ට්‍රම්ප් ඉරානයට විනාශකාරී යුද්ධ තර්ජනයක් එල්ල කරයි

Trump threatens Iran with a catastrophic war

2018 ජුලි 24

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, පසුගිය ඉරිදා රාත්‍රීයේ ඉරානයට එරහිව සියලු වෙර යොදා සිදු කරන යුද්ධයක් සම්බන්ධ ලොමුදැහැ ගැන්වෙන තර්ජනයක්, නිකුත් කලේය.

මිලියන 25 ක ජනතාවක් සිටින උතුරු කොරියාවට සමූල ඝාතනය කරන්නේ යැයි තර්ජනය කිරීමට ඔහු කලින් යොදා ගත් භාෂාවට සමාන භාෂාවක් භාවිතා කරමින් ඇමරිකානු සේනාධිනායකයා මෙසේ ට්විටර් පනිවුඩයක් තැබීය: වොෂින්ටනයට “තර්ජනය කිරීමට” ඉරානය “යලි කවදා හෝ” නිර්භය වුවහොත් “ඉතිහාසය පුරාවට කිහිප දෙනෙකු පමනක් අත්විඳි ආකාරයට පලවිපාක අත්විඳිනු ඇත.”

ට්‍රම්ප්ගේ සියල්ල කැපිටල් අකුරින් ඇති ට්විටර් පනිවුඩය වැඩකට නැති පුරාජේරුවක් නොවේ. ඔහුගේ පරිපාලනය, ඉරානය තුල තන්ත්‍ර මාරුවක් සඳහා වන ප්‍රකෝපකාරී සහ සැහැසි පෙලඹවීමක් සොයමින් සිටී. එවැන්නක් මුලුමහත් මැද පෙරදිගම ගිනි ජාලාවක වෙලන විනාශකාරී යුද්ධයක් ඇවිලීමට තර්ජනය කරන අතර ඇමරිකාව සහ අනෙකුත් ප්‍රභල බලයන් අතර මුහුනට මුහුනලා කෙරෙන සටනක් ඇති කිරීමේ හැකියාවකින් යුක්තය.

මැයි මාසයේදී වොෂින්ටනය 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පුපුරවා හැරි අතර ඉරානයට එරහිව සම්පූර්න පරිමානයේ ආර්ථික යුද්ධයක් නැවත දියත් කලේය. මෙය යුද්ධයට සමාන නීති විරෝධී ක්‍රියාවකි. ඊලඟ මාසයේ ඉරානයේ මෝටර් රථවාහන ක්ෂේත්‍රයට සහ රත්‍රන් සහ අනෙකුත් ලෝහ වෙලඳාමට සම්බාධක “නැවත පැමිනෙනු” ඇත. නොවැම්බරයේදී ඉරානයේ බලශක්ති, නාවුක සහ රක්ෂන ක්ෂේත්‍ර සහ මහ බැංකුවේ ගනුදෙනු ඉලක්ක කරගත් සම්බාධක බලපැවැත්වෙනු ඇත.

ඉරානයේ අයවැයේ විශාලම කොටසට වග කියන එරට තෙල් අපනයන බිංදුවට ආසන්න අගයකට අඩු කිරීමට වොෂින්ටනය සහතික වී ඇත. යුරෝපයේ සහ ආසියාවේ සිටින මූනිච්චාවට පමනක් සිටින මිතුරන් හට සම්බාධක සහන ලබාදීමට මේ දක්වා ඔවුන් ප්‍රතික්ෂේප කොට ඇති අතර ඒ වෙනුවට ඔවුන් ඒකපාර්ශවික ඇමරිකානු ඉරාන තහනම සමග එකඟ නොවුනහොත් ඔවුන්ව ඇමරිකානු වෙලඳපලින් සහ මූල්‍ය පද්ධතියෙන් අතු ගා දැමීමට පැහැදිලි ලෙසම තර්ජනය කලේය.

පෙන්ටගනය දැනටමත් ඉරාන හමුදාව සමග සටන්වල නිරත වෙමින් සිටී. අයිඑස්අයිඑස් සමග සටන් කිරීම නාමයෙන් සිරියාවේ අනුයුක්ත කර සිටින එජ සෙබලුන්, බෂර් අල් අසාද්ගේ රෙජිමයට සහය දක්වමින් සිටින ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායන් නිරන්තරයෙන් ඉලක්ක කොට තිබෙන අතර ඉරානය සහය දක්වන හවුතින්ට එරහිව යේමනය තුල සවුදි රාජාන්ඩුව විසින් ගෙන යන මිලේච්ඡ යුද්ධය සඳහා සැලසුම් සංවිධානය කිරීමේදී සහ උපක්‍රමික සහය ලබාදීමේදී වොෂින්ටනය තීරනාත්මක සහයෝගය ලබාදෙමින් සිටියි.

ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව පිලිබඳ උපදේශක සහ ඇමරිකාව ඉරානයට පහර දීම පිලිබඳ දීර්ඝ කාලීනව යෝජනා කරන අයෙකු වන ජෝන් බෝල්ටන් ඊයේ ට්‍රම්ප්ගේ තර්ජනය පුනරාවචනය කරමින් පැවසුවේ “ඉරානය කුමන හෝ ඍනාත්මක දෙයක් සිදු කල හොත්, රටවල් කිහිපයක් පමනක් මීට පෙර ගෙවා ඇති ආකාරයේ වන්දියක් ඔවුන් ගෙවනු ඇතැයි” ජනාධිපති තමන් සමග පැවසූ බවයි.

ඇමරිකාව ඉරානයේ ආර්ථිකය විනාශ කිරීමට සහ ටෙහෙරානය තුල ඇමරිකානු ගැති ආන්ඩුවක් ස්ථාපනය කිරීමට දිගටම කටයුතු කලහොත් එවිසින් “සියලු යුද්ධයන්ගේ මව වන ආකාරයේ යුද්ධයක්” මුදාහැරීමේ අනතුරක් ඇති කරනු ඇතැයි ඉරාන ජනපති හසන් රොවුහානි සිදුකල අනතුරු ඇඟවීමකට ප්‍රතිචාරයක් ලෙස ට්‍රම්ප් සිය තර්ජනාත්මක ට්විටර් පනිවිඩය හැඳින්වීය.

තමන් ඇමරිකානු පීඩනයට නොනැවී ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යටතේ වන බැඳීම් කඩ නොකරන බවට යුරෝපීය බලයන්ගෙන් පොරොන්දුවක් ලබාගැනීමට නොහැකිවීමෙන් අධෛර්යමත් වූ රොවුහානි මේ මාසය මුලදී පැවසුවේ ඉරානයට තමන්ගේ තෙල් අපනයනය කිරීමේ අයිතිය අහිමි වුවහොත් එමගින් හෝමුස් සමූද්‍ර සන්ධිය වසා දැමෙනු ඇති බවයි.

ලෝකයේ සියලුම තෙල් අපනයනය කිරීම් වලින් පහෙන් එකකට දොරටුව වන සමූද්‍ර සන්ධිය හරහා “ගමන් කිරීමේ නිදහස සහ නිදහස් වෙලඳ ප්‍රවාහය” සහතික කිරීමට ප්‍රතිඥා දෙමින් පෙන්ටගනය පැය කිහිපයක් ඇතුලත ප්‍රකාශයක් නිකුත් කලේය.

ඉරානය ඇමරිකාවට තර්ජනය කරන බවට වන ට්‍රම්ගේ ප්‍රකාශයන් විකාර සහගතය.

ෂාගේ දුෂ්ඨ ඒකාධිපතිත්වයට ප්‍රාකාරයක් ලෙස ශතවර්ෂ කාලක් පුරාවට සේවය කර ඇතුවාක් මෙන්ම ඉරානය නැවත වරක් නව යටත් විජිතයක් තත්වයට ඇද දැමීමේ ඉලක්කය ඇතිව ශත වර්ෂ හතරක් දීර්ඝ සම්බාධක, තර්ජනය කිරීම්, ෂා ව ඉවත් කල මහජන විප්ලවය අයුතු ලෙස අත්කර ගත් ජාතිකවාදී රෙජීමයක් වන ඉස්ලාමීය ජනරජයට එරහිව යුද තර්ජන වල ව්‍යාපාරයක්, ගෙන ගොස් ඇත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදයයි.

ඉරානයේ ඊසානදිග අසල්වැසියා වන ඇෆ්ගනිස්තානය 2001 දීත් එහි බටහිර අසල්වැසියා 2003 දීත් නීති විරෝධී ලෙස ආක්‍රමනය කලේ වොශින්ටනයයි. මෙම ඉරාන ආක්‍රමනයේදී බුෂ් පරිපාලනයේ ඉහල නිලධාරීන් වන බෝල්ටන්, උප ජනපති ඩික් චෙනී ප්‍රසිද්ධියේ කටමැත දෙඩවීම ටෙහෙරානය තුල තන්ත්‍ර මාරුවකට පූර්විකාවක් විය.

ලෝකයේ ප්‍රධාන තෙල් අපනයනය කිරීම කලාපයේ අසීමාන්තික ආධිපත්‍ය ලුහුබැඳ යාමේදී එකකට පසු එකක් වශයෙන් මුලු මහත් ශිෂ්ඨාචාරයන්ම වනසා දමා ඇති, මිලියන ගනනක් දෙනා ගේ මරන වලට, තුවාල වලට, අවතැන් වීම් වලට හේතු වූ විනාශකාරී යුද්ධ 1991 සිට මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ සිදුකරගෙන ගොස් ඇත්තේ ඇමරිකාවයි.

2011 ත් 2015ත් අතර ඉරානයේ තෙල් අපනයනය අඩාල කල සහ ආර්ථිකය දුබල කල සම්බාධක පැනවීමේ මූලිකත්වය ගත්තේ ඇමරිකාවයි. එය එසේ කලේ ඉරානයේ සිවිල් න්‍යෂ්ටික වැඩසටහන කඩා බිඳ දැමීම සඳහා වන වොෂින්ටනයේ ඉල්ලීම් වලට ඉරානය යටත් නොවුනහොත් එයට යුද්ධයකට මුහුනදීමට වන බවට නිරන්තරයෙන් තර්ජනය කරමින් සහ ඊස්රායලය, සෞදි අරාබිය සහ අනෙකුත් කලාපීය අනුග්‍රාහක රාජ්‍යන් බිලියන සිය ගනනක් වටිනා ඉහල තාක්ෂනයෙන් යුත් අවි ආයුධ වලින් සන්නද්ධ කරමින්ය.

ඉරානය 2015 ගිවිසුමට අනුකූලව කටයුතු කරන බව අන්තර්ජාතික පරමානුක ශක්ති ඒජන්සිය නැවත නැවතත් සොයාගෙන තිබියදීත් ට්‍රම්ප් පරිපාලනය ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ප්‍රතික්ෂේප කොට ඇති අතර දැන් ඉරානයට එරහි ආර්ථික යුද්ධයක් අරඹා ඇත.

ඊයේ විවිධ ඩිමොක්‍රටිකයන් සහ විශ්‍රාමික පෙන්ටගන් සහ සීඅයිඒ නිලධාරීන් ට්‍රම්ප්ගේ යුදකාමී ට්විටර් පනිවිඩය විවේචනය කලෝය. හෙල්සින්ක්හී ජුලි 16 පවතී සමුලුවේදී රුසියානු ජනාධිපති පුටින් හමු වෙමින් ට්‍රම්ප් පල කල ඔහුගේ “ඉඳුරාම ඇමරිකානු නොවන” හැසිරීමෙන් අවධානය ඉවතට හැරවීමට ඔහු උත්සාහ කරමින් සිටි බව ඩිමොක්‍රටික් සංවිධායක ස්ටේනි හොයර් පැවසීය. “ඔහු පුටින් සම්බන්ධයෙන් දුර්වල අතර තමන් රොවුහානි සම්බන්ධයෙන් දරඳඬු බව ඔප්පු කිරිමට ඔහුට අවශ්‍ය කෙරී ඇත” හොයර් වොෂින්ටන් පොස්ට් වෙත පැවසීය.

ඩිමොක්‍රටිකයන් ට්‍රම්ප්ගේ “ඇමරිකාව අංක එකට” පිලිවෙතෙහි ඉලක්කය සමග එකට සිටී. එනම් ඇමරිකානු ලෝක ආධිපත්‍ය සහතික කිරීමයි. එමෙන්ම ඔවුන් රිපබ්ලිකානුවන් මෙන්ම ඇමරිකානු අතිරේක මිලිටරි බලය එහි සාපේක්ෂ ආර්ථික බලයේ සහ ගෝලීය ස්ථානයේ විශාල ඛාදනය වීම හානි පූරනය කිරීම සඳහා භාවිතා කිරීමට 1991 සිට කටයුතු කරමින් සිටී.

එහෙත් මෙම මූලෝපාය හඹා යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැඹුරු සහ පුපුරනසුලු උපක්‍රමික වෙනස් කම් ඇත. “මෘදු වීම” සම්බන්ධයෙන් නැතහොත් පුටින් හට තමන්ගෙන් එකහෙලාම වාසි ලබාගැනීමට ඉඩ දීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ව ඉලක්ක කරගනිමින්, සීඅයිඒ සහ මිලිටරි - ආරක්ෂක සංවිධාන වල පුලුල් ස්ථර වල සමීප එකඟත්වය සහිතව ඉහලට ආ ඩිමොක්‍රටිකයන්ගේ වියරු සහගත උද්ඝෝෂනය මෙයට උදාහරන සපයයි.

ඇමරිකානු පාලක පන්තියේ මෙම ස්ථරය, රුසියාවට එරෙහි ඇමරිකානු මිලිටරි-මූලෝපායික ආක්‍රමනයේ කුමන හෝ ලිහිල් කිරීමකට දැඩි ලෙස විරුද්ධ වන අතර ඉරානය සමඟ සබඳතා ක්ෂනිකව නවතා දැමීම කෙරෙහි ට්‍රම්ප්ගේ අවධානය යොමු වීම මෙම බලවත් මූලෝපායික සතුරාට එරෙහි පොරයෙන් අපගමනය වීමක් ලෙස දකියි.

ඉරානය මත මූලෝපායික පීඩන ඉහල නංවන අතරේ රුසියාවට විශාල පහරක් එල්ල කිරීමට ඇමරිකාවට අවස්ථාවක් සපයනු ඇතැයි තර්ක කරමින්, සිරියාව තුල අති විශාල මිලිටරිය ඉහල නැංවීමක් වෙනුවෙන් ඔවුන් උද්ඝෝෂනයක් ගෙනයමින් සිටියි.

අනෙක් අතට ට්‍රම්ප්, තාවකාලික ලෙස රුසියාව පිලිගැනීමෙන් එය ඇමරිකානු අවශ්‍යතා වෙනුවෙන් සේවය කරනු ඇතැයි ගනන් බලයි. ඒ පලමුව සහ ප්‍රමුඛවම රුසියාව සහ චීනය මූලෝපායිකව තව දුරටත් පෙල ගැස්වීමට වලක්වමින් මෙන්ම ඉරානයට එරෙහි යුද ධාවනය වෙත යන මාවත පහසු කරමින්ය.

හෙල්සින්ක් හීදී ට්‍රම්ප්ගේ එක් අරමුනක් වූයේ, “සාම ගිවිසුමේ” කොටසක් ලෙස සිරියාව තුල ඉරානයේ ආනුභාවය නැතිකර දැමීමට බල කිරීමට හෝ අඩු තරමේ අති විශාල අඩු කිරීමට බල කිරීමට පුටින් හට පීඩනය දැමීමයි. රුසියාව පැහැදිලිවම පෙනෙන ආකාරයට මෑත කාලීන මාස වලදී ප්‍රබල ලෙස ඊස්රායලයට සහ ඇමරිකානුවන්ට සිරියාව තුල සිටින ඉරාන බලකායන්ට පහර දීමට ඉඩ ලබා දී ඇත.

ඉරානය සමග ගැටුමකට යාමට ට්‍රම්ප්ට ඇති දැඩි උනන්දුව බැඳී පවතින්නේ, චීනය ඉක්මනින්ම තමන් සමග ගැටෙතැයි යන ඔහුගේ ගනනය කිරීම් මතය. ඉරානය නැවත යටත් කර ගැනීම චීනයේ ආර්ථිකය පවත්වාගෙන යාමට වැදගත් වන මැද පෙරදිග තෙල් සම්පත් මත ඇමරිකාවට සම්පූර්න ග්‍රහනයක් ලබා දෙනු ඇති අතර යුරේසියාව එකට එක් කිරීම ගැඹුරු කිරීමට සඳහා වන චීනයේ එක් තීරුවක්, එක් මාවතක් මූලෝපායේ එක් වැදගත් පුරුකක් අහිමි කරනු ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විලෝපික ඉලක්ක වඩාත් හොදින්ම හඹා යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වන මෙම ගැටුමේ ප්‍රතිපලය කුමක් වුවත් වොෂින්ටනය නිර්දය ලෙස පුපුරන සුලු ප්‍රචන්ඩත්වයක් දෙසට වන මාවතේ ගමන් කරමින් සිටී. එය මැද පෙරදිග සහ ලෝකයේ සිටින මිනිසුන්ට විනාශය සම්බන්ධයෙන් තර්ජනය කරයි.

යුරෝපියානු අධිරාජ්‍යවාදීන් සම්බන්ධයෙන් ගත කල ඔවුන් ට්‍රම්ප්ගේ පිලිවෙත් වලට අකමැත්තක් දක්වන්නේ ඒවා, ඉරානයේ වෙලඳපලවල් සහ තෙල් සම්පත් අල්ලා ගැනීමට වන ඔවුන්ගේ සැලසුම් ඇතුලු ඔවුන්ගේ අවශ්‍යතාවන් වලට තර්ජනය කරන නිසාය. මෙලෙස බර්ලීනය, ලන්ඩන්, සහ ප්‍රන්සය ඇතුලු සියල්ලන්ම 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රචන්ඩත්වයේ දිග්ගැස්සීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ තමන්ව දැඩි ලෙස ආයුධ සන්නද්ධ කර ගැනීමෙනි.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් මත සහ සමාජවාදය සඳහා අරගලය මත පදනම් විය යුතුය යන්න, ඇමරිකානු සහ මැද පෙරදිග ඇතුලු ලෝකය පුරා පන්ති අරගලයේ නැවත නැගී ඒම මගින් අවධාරනය කරයි.

කීත් ජෝන්ස්

Share this article: