ට‍්‍රම්ප් වට කොට තොන්ඩුව හිරවෙ යි

The noose tightens around Trump

2018 අප්‍රේල් 11

සඳුදා එෆ්බීඅයි සංවිධානය ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පුද්ගලික නීතිඥ මයිකල් කොහෙන් වටලෑමෙන් පසු, ට‍්‍රම්ප්ගේ ජනාධිපතිත්වය බේරා ගැනීම වඩ වඩා සැක සහිත වී ඇත.

බලයේ සිටින ජනාධිපතිවරයෙකුට එරෙහිව මාෆියා ලොක්කන් හා චූදිත ත‍්‍රස්තවාදීන් සඳහා සීමා වුනු උපක‍්‍රම යොදා ගැනීම පාලක පන්තිය හා ආන්ඩුව අතර මාස ගනනාවක් දීර්ග ගැටුම මුලුමනින් ම නව මට්ටමකට ගෙන එයි. සිරියාවට එරෙහිව මිලිටරි පියවර ගැනීම සම්බන්ධයෙන් ට‍්‍රම්ප් තම ජනරාල්වරුන් සමග රැස්වීමක් පවත්වමින් සිටිය දී කඩා පැනීම සිදු වී ය යන කාරනය අවධාරනය කරන්නේ පාලක ප‍්‍රභූව අතර ආතතීන්ගේ පුපුරන සුලු මට්ටම යි.

විශේෂ නීති උපදේශක රොබට් ම්‍යුලර්ගේ පැවරීමක පදනම මත, එෆ්බීඅයි ඒජන්තයෝ කොහෙන්ගේ පරිගනකය, දුරකතනය හා පුද්ගලික මූල්‍ය වාර්තා ඩැහ ගත් හ. 2016 මැතිවරනය තුල චූදිත රුසියානු මැදිහත්වීම් හා විය හැකි ට‍්‍රම්ප්ගේ දුස්සන්ධානය පිලිබඳ ම්යුලර්ගේ පරීක්ෂනය ධවල මන්දිරයට එරෙහි ඔත්තුසේවා සංස්ථාපිතයේ හා ඩෙමොක‍්‍රටික් පක්ෂ කන්ඩායම්වල උද්ඝෝෂනයේ අවධානය වී ඇත. ට‍්‍රම්ප් සමග සම්බන්ධකම් තිබුනාය කියන කාමෝද්දීපන නිලියක මෙන් ම ප්ලේබෝයි සඟරාවේ හිටපු සහායිකාවකට 2016 මැතිවරනය අතරතුර දෙන ලද රහස් රැකුම් අල්ලස්වලට සම්බන්ධ ලියවිලි ද ඔවුහු සොයා ගත්හ. ට‍්‍රම්ප් හා ඔහුගේ නීතිඥයා අතර වරප‍්‍රසාදිත සන්නිවේදන ඇතුලුව දත්ත සම්භාරයක් එෆ්බීඅයිය එකතු කර ගත්හ.

ට‍්‍රම්ගේ දීර්ගකාලීන නීතිඥයා ද විශ්වාසවන්තයෙකු ද වන කොහෙන්, ජනාධිපතිගේ “ක‍්‍රියාකරු” වීම පිලිබඳව කයිවාරු ගැසී ය. බිලියනපති නිව් යෝක් දේපල හා සූදු සමපේක්ෂකයා අපරාධකාරී ක‍්‍රියාකාරීකම්වල එරී සිටින බව ම්‍යුලර් හා පාලක පන්තිය තුල ට‍්‍රම්ප් විරෝධී කඳවුරු හොඳින් දනිති. කොහෙන්ගෙන් ඩැහගත් ලිපි තුල මෙම අපරාධ පිලිඹිබු වන බව නිශ්චිත ය.

ඔවුන් ට‍්‍රම්ප් බෙල්ලෙන් අල්ලා ගෙන ඇත, ට‍්‍රම්ප් එය දනී.

අති-ප‍්‍රතිචාර දැක්වීමේ චෝදනාවන්ගෙන් තෙමේ ම ආවරනය කර ගැනීමට ම්‍යුලර් ගනන් බැලූ උපායක් ක‍්‍රියාත්මක කලේ ය. බැංකු කටයුතු හා දුරකතන වංචා මෙන්ම මැතිවරන උද්ඝෝෂනය උල්ලංඝනය කිරීම් සම්බන්ධ කොහෙන්ගේ අපරාධ පරීක්ෂනය ඔහු යොමු කලේ එක්සත් ජනපද නිතීපති කාර්යාලයට යි. වරෙන්තුව ක‍්‍රියාත්මක කල එය එෆ්බීඅයි වැටලීම අධීක්ෂනය කලේ ය. මෙය අඟවන්නේ ම්‍යුලර් වැඩ කරමින් සිටින්නේ කොහෙන්ට එරෙහි ව පමනක් නො ව ට‍්‍රම්ප්ට ද එරෙහිව අභිචෝදනාවක් කරා බව යි.

සඳුදා අත්‍යාසමාන සිදුවීම් පෙන්වා දෙන්නේ අපරාධකාරී අධිචෝදනා හෝ යම් එවන් තර්ජනයක් දෝෂාභියෝගය මත පාදක මූලෝපාය ඉක්මවා යමින් තිබෙන බව යි. රිපබ්ලිකානු පාලිත කොංග‍්‍රසයෙන් දෝෂාභියෝගයක් ලබා ගැනීම දුෂ්කර වනු ඇත. බලයේ සිටින ජනාධිපතිවරයාට නඩු පැවරිය නො හැකි අතර පලමුව තනතුරෙන් නෙරපිය යුතු ය යන්න නො තකා ගනන් බලනු ඇත්තේ දැවන්ත දඬුවම් හා හිර බත් කෑමක තර්ජනය ට‍්‍රම්ප්ට ඉල්ලා අස්වීමට ඒත්තු ගන්වනු ඇති බවයි.

සිරියාව ගැන ඔහුගේ ජාතික ආරක්ෂක කන්ඩායම සමග රැස්වීමට පෙරාතුව, ම්‍යුලර්, ඔහුගේ නීතිපති ජෙෆ් සෙසන් හා ඔහුගේ නියෝජ්‍ය නීතිපති රොඩ් රොසෙන්ටේන් හෙලා දුටු ට‍්‍රම්ප්ගේ නොපැහදිලි ආක්‍රෝෂ පරිභවය, පිලිබිඹු කලේ ඔහුගේ ම අර්බුදය හා ඔහු තමන්ව පටලවා ගෙන සිටින උභතෝකොටිකයයි.

ම්‍යුලර් හා/හෝ ඔහුගේ ඉහල නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් දොට්ට දැමීමේ හැකියාව පිලිබඳ ඔහුගේ කතාව කොංග‍්‍රසය තුල ඇතම් ප‍්‍රමුඛ රිපබ්ලිකානුවන්ගෙන් තියුනු දෝෂාරෝපනයට ලක් විය. සෙනේට් අධිකරන කමිටුවේ රිපබ්ලිකානු සභාපති චුක් ග‍්‍රාස්ලි, අඟරුවාදා අනතුරු ඇඟවූයේ ට‍්‍රම්ප් එම මාවත ගැනීම “දේශපාලනික සියදිවි” නසා ගැනීමක් වනු ඇති බව යි.

මෙම අත්‍යාසමාන සිදුවීම් පාලක ප‍්‍රභූව හා එහි රාජ්‍ය උපකරන වල ඉහල ම මට්ටම් තුල පවතින බියකරු ගැටුමේ කොටසකි. මෙම සටනේ උත්සුකයන් වන්නේ එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තියේ අතිමූලික ප‍්‍රශ්න යි. ඩෙමොක‍්‍රටික් පක්ෂය හා සංගත මාධ්‍යයේ බහුතරය විසින් නායකත්වය දෙනු ලබන ට‍්‍රම්ප්ගේ විරුද්ධවාදීන්, සිරියාව තුල යුද්ධය ගෙන යාමට හා රුසියාවට මුහුන දීමට ට‍්‍රම්ප් ප‍්‍රමානවත් තරම් ආක‍්‍රමනකාරී නො වේ යයි සලකන, ඔත්තුසේවා සංස්ථාපිතයේ ප‍්‍රමුඛ කන්ඩායම් සමග සන්ධානගත ය.

ඔවුන් ම්‍යුලර්ගේ පරීක්ෂනය ද “රුසියානු ඇඟිලි ගැසීම්” හා මොස්කෝව විසින් පන පොවන ලද “ව්‍යාජ ප‍්‍රවෘත්ති” පිලිබඳ ව්‍යාජ කතාන්දරද යොදා ගනිමින් සිටින්නේ, රුසියාවට එරෙහිව එක්සත් ජනපද ප‍්‍රහාරය උත්සන්න කිරීමට ට‍්‍රම්ප් පොලඹවා ගැනීමට ය. නමුත් සඳුදා කඩා පැනීම අඟවන්නේ පාලක පන්තියේ තීරනාත්මක කන්ඩායම්, ඔවුන්ගේ විදේශ ප‍්‍රතිපත්තිය කලමනාකරනයට හෝ වඩා ආතති සහගත අභ්‍යන්තර තත්වය සමග ගනුදෙනු කිරීමට ට‍්‍රම්ගේ හැකියාව පිලිබඳ විශ්වාසය නැති කර ගෙන ඇති බව යි.

වොෂින්ටනයේ දේශපාලන කැලඹිල්ල පෙරමුනු ගනනාවක අර්බුදවල සන්නිපාතයෙන් තීව‍්‍ර කෙරී ඇත. එක්සත් ජනපදය ගැඹුරුවන භූදේශපාලනික අර්බුදයකට මුහුන දෙමින් සිටී, එය බොහෝ තියුනු ලෙස ප‍්‍රකාශ වන්නේ සිරියාව තුල එහි ආදේශක යුද්ධයේ අසාර්ථකත්වය තුලිනි. එහි ආර්ථික අර්බුදය තීව‍්‍රවෙමින් පවතින්නේ, චීනයට එරෙහි ට‍්‍රම්ප්ගේ වෙලඳ යුද්ධ පියවර නොපෙනෙන ප‍්‍රතිවිපාකවලට තර්ජනය කරමිනි, මූල්‍ය වෙලඳපොල ඇත්තේ කැලඹීමක ය, වෙලඳ හිඟය වර්ධනය වෙමින් තිබෙන අතර, අයවැය හිඟය වසරකට ඩොලර් ට්‍රිලියන 1 දක්වා ලඟා වෙමින් තිබේ.

සියල්ලෙන් වඩාත් භයානක වන්නේ කම්කරු පන්තික විරුද්ධත්වයේ වර්ධනය යි. සංගත වෘත්තීය සමිතිවලට එරෙහි ගුරුවරුන්ගේ වැඩ වර්ජන, බටහිරි වර්ජීනියාවේ සිට ඔක්ලහෝමා, කෙන්ටකී, ඇරිසෝනා හා අනෙකුත් ප‍්‍රාන්තවලට පැතිරෙමින් තිබේ. මෙම බොහෝ වැඩවර්ජන සිදු වෙමින් තිබෙන්නේ ට‍්‍රම්ප්ට ඡන්දය දුන් ප‍්‍රාන්තවලය යන කාරනය පෙන්වන්නේ ඔහුගේ සමාජ ගෝසාබද්දය මගින් කම්කරු පන්තිය අවමංගත කිරීමේ ට‍්‍රම්ප්ගේ හැකියාව උග‍්‍ර ලෙස ඛාදනය වී ඇති බව යි.

ඇමරිකානු ධනවාදයේ අර්බුදයට ප‍්‍රගතිශීලී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, එනම් විප්ලවවාදී විසඳුමකට පදනම සපයන්නේ පන්ති අරගලය මිස පාලක ප‍්‍රභූව තුල මාලිගා කුමන්ත‍්‍රන නොවේ. තමන්ගේ ම උපක‍්‍රමවලට හැරුනු, පාලක ප‍්‍රභූව ට‍්‍රම්ප් සමග මෙම ගැටලුව විසඳනු ඇත්තේ, වත්මන් ජනාධිපති ඇති ව හෝ නැතිව, දේශපාලන පද්ධතිය ඊටත් වඩා අන්ත දක්ෂිනාංශයට හරවමිනි. දෝෂාභියෝගයකින් හෝ ඉල්ලා අස්වීමට බල කිරීමෙන් ට‍්‍රම්ප් ඉවත් කිරීමට නියමිත නම්, ඔහු වෙනුවට පත් කරනු ඇත්තේ උප ජනාධිපති මයික් පෙන්ස් ය, වඩා විනීත නමුත් ඔහු කම්කරු පන්තියට ප‍්‍රතිගාමීත්වයෙන් අඩු හතුරෙකු වන්නේ නැත.

ම්‍යුලර් හා ට‍්‍රම්ප්ගේ නීතිඥයා මත කඩා පැනීම ආරක්ෂා කිරීමට යුහුසුලු වෙමින් සිටින සම්පූර්න ඩෙමොක‍්‍රටික් පක්ෂයම වාගේ ඇතුලත්ව මෙම බලවේග ඉල්ලා සිටින්නේ, ට‍්‍රම්ප් පසු ගිය අප්‍රේල් මාසයේ දී නියෝග කල ආකාරයේ එක මිසයිල ප‍්‍රහාරයකට වඩා දුර දිග යන, ප‍්‍රධාන මිලිටරි ප‍්‍රහාරයක් සිරියාව මත එල්ල කල යුතු අතර මිලිටරි ගැටුමක් දක්වා වන අවස්ථාවකට පවා රුසියාව සමග ගැටුම උත්සන්න කල යුතු බව යි.

එක්සත් ජනපදය සිරියාව තුල මිලිටරි මැදිහත්වීම දැවන්ත ලෙස තීව‍්‍ර කල යුතු යැයි ඉල්ලමින් නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයේ අඟහරුවාදා මුද්‍රනය කතුවැකියක් පල කලේ ය. එදින සන්ධ්‍යාවේ, එෆ්බීඅයි කඩා පැනීම ආරක්ෂා කරමින් ද ඔහුගේ නීතිඥයා මත කඩා පැනීම හෙලා දකිමින් උපකල්පිත සිරියානු ගෑස් ප‍්‍රහාරයෙන් අවධානය ඉවතට හැරවීම වෙනුවෙන් ට‍්‍රම්ප් හම ගසමින් ද කතුවැකියක් පල කලේ ය.

එය මෙසේ සඳහන් ක්‍ලේ ය: “ගෙවී ගිය පැය 24 අතරතුර ට‍්‍රම්ප්ගේ දුෂ්පාලන සැනකෙලියේ පසුබිම තුල මලානික වූ විකෘතිරූප අතර වූ සඳදා (ජාතික ආරක්ෂක) රැස්වීම පෙනෙන හැටියට නම් කැඳ වුනේ ගෝලීය වැදගත්කමක් ඇති කාරනයක් සාකච්චා කිරීමට ය: එනම් සිරියානු සිවිල් වැසියන් මත වාර්තා කෙරෙන රසායනික ප‍්‍රහාරයයි. ට‍්‍රම්ප් මහතා ඒ වෙනුවට එය තමන් පිලිබඳ දෙයක් කලේ ය....”

කැපී පෙනෙන එක් දෙයක් වන්නේ, පොහොසතුන් වෙනුවෙන් ට‍්‍රම්ප්ගේ බදු කප්පාදු සම්මත කිරීමට උදව් කල, ඔහුගේ වාර්තාගත පෙන්ටගන් අයවැයට ඡන්දය දුන් හා පිටුවහල් කිරීමේ තර්ජනයට මුහුන දෙන ලමා සංක‍්‍රමනික ප‍්‍රතිලාභීන් ආරක්ෂා කිරීම අතහැර දැමූ ඩෙමොක‍්‍රටික් පක්ෂයට පලල් මහජනයාට කිසියම් හෝ ආයාචානයක් කිරීමට ඇති අන්තිම නොහැකියාවයි. ට‍්‍රම්ප් සමග ගැටීමේදී එය පූර්න ලෙස විශ්වාසය රඳවා ඇත්තේ එෆ්බීඅයි හා සීඅයිඒ සංවිධාන මතය.

පසු ගිය ජූනියේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය “මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂින්ටනයේ දේශපාලන අර්බුදය හා කම්කරු පන්තියේ මූලෝ පාය” යනුවෙන් කතුවැකි තීරු ලිපියක් පල කලේ ය. එහි කොටසක එය මෙසේ සදහන් කලේ ය:

ට‍්‍රම්ප් හා ඔහුගේ පාලනය තුල, කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතින් සහ කම්කරු පන්තියේ ජීවන තත්වයන් විනාශ කිරීම ට සපථ කල දුෂ්ට සතුරෙකුට ය. එය වනාහි “පලමුව ඇමරිකාව” යන ජාත්‍යෝත්තමවාදය පදනම් කරගත් ගෝලීය න්‍යාය පත‍්‍රයක් පෙරටුකර ගත් ආන්ඩුවකි. කම්කරු පන්තිය මේ ආන්ඩුවට විරුද්ධ විය යුතුය; එය ඉවත් කර දැමීමට වැඩ කල යුතුය. එහෙත් මේ කටයුත්ත පාලක පන්තිය තුල ඉන්නා ට‍්‍රම්ප් විරෝධීන්ගේ කාන්ඩයට අතහැරිය යුතු නැත. ට‍්‍රම්ප් සහ ඩිමොක‍්‍රටිකයන් අතර ඝට්ටනය සිදුවන තතු තුල, කම්කරු පන්තිය පසෙකට වී බලා සිටිය යුතු නැත. කම්කරු පන්තිය ට‍්‍රම්ප්ට එරෙහිව සිය අරගලය වර්ධනය කල යුත්තේ තමාගේ ම ධජය සහ තමන් ගේ ම ක්‍රියා මාර්ගය යටතේ ය. මෙහි අර්ථය නම් කම්කරු පන්තිය දිගහැරෙන දේශපාලන අර්බුදයේ පන්ති ගතිකයන් පිලිබඳ පැහැදිලි වැටහීමක් වර්ධනය කරගත යුතු බවය.

එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර අර්බුදයේ වෛෂයික කොන්දේසි ද මහජන සමාජ විඥානයේ රැඩිකලීකරනය ද අතර අන්තර්ක්‍රියාකාරිත්වය පන්ති අරගලයේ පිපිරීම ලෙස ප‍්‍රකාශනය අත් පත් කරගනු ඇත. වෘත්තීය සමිති නිලධරය, ඩිමොක‍්‍රටික් පක්ෂය, සහ විවිධාකාර අනන්‍යතා දේශපාලනයේ ධනවත් අනුග‍්‍රාහකයන් විසින් දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය යටපත් කරනු ලැබීම අවසානයකට ලංවෙමින් පවතී

ඇමරිකා එක්සත් ජනපදය තුල මහා ජන අරගල න්‍යාය පත‍්‍රයට ඇතුලත්ව පවතී. විරෝධතා රැලි, පෙලපාලි සහා වර්ජන පොදු ජාතික පරිමාන ස්වභාවයක් අත්පත් කරගැනීම දෙසට වර්ධනය වනු ඇත. මෙම විෂ්ලේශනයෙන් පැනනගින දේශපාලන නිගමනය වන්නේ ට‍්‍රම්ප්ට සහ ඔහු නියෝජනය කරන සියල්ලටම එරෙහි කම්කරු පන්තියේ අරගලය, ධනේශ්වර ක‍්‍රමයට හා එහි රාජ්‍යයට එරෙහිවත්, රිපබ්ලිකානුවන්ගෙන් මෙන්ම ඩිමොක‍්‍රටිකයන්ගෙන් ද ස්වාධීනව සහ ඔවුන්ට විරුද්ධවත් වන මහජන දේශපාලන ව්‍යාපාරයක ඉක්මන් අවශ්‍යතාව කවරදාටත් වඩා හදිසි භාවයකින් ඉල්ලා සිටින බවයි.

මෙම විශ්ලේෂනය තහවුරු කෙරී ඇත්තේ කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වයේ රැල්ලකට මුහුන දෙන දේශපාලනික අර්බුදයේ ගැඹුරුවීම මගිනි. අපගේ විශ්ලේෂනය තහවුරු වීම මගින් වඩාත් හදිසි කරන්නේ කම්කරුවන් හා තරුනයන් සමාජවාදී සමානතා පක්ෂයේ විප්ලවවාදී සමාජවාදී ඉදරිදර්ශනය සඳහා සටන බාර ගත යුතු බව යි.

බැරී ග්‍රේ

Share this article: