පාසල් වෙඩි තැබීම් වලට එරෙහි විරෝධතාවයන් සහ පන්ති අරගලයේ වර්ධනය

The protests against school shootings and the growth of the class struggle

2018 මාර්තු 24

ජාත්‍යන්තර වශයෙන් බොහෝ නගරද ඇතුලුව එක්සත් ජනපදය පුරා නගර 800 ක මිලියන ගනනින් ශිෂ්‍යයන් සහ තරුනයින් අද විරෝධතාවයකට සහභාගී වේ.

යූඑස්ඒ ටුඬේ/ඉප්සෝස් පෝල් පුවත්පතට අනුව වයස අවුරුදු 13 සහ 17 අතර පස්දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා එක්සත් ජනපද ඉතිහාසයේ ශිෂ්‍යයින් මූලිකත්වය ගෙන සිදුකරනු ලබන විශාලතම විරෝධතාවය වනු ඇති විරෝධතාවයට ඔවුන් සහභාගී වන බව ප‍්‍රකාශ කලේය. තවත් තරුනයන්ගෙන් සියයට 25 ක් ඔවුන් සමාජ මාධ්‍යයන් හරහා එයට සම්බන්ධ වන බව පවසයි.

“අපේ ජීවිත වෙනුවෙන් වූ පාගමන” යන විරෝධතාවය මූලිකවම කැඳවා සංවිධානය කොට තිබුනේ, ශිෂ්‍යයින් 14 ක්, ගුරුවරුන් තිදෙනෙක් සහ එක් පුහුනුකරුවෙක් මරනයට පත්කොට තවත් 17 දෙනෙකුට තුවාල සිදුකල පෙබරවාරි 14 දින සිදුවූ ෆ්ලොරිඩා හි පාර්ක්ලන්ඩ්වල පාසල් වෙඩි තැබීමෙන් දිවි ගලවා ගත්තවුන් විසිනි. පාසල් වෙඩි තැබීම් සමස්ථ පරම්පරාවකටම බලපා ඇත. වොෂිංටන් පෝස්ට් පුවත්පත විසින් සිදු කරන ලද විශ්ලේෂනයකට අනුව, 1999 කොලූම්බින් උසස් පාසලේ සිදු වූ ජන ඝාතනයේ සිට 187,000 ක් ශිෂයයින්ට සෘජු බලපෑමක් ඇති කරමින් ප‍්‍රාථමික සහ ද්විතීයික පාසල් 193 ක් පාසල් කාලය අතරතුර වෙඩි තැබීම් වල අත්දැකීම් ලබා ඇත.

කෙසේ වුවද පාසල් වෙඩි තැබීම් වඩා පලල් චෝදනාවලියක එල්ලය බවට පත්ව ඇත. සිය පාසල් තුල නිති පතා තමුන් මරා දැමීම පාලක පන්තිය ඔවුන්ගේ ජීවිත දකින ආකරය සමග වූ වගකීම් විරහිත බව සහ හෑල්ලුවට ලක්කිරීම පිලිබිඹු කරන්නේය යනුවෙන් පොදු හැගීමක් තරුනයින් අතර පවතී.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තැවුලෙන් යුතුව සිකුරාදා පල කරන ලද ලිපියක් තුල අද පැවැත්වෙන විරෝධතාවය තුල පිලිබිඹු වන තරුනයින්ගේ දේශපාලන රැඩිකලීකරනයට අවධානය යොමු කලේය. “මත විමසුම් වලින් සොයා ගෙන ඇති ආකාරයට කන්ඩායමක් ලෙස ඔවුන් පවත්නා දේශපාලන සහ ආර්ථික පර්යාය පිලිබඳ අතිශය ප‍්‍රවේශම්කාරී දැක්මක් සහිත ලිබරල් සමාජ විශ්වාසයන් සමග සම්බන්දිතයැ”යි එය පැවසීය.

ටයිම්ස් පුවත්පතේ “ආර්ථික පර්යාය” කෙරෙහි වූ වෛරය පිලිබඳ වක‍්‍ර සැඳැහුම බොහෝ තරුන ඇමරිකානුවන් ධනේශ්වර සමාජයකට වඩා සමාජවාදී හෝ කොමියුනිස්ට් සමාජයක ජීවත්වීමට කැමති වනු ඇති බවට පෙන්වන ඡන්දයට වූ යොමුවකි. වයස අවුරුදු 18 සහ 29 අතර ඇමරිකානුවන් පිලිබඳ සමීක්ෂන රට නිවැරදි දිශාවට ගමන් කරවන බවට සිතනුයේ ඉන් සියයට 14ක පමනක් වන බවත් එය උසස් පාසල් තරුනයන් අතර ඉතාමත් පහල තත්ත්වයක පවතින බවත් පෙන්වයි.

කම්කරු පන්තික තරුනයන් අද ජීවිතයේ සිය කොන්දේසි තුල ඓතිහාසික ආපසු හැරීමකට මුහුනු පාමින් සිටින සිය දෙමාපියන්ටත් වඩා දරුනු වූ කොන්දේසි වලට මුහුනපායි. තරුනයින්ගේ මධ්‍ය ඉපැයුම් ප‍්‍රමානය 1995 දීට වඩා සියයට 43 කින් පහල තලයක පවතී. දල ශිෂ්‍ය නය ප‍්‍රමානය 2008 ඩොලර් 24,000 සිට ඩොලර් 37,712 දක්වා ඉහල ගොස් ඇත. වයස අවුරුදු 18 අඩු එජ ලමයින්ගෙන් ආසන්න වශයෙන් පහෙන් එකක් දරිද්‍රතාවයේ ජීවත්වන අතර නිල මධ්‍යම දරිද්‍ර‍්‍රතා මට්ටමට වඩා දෙගුනයකින් අඩුවන සියයට 40 ක් පහල ආදායම් තලයේ ජීවත්වේ.

තරුන ජනතාවගේ දේශපාලන ව්‍යාපාරයක වර්ධනය එක්සත් ජනපදය පුරාමත් ජාත්‍යන්තරවත් කම්කරු පන්ති අරගලයේ වර්ධනය වන රැල්ලක් මධ්‍යයේ පැමිනෙමින් සිටී. පෙබරවාරි සහ මාර්තු වල පැවති බටහිර වර්ජිනියා ගුරුවරුන්ගේ වැඩ වර්ජනය අනුයමින් නිව් ජර්සි ගුරුවරුන් එක් දින වැඩ වර්ජනයක් සිදු කල අතර ඔක්ලහෝමා, ඇරිසෝනා, කෙන්ටකි, ටෙන්නිසී සහ අනෙකුත් රාජ්‍යයන්හි පෙලපාලි කැඳවීය. ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනඥයන්ගේ සහ ගුරුවරුන්ගේ විරෝධතාවයන් කෙන්යාවේ, නයිජීරියාවේ, ආර්ජන්ටිනාවේ, ජැමෙයිකාවේ, නෙදර්ලන්තයේ, එක්සත් රාජධානියේ, ස්ලෝවේනියාවේ, කැනඩාවේ සහ අනෙකුත් රටවල් වල පැන නැගී ඇත.

ගුරුවරුන් අතර විරෝධය වාර්තාගත සමාජ අසමානතාවය පිලිබද සමස්ථ කම්කරු පන්තියේ පලල් වෛරයේ ප‍්‍රකාශනයකි. බ‍්‍රහස්පතින්දා ප‍්‍රන්සයේ දුම්රිය රියදුරන්, ගුරුවරුන්, ගුවන් ගමන් පාලකයින් සහ අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින් ඉමෑනුවෙල් මැක්රන් ගේ දක්ෂිනාංශික ප‍්‍රතිසංස්කරනයන්ට එරෙහිව වැඩ වර්ජනයකට ගියේය.

තරුන කම්කරුවන් සහ ශිෂ්‍යයන් අතර මේ හා සමාන ව්‍යාපාරයක වර්ධනය සමාජ සහ පන්ති ගැටුමේ දැවැන්ත නැගිටීමක පෙර නිමිති කියාපායි.

ක‍්‍රියාත්මක කලහොත්, රාජ්‍ය බලය ඉහල දැමීමට සහ ජනතාව අධීක්ෂනය කිරීමේ උත්සාහයන්ට අනවරතයෙන්ම සම්බන්ධිත වනු ඇති ආයුධ පාලනය සඳහා වූ කැඳවුම, පිලිබඳ තරුනයින්ගේ කෝපය මැඩ පැවැත්වීමට ඩිමොක‍්‍රටික් පක්ෂය සහ මාධ්‍ය උත්සාහ කරමින් සිටී. ඊටත් වඩා, ඔස්ටින් වල පැතිරුනු බෝම්බ සිද්ධිය වැනි සිද්ධි වලින් ප‍්‍රදර්ශනය වූ ලෙස එබඳු ක‍්‍රියාමාර්ග ගැනීමෙන් එක්සත් ජනපදයේ මහජන ප‍්‍රචන්ඩත්වයේ වසංගතය නිමා නොවනු ඇති බවට ටෙක්සාස් ප‍්‍රාන්තය ප‍්‍රදර්ශනය කොට ඇත.

පාලක පන්තියේ ප‍්‍රධාන උත්සුකය වනුයේ කම්කරුවන්ගේ අරගලය සමග තරුනයන්ගේ විරෝධතාවයන් අනිවාර්යයෙන් සම්බන්ධ කරනු ඇති ඇමරිකානු සමාජයේ ප‍්‍රචන්ඩත්වයට යටින් පවත්නා හේතු වලට ආමාන්ත‍්‍රනය කරන ව්‍යාපාරයක් වැලැක්වීමයි. ඩිමොක‍්‍රටිකයන් බලාපොරොත්තු වනුයේ ඔවුන්ට ශිෂ්‍යයන්ගේ කෝපය “ඡන්ද පෙට්ටියට” ගාල් කිරීමට එනම් මේ වසරේ සහ 2020 මැතිවරන වලින් ඩිමොක‍්‍රටිකයන් තෝරාපත්කර ගැනීමට යොදා ගත හැකිවන බවයි.

කෙසේ වුවද ආයුධ ප‍්‍රචන්ඩත්වයේ හේතු පිලිබඳව බරපතල පරීක්ෂනයක් ධනේශ්වර පද්ධතිය විසින් නිශ්පාදනය කොට ඇති විනාශය පෙන්වා දීමක් ඉලක්ක කරයි.

විනාශකාරී සමාජ කොන්දේසි හා ධනේශ්වර පද්ධතියට එරෙහි ඕනෑම ප‍්‍රගතිශීලී විරෝධතාවයක මර්දනය මගින් නිශ්පාදිත, පලල් කලකිරීම සහ අපේක්ෂා භංගත්වයේ හැඟීම් නිසා හුදෙකලා සහ කෲර භාවයට පත් අය විසින් සිදු කරන මිනීමරු ක‍්‍රියාකාරකම් මාලාව වෙන් කොට තැබීම කල නොහැක්කකි. මෑතකදී සිදු කරන ලද එක් අධ්‍යයනයකට අනුව සුදු ලමුන් සහ යෞවනයන් සිය දිවි හානි කර ගැනීමේ අනුපාතය 2006 සහ 2016 අතර සියයට 70 කින් ඉහල ගිය අතර කලු ලමුන් සහ යෞවනයින් සියදිවි හානි කර ගැනීමේ අනුපාතය සියයට 77 කින් ඉහල ගියේය.

සිය රට තුල ප‍්‍රචන්ඩත්වය විදේශයන්හි සිදුවන ප‍්‍රචන්ඩත්වයෙන් වෙන් කල නොහැක. අද විරෝධතාවයට සම්බන්ධ වන අය සිය සමස්ථ ජීවිතයම “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” එනම් ආසන්න වශයෙන් වසර 17 කට පෙර 2001 දී ඇෆ්ඝනිස්ථානු ආක‍්‍රමනය, 2003 දී ඉරාක ආක‍්‍රමනය, 2011 ලිබියාවේ බෝම්බ හෙලීම, සිරියාවේ දැනටමත් සිදුවන එජ අනුබලය සහිත සිවිල් යුද්ධය යටතේ ජීවත්ව ඇත. තව තවත් යුද්ධයන් න්‍යාය පත‍්‍රයේ ඇත.

මහජන අධ්‍යාපනය සදහා සම්පත්, සෞඛ්‍යාරක්ෂනය (මානසික සෞඛ්‍යයද ඇතුලුව) සහ අනෙකුත් සමාජ සේවාවන් ට දිගට හරහට පහර දෙන අතර යුද අවි සදහා ඩොලර් ට්‍රිලියන ගනනින් වියදම් කරයි. ගුරුවරුන්ට හොඳ වැටුප් ගෙවීමට සහ උසස් අධ්‍යාපන ආයතන වල උපාධිධාරීන් ඩොලර් දහස් ගනනින් වූ නයෙන් නිදහස් කිරීමට මුදල් නොමැති බව පාලක පන්තිය විසින් අවධාරනය කරන අතරම පෙන්ටගනයට වාර්තාගත ඩොලර් බිලියන 700 ක ප‍්‍රතිපාදනයක් ලබා දෙන ඩිමොක‍්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් විසින් සහය දෙනු ලබන අයවැයකට ට‍්‍රම්ප් පරිපාලනය ඊයේ අත්සන් කලේය.

කාරනය වනුයේ විදේශයන්හිත්, රට තුලත් ප‍්‍රචන්ඩත්වයේ ප‍්‍රධානතම සැපයුම්කරුවා ඇමරිකානු රාජ්‍යය බවයි. 1999 කොලූම්බින් උසස් පාසල් ජනඝාතනයේ සිට පාසල් තුල පුද්ගලයින් 122 ක් මරා දමා ඇති අතර එම කාලයේම වසරක් තුල පොලීසිය මිනිසුන් 1000 ක් පමන මරා දමා ඇත. ඔවුන්ගෙන් බහුතරය තරුනයන් සහ ශිෂ්‍යයන්ය.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ලේ වැකි ප‍්‍රචන්ඩත්වය සහ මෙම ප‍්‍රචන්ඩත්වය මාධ්‍ය විසින් උත්කර්ෂයට නැංවීම එක්සත් ජනපදය ඇතුලතම වඩාත් හානිකර ප‍්‍රථිපල අත් කර දී ඇත. එය සමස්ථ රටෙහිම දේශපාලන සංස්කෘතිය දූෂිත කොට ඇති අතර ඩොනල්ඩ් ට‍්‍රම්ප් එහි එක් ප‍්‍රකාශනයක් පමනි.

යම්තම් වසරකට පෙර ට‍්‍රම්ප්ගේ වැඩ භාරගැනීමත් සමග මතුවූ මහජන විරෝධතාවයේ සිට ඩිමොක‍්‍රටික් පක්ෂය මැද පෙරදිග සහ රුසියාවට එරෙහිව ප‍්‍රකෝපකරනය සදහා වූ ව්‍යාපාරයක් පිටුපස සිය දක්ෂිනාංශික සහ ෆැසිස්ට්තාලයේ පිලිවෙත් වෙතට මහජන විරෝධතාවය දිශාගත කිරීමට සිය සියලු උත්සාහයන් කැපකොට ඇත. ඔවුන් සීඅයිඒ වධහිංසා කිරීම් සහ යුද අපරාධයන්ට වැරදිකරුවන් වූ හමුදා අනදෙන නිලධාරීන් ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පිලිබඳ වීරයින් ලෙස වගවර්නනා කොට ඇත. ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමට නම් විරෝධතාවයන්ට සහභාගී වන බහුතරයක් යුද්ධයට යැවිය යුතු බව ඉන් අදහස් වනු ඇත.

තරුන කම්කරුවන් සහ ශිෂ්‍යයන් අතර විරෝධතා පෙලපාලි වල මතුවීම 1968 ප‍්‍රන්සයේ වර්ධනය වූ තත්ත්වයන්ට සමාන වේ. කෙසේ වුවද සමාජ නොසන්සුන්තාව පාලනය කිරීමේ පාලක පන්තියේ හැකියාවට බරපතල ලෙස හානි වී ඇත. එජ තුලත් ජාත්‍යන්තරවත් දේශපාලන සංස්ථාපිතයේ පක්ෂ ගැඹුරින්ම අපකීර්තියට පත්ව ඇත. කම්කරු පන්ති අරගලයන් පාලනය කිරීමට වසර 50 කට පෙර කටයුතු කල ස්ටැලින්වාදී සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන තව දුරටත් නොපවතින අතර ඒවා තියුනු ලෙස දකුනට ගමන් කොට ඇත. දක්ෂිනාංශික කම්කරු පන්ති විරෝධී වෘත්තීය සමිති, තමන්ට පිටින් සහ එරෙහිව වර්ධනය වෙමින් ඇති ව්‍යාපාරයක් සාහසික ලෙස මර්දනය කිරීමට උත්සාහ කරමින් සිටී.

ඉදිරි මගක් සොයමින් සිටින තරුනයන් කම්කරු පන්තිය වෙතට හැරී ගැනීම කල යුතුය. තරුන කම්කරු පන්තියේ අරගලයන් ශීලාචාර රැකියාවන්, වැටුප්, සෞඛ්‍යාවරනය, සහ විශ‍්‍රාම දිවියේ සුරක්ෂිතතාවයක් සඳහා වූ සමස්ථ කම්කරුවන්ගේ සටන සමග සම්බන්ධ කල යුතුය. ඇමරිකාවේ ප‍්‍රචන්ඩත්වය නිර්මානය කරන කොන්දේසි වලට එරෙහි සටන යුද්ධයට, අසමානතාවයට, සහ ධනේශ්වර පද්ධතියට එරෙහි ව්‍යාපාරයක් ලෙස සවිඥානිකව වර්ධනය කල යුතුය. මෙය ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් සහ රිපබ්ලිකන් පක්ෂයෙන්ද, පාලක පන්තියේ රාජ්‍ය උපකරනයන්ගෙන්ද සම්පූර්න කැඞී ගැනීමක් ඉල්ලා සිටී.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය කම්කරු පන්තියේ සමාජවාදී දේශපාලන නායකත්වයක් ගොඩනගමින් සිටී. අද විරෝධතාවයට සහභාගී වන තරුනයින්ට සහ ලෝකය පුරා සියලු ශිෂ්‍යයන්ට සහ කම්කරුවන්ට සසජාතශි සහ සසප සමග සම්බන්ධ වී සමාජවාදය සඳහා වූ සටනට අවතීර්න වන ලෙස අපි කැඳවුම් කර සිටිමු.

ජෝසෆ් කිෂෝර්

Share this article: