කරන අවස්ථාවක ය.

හූස්ටන් ගංවතුර ව්‍යසනයට ප‍්‍රතිචාර වසයෙන් වැඩකරන ජනයාගේ පාර්ශවයෙන් ස්වයන්සිද්ධව පලවූ සහෝදරත්වය, සහානුකම්පාව හා ධෛර්යය මූලිකව පෙන්නුම් කරන්නේ, මහජනයාගේ අවශ්‍යතාවන්ට සේවය කරන තත්‍ය වසයෙන් මානුෂීය හා තාර්කික සමාජයක් වර්ධනය කිරීම සඳහා පවතින යෝධ ශක්තිය යි. මේ මාර්ගය අවුරා නැගී සිටින්නේ, තුනී ප‍්‍රභූවකට ධනය හා සම්පත් රාශී කරගැනීමට සහ, පෙරනූවිරූ මට්ටම්වලින් පෞද්ගලික ප‍්‍රතිලාභය සඳහා සමාජය කොල්ල කෑමට හැකියාව ලබා දී තිබෙන ධනවාදයේ යල්පැනගිය සමාජ සබඳතාවන් ය.

අවශ්‍ය වී තිබෙන්නේ, ධනවාදී පද්ධතිය අවසානයකට ගෙන එමින් නිෂ්පාදන බලවේගවල පොදු අයිතිය හා පාලනය සහ සමාජ සමානාත්මතාවේ මූලධර්මය මත පදනම්ව සමාජවාදය ස්ථාපිත කිරීමට කම්කරු පන්තිය බලමුලුගැන්වීම යි.

ටොම් හෝල්

Share this article: