1968 මැයි - ජූනි වලින් පසු පනස් වසරක්: ප‍්‍රන්සයේ පන්ති අරගලය පැනනගී

Fifty years after May-June 1968, the class struggle erupts in France

2018 අප්‍රේල් 7

1968 ප‍්‍රන්සයේ මැයි-ජුනි මහා වැඩ වර්ජනයෙන් අඩ සියවසකට පසු ප‍්‍රන්සයේ පන්ති අරගලය නව සහ පුපුරන සුලු අවධියකට ඇතුලු වෙමින් සිටී. විප්ලවවාදී ඇඟවුම් සහිත ගැටුමක් කම්කරු පන්තිය සහ සමස්ථ යුරෝපීය සංගමයේම අනුබලය ලත් ප‍්‍රන්ස ආන්ඩුව අතර මතුවෙමින් ඇත.

ප‍්‍රන්ස දුම්රිය මාර්ග පද්ධතිය පුද්ගලීකරනය කිරීමට ජනාධිපති ඉමෑනුවෙල් මැක්රන් ගත් තීන්දුවට එරෙහිව පසුගිය සතියේ පැවති වැඩ වර්ජනය ප‍්‍රන්සයේ මාර්ගස්ථ ප‍්‍රවාහනයන් බොහොමයක් වසා දැමීය. වැටුප් වැඩිවීමක් ඉල්ලමින් ප‍්‍රන්සයේ ගුවන් තොටුපල කම්කරුවන්ද, රාජ්‍ය සේවයක් ලෙස සිය සේවය පිලිගන්නා ලෙස ඉල්ලමින් විදුලි සහ අපවහන කම්කරුවන්ද වැඩවර්ජනයේ යෙදෙන දුම්රිය කම්කරුවන් සමග සම්බන්ධ වී ඇත. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වූ ප‍්‍රවේශය සීමා කරන නව තෝරාගැනීමේ නීති වලට විරෝධය දක්වමින් ශිෂ්‍යයන් විශ්ව විද්‍යාල තුල වාඩිලා ගනිමින් සිටී.

මෙකී වර්ධනයන් පන්ති අරගලයේ පලල් ජාත්‍යන්තර පැනනැගීමක් මධ්‍යයේ පැමිනේ. මෙම වසර මේ වන විටත් ජර්මනියේ, තුර්කියේ සහ නැගෙනහිර යුරෝපයේ ලෝහ සහ වාහන නිශ්පාදන කම්කරුවන්, බ්‍රිතාන්‍යයේ දුම්රිය මාර්ග කම්කරුවන් සහ බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ පලල් කොටසක් විසින් සිදුකල ප‍්‍රධාන වැඩ වර්ජනයන් අත් දැක ඇත.

මෙම අරගලයන් පැවැත්වෙනුයේ යුරෝපීය ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනය වන 1968 මැයි-ජුනි ප‍්‍රන්ස මහා වැඩවර්ජනයේ 50 වන සැමරුමේ සෙවනැල්ල යටතේය. කම්කරු පන්තියේ මෙම දැවැන්ත මහජන බලමුලු ගැන්වීම ප‍්‍රන්ස ධනවාදය සහ ජෙනරාල් චාර්ල්ස් ඩි ගෝල් ගේ තන්ත‍්‍රය පතුලටම සොලවා දැමීය. ශිෂ්‍ය විරෝධතාවයන් මර්දනය කිරීම මගින් කුලුගැන්වුනු මහජන වෛරය මිලියන 10 ක් කම්කරුවන් අතර වැඩ වර්ජනයක් පැන නැංවූ අතර ප‍්‍රන්සය පුරා කම්හල් තුල රතු ධජ ලෙල දුන්නේය.

කරුනු දෙකක් විසින් ඩි ගෝල්ව බේරා ගන්නා ලදී. පලමුවැන්න වූයේ එවක කම්කරු පන්තියේ ප‍්‍රධානතම පක්ෂය වන ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයේ (පීසීඑෆ්) ප‍්‍රතිවිප්ලවවාදී භූමිකාවයි. විප්ලවවාදී තත්ත්වය එය විසින් පාවාදීම මගින් කම්කරුවන් අධෛර්යමත් කරමින් සහ 1969 මැතිවරනය ජයග‍්‍රහනය කිරීමට ගෝල්වාදීන්ට ඉඩ දෙමින් වැටුප් වැඩිවීම වෙනුවට යලි වැඩට යාමක් එය සංවිධානය කලේය. දෙවන සාධකය වූයේ 1945-1975 දක්වා පශ්චාත් යුද උත්පාතයේ උඡ්ච අවධියේදී වැඩවර්ජනය පැනනැගීමයි. සහන සැලසීමට කාලය ලබා ගෙන සිය ප‍්‍රතිචාරය සූදානම් කර ගැනීමට, ධනපතියන්ට සම්පත් තිබුනි. එය ප‍්‍රන්ස නිශ්පාදන කර්මාන්තය විනාශ කොට මහජන විරැකියාව සහ කප්පාදු පිලිවෙත් ක‍්‍රියාත්මක කිරීම දක්වා ගියේය.

අද සිදුවන පන්ති අරගලයට ප‍්‍රතිසංස්කරනවාදී ප‍්‍රතිපලයක් නොතිබෙනු ඇත. ලෝක ධනවාදයේ අර්බුදය වසර 50 කට ඉහතදීට වඩා ගැඹුරුය. 1991 දී ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රය විසින් සෝවියට් සංගමය දියකර හැරීමේ සහ 1992 දී යුරෝපා සංගමය ආරම්භ කිරීමේ සිට වූ විසි පස් වසර ගැඹුරු වන සමාජ අසමානතාවය සහ මැද පෙරදිග, අප‍්‍රිකාව සහ යුරේසියාව හරහා අධිරාජ්‍යවාදී යුද ධාවනය ඉහල දැමීම අත්දැක ඇත.

මැක්රන් පසු නොබසිනු ඇත. ප‍්‍රන්ස පාලක පන්තිය ලෝකය යලි බෙදා ගැනීම සදහාවූ අධිරාජ්‍යවාදී පොරයට සම්බන්ධ වනු පිනිස පන්ති සම්බන්ධතාවයන් තියුනු ලෙස ප‍්‍රතිව්‍යුහකරනය කරමින් සිටී. සියලු යුරෝපීය බලවතුන් යලි සන්නද්ධ වන පරිදිම මැක්රන් 2024 වන විට හමුදා ගොඩනැගීමක් සඳහා යුරෝ බිලියන 300 ක් වැය කිරීමට, අනිවාර්ය යුද සේවය යලි ස්තාපනය කිරීමට, සහ ධනවතුන් සඳහා බදු කප්පාදු කිරීම් මගින් යූරෝ බිලියන ගනනක් පවරා දීමට සහතික වී ඇත. යුද යාන්ත‍්‍රනයට මුදල් සැපයීම පිනිස විශ‍්‍රාම වැටුප්, මහජන සෞඛ්‍යාවරනය, සහ විරැකියා රක්ෂනය ඇතුලු රාජ්‍ය වියදම් සහ මූලික සමාජ සේවාවන් කප්පාදු කිරීමට ඔහු සැලසුම් කරයි.

සන්නද්ධ පොලිස් රාජ්‍යයක් වෙත ප‍්‍රන්සයේ ගමන සඳහා කම්කරුවන්ට විරුද්ධ විය හැක්කේ මැක්රන් ආන්ඩුව පලවා හැරීමට වූ විප්ලවවවාදී අරගලයකින් සහ ප‍්‍රන්සය හා යුරෝපය පුරා කම්කරු පන්තිය රාජ්‍ය බලය ලබා ගැනීම සදහා වූ අරගලයකින් බලමුලු ගැන්වීම මගින් පමනි.

1968 සිට, කම්කරු පන්තියට සමාජවාදය වෙනුවෙන් කථා කරන බවට ව්‍යාජ ලෙස ප‍්‍රකාශ කල සංවිධාන සමග අපරිමාන අත්දැකීම් තිබී ඇත. 1968 සිය භූමිකාව සහ 1991 සෝවියට් සංගමය දියකර හැරීම සඳහා සිය සහයෝගය මගින් පීසීඑෆ් විනාශ මුඛයට පත්කොට ඇත. මැක්රන්ම මතුවී ආ, 1969 ආරම්භ කල සමාජවාදී පක්ෂය (පීඑස්) තමා කප්පාදු පියවරයන්ගේ සහ යුද්ධයන්ගේ ප‍්‍රතිගාමී ධනේශ්වර පක්ෂයක් බව ඔප්පු කලේය.

පීඑස්- ලූටේ ඔව්රියේ, පැබ්ලෝවාදී නව ධනේශ්වර විරෝධී පක්ෂය (එන්පීඒ) සහ ලැම්බර්ටිස්ට් ස්වාධීන ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂය ස්ථාපිත කිරීමේ ප‍්‍රධාන භූමිකාවක් රඟපෑ ට්‍රොට්ස්කිවාදයේ විවිධ ද්‍රෝහීන්ගෙන් පැවතෙන සුලු ධනේශ්වර වංශක්කරුවන් ඔවුන්ගේ භූමිකාව ලෙස ඉහල මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත ස්ථරයන් වෙනුවෙන් කථා කරයි.

මේ කන්ඩායම් වලට සිය සතුරු භාවය පිලිබඳව කම්කරුවන් වේගයෙන් දැනුවත් වෙමින් සිටී. විරෝධතාකරුවන් “මෙලන්චන් අත්හරිනු,” “පීඑස් එලියට දමනු” “ඒයි උඹ සෙනෙට් සමාජිකයෙක්, නුඹ සියලු ජරා ගනුදෙනු සිදු කලා” සහ ”දෙවියන්ද, ඊශ්වරයන්ද හෝ මෙලෙන්චන්ද නොවේ” යනුවෙන් කෑ ගසමින් එක් මෑත විරෝධතාවයකදී විරෝධතාකරුවන් හිටපු ලැම්බර්ටිස්ට් සහ හිටපු පීඑස් සෙනෙට් සභික ජීන් ලූක් මෙලෙන්චන් දොට්ට ඇද දැමීය.

පන්ති අරගලයන් මැඩ පැවැත්වීමට ව්‍යාජ වම්මුන්ට පීඑස් වලින් සහ සමිති වලින් දිග්ගැසුනු සංධානයක් එන්ඒපීඒ විසින් යෝජනා කෙරේ. “විවෘත මාර්ගය මැක්රන් පලවා හැරීමට මහා වැඩ වර්ජනයක් සඳහා, පලල් හමුවක් සඳහා දීර්ඝකාලීන ඉදිරි දර්ශනයක් සහිත පෙරමුනක් එනම් වෘත්තීය සමිති, පක්ෂ සහ පොදු ඉල්ලීම් පිලිබඳ සමාජ ව්‍යාපාරයේ සංවිධානයන් එකට ගෙන එන ඒකාබද්ධ පෙරමුනක් ගොඩනැගීම දක්වා පුලුල් කල හැකිය.”

මෙය අවඥා සහගත දෙබිඩි කථාවකි. කම්කරුවන් මහා වැඩවර්ජනයක් දෙසට ගමන් කරමින් සිටින්නේ ප‍්‍රතිගාමී දේශපාලඥයන් “පසුබැස්සවීමට” නොව ඔවුන් පලවා හැරීමටය. ඊටත් වඩා මැක්රන් දැන් කම්කරුවන්වෙතට එල්ල කරමින් සිටින කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවේ යෙදවීමට උදව් කොට ඇති වෘත්තීය සමිති සහ පක්ෂවල පලල් සංධානයක් එන්පීඒ විසින් උත්සුකයට නැංවේ. යමෙකු එන්පීඒ හි ප‍්‍රකාශනය පැහැදිලි ඉංග‍්‍රීසියට පරිවර්තනය කරනු ලැබුවහොත් එය “අපි ඔබව පාවා දෙමින් සිටිමු” යැයි කියනු ඇත.

එන්පීඒ සහ එහි හිතමිතුරන් යුදවාදයට සහ කප්පාදු පිලිවෙත් වලට වූ විරෝධය සලූපිලි අන්දවා වසා දැමීමට සහ මැක්රන්ගේ පිලිවෙත් අනුමත කර ගැනීම ට ඉඩදීම සඳහා ප‍්‍රවේශමෙන් පුහුනු වූ භූමිකාවක් රඟදක්වමින් සිටී. වෘත්තීය සමිති ජූනි වන තෙක් සතියට දින දෙකක් වශයෙන් කැරකෙන මාර්ගස්ථ ප‍්‍රවාහන කම්කරුවන්ගේ වැඩවර්ජන කැඳවමින් සිටී. මැක්රන්ට බලයේ සිටීමට ඉඩ හරිමින් සහ ඔහු පසුගිය මාසයේ පමනක් වෘත්තීය සමිති සමග සාකච්ඡා කරමින් සිටි එස්එන්සීඑෆ් පෞද්ගලීකරනය කිරීම පිලිබද ඔහුගේ තීරනය ප‍්‍රකාශයට පත්කිරීම නිවේදනය කිරීමට වැඩවර්ජනයන් අවසන් වන තෙක් බලා සිටීමට ඔහුට ඉඩ දෙමින් සිටින අතර මෙය මහජනයාට හිරිහැර කරමින් ඔවුන් කුපිත කරවනු ඇත.

මැක්රන් සමග සාකච්ඡා කොට විසඳා ගැනීමට කිසිවක් කම්කරුවන්ට ඇත්තේ නැත. ඔහුගේ ක‍්‍රියාමාර්ගය නීත්‍යානුකූල නොවන අතර ඒවා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වේ. මැක්රන්ගේ නියෝගයන් සඳහා මූලික සැකිල්ලක් සපයන සහ කම්කරු නීති සංග‍්‍රහයේ කම්කරු අයිතීන් ඉවත දමමින් වැටුප් සහ කොන්දේසි වලට පුහාර එල්ල කිරීමට වෘත්තීය සමිති වලට සහ සේවා යෝජකයන්ට ඉඩදෙන පීඑස් කම්කරු නීති, 2016 දී වෘත්තීය සමිති සාකච්ඡා කලේය. සියයට 70 ක මහජන විරෝධය නොතකා හදිසි අවස්ථා බලයන් භාවිතා කරමින් ඡන්දයකින් තොරව එකී නීතිය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තේය.

හදිසි නීති තත්ත්වය අතරතුර ජනාධිපති ෆ‍්‍රැන්කෝ හොලන්ඬේගේ පීඑස් ආන්ඩුව කම්කරු නීතියට එරෙහි මහජන විරෝධය ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කලේය. මෙම හදිසි තත්වයමත් දේශපාලන වංචාවක් වන අතර එය එල්ල කර ඇත්තේ රහස් ඔත්තු සේවයන්ගේ ආරක්ෂාව යටතේ ක‍්‍රියාත්මක වන ඉස්ලාමීය ජාලයක් විසින් ගෙනයන ප‍්‍රහාරයන්ට ප‍්‍රතිචාර ලෙසය. මෙම ප‍්‍රහාර අනෙක් පසින් සිරියාවේ නැටෝව ගෙන යන වක‍්‍ර යුද්ධයට උදව් කරයි.

පසුගිය වසරේ ඉබේම වාගේ මැක්රන්ව බලයට පත් කෙරිනි. හිටපු බැංකු කරුවෙකු සහ ජනප‍්‍රිය නොවූ නව ෆැසිස්ට් අපේක්ෂකයෙකු වන මරීන් ලා පෙන් අතර වූ තෝරා ගැනීමට මුහුන දී ඡන්ද දායකයන්ගෙන් අඩකටත් වඩා අඩුවෙන් මැක්රන්ගේ පක්ෂයට බහුතරයක් අත්කරදුන් ව්‍යාවස්ථාදායක මැතිවරනයන්ට සහභාගී විය. කෙසේ වුවත් නියෝගයන් මගින් කම්කරු කොන්දේසි දිගටහරහට කපා දැමීමට මැක්රන්ට ඉඩදෙමින් පීඑස් කම්කරු නීතියට දැවැන්ත බලයක් එක් කරන පනතකට පාර්ලිමේන්තුව ඡන්දය දුන්නේය. මෙම නීති යටතේ වාහන කර්මාන්තයේ රැකියා කප්පාදු කිරීමට සහ රසායනික කර්මාන්තයේ පහත අවම වැටුප් සඳහා පහසුකම් සලසන ගිවිසුම් වෘත්තීය සමිති මේ වන විටත් අනුමත කොට ඇත. මැක්රන්ට එරෙහිව වර්ධනය වන විප්ලවවාදී අරගලයන් පශ්චාත් 1968 “වම්මුන්” ලෙස පසුකොට විත් ඇති පක්ෂ සමග ගැටුමකට කම්කරුවන් අනවරතයෙන් රැගෙන එනු ඇත. මෙය 2016 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රන්ස ශාඛාව වන පාර්ටි ඩි ලෙගලිට් සෝෂලිස්ට් (පීඊඑස්) පක්ෂය පිහිටුවීමේ අර්ථභාරය අවධාරනය කරයි. එය ව්‍යාජ වම්මුන්ට සහ සියලු ධනේශ්වර පක්ෂයන්ට එරෙහිව කම්කරු පන්තිය විප්ලවවාදීව බලමුලු ගැන්වීම සඳහා සටන් කරමින් ප‍්‍රන්සය තුල ට්‍රොට්ස්කිවාදයේ සම්ප‍්‍රාප්තිය ප‍්‍රතිශ්ඨාපනය කලේය.

වෘත්තීය සමිති නිලධාරීවාදය කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවේ යෙදවීමට එලිපිටම සහභාගී වන හෙයින් පීඊඑස් ප‍්‍රන්සය පුරා වැඩබිම්වල, පාසල් වල සහ කම්කරු පන්තික ප‍්‍රජාවන් තුල ස්වාධීන කම්කරු ක‍්‍රියාකාරී කමිටු පිහිටුවීමට කැඳවුම් කර සිටී. මුලුමහත් දේශපාලන සංස්ථාපිතයේ සමාජ ප‍්‍රහාරයන් සහ යුද සැලසුම් පිලිබඳ සාකච්ඡා කොට ඒවාට එරෙහි විරෝධතාවය සංවිධානය කිරීමට වූ සමුලු කම්කරුවන්ට සහ තරුනයන්ට සැපයීම සම්බන්ධයෙන් මේවා තීරනාත්මක වේ.

පීඊඑස්. පෞද්ගලික ලාභය පිනිස නොව සමාජ අවශ්‍යකතාවයන්ගේ පදනම මත ආර්ථික ජීවිතය යලි සංවිධානය කිරීම සහ රාජ්‍ය බලය ලබා ගැනීමට යුරෝපානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී, සමාජවාදී සහ යුද විරෝධී ව්‍යාපාරයකට පන්ති අරගලය සහ ස්වාධීන කම්කරු ක‍්‍රියාකාරී කමිටු සංවිධානයන්ගේ වර්ධනය සම්බන්ධ කිරීමට සටන් කරනු ඇත. එය පීඊඑස් සහ සසජාතශි සඳහා සහය දක්වන ලෙස, එහි වැඩ පිලිවෙල අධ්‍යයනය කරන ලෙස සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට සම්බන්ධ වී එය ගොඩ නැගීමට තීරනය ගන්නා ලෙස අරගලයට පැමිනෙමින් සිටින කම්කරුවන්ට සහ තරුනයන්ට ආයාචනා කර සිටී.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: