ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සිය පනස් වන සංවත්සරය සැමරීමේ දේශන මාලාවක් පවත්වයි

Socialist Equality Party (Sri Lanka) to hold lectures to mark its 50th anniversary

අපගේ වාර්තාකරුවන් විසිනි, 2018 ජූනි 14

සමාජවාදී සමානතා පක්ෂය සිය පනස්වන සංවත්සරය නිමිතිකොටගෙන, කොලඹින් ආරම්භකර තවත් නගර ගනනාවක ප්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පවත්වයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), 1968 වසරේ ජූනි 16-17 දෙදින තුල කොලඹදී පවත්වන ලද සමුලුවකදී පිහිටුවා ගත් අතර, 1996 වසරේදී හජාජාක අනෙකුත් ශාඛාවන් ද සමඟ එය සසප ලෙස වෙනස් කරන ලදී.

ශ්‍රී ලංකාව තුල ට්‍රොට්ස්කිවාදය සඳහා ගෙනගිය අරගලය, දිවයිනේ පමනක් නොව දකුනු ආසියාවේ ද ලොව පුරා ද අද දින කම්කරු පන්තියේ, සිසුන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ අරගල මතුව ඒමේ සන්දර්භය තුලම ප්‍රකාශනය අත්කර ගනී. සමාජ අරගලයන්ගේ මෙම පිපිරීම්, ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදයෙන් ද ඇමරිකාවේ මූලිකත්වයෙන් අධිරාජ්‍යවාදී බලවතුන් විනාශකාරී තුන්වන ලෝක යුද්ධයක් දෙසට තල්ලුවීමෙන් ද අවුලුවනු ලැබේ.

ට්‍රොට්ස්කිවාදය සඳහා ගෙනගිය විකොස අරගලය වර්ධනය වුනේ, ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් යයි කියාගත් ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1964දී ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ හවුල් ආන්ඩුවකට ඇතුලුවීමේ වාතාවරනය තුලය. ලසසපයේ පාවාදීම සූදානම් කරන ලද්දේ, 1950 ගනන්වල මුල හතරවන ජාත්‍යන්තරය තුල හිස එසවූ පැබ්ලෝවාදී දියකර හැරීමේ ප්‍රවනතාව විසිනි.

පැබ්ලෝවාදයට එරෙහි සටන අතට ගනිමින් 1953දී පිහිටුවන ලද හජාජාකහි වැඩකටයුතු, විකොස පිහිටුවීමේදී මූලික විය. විකොස/සසප දේශපාලන ඉතිහාසය, ධනේශ්වරයේ සියලු කොටස් වලට එරෙහිව ද පීඩිත ජනතාවන්ගේ නායකත්වය ලෙස ද ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත, කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලන බලමුලු ගැන්වීමට ගෙන ගිය දිග්ගැස්සුන හා සම්මුති විරහිත අරගලයකින් සමන්විතය.

ඉදිරියේ එලඹෙන විප්ලවවාදී අරගලයන් සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමෙහිලා අඩ සියවසක විකොස/සසප අරගලයේ දේශපාලන පාඩම් තීරනාත්මකය. ධනපති ක්‍රමයට ද එහි දේශපාලන ඒජන්තයින්ට ද විරුද්ධව සටන්වැදීමේ අවශ්‍යතාවෙන් යුත් කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන්, වෘත්තිකයින්ගෙන්, තරුනයින්ගෙන් හා අනෙකුත් අයගෙන් අප ඉල්ලා සිටින්නේ, මෙම වැදගත් හා අත්‍යවශ්‍ය සාකච්ඡාවට සහභාගී වන ලෙසය.

දේශන මාතෘකා, දින, වේලාවන් හා ස්ථාන

1. ට්‍රොට්ස්කිවාදය සඳහා අඩ සියවසක සප්‍රතිපත්තික අරගලය

2. විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය පිහිටුවීම

3. වර්ගවාදී යුද්ධයට හා බෙදුම්වාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය

4. ධනපති ආන්ඩු වලට විරුද්ධව සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන

5. සුලු ධනපති ජාතිකවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය

කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

ජූනි 22 සිකුරාදා සවස 4.00

ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය

ජූලි 12 බ්‍රහස්පතින්දා සවස 4.00

අගෝස්තු 2 බ්‍රහස්පතින්දා සවස 4.00

අගෝස්තු 16 බ්‍රහස්පතින්දා සවස 4.00

අගෝස්තු 30 බ්‍රහස්පතින්දා සවස 4.00

ගාල්ල නගර සභා ක්‍රීඩා මන්ඩපය

ජූලි 8 ඉරිදා සවස 3.00

අගෝස්තු 5 ඉරිදා සවස 3.00

අගෝස්තු 26 ඉරිදා සවස 3.00

සැප්තැම්බර් 9 ඉරිදා සවස 3.00

සැප්තැම්බර් 23 ඉරිදා සවස 3.00

මහනුවර ජනමැඳුර ශාලාව (ගුඩ්ස්ෂෙඩ් බස් නැවතුම්පල අසල)

ජූලි 03 අඟහරුවාදා සවස 4.00

ජූලි 20 අඟහරුවාදා සවස 4.00

අගෝස්තු 15 අඟහරුවාදා සවස 4.00

සැප්තැම්බර් 04 අඟහරුවාදා සවස 4.00

සැප්තැම්බර් 27 අඟහරුවාදා සවස 4.00

යාපනය, වීරසිංහම් ශාලාව

ජූලි 19 බ්‍රහස්පතින්දා සවස 4

අගෝස්තු 15 බදාදා සවස 4

සැප්තැම්බර් 11 අඟහරුවාදා සවස 4

ඔක්තෝබර් 11 බ්‍රහස්පතින්දා සවස 4

ඔක්තෝබර් 31 බදාදා සවස 4

කුරුනෑගල, තරුන බෞද්ධ සංගම් ශාලාව

අගෝස්තු 29 බදාදා සවස 4.00

Share this article: