තුර්කි ලීරා මුදලේ අර්බුදයේ ගෝලීය ඇඟවුම්

The global implications of the Turkish lira crisis

2018 අගෝස්තු 16

2008 ගෝලීය මූල්‍ය අර්බුදයේ දස සංවත්සරය ලඟා වෙමින් තබියදී, තුර්කි ලීරා මුදල වට කරමින් සිදු වීගෙන යන වියවුල, බිඳ වැටීම විසින් ජනනය කරන ලද සියලුම කොන්දේසි පවතින බවට අනතුරු හැඟවුම් සීනුව නාද කරයි.

ඇත්තෙන්ම, කඩා වැටීමට එරෙහි ප්‍රතිචාරය ලෙස ප්‍රධාන ධනපති රටවල ආන්ඩු සහ මහ බැංකු විසින් ක්‍රියාත්මක කල පියවරන් විසින් මෙම කඩා වැටීම උග්‍රඅතට හරවා ඇත. මෙය තවත් මූල්‍ය ව්‍යසනයක්, එනම් දශකයකට පෙර සිදු වූවාට වඩා වඩාත් දරුනු විය හැකි පවා, පුපුරා යාමක් සඳහා වේදිකාව සකස් කර ඇත.

බිඳවැටීම නිර්මානය කල සමපේක්ෂන ක්‍රියාවන්හි නිරත වූ මූල්‍ය සමාගම්වලට ඉමහත් වාසිද ගෙන දීමට ඉවහල්වූ ගෝලීය මූල්‍ය වෙලඳපොලවලට ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කිරීම සහ ඉතාමත් අඩු පොලී රේට්ටු නය සැපයීම විසින් නව ආකාරයේ මූල්‍ය අට්ටාලයක් නිර්මානය කර ඇත.

එහෙත් 2008 දී සිතාගත නොහැකි පරිමානයක, ලොව සියලුම ප්‍රමූඛ පෙලේ ආර්ථිකයන් නොනැවතී උත්සන්න වෙමින් පවතින ආර්ථික යුද්ධයේ චක්‍රයක හිරවී සිටිති. මෙම ගෝලීය වෙලඳ යුද්ධය ට්‍රම්ප්ගේ ධවල මන්දිරය විසින් උත්සන්න කෙරී ඇත. ධවල මන්දිරය එකසේ මිතුරන් සහ සතුරන්ගේ කරපිටින් එක්සත් ජනපදයේ භූදේශපාලනික සහ ආර්ථික අවශ්‍යයතාවන් ආරක්ෂා කර ගැනීමේ ධාවනයේ වෙන් නො කල හැකි කොටසක් ලෙස, තම වෙලඳ සම්බාධක සහ තීරු බදු ලෙස තුර්කියට එරෙහි ආරම්බ කරන ලද ආකාරයේ දැඩි ප්‍රහාර, දකියි.

ලෝක ආර්ථිකයේ ස්වභාවය පසුගිය දශකය පුරා දැවැන්ත වෙනසකට භාජනය වී ඇත. මෙහිදී, ආර්ථික වර්ධනය, එය සිදුවූ පරිමානයට, ධාවනය වී ඇත්තේ නිෂ්පාදනයේ වර්ධනය හෝ නව ආයෝජන නිසා නොව සමපේක්ෂන සහ පරපුටු ක්‍රියාවන්හි එක් උල්පතක සිට තවෙකක් දක්වා මුදල් ගලායාම මගිනි.

ඒ අනුව, තුර්කිය වැනි ඊනියා නැඟී එන ආර්ථිකයන්ට මුදල් ගලා ආවේය. මෙහිදී, ඉතාමත් ලාභ පොලී මත ඩොලර් නියමවී ඇති සහ අනෙකුත් විදේශ මූල්‍ය නය ලබා ගැනීමට ආන්ඩුවලට සහ සංගතවලට පැවැති හැකියාව මගින් ජනිත වූ අධික ලාභ අනුපාතයන් සහ වේගවත් ලාභ අනුපාතයන් හි වර්ධනයේ කොන්දේසි විසින් ඉක්මන් ලාභයන් සඳහා අවස්තාව උදාකර තිබින.

මෙම ගලා ආ මුදලේ පරිමාව ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටනැෂනල් ෆිනෑන්ස් විසින් එකතු කල දත්ත මගින් දැක්වේ. මෙම දත්තවලට අනුව, නැඟී එන ආර්ථිකයන් 30 හි ඒකාබද්ධ නය ගැතිභාවය 2011 වසරේ අග ද දේශීය නිෂ්පාදනයෙන් සියයට 163 සිට මෙම වසරේ මුල් කාර්තුවේ 211 දක්වා වර්ධනය විය. මුදලේ අර්ථයෙන් ගත්කල, මෙය නැඟී එන ආර්ථිකයන්හි නය ඩොලර් ට්‍රිලියන 40 න් ඉහල යාමකි.

පොලී අනුපාතය සහ එජ ඩොලරයේ අගය පහල මට්ටමක පවතින තාක් දුරට, මෙම ක්‍රියාදාමය දිගටම සිදුවිය හැක. එහෙත් පොලී අනුපාතයන් ඉහල දැමීමේත් සහ “ප්‍රමානාත්මක ලිහිල් කිරීම්” වැඩපිලිවෙලේත් එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුවේ යෝජනාව, සහ මෙහි විපාකය ලෙස ඩොලර්යේ ඉහල යාමෙහි අර්ථය වන්නේ ඩොලර් නය ප්‍රමානය කඩිනමින් වර්ධනය වන බවයි. මෙමගින් ජනනය කර ඇති ඩොලර් නයෙන් ඉවත් වීමේ කුලප්පුව, මෙම වසරේ තුර්කි ලීරා මුදලේ අගය සියයට 40 න් කඩා වැටීමට බලපා ඇත.

එහෙත් තුර්කි අර්බුදය වනාහි වඩා පුලුල් වර්ධනයක මෙතෙක් කලකට වඩාත් විශද ප්‍රකාශනය පමනක් වන්නේය. දකුනු අප්‍රිකානු මුදල රෑන්ඩ් සියයට 10 න්ද, බ්‍රසීලියානු රියල් මූල්‍ය මෙම වසර මුලුල්ලේම පහතවැටීමේ පීඩනය යටතේ පවතියි. මෙම සතියේ ඉන්දියානු රුපියල ඉතිහාසයේ ඇමරිකානු ඩොලරයට එරෙහිව පහලම අගයට වැටුනි. තුර්කි අර්බුදය පුපුරාමතුවීමත් සමග, තම පෙසෝ මුදල කඩා වැටීම නැවැත්වීම සඳහා ජූනි මස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි ආධාර පැතූ ආර්ජන්ටීනාව අති විශාල මූල්‍ය පාඩු නවතාදැමීම සඳහා මහා බැංකුව විසින් පොලී අනුපාතය සියයට 45 දක්වා සියයට 5 කින් ඉහලට දැම්මේය.

නැඟී එන ආර්ථිකයන්හි මෙම වියවුල කලාපය හරහා මූල්‍ය බිඳවැටීමක් ජනනය කල තායිලන්ත බාට් මුදල කඩා වැටුනු 1997-98 ආසියානු මූල්‍ය අර්බුදයට කැපීපෙනෙන සමානකමක් උසුලයි. ගෝලීයකරනය කරා යන ගමනේ එක් “අක්‍රියවීමක්” පමනක් ලෙස ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් සඳහන් කරන ලද, ආසියානු අර්බුදය කලාපය පුරා ගැඹුරු පසුබැස්මක් ඇති කලේය. මෙය අනෙක් අතට එක්සත් ජනපද ආයෝජන අරමුදලෙහි දිගුකාලීන ප්‍රාග්ධන කලමනාකරනය බිඳවැටීමේ කේන්ද්‍රීය කර්තව්‍යයක් ඉටුකල රුසියානු රූබල් මුදලේ අර්බූදයට තුඩු දුනි. දිගුකාලීන ප්‍රාග්ධන කලමනාකරනයහි අසාර්ථකත්වය විසින් සමස්ථ එක්සත්ජ මූල්‍ය පද්ධතිය තුල අර්බුදයක් අවුලවයි යන බියෙන්, එයට නිව්යෝර්ක් ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් මූල්‍යමය ඇප ලබා දුනි.

එසේ ම, වර්තමාන තත්ත්වය තුල තුර්කියෙන් සහ අනෙක් නැගී එන වෙලඳපලවලින් වසංගතය පැතිර යෑමේ සියලුම කොන්දේසි පවතින අතර, නය වශයෙන් ඩොලර් බිලියන සියගනනක් ප්‍රධාන යුරෝපීය බැංකු විසින් ලබා දීම නිසා එම කොන්දේසි පවතින්නේ වඩා උග්‍ර වූ මට්ටමකය.

කෙසේ වෙතත් පූර්ව අර්බූද සමග සමානතා පවතින අතර, ප්‍රධාන වෙනස්කම්ද ඇත. සියල්ලටමත් වඩා මේවා සම්බන්ද වන්නේ මහා බලවතුන් තමන් විසින් ප්‍රමූඛත්වය ගත් පද්ධතියේ ආර්ථික පරස්පරතාවන් හැසිරවීමට සහ මෙල්ල කිරීමට යොදා ගත් ඔවුන් ඒකාබද්ද ව ක්‍රියාත්මක කල සියලුම පශ්චාත් යුද හැඩගැසීම් සහ යාන්ත්‍රනයන් බිඳ විසිරීම මගින් ගුනාංගිකරනය වන අද දින පවතින භූදේශපාලනික පරිසරයටය.

මහා අවපාතයට මග විවර කල තම අසල්වැසියා හිඟන්නෙක් කරන්නා වූ ප්‍රතිපත්ති කෙදිනකවත් නැවතත් ක්‍රියාත්මක නොකරන බවට 2008 සිට දුන් අඛන්ඩ පොරොන්දු තිබියදී පසුගිය ජූනිමස, මහා බලවතුන්ගේ ජී 7 කන්ඩායමේ රැස්වීම එජය විසින් ආරම්භ කරනලද තීරුබදු සහ වෙලඳ යුද පියවරන් හි පරුෂකම නිසා බිඳවැටුනි.

මාස තුනක් ඇතුලත, මෙම බිඳවැටීමේ ආනිශංස වඩා පැහැදිලිව දැකගත හැක. අතිශයින් වැදගත් වන්නේ ලීරා මුදලේ අර්බුදයේ ක්ෂනික ගිනිපුලිඟුව වූයේ තම විදේශ ප්‍රතිපත්ති සහ මැදපෙරදිග හමුදාමය අරමුනු ඉටු කර ගැනීම එල්ල කර තුර්කිය මත යකඩ සඳහා තීරුබදු දෙගුන කිරීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරනයයි. පූර්ව අර්බූද තුල පුලුල් ලෙස සනිටුහන් කර ඇති පරිදි, අනෙකුත් මහා බලවතුන් සමග ඒකාබද්ධව එක්සත් ජනපදය තත්වය සමනය කිරීමට ප්‍රයත්න දැරීමට මැදිහත් වනුඇත.

මෙය එජ පරිපාලනයේ “පලමුව ඇමරිකාව” න්‍යායපත්‍රය යටතේ අවලංගු වී ඇත. රට තුල විශාල වශයෙන් ආයෝජනය කර ඇති යුරෝපීය බැංකුවලට තම තුර්කිය තුල මැදිහත්වීමේ ආනිශංස කුමක් විය හැකිද යන්න එජ දැන නොසිටියා විය නොහැක. එහෙත් වොෂින්ටනයේ පැත්තෙන් ගත්විට, මෙය, ආර්ථික සබඳතා ගැන සලකන තාක් දුරට යුරෝපය “සතුරකු” ලෙස ට්‍රම්ප් විසින් ගුනාංගිකරනය කරඇති තතු යටතේ, අමතර වාසියක් ලෙස සලකනු ලැබ ඇත.

වෙලඳ යුද්ධයේ නැගීම එජට සීමාවී නැත. පශ්චාත් යුද කාලීන ආර්ථික සහ මූල්‍ය රෙගුලාසිවල යාන්ත්‍රනයන් බිඳවැටීමත් සමග, සෑම මහා බලවතකුම ආර්ථික යුද්ධය සහ එහි අවසන් ප්‍රතිපලය වන මිලිටරි ගැටුම කරා වැඩෙන තම තමන්ගේ උත්සුකයන් දෙස යොමු වී ඇත. ගෝලීය ආර්ථිකය සහ ප්‍රතිමල්ලව ජාතික රාජ්‍යය සහ මහා බලවතුන් ලෙස ලෝකය බෙදී පැවතීම අතර පරස්පරය කෙදිනකටවත් වඩා දැනෙනසුලු රූපාකාරයන් ගනිමින් සිටියි.

එහෙත් තම ආර්ථික සහ භූදේශපාලනික අරමුනු පිලිබඳව ඔවුහු ගැඹුරු ලෙස බෙදී ඇති අතර, ධනපති පන්තීන් එක් අත්‍යාවශ්‍යය ප්‍රශ්නයක් හමුවේ ඒකාබද්ධ වී සිටිති. ඒ නම් කෙසේවෙතත් ලෝක ධනවාදයේ සිදුවීගෙන යන බිඳවැටීමේ ඊලඟ අවධියේදී, ඔවුහු සියල්ලෝම වෙර දරනු ඇත්තේ මෙම බිඳවැටීමට ලෝක කම්කරු පන්තිය කරබදු කිරීමට අවශ්‍යය කුමන හෝ විධික්‍රම සලකා බැලීමයි.

මෙයයි පසුගිය දශකයේ පාඩම වන්නේ. මෙහිදී සෑම රටකම සමාජ අසමානතාව පෙරනොවූවිරූ මට්ටමකට වර්ධනය වෙමින් ආදායම් පරිමානයේ ඉහලට සම්පත් නැවත බෙදී යනවිට වැටුප්, සමාජ කොන්දේසි සහ ජීවන තත්වයන්වලට දරුනු ගැඹුරු ප්‍රහාරයක් එල්ල වී ඇත.

2008 දී, ලොව පුරා ධනපති ආන්ඩු, සියල්ලටමත් වැඩියෙන් එජය, වෘත්තීය සමිති සහ දේශපාලන සංස්ථාපිතයේ පක්ෂ මගින් පන්ති අරගලය දශක ගනන් යටපත් කරනු ලැබීම මගින් දැවැන්ත ප්‍රතිලාභ උකහා ගත්හ. පරපුටු සහ සාපරාධී මූල්‍ය ප්‍රාග්ධනය වෙනුවෙන් ඔවූන් ගෙන ගිය එම ගලවා ගැනීමේ මෙහෙයුම නොමැතිව කල නොහැක්කක් වනු ඇත.

එහෙත් දැන් කොන්දේසි වෙනස් වෙමින් පවතී. 2018 වසර දැක්කේ පන්ති අරගල ජාත්‍යන්තරව පුනර්ජීවනය වීමකි. ආන්ඩුවල ඉහල තට්ටූන් තුලත්, රාජ්‍යය උපකරන තුලත් මූල්‍ය පාලනය තුලත්, දරන්නාවු කාරනාවක් වන්නේ 2008 න් පසුව ක්‍රියාත්මක කල පියවරයන්, බිඳවැටීම ජනනය කල කොන්දේසිද එමෙන්ම ඉක්මනින් හෝ පසුව තවත් අර්බූදයක් පුපුරා යනු ඇති කොන්දේසිද ජය ගැනීමට කිසිවක් සිදු කර නැති බවයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවූහු හමුදා පොලිස් ප්‍රචන්ඩත්වය සහ වාරනය මත පදනම්ව පාලනයේ කෙදිනකටවත් වඩා ඒකාධිපති රූපාකාරයන් වර්ධනය කිරීම තුලින් එවැනි තත්වයකට සූදානම් වෙමින් සිටිති.

ජාත්‍යන්තර කම්කරු පන්තිය තමන් වෙතට කඩාපාත් කරමින් ඇති අරගලය සඳහා සූදානම් විය යුතුය. මෙය සිදු කල හැක්කේ, ප්‍රතිගාමී වෘත්තීය සමිතිවල පරිපාලනයෙන් අත්මිදී, සංවිධානයේ ස්වාධීන රූපාකාරයන් වර්ධනය කිරීම මගින්ද, අතිමූලික මට්ටමින්, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල වර්ධනය කිරීම සහ සමාජවාදී විප්ලවය මෙහෙයවීම සඳහා ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩ නැගීම මගින්ද වෙයි.

නික් බීම්ස්

Share this article: