එජ පොලිස් පාලනයේ ත‍්‍රස්තය සමග 2018 ආරම්භ වෙයි

2018 begins with US police reign of terror

2018 ජනවාරි 29

ජන මාධ්‍ය විසින් විශාල වශයෙන් නොසලකා හැර තිබුනද, පොලිස් නිලධාරීන් විසින් ගෙන යන ත‍්‍රස්තයේ රාජ්‍ය පාලනය එක්සත් ජනපදය හරහා වියරු සහගතව සිදුවෙමින් පවතියි. ප‍්‍රාදේශීය පොලිස් නිලධාරීන්ගේ සිට ආගමන විගමන නිලධාරීන් දක්වා මුලු මහත් රාජ්‍ය සංවිධාන යාන්ත‍්‍රනයම, කිසිදු නීතියකින් තොරව පහර දීමට, අතපය කැඩීමට සහ ඝාතනය කිරීමට ට‍්‍රම්ප් පරිපාලනය විසින් මුදා හරිනු ලැබ තිබේ.

පසුගිය ජුලි මාසයේ සියගනනක් වූ නිල ඇඳුම් ඇඳි නිලධාරීන් අමතා කල කතාවකදී ට‍්‍රම්ප් “වඩා හොඳ” නොවන ලෙස මෙන්ම රඳවා සිටින්නන්ට “රලු” වන මෙන් පොලීසියෙන් ඉල්ලා සිටියේය. ඔබාමා පරිපාලනය විසින් දියත් කරනු ලැබ තිබූ අධිකරන දෙපාර්තමේන්තුව, අතලොස්සක් වූ පොලිස් දෙපාර්තමේන්තු මත පැවැත්වූ බල රහිත ෆෙඩරල් අධීක්ෂනයේ මවා පෑම ඊට සමගාමීව අවසන් කර ඇත.

ට‍්‍රම්ප් ජනාධිපති ලෙස දිව්රුම් දුන් වර්ෂයේ සිට මේ වන විට අඩුම තරමේ මිනිසුන් 1,223ක් වත් පොලිසිය විසින් ඝාතනය කර ඇත. killedbypolice.net වෙබ් අඩවියට අනුව, 2018 වර්ෂයේ ආරම්භයේ සිට දිනකට දල වශයෙන් මිනිසුන් 3.5ක් ඝාතනය කෙරී ඇත.

වොෂින්ටන් පොස්ට්දත්ත සමුදායක් විසින්, මේ වසරේ මේ දක්වා මරනීය පොලිස් වෙඩි තැබීම් 78ක් සිදු වී ඇතැයි වාර්තා කරයි. පසුගිය වර්ෂයේ මෙන්ම, පොලිස් ඝාතන සියලු ජාතීන් සහ ජන වර්ගයකටම බලපෑම් කර ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. වින්දිතයන්ගෙන් විශාලතම කොටස වන්ගේ සුදු ජාතීන් වන අතර, කලූ ජාතීන් ජනගහනය තුල ඔවුන් නියෝජනය වන ප‍්‍රතිශතයට වඩා වැඩි සීග‍්‍රතාවයකින් ඝාතනය කෙරෙයි. පොස්ට් මගින් ජනවර්ගය සහ ජාතිය අනුව හඳුනාගෙන ඇති මෙම අවස්ථාවන් වල වින්දිතයන්ගෙන් සියයට 54ක් සුදු ජාතිකයන් වන අතර සියට 25ක් අප‍්‍රිකානු ඇමරිකානුවන්, සියයට 15 ස්පාඤ්ඤමය සම්භවයක් සහිත අය, සියයට 3ක් ආසියානුවන් සහ සියයට 2ක් ස්වදේශීය ඇමරිකානුවන් වේ.

ජනවාරි 17 වන දා මාර්ග බාධක නැවතුමකදී පලා යාමෙන් පසු රේසින් හී පොලීසිය විසින් ඝාතනය කල 26 හැවිරිදි අප‍්‍රිකානු ඇමරිකානුවෙකු වන ඩොන්ට් ෂනොන් වඩා මෑතකදී ගොදුරු වූවන් ගෙන් අයෙකි. පොලිස් වාර්තාවන්ට අනුව ෂනොන්ගේ මූලික වරද වන්නේ ඔහුගේ වාහනයේ ඉදිරි අංක තහඩුව නොමැති වීමයි. ෂනොන් විසින් ඔවුන් වෙත තුවක්කුවක් දිගු කල නිසා පොලිසියට ඔහු වෙත වෙඩි ප‍්‍රහාරයක් එල්ල කිරීමට බල කෙරුනු බව නිලධාරීන් ප‍්‍රකාශ කලත් අපරාධ ස්ථානයේ තිබී ආයුධයක් සොයා ගැනීමක් පිලිබඳව විමර්ශකයින් විසින් වාර්තා කර නොමැත.

එම දිනයේදීම ඔහි ඕ හී කොලම්බස් හී දී නියෝජ්‍ය පොලිස් නිලධාරියෙකු විසින් සුදු ජාතික තරුනයෙකු වන 16 හැවිරිදි ජෝසප් හෙයින්ස්ව උසාවි දිනයකින් පසු ඇතිවූ වචන හුවමාරුවකදී වෙඩි තබා ඝාතනය කලේය. තමන්ගේ මවව බිත්තියකට තබා තද කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස් නිලධාරියා සමග ගැටීම නිසා නිරායුධව සිටි හයින්ස්ව බිමට හෙලා ඔහුගේ උදර ප‍්‍රදේශයට එක වරක් වෙඩි තැබීය.

ඝාතනය කල අයට අමතරව කම්කරුවන් සහ තරුනයන් පොලිසිය විසින් සිදු කරන කරදර සහ හිරිහැර වලට මෙන්ම ප‍්‍රචන්ඩතාවයට දිනපතා භාජනය වෙයි.

මෙම මාසය මුලදී ලුසියානා හී ගුරුවරියක වන ඩේශියා හාර්ග්‍රේව්, පාසල් නිලධාරීන් තමන්ගේ වැටුප් වැඩි කරගත්තද කාර්යය මන්ඩලයේ සහ ගුරුවරුන්ගේ වැටුප් එසේ වැඩි නොකිරීම ගැන ප‍්‍රශ්න කල විට, ඇයව පාසල් අධ්‍යක්ෂක මන්ඩල රැස්වීමකින් ඉවත් කොට නියෝජ්‍ය පොලිස් නිලධාරියෙකු විසින් මාංචු දැමීය. හිටපු ගල් අඟුරු පතල් කරුවෙකු වන ගැරී මයිකල් හන්ට් කෙන්ටාකි හී මාර්ටින් කන්ට්‍රී හී පදිංචිකරුවන් වෙනුවෙන් පිරිසිදු ජලය ඉල්ලා සිටිය විට ඔහුගේ ගෙල පොලිස් නිලධාරියෙකු විසින් මිරිකා ඔහුව ප‍්‍රසිද්ධ රැස්වීමකින් ඉවත් කලේය.

ගිය සතියේ ගුරුවරයෙකු සමග ඇති වූ බහින් බස් වීමකින් පසුව මියාමි හී හත් හැවිරිදි වියේ පසුවන දරුවෙකු මාංචු දමා ඔහුගේ පාසලින් ඉවතට ගෙන ගිය බවට ඉරිදා පල වූ වාර්තාවක් විසින් පෙන්වන ආකාරයට ලමුන් හටවත් මෙයින් බේරීමක් නැත.

පොලිස් ඝාතන සහ ප‍්‍රචන්ඩත්වය පිලිබඳ ප‍්‍රශ්නය ජාතික සහ ජාත්‍යන්තරව ප‍්‍රසිද්ධියට පත් වූයේ 2014 අගෝස්තු මාසයේ සිදුවූ මයිකල් බ‍්‍රව්න්ගේ ඝාතනය සහ විරෝධතා වලට එරහි සන්නද්ධ පොලිස් ප‍්‍රතිචාරය සමගය. පොලිස් ප‍්‍රචන්ඩතාවයට එරහි මහජනතාවගේ කෝපය ඉවත්ව ගොස් නැත. කෙසේ වෙතත් පසුගිය වර්ෂ තුන හමාර පුරාවට විරෝධතාවය යටපත් කිරීමට සහ එය ඩිමොක‍්‍රටික් පක්ෂය පිටුපස ගාල් කිරීම සඳහා වූ ක‍්‍රමානුකූල ප‍්‍රයත්නයක් පවතී.

පොලිස් ප‍්‍රචන්ඩත්වය පන්ති ප‍්‍රශ්නයකට වඩා වාර්ගික එකක් බවට වන අසත්‍ය ප‍්‍රකාශනය ඉදිරියට ගෙන යාමට නිර්මානය කල සහ ප‍්‍රවර්ධනය කල තීරනාත්මක භූමිකාවක් ‘කලු ජීවිත වැදගත්වේ’ (බීඑල්එම්) ව්‍යාපාරය රඟ දක්වමින් සිටී. ඩිමොක‍්‍රටික් පක්ෂය ප‍්‍රවර්ධනය කරන සහ එයට සහය දක්වන අනෙකුත් විවිධාකාර සංවිධාන සමග බීඑල්එම්, පොලිස් ප‍්‍රචන්ඩත්වය සහ පන්ති මර්දනයේ උපකරනයක් ලෙස ධනේශ්වර රාජ්‍යයේ ස්භාවය අතර ඇති සම්බන්ධය වසන්කිරීමට උත්සාහ කරයි. පොලිස් ප‍්‍රචන්ඩත්වයට විසඳුමක් ලෙස ශරීරවල කැමරා සවි කිරීම, පාලන මන්ඩල සහ වඩා වැඩි සුලු ජනවාර්ගික පොලිස් නිලධාරීන් ඇතුලු විවිධාකාර ප‍්‍රතිසංස්කරන බීඑල්එම් ඉල්ලා සිටියේය.

වෝල් වීදියේ සහ මිලිටරි-බුද්ධි අංශ සංවිධාන වල අනුග‍්‍රහය ලත් අපේක්ෂකයා වන හිලරි ක්ලින්ටන් හට 2016 දී බීඑල්එම් හී ප‍්‍රධාන නායකයන් තම සහය පල කලේය. බීඑල්එම් සමග සම්බන්ධ සංවිධාන සමූහයකට තමන් ඇ.ඩො. මිලියන 100ක් ලබාදෙන බව මැතිවරන සමයේදී ෆෝර්ඩ් පදනම නිවේදනය කලේය. ‘කලු ජීවිත වැදගත් හරපතක්’ (BLM Debit Card) හඳුන්වා දීමද ඇතුලත්, ”කලු ධනවාදය” ප‍්‍රවර්ධනය කිරීමට බීඑල්එම් විසින් සිදු කල මුලපිරීමකට පසුව, මෙය සිදුවිය.

ඩිමොක‍්‍රටික් පක්ෂය පොලිස් ප‍්‍රචන්ඩත්ව වසංගතයට සම්පූර්නයෙන් හවුල්ය. ඔබාමා පරිපාලනය, ප‍්‍රචන්ඩත්වයන් සිදු කරන නිලධාරීන්ට නඩු පැවරීමට කිසිවක් නොකරන බවට සහතික වන අතරම, පොලිස් බලකායන් නොකඩවා මිලිටරීකරනය කිරීමේ මුලසුන හෙබවීය.

ට‍්‍රම්ප් තෝරා පත් කර ගැනීමෙන් පසුව සිදු වෙමින් පවතින පොලිස් ඝාතන රැල්ල ඩිමොක‍්‍රටිකයන් සම්පූර්නයෙන්ම නොසලකා හැර තිබේ. ට‍්‍රම්ප් පරිපාලනයට ඇති සමාජ විරෝධතාවයේ, සියලුම ප‍්‍රකාශයට පත්වීම් මර්දනය කර ඒවා, රුසියාවට එරහි ප‍්‍රකෝපකරනයේ, තවත් ධනය ධනපතියන් වෙත ලබාදීමක් සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ගේ විනාශයක් වන ප‍්‍රතිගාමී සහ මිලිටරිවාදී න්‍යාය පත‍්‍රය පිටුපස ගාල් කිරීමට ඔවුන් කටයුතු කොට ඇත.

ඩිමොක‍්‍රටික් පක්ෂය මූලිකත්වය ගෙන සිදු කරන අන්තර්ජාල වාරනය සඳහා වන උත්සාහයන් තුල ඇති අර්ථභාරී සාධකයක් වන්නේ, ජංගම දුරකථන මගින් පටිගතකරන ලද පොලිසිය විසින් කරන ඝාතන සහ හිරිහැර සමාජ ජාලා මගින් ව්‍යාප්ත කිරීම මගින් ඒවා ජාතික සහ ජාත්‍යන්තර ගැටලු බවට පත්ව තිබීම සම්බන්ධ කනස්සල්ලයි. පොලිස් ප‍්‍රචන්ඩත්වයට සහ සමාජ අසමානතාවයට එරහි විරෝධය ප‍්‍රචාරනය සහ ප‍්‍රකාශකිරීම වැලැක්වීම ඉලක්ක කරගනිමින්, ඊනියා “ප‍්‍රධාන ප‍්‍රවාහයට” පිටින් ඇති පුවත් මූලයන්ගේ අන්තර්ගතයට ලඟාවීම සීමා කිරීමට මුහුනු පොත (ෆෙස් බුක්) සමාජ ජාලය, දැන් එහි පුවත්සේවාව වෙනස් කරමින් සිටී.

එක්සත් ජනපදය තුල ඇති පොලිස් ප‍්‍රචන්ඩත්වයට එරහි විරෝධය, යුද්ධයට, සමාජ අසමානතාවයට සහ ධනේශ්වර පද්ධතියට ඇති විරෝධතාවයෙන් වෙන් කල නොහැක. ඉතිහාසයේ පෙර නොවූ තරමේ මට්ටමකට ධනය සංකේන්ද්‍රනය ඉහල නැගීමත් සමග පාලක ප‍්‍රභූව අසමානතාවය බලාත්මක කිරීමට පොලිසිය මත විස්වාසය තබයි.

එමෙන්ම පෙන්ටගනය පෙර නොවූ විරූ ප‍්‍රමානයකින් විදේශයන්හී යුද්ධයන් සිදුකිරීමට සූදානම් වෙත්දී පාලක පන්තිය සිය රට තුල යුද්ධය සඳහා සුදානම් වෙමින් සිටී. පොලිසිය, දේශ සීමා මුර සංචාරක ඛන්ඩයන්, ආගමන විගමන නිලධාරීන් සහ මිලිටරිය අතර ඇති ගිනිය නොහැකි සහ වර්ධනය වන සබඳකම් වැලඳ ගැනීමට “සම්පූර්න හමුදාව” නම් සංකල්පය නිර්මානය කර තිබේ. එනම් යුද්ධයේ සහ මර්දනයේ තනි එක් සංවිධානයක්.

කම්කරු පන්තියේ අරගල වර්ධනය වීමේ ස්වරූපයෙන් සහ ධනවාදයට එරහි පලල් ව්‍යාපාරයක් වර්ධනය වීමේ ස්වරූපයෙන් එක්සත් ජනපදය තුල තමන් මුහුන දෙන දරුනුතම අනතුරට තමන් මුහුන දෙමින් සිටින වග සම්බන්ධයෙන් පාලක පන්තිය හොඳින් දැනුවත්ය. පොලිස් ප‍්‍රචන්ඩත්වයේ පාලනය අවසන් කල හැකි වන්නේ එවැනි දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා පමනි.

නයිල්ස් නිමුත්

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඔටෝවර්කර් (මෝටර් කම්කරු) පුවත්පතට පිවිසෙන්න

මෝටර් රථ කම්කරුවන් හා කම්කරු පන්තියේ සියලු කොටස්වලින් ලෝසවෙඅ ඉල්ලා සිටින්නේ ඔටෝවර්කර් (මෝටර් කම්කරු) පුවත්පත නිරතුරුව ම යාවත්කාලීන කරමින් තමන්ගේ ම විස්තර විභාගයන් හා ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ සහ තවත් දෑ. එලෙස කරනු පිනිස, මෙතැනින් පිවිසෙන්න.

Share this article: