ඇමරිකාවේ පොලිස් ප්‍රචන්ඩත්වයේ නොනවතින බලාධිකාරය

America’s unending reign of police terror

2018 අගෝස්තු 11

පොලිස් නිලධාරී ඩැරන් විල්සන් විසින් මිසුරි වල ෆර්ගියුසන්හි මයිකල් බ්‍රවුන්ගේ ඝාතනයෙන් පොලිස් ප්‍රචන්ඩත්වය කෙරෙහි දැවැන්ත මහජන විරෝධය ඇවිලීමෙන් සිව් වසරකට පසු එක්සත් ජනපදයේ දිනපතා සිදුවන පොලිසිය විසින් සිදු කරන ඝාතන ප්‍රහාර අඛන්ඩව පවතී. ජූලි මස අවසානය වන විට අවම වශයෙන් පුද්ගලයින් 720 දෙනෙකුගේ ජීවිත මේ වසරේදී පොලීසිය අහිමි කොට ඇති අතර, සාමාන්‍යයෙන් දිනකට පොලීසිය විසින් සිදු කරන මරන තුනකට වඩා සිදුවේ.

වත්මන් තත්වය සැලකීමේදී 2018 වසර එක්සත් ජනපදයේ පොලිස් ඝාතන සඳහා වාර්තාගතව ඇති මාරාන්තික වසර අතර තිබෙනු ඇත. සම්පූර්නයෙන්ම වාගේ මෙම සියලු ඝාතන ජාතික ජනමාධ්‍යයයේ රේඩාරය තුල සිදුවිය. විශේෂයෙන්ම වීඩියෝ ගත කරන එකී බරපතල සිදුවීම් අත්හැර දැමීමට මත්තෙන් රාත්‍රී පුවත්වල අනිවාර්ය තත්පර කිහිපයක් වෙන්කර ගනී.

නවතම ඝාතනයන් අතර එකක් වනුයේ 25 හැවිරිදි ඩැනියෙල් හැම්බ්රික් ඔහු රථවාහන නැවතුමකින් පලා දිවූ හෙයින් ටෙන්නෙසී වල නෂ්විල් හි 25 හැවිරිදි පොලිස් නිලධාරි ඇන්ඩෘ ඩෙල්කේ විසින් ඔහුගේ පසුපසට වෙඩි තබා ඝාතනය කිරීමයි. හැම්බ්රික් අප්‍රිකානු ඇමරිකානුවෙක් වන අතර ඩෙල්කේ සුදු ජාතිකයෙකි.

තුවක්කුවකින් සන්නද්ධ වූ මෝටර් රථයක් නැවැත්වීමේදී හැම්බ්රික්ව මරා දමනු ලැබූ බව මූලික වාර්තා පෙන්වා දුන්නේය. හැම්බ්රික් ට සාපරාධී දෝෂයන් පිලිබඳ දිගු වාර්තාවක් තිබුනු බවට ප්‍රසිද්ධ කිරීම මගින් පොලීසිය ඝාතනය සාධාරනීකරනය කලේය.

මල සිරුර පිලිබඳ පොලිස් වීඩියෝ පට වාර්තාවක් ක්ෂනිකව නොලැබෙන තතු යටතේ දේශීය මාධ්‍යයෙන් පිටත සුලු අවධානයක් සහිතව හැම්බ්රික් ගේ ඝාතනය අනුමත කලේය. පවුලේ අය සහ හිතමිතුරන් විසින් යුක්තිය සහ පොලිස් ඝාතන අවසන් කරන ලෙස ඉල්ලා සිටීමින් විරෝධතා පවත්වන ලදී. හැම්බි්‍රක්ව ආදරනීය ලෙස මතකයට නගා තිබුනේ සිය පවුලේ සාමාජිකයන් සඳහා දැඩි සැලකිල්ලක් දැක්වූ සහ මේ මාසයේ නව රැකියාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමින් සිටි තරුනයෙකු වන “ඩෑන් ඩැන්” ලෙසය.

මෙම සතියේ දී ඔහු පලා ගිය හෙයින් ඩෙල්කේ විසින් හැම්බ්රික්ගේ පසුපසින් වෙඩි තැබූ බව පෙන්වමින් දිස්ත්‍රික් නීතිපති විසින් ජාතික කෝපය අවුලුවන විමර්ශන වීඩියෝ පටයක් නිකුත් තිරීමත් සමග පොලීසියේ පච අනාවරනය විය.

හැම්බ්රික්ගේ මරනය දෛනික ඇමරිකානු ජීවිතයේ කොටසක් වන පොලිස් ඝාතන, පහරදීම් සහ අඩන්තේට්ටම් කිරීම් වල නෙනවතින දාමයක එකකි. සියලු වාර්ගිතයන්ගේ සහ ජාතිකත්වයන්ගේ කම්කරුවන් හා තරුනයන් මෙහි ගොදුරු වේ.

මැයි මාසයේ සුදු ජාතිකයෙකු වූ 20 හැවිරිදි කෝඩි රෙනොල්ඞ්ස්, මිචිගන් පොලිස් නිලධාරියෙකු වන රෝයල් ඕක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. රේනොල්ඞ්ස් නිරායුධව සිටියද, පොලීසියට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කර නැත. ජුනි මාසයේ දී තර්මන් බෙල්වින් ජේ ඔහු පොලිසියෙන් පලා ගිය හෙයින් මිනියපොලිස් වල මිටියාවතක දී පොලිස් උන්ඩ වරුසාවකින් ඝාතනය කලේය. අභිචෝදකයන් පසු ගිය මාසයේදී කිසිදු අපරාධ චෝදනාවක් ඇත්තේ නැති බවට නිවේදනය කලේය.

දිනකට ආසන්න වශයෙන් සිදුවන ඝාතන තුනකට අමතරව කම්කරුවන් හිරිහැර කිරීමේ, පහරදීමේ සහ අඩන්තේට්ටම් කිරීමේ අවමානය දරා ගත යුතුය. සඳුදා ඔහියෝ වල සින්සිනාටි හි රාජකාරියෙන් බැහැර පොලිස් නිලධාරියෙකු ටැසර්ඞ් නම් 11 වියැති දැරියක් සාප්පුවකින් බඩු සොරකම් කිරීම පිලිබද චෝදනාවට වෝල්ට්ස් 50000 ක විදුලි ධාරිතාවයක් ඇයගේ සිරුර හරහා යැවීය. මේ මාසයේ මුලදී ඩෙට්රොයිට් රිසීවින්ග් රෝහල අසල නිවාස නොමැති කාන්තාවකට පොලිස් නිලධාරියෙකු ප්‍රචන්ඩ ලෙස පහර දෙන ලොමු දැහැගන්වන වීඩියෝ දර්ශනයක් ඉදිරිපත් වූ අතර පහරකෑමට ලක්වූ කාන්තාව සහ පොලිස් නිලධාරියා යන දෙදෙනාම කලු ජාතිකයන් වේ.

පොලිස් ප්‍රචන්ඩත්වය සහ කුරිරු බව රාජ්‍ය යාන්ත්‍රනය සහ එහි සියලු ආයතනයන් මත බලපෑම් ඇතිකරන නොනනවතින යුද්ධය හා ආන්තික සමාජ අසමානතාවය මගින් සංලක්ෂිත ගුනාංගීකරනය කරන ලද දුෂ්ඨ සමාජ සහ ආර්ථික පද්ධතියේ ප්‍රකාශනයකි. රාජ්‍යය උදාසීන ව්‍යුහයක් නොව, පන්ති පාලනයේ උපකරනයකි. පන්ති ආතතීන් වැඩිවන විට, සමාජ පද්ධතියේ ශක්‍යතාව වෙන කවරදාකටත් වඩා දුර්වල වන විට සමාජ පද්ධතිය පවත්වා ගෙන යාමට ඇති සන්නද්ධ පුද්ගල ව්‍යුහය ඒ අයුරින්ම වඩ වඩාත් කෲර භාවයට පත්වේ.

පොලීසිය විසින් සිදු කරන ප්‍රචන්ඩත්වය, ආගමන හා රේගු බලධාරීන්ගෙන් සහ රේගුවෙන්ද දේශසීමා සුරැකීමේ ආයතනයන්ගෙන්ද එමෙන්ම දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කිරීම, රැඳවුම් කඳවුරු ගොඩනැගීම සහ සංක්‍රමනික කම්කරුවන් පැහැර ගැනීම හා පිටුවහල් කිරීම වැනි ෆැසිස්ට් තාලයේ ක්‍රියාවන්ගෙන් වෙන් කල නොහැකිය.

අවි ආයුධ හා පුහුනුව ලබා දීමද ඇතුලුව අභ්‍යන්තර කටයුතුවලදී වෙන කවරදාකටත් වඩා සෘජු භූමිකාවක් රඟදක්වමින් සිටින බුද්ධි අංශ සහ සන්නද්ධ බලකායන් ඇතුලත් වන “සමස්ථ හමුදාවේ” කොටසක් ලෙස පොලිසිය පවතියි. සංක්‍රමනික ප්‍රජාවන්ට එරෙහිව ට්‍රම්ප් විසින් මුදා හැර ඇති ගෙස්ටාපෝ බඳු නියෝජිතයින් පරිදි , ඩිමොක්‍රටිකයන් ප්‍රජාතන්ත්‍රවාදයේ මාර්ගෝපදේශකයන් ලෙස සීඅයිඒ, එෆ්බීඅයි සහ එන්එස්ඒ යන ආයතන වල මුල් පුටු දරන වධකයන්ට සහ අපරාධකරුවන්ට සහය දක්වයි.

විදේශ ප්‍රතිත්තියේ කරුනු මත කේන්ද්‍රගතවූ ඔවුන්ගේ උපායික වෙනස්කම් කුමක් වුවද, සමස්ත දේශපාලන සංස්ථාපිතය එනම් ඩිමොක්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් රාජ්‍යයේ පොලිස් බලයන් ආරක්ෂා කරන අතර එය කම්කරු පන්තියේ වැඩෙන සමාජ විරෝධයට එරෙහිව යොදා ගැනීමට සූදානම් වෙමින් සිටී. මේ හේතුව නිසා, රට තුල ඔත්තු බැලීම හා යුද්ධයට එරෙහි විරුද්ධත්වය වැනි පොලිස් ප්‍රචන්ඩත්වය පිලිබඳ ප්‍රශ්නය මුලුමනින් ම දේශපාලනික විවාදයෙන් හෝ සාකච්ඡාවෙන් බැහැර කොට ඇත. එය 2018 එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරනයේදී නොතකා හැර තිබේ.

එය වාර්ගික දේශපාලනයේ පෝෂකයින් නොසලකා හැරීමට හා වසන් කිරීමට කටයුතු කරන රාජ්‍යයේ මූලික පන්ති ස්වභාවයයි. මයිකල් බ්‍රවුන් ඝාතනයෙන් සිව් වසරකට පසුව, කලු ජාතික ජීවිත (බීඑල්එම්) ව්‍යාපාරයෙන් සහ කලු ජාතික පොලිස් නිලධාරින් හා පොලිස් ප්‍රධානීන් බඳවා ගැනීම සඳහා එහි කැඳවීම් වලින්, එහි පලකට නැති වගකීම හා අධීක්ෂන මන්ඩලයන්ගෙන් කුමක් ඉටුවී ඇත්ද? ඇතැම්විට බීඑල්එම් නියෝජනය කරන ඉහල මධ්‍යම පන්තියේ කොටස් සඳහා රාජ්‍ය යාන්ත්‍රනය ඇතුලත තනතුරු කිහිපයක් හැරෙන්නට වෙන කිසිවක් නැත. තමාගේම ජීවන වෘත්තිය වෙනුවෙන් වූ පැනුම් පුවරුවක් ලෙස සේවය කරන අතරම, පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි මහජන විරෝධතාවයන් මර්දනය කොට ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස ගාල් කිරීම කල යුතු දෙයක් ලෙස ඔවුන් දැකගෙන ඇත.

ඇතැම් පොලිස් ඝාතනවල සහ සංක්‍රමනිකයන්ට එරෙහිව මෙහෙයවන ලද කෲර පියවරයන් තුල, වර්ගවාදය කිසියම් භූමිකාවක් ඉටු කරන අතර පන්ති පාලනයේ උපකරනයක් ලෙස සම්පූර්නයෙන්ම එය රාජ්‍යයේ භූමිකාවට යටත්ය. එය වාර්ගික වශයෙන් විවිධාංගීකරනය වන පරිදි පොලීසිය සකස්කිරීම හෝ වඩවඩාත් අප්‍රිකානු ඇමෙරිකානු අධිකරන නිලධාරීන් පත් කිරීම පිලිබද කාරනයක් නොවේ. සිය සුදු ජාතික නිලධාරීන් මෙන්ම කලුජාතික පොලිස් භටයින්ද රදුරු, දූෂක හා ඝාතක විය හැකි බව වාර්ගික වශයෙන් එකට බැදුනු පොලිස් බලකායේ පසුගිය දශකයන් ඉතා පැහැදිලිව පෙන්වා ඇත.

පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි සටන පන්ති ප්‍රශ්නයකි. එය සිය පාසල් හා වැටුප් සඳහා වැඩිවැඩියෙන් මුදල් යොදවන ලෙස ඉල්ලා සිටින ගුරුවරුන්ගේ සටනේ සිට වඩා යහපත් සේවා කොන්දේසි සහ ජීවන තත්වයන් සදහා යූපීඑස් රියදුරන් සහ ඇමසන් ගබඩා කම්කරුවන් ගේ සටන දක්වා කම්කරු පන්තියේ සෑම කොටසක ම අරගලය සමග සම්බන්ධ විය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය විසින් පසුගිය මාසයේ සම්මත කරන ලද “පන්ති අරගලයේ යලි මතුවීම හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ” යන යෝජනාව මෙසේ ප්‍රකාශ කලේය: “සම්මුති විරහිත විප්ලවවාදී මූලෝපායක් හා ඉදිරිදර්ශනයකින් වර්ධනය වන වෛෂයික කම්කරු පන්ති ව්‍යාපාරය, සන්නද්ධ කිරීමේ අරගලයට සසප නායකත්වය දෙමින් සිටී. එය වැටුප් පහත හෙලීමට, සෞඛ්‍ය සේවය මත එල්ල කෙරෙන ප්‍රහාරයට, මහජන අධ්‍යාපනය විනාශ කිරීමේ සිට සංක්‍රමනික කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍ර අයිතීන් විනාශ කිරීම සහ ලෝක යුද්ධයේ අන්තරායට එරෙහි අරගලයන් සම්බන්ධ කිරීමට සටන් වදිමින් සිටී.

“රාජ්‍ය බලය ලබාගනිමින් පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතාවයන් මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සමාජවාදී ජාත්‍යන්තරවාදී සහ අධිරාජ්‍ය විරෝධී දේශපාලන ව්‍යාපාරයක් පිටුපස කම්කරුවන් සහ තරුනයන් බලමුලු ගැන්වීමට සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයෙක් ලෙස මිචිගන්හි 12වන දිස්ත්‍රික්කය තුල කොන්ග්‍රසය සඳහා මම තරග කරමින් සිටින්නෙමි. සසපට සම්බන්ධ වන ලෙසත් ඔබ කොහේ ජීවත් වුවද මිචිගන්වල සසප මැතිවරන ව්‍යාපාරයට සහය දී එහි කොටස්කරුවකු වන ලෙසත් මම ඔබෙන් දැඩිව ඉල්ලා සිටිමි.”

කොන්ග්‍රසය සදහා නයිල්ස් නීමුත්ගේ උද්ඝෝෂනයට සම්බන්ධ වීමට සහ ආධාර කිරීමට niles2018.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

නයිල්ස් නීමුත්

Share this article: