ඩිමොක‍්‍රටිකයන් ට‍්‍රම්ප්ට එරෙහි විරෝධතාවය කඩාකප්පල් කල වර්ෂයක්

One year of Democratic sabotage of opposition to Trump

2018 ජනවාරි 20

වසරකට පෙර 2017 ජනවාරි 20 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 45 වන ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේය. කැපිටෝල් හිල්හි සිට “ඇමරිකාව පලමුව” යන ෆැසිස්ටික දෙඩවිල්ලේ ඔහු යෙදී සිටින අතර දහස් ගනන් ජනතාව ඒ අසලම ඊට විරෝධතාවය දක්වමින් සිටියහ.

ඊට පසු දින එජ ඉතිහාසය තුල විශාලතම සහ පෘථුල විරෝධතාවය නව ජනාධිපතිට විරෝධව පැවැත්විනි. ඒවාට එජ නගර 500 කට අධික ගනනක මිලියන තුනත් පහත් අතර ජනතාවක් ද, එජ යට පිටත නගර සියයකට අධික ප‍්‍රමානයකද විරෝධතාවයන්ට සම්බන්ධ වූහ.

ඉක්බිති සති අන්තයේ, ට‍්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධී තහනමට එරෙහිව ගුවන්තොටුපලවල් සහ නගර සිසාරා විරෝධතා පැන නැගුනි.

එදා පටන්, ට‍්‍රම්ප් කෙරෙහි වූ මහජන වෛරය තවත් ඉහල ගියා පමනි. මෑත සමීක්ෂන පෙන්වනුයේ වැඩ භාර ගැනීමෙන් එක් වසරකට පසුව ඔහුගේ අනුමති අනුපාතය මෙතෙක් කිසිදු නූතන ජනාධිපතිවරයෙකු ගේ මට්ටමට ට වඩා පහත් මට්ටමකට වැටී ඇති බව යි.

විශාල බහුතරයන් ඔහු වර්ගවාදියෙක් යයි කල්පනා කරන අතර ඔහුගේ විදේශ පිලිවෙතටද සෞඛ්‍ය අධාර සහ ආගමික පිලිවෙතටද විරුද්ධ වෙති.

ට‍්‍රම්ප් 2016 මැතිවරනය ජයග‍්‍රහනය කලේ බැරක් ඔබාමාගේ පාලනයේ අට වසරකින් පසු ඩිමොක‍්‍රටිකයන් පිලිබඳ කලකිරීම සහ වෝල් වීදිය වඩාත් කැමති අපේක්ෂකයා වූ හිලරි ක්ලින්ටන් කෙරෙහි මහජනගේ වෛරයේ වාසිය ඩැහැගනිමිනි. ඔහු ක්ලින්ටන් විසින් නොසලකා හරින ලද අසමානතාව ය ඉහල යාම, රැකියා සහ ජීවන තත්ත්වයන් විනාශ කිරීම පිලිබඳ මහජන කෝපය ගසා කෑවේය.

නමුත් වසරකට පසුවත් මහජන වෛරයේ සියලු හේතූ තවමත් පවතී. පසුගිය වසර තුල ටෙක්සාස්, ෆ්ලෝරිඩා පුවටෝරිකෝ, කැලිෆෝනියා වැනි ප‍්‍රදේශවල ඇතිවූ කුනාටු, චන්ඩමාරුත, ලැව්ගිනි සහ අනෙකුත් විලැව්ගිනි සහ ව්‍යසන මාලාවක් මූලික යටිතල පහසුකම්වල කඩා වැටීම අනාවරනය කලේ ය. සමාජ යහපැවැත්මේ මූලික දර්ශකයන් වන ඔපිඔයිඩ් මත්ද්‍රව්‍ය නිසා ඇතිවූ මරන, ආයු අපේක්ෂාව වැටීම, ලදරු මරන අනුපාතය නැගීම, කුසගින්න, නිවාස නොමැති බව උග‍්‍රවීම බදු මේ සියල්ල පෙන්නුම් කරන්නේ කම්කරු ජනතාව සහ තරුනයන් මුහුනපාන විනාශයේ තීව‍්‍ර වීමයි.

මූල්‍ය කතිපයාධිකාරයේ සමාජය කොල්ල කෑම වේගයෙන් උග‍්‍ර ව ඇත. ට‍්‍රම්ප් ධනපතියන් ගේ බදු කපාහැරීමට පෙර ම, ඇමරිකාවේ බිලියන පතියන් 159 ක් 2017 දී සිය සංයුක්ත ධනයට ඩොලර් බිලියන 315 එක් කර ගනිමින් සිය සාමූහික ධනය ඩොලර් ට්‍රිලියන 2 දක්වා ඉහල දමා ගත්තෝය. වැඩ භාරගැනීම ට පසු ට‍්‍රම්ප්ගේ ප‍්‍රධාන ජයග‍්‍රහනය නම් ඩව් ජෝන්ස් කාර්මික කොටස් වල මිල සියයට 31 කින් ඉහල යාමයි.

එතෙකුදු වුවත්, ට‍්‍රම්ප් පරිපාලනය පලමු වසර රැකී පවතිමින් සිය ප‍්‍රතිගාමී ආර්ථික සහ සමාජ න්‍යාය පත‍්‍රයේ ලොකු කොටසක් ක‍්‍රියාත්මක කර ගති.

පලමු වැන්න නම් විදේශ ප‍්‍රතිපත්තියේ ප‍්‍රශ්න පිලිබඳ පාලක පන්තිය අතර දැඩි වෙනස්කම් පවතින අතරම ට‍්‍රම්ප් ඔහුගේ ආර්ථික ප‍්‍රතිපත්තීන්ගේ පදනම උඩ, මූල්‍ය- සංගත ප‍්‍රභූවේ සහය විශාල වශයෙන් තහවුරු ගෙන තිබීමයි.

නමුත් අන් කිසි දෙයකටත් වඩා ඔහුට බලයේ රැඳී ගත හැකි වුයේ ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් මහජන විරෝධය යටපත් කිරීම නිසාය.

ඩිමොක‍්‍රටිකයන් සම්පූර්න වසරම ගත කලේ ට‍්‍රම්ප් කෙරෙහි වූ විරෝධතාවය කඩා කප්පල් කිරීමටත් එය යුද්ධයට-පක්ෂවූ ප‍්‍රතිගාමී රේඛා දිගේ නො මග යැවීමටත් ය.

ඩිමොක‍්‍රටිකයන්ගේ නව මැකාතිවාදී සහ රුසියානු විරෝධී ව්‍යාපාරය ඔබාමා පරිපාලනයේ ආක‍්‍රමනකාරී රුසියානු විරෝධී ප‍්‍රතිපත්තියේ මොනම වෙනසක් හෝ වැලැක්වීම සහ සිරියාව තුල වඩවඩාත් ආක‍්‍රමනකාරී යුද්ධයක් එල්ල කර ගනී. එය අන් සියල්ලටත් වඩා මොස්කව් වලට එරෙහිව යොමුවූ ඉවබව නැති උග‍්‍ර කිරීමක් වන ස්ථාවර එජ භට කන්ඩායමක් සිරියාව තුල ස්ථානගත කිරීම හා ඒ මගින් එරටේ විශාල කොටසක් ඇමරිකානු තත්වාකාර පාලනය යටතේ තබා ගැනීම සම්බන්ධව පරිපාලනයේ නිවේදනය මගින් පල දරා ඇත.

ප‍්‍රති-රුසියානු භීතිකාව “ව්‍යාජ පුවත්” වලට එරෙහිව, යන පතාකය යටතේ නිදහස් කථනය සහ විරුද්ධවාදී මත වලට පහර දීම මගින් අන්තර්ජාලය වාරනය කිරීම හා සමග බැඳී පවතී. ඩිමොක‍්‍රටික් පාක්ෂිකයෝ සමාජ මාධ්‍ය ජාල සමාගම් උග‍්‍ර වාරන පිලිවෙතක් පැනවිය යුතු යයි ඉල්ලමින් ඒ සදහා මග පෙන්වූ හ. හරියටම මේ මාසයේදී ඩිමොක‍්‍රටිකයෝ ආන්ඩුවේ නීතිවිරෝධී පෘථුල මහජන ඔත්තු බැලීමේ පටිපාටිය පුලුල් කිරීමට අවශ්‍ය ඡන්ද සපයා දුන්නෝය.

මෙකී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන්ට යුක්ත පටිපාටිය සහ නිර්දෝෂීභාවය පිලිබඳ පූර්ව නිගමනය බදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන් පාගා දමන ඩිමොක‍්‍රටිකයන්ගේ දක්ෂිනංශික ස්ත‍්‍රීවාදී “මී ටූ” ව්‍යාපාරයද සම්බන්ධ ය.

ඩිමොක‍්‍රටිකයන්ගේ ට‍්‍රම්ප් විරෝධී ඉරියව්ව රැවටිල්ල සහ කුහකත්වයෙන් පිරී ඉතිරී පවතී. විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔවුන්ගේ උපායික මතභේද කුමක් වුවද ඔවුහු පරිපාලනයේ කම්කරු පන්ති විරෝධී සමාජ සහ ආර්ථික පිලිවෙත් වලට සහය දක්වති. ඔවුහු සංගත සහ බැංකු වලට පනවාතිබෙන පරිපාලන කොන්දේසි ඉවත් කිරීමට සහය දෙති. ඔවුහු සෞඛ්‍යාධාර ලාභීන්ට ගේ වැඩ නියමයන් හා ගාස්තු පැනවීම් පිලිබඳ කිසිවක් නොකියති. ඔවුහු මහා සංගත සහ පෝසතුන් සඳහා බදු කප්පාදුව ට එරෙහිව පලල් මහජන විරෝධතාවය බලමුලුගැන්වීම සඳහා එකදු විරෝධතා ක‍්‍රියාවක් හෝ කැඳවීම ප‍්‍රතික්ෂේප කරමින්, එම පියවර වලට සහය දුන්නෝය. ඩිමොක‍්‍රටිකයන් හොඳින් දන්නා පරිදි අයවැය හිඟයේ යෝධ ඉහල යාම සෞඛ්‍යාධාර සහ සමාජ සුරක්ෂනය නවත්වා දැමීම සදහා ව්‍යාජයක් ලෙස භාවිතා කරනු ඇත.

දැන් නීත්‍යානුකුල සංක‍්‍රමනයට ඓතිහාසික ප‍්‍රහාරයක් එල්ල කරන අතර ඩිමොක‍්‍රටිකයෝ මෙක්සිකෝවේ ඉදිකරනු ලබන ට‍්‍රම්ප්ගේ ප‍්‍රාකාරය ගොඩනගා එජ-මෙක්සිකානු දේශ සීමා මුරපල තවතවත් මිලිටරීකරනය කිරීම සඳහා ට‍්‍රම්ප් ඇතුලු රිපබ්ලිකානුවන් සමග අත්වැල් බැඳගනිමින් සිටිති.

මැතිවරන වසරක් වන මෙම වසරේ දී රිපබ්ලිකානුවන්ට විකල්පයක් ලෙස ඩිමොක‍්‍රටිකයන් පත්කිරීමට ඩිමොක‍්‍රටික් පක්ෂය වටා කැරකෙන මාධ්‍ය කොටස් සහ ව්‍යාජ-වාම සංවිධාන විසින් තවත් ව්‍යාපාරයක් දියත් කෙරෙනු ඇති බව නිසැක ය. මොන තරම් වංචාවක්ද?

පසුගිය වසරේ පාඩම වනුයේ ට‍්‍රම්ප්ට එරෙහි සටන ඒ සමගම ඩිමොක‍්‍රටික් පක්ෂයටද එරෙහි සටනක් වන බවයි.

පන්තිය, එය ට වර්ධනය විය හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් මත පදනම් වීම මගින්ම පමනි.

යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව වර්ධනය වන සමාජ විරෝධතාවය එපරිදි නව වසර පුරාම එක්සත් ජනපදය තුල ද අඛන්ඩව වර්ධනය වනු ඇත.

දැනටමත්, 2018 වසර තුල දී ඉරානයේ කම්කරු පන්ති විරෝධතා පැන නැගීමක්, ටියුනීසියාවේ සමාජ කැලඹීමක්, රොමේනියාවේ වාහන කර්මාන්තයේ හිටිඅඩියේ වැඩවර්ජනය සහ ජර්මනියේ හා බ්‍රිතාන්‍යයේ වානේ සහ දුම්රිය කම්කරුවන්ගේ වැඩවර්ජන අප අත්දැක ඇත.

කම්කරු පන්තියේ මෙම වර්ධනය වන ව්‍යාපාරය සවිඥානික වැඩ පිලිවෙලක් එනම් යුද්ධයේ, සමාජ අසමානතාවයේ, සහ මර්දනයේ මූලයන්ට කොටින්ම පවසතොත් ධනේශවර පද්ධතියට එරෙහිව මෙහෙයවුනු වූ සමාජවාදී වැඩ පිලිවෙලක් ඉල්ලා සිටී.

බැරී ග්‍රේ

Share this article: