පුවත් අන්තර්ගතය වාරනය කිරීමට ෆේස් බුක් දැවැන්ත සැලසුමක් නිවේදනය කරයි

Facebook announces major plan to censor news content

2018 ජනවාරි 13

ෆේස්බුක් ප‍්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ලෝකයේ විශාලතම සමාජ වෙබ් අඩවි ජාලය වන [තම වෙබ් අඩවිය ] ප‍්‍රමුඛ වෙනස්කම් සඳහා මුල පුරමින් සිටින බව සිකුරාදා නිවේදනය කලේ ය. එම වෙනස නම්: “පෞද්ගලික ප‍්‍රස්තාවයන්” යයි තනි තනි පුද්ගලයන් විසින් සිය වෙබ් අඩවියට යොමු කෙරෙන ප‍්‍රවෘත්ති වලට ඇතුලත් කෙරෙන පොදු ප‍්‍රවෘත්ති සහ දේශපාලන අන්තර්ගතය යටගැසීමයි. එම වෙනස වනාහි මේ දක්වා අන්තර්ජාලය හරහා ප‍්‍රවෘත්ති සම්පාදනය වාරනය කිරීම ඉලක්ක කරගත් ඉතා ම භාරදුර ප‍්‍රයත්නය යි.

ෆේස් බුක් වනාහි දැනට ලෝකය පුරා මිලියන සිය ගනන් මිනිසුන්ට ප‍්‍රවෘත්ති සම්පාදනය කරන ප‍්‍රධාන මූලාශ‍්‍රයකි. 2008 දී මිලියන සියයක් ව තිබුනු ලොව පුරා ෆේස් බුක් භාවිතා කරන්නන් සංඛ්‍යාව මේ වනවිට බිලියන දෙක දක්වා ඉහල ගොස් ඇත. පසුගිය නොවැම්බර් මාසයේ පිව් පර්යේෂනයේ මත විමසුමකට අනුව ඇමරිකානුවන් ගෙන් සියයට 45 ක් පුවත් අන්තර්ගතය සඳහා ෆේස් බුක් භාවිතා කරති; මෙය අන් කිසි සමාජ මාධ්‍ය ජාලයකට වැඩි ප‍්‍රමානයකි. එය, ප‍්‍රධාන මාධ්‍ය සංගතයන්ගේ පාලනයේ බැහැරව විරෝධතා සංවිධානය කිරීම සඳහාත් තොරතුරු පතුරුවා හැරීම සඳහාත් සුවිශේෂ යාන්ත‍්‍රනයක් බවට පත්ව ඇත. ෆේස්බුක් වෙබ් අඩවියට ප‍්‍රධාන ධනපති රාජ්‍යයන් සමග සමීපයෙන් කටයුතු කරමින් ඉවර කර දැමීමට උවමනාව ඇත්තේ මෙයයි.

තීරනය නිවේදනය කරමින් සකර්බර්ග් සිය අන්තර්ජාල පනිවුඩය තුල මෙසේ කීය: සමාගම “අදාල තොරතුරු සොයා ගැනීමට උදව් කිරීමේ සිට ඔබට වඩාත් අර්ථවත් සමාජ අන්තර් ක‍්‍රියා අත්කර දීම දෙසට යොමු වන පරිදි ෆේස් බුක් ගොඩනගා ගැනීම උදෙසා, ප‍්‍රමුඛ පියවර ගනිමින් සිටි...”

අධිකාරවාදී තන්ත‍්‍රයක ගතිලක්ෂනය වන ඕර්වේලියානු වර්ගයේ භාෂාවෙන් ප‍්‍රකාශය පිරි තිබුනි. සකර්බර්ග් කියා සිටින පරිදි මේ වෙනස්කම් විසින් කෙරෙන්නේ, “අප සේවාවන් හුදෙක් විනෝදය පමනක් නොව ජනතාවගේ යහපත් පැවැත්ම සහතික කිරීමට ය”.

පුවත් අන්තර්ගතය අඩු කිරීමෙන්ද හිත මිතුරන්ගේ හා පවුලේ තොරතුරු ලිපි අවධාරනය කිරීම මගින්ද ෆේස්බුක් භාවිතා කරන්නන් “වඩාත් සම්බන්ධිත බවක් තහවුරු කොට, හුදෙකලා බවින් මුදා ගත හැකිවන පරිදි ෆේස් බුක් සැකසීමට සහතික වෙමු.” මෙහි මුලු බලපෑම ම “අපේ යහපැවත්ම උදෙසා වැදගත් වනු ඇත.”

වෙනත් වචන වලින් කිවහොත් ඔබට හොඳ කුමක්දැයි ෆේස් බුක් දන්නා අතර, ඒවා නම් ලෝකයේ තත්වය පිලිබඳ පුවත් සහ තොරතුරු නොවේ. එවන් “පොදු කාරනා” කියන දේ වඩ වඩාත් ෆේස් බුක් පුවත් පෝෂන වලින් ඉවත් කරනු ඇති අතර, පලකරනු ලබන පුවත් “එකම ප‍්‍රමිතියකට පවත්වා ගනු ඇත- ඒ වනාහි ජනයා අතර අර්ථවත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම ධෛර්යමත් කරන ප‍්‍රමිතියකි.”

සිය 1984නම් කෘතියේ ඔර්වෙල් පෙර දුටු ඒකාධිපතිත්වය තුල මහා සහෝදරයා සහ ඔහුගේ ක්ෂමාලාපකයෝ ‘සදාකාලික යුද්ධ තත්වය සාමය’යි කනපිට හැරවීමට යොදාගත් ‘නිව් ස්පීක්’ [නව බස] “වාග්මාලාව” තුලින් යුද්ධයේ සහ ආඥාදායකත්වයේ සදාකාලික රාජ්‍යය පිලිබඳ දේවල් ඒවායේ ප‍්‍රතිවිරුද්ධය බවට පෙරලා වසන් කරති. සකර්බර්ග්ගේ “ෆන් ස්පීක්” තුල ජනතාවට තොරතුරු පතුරුවා හැරීමට පවත්නා හැකියාව මර්දනය කිරීම හඳුන් වන්නේ “අපට අදාල වන මිනිසුන් සමග අපව වඩාත් සමීප කිරීමේ උත්සාහයක් ලෙස යි.” “වාරනය හොල්මාර්ක් සුභපැතුම් කාඩ්පතක වේශයෙන්.”

“ෆේස්බුක් විසින් මේ දෙසට වෙනස්කම් සිදුකිරීම ආරම්භ කලේ පසුගිය වසරේ” බව, සකර්බර්ග් තවදුරටත් ප‍්‍රකාශ කරයි. එනම් වාරනය මේ වන විටත් ආරම්භ කොට ඇති බව යි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිරීක්ෂනය කර ඇත්තේ පසුගිය මාස හය පුරා ෆේස් බුක් වල පලකරන ලද අන්තර්ගතය විශේෂයෙන්ම වීඩියෝ දර්ශන පෙරදීට වඩා පහල වපසරියක් කරා වැටී ඇති අතර ලෝසවෙඅ ලිපි පිලිබඳ සිය පනිවිඩ “නොවැදගත්” ලෙස වර්ගීකරනය කොට ඇති බව පාඨකයන් වාර්තා කොට ඇත.

තීරනය සඳහා දේශපාලන පෙලඹීම එනම් සමාගමේ මූලෝපායේ අංශක 180 ක හැරී ගැනීම එයට ෆේස් බුක් වල සමස්ත බලපෑම මත සුවිශේෂී නිශේධනාත්මත බල පෑමක් පවතින බවට අවධාරනය කෙරේ. සිය පනිවිඩය තුල “ෆේස් බුක් වලට මිනිසුන් වැය කරන කාලය සහ සම්බන්ධවීමේ මිනුම් පහල යනු ඇති බවට” ඔහු අපේක්ෂා කරන බව සකර්බර්ග් පිලිගත්තේය. පුවත් පලකරන්නන්ගෙන් ලැබෙන වෙලඳ දැන්වීම් සඳහා වූ ආදායමේ අපේක්ෂිත පහල වැටීමක් සමග සම්බන්දිත මෙය ෆේස්බුක් කොටස් පසුගිය සිකුරාදා සියයට නවයකින් පහල වැටීමට හේතුවක් විය.

නමුත් වඩාත් වැදගත් ප‍්‍රශ්න පරදුවට තැබී පවතී. ෆේස් බුක් වල ක‍්‍රියාව ඒකාබද්ධ රාජ්‍ය වාරනය ප‍්‍රධාන තාක්ෂන සමාගම් වැලඳ ගැනීම පිලිබඳ උදාහරනයකි. සිය ප‍්‍රකාශිත අරමුන තොරතුරු ප‍්‍රචාරනය කිරීම, හුවමාරු කිරීම සහ පතල කිරීම ලෙස වූ සමාගම් ඒවා මර්දනයේ සහ පාලනයේ උපකරන බවට පත් කර ගෙන ඇත.

ඊයේ සිදු කරන ලද පනිවිඩයට ඇතුලත් “වීඩියෝ දර්ශන සහ ප‍්‍රසිද්ධ තොරතුරු අන්තර්ගතයන් පසුගිය වසර දෙක තුල ෆේස් බුක් වල පිරී ඉතිරී ගොස් ඇති” බවට කල ප‍්‍රකාශය සකර්බර්ග් වසරකට පෙර අබිමානයට කරුනක් ලෙස ගනු ඇති වුවද දැන් ඔහු එය තර්ජනයක් ලෙස සලකයි.

මෙම හැරී ගැනීම ඩිමොක‍්‍රටික් පක්ෂය සහ එජ බුද්ධි අංශ විසින් දියත් කරන ලද ව්‍යාපාරයේ ප‍්‍රථිපලයකි. නිව්යෝර්ක් ටයිම්ස් හා වොෂිංටන් පෝස්ට් ඇතුලු මාධ්‍ය ආයතන සමග සම්බන්ධවී, එජ දේශපාලනය තුල රුසියානු බලපෑම, මූලිකවම සමාජ මාධ්‍ය යාන්ත‍්‍රනය හරහා, “ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය දූෂිත කොට” ඇති අතර රට තුල “බෙදීම් ඇති කරමින් සිටී” යනුවෙන් ඔවුන් නව මැකාතිවාදී තර්කයක් වර්ධනය කොට ඇත; ජර්මනිය, ප‍්‍රන්සය සහ අනෙකුත් රාජ්‍ය විසින් එය ඩැහැ ගෙන ඇත.

පසුගිය වසර අවසානයේ පැවත්වුනු විමර්ශන මාලාවකින් එක්සත් ජනපදයේ නීති සම්පාදකයන් දේශපාලන කථනය පිලිබඳ දුරදිග යන ප‍්‍රහාරයක් ෆේස් බුක්, ට්විටර් සහ ගූගල් විසින් ක‍්‍රියාවේ යොදවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව පැහැදිලි කොට ඇත. හරියටම මෙම ගිය සතියේ එජ සෙනෙට් සභාවේ ඩිමොක‍්‍රටිකයෝ එරට තුල සහ යුරෝපිය දේශපාලනය තුල සිදුවී යයි කියන රුසියානු මැදිහත්වීම පිලිබඳ ප‍්‍රමුඛ වාර්තාවක් නිකුත් කලහ. “සමාජ මාධ්‍ය ජාල වනාහි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි පමුනුවන තොරතුරු විකෘති කිරීමේ ව්‍යාපාරයන්ගේ ප‍්‍රමුඛ මාධ්‍යයක් යයි” එය නිගමනය කලේ ය.

පාලක පන්තියේ සැබෑ උත්සුකය නම් රුසියානු “ඇඟිලි ගැසීම” නොව එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව සමාජ සහ දේශපාලන විරෝධතාවය වර්ධනය වීමයි. ට‍්‍රම්ප් පරිපාලනය අන්තර්ජාල වල නිර්පාක්ෂිකතාව අහෝසි කිරීම ඇතුලු සිය ප‍්‍රතිගාමී මිලිටරිවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී න්‍යාය පත‍්‍රය අනුගමනය කරන තතු තුල නිමා නොවන යුද්ධය සහ දරාගත නොහැකි සමාජ අසමානතාවයේ මට්ටම් විසින් සමාජ පිපිරීමක් නිශ්පාදනය කෙරෙනු ඇතැයි ඩිමොක‍්‍රටිකයෝ භ‍්‍රාන්තව සිටිති.

මාස පහකට පෙර ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ප‍්‍රධාන තාක්ෂන සමාගම් වාරනය වෙතට පුලුල් හැරීමක් ගැනීමේ කොටසක් ලෙස වාමාංශික, යුද විරෝධී සහ ප‍්‍රගතිශීලී වෙබ් අඩවි වාරනය කිරීමට ගූගල් උත්සාහ කරමින් සිටින බවට අනතුරු ඇඟවීය.

යන්තම් අඩවසක් තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට සහ භාෂනයේ නිදහසට එල්ල වන ප‍්‍රහාරය වේගයෙන් වර්ධනය වී ඇත. පාලක පන්තිය මේ වසරේ ප‍්‍රමුඛ යුද්ධය සහ සමාජ නොසන්සුන්තාවය පුපුරා යන බව අපේක්ෂා කරමින් ආක‍්‍රමනශීලී ක‍්‍රියාමාර්ගයන් ගනිමින් සිටී.

මේ කොන්දේසි යටතේ ලොසවෙඅ සභාපති ඬේවිඞ් නොර්ත් ද පත‍්‍ර කලාවේදී ක‍්‍රිස් හෙජස් ද සහභාගී වන “අන්තර්ජාල වරානයට එරෙහි ප‍්‍රතිරෝධය සංවිධානය කිරිම නමැති ..” අන්තර් ජාල සාකච්චාව අත්‍යසාමාන්‍ය කාලෝචිත බවක් දරා සිටි. ජීවමාන විඩියෝ ධාරාව සජිවී වීඩියෝ විකාශනය ජනවාරි 16 අගහරුවාදා නැගෙනහිර සම්මත වේලාවෙන් සවස 7.00 සිට 8.30 දක්වා විකාශනය වනු ඇත. අද දින endcensorship.org හි දී මෙම තීරනාත්මක ජාත්‍යන්තර අවස්තාවට සහභාගී වීමට අපේ සියලු පාඨකයන්ට කැඳවුම් කර සිටිමු.

ඇන්ඩ්‍රේ ඬේමන්

Share this article: