පුලිට්සර් ත්‍යාගලාභී මාධ්‍යවේදී ක්‍රිස් හෙජස්, ජුලියන් අසාන්ජ් ආරක්ෂාකිරිම සඳහා ජුනි 17 දා සිඩ්නි නුවර පැවැත්වෙන පෙලපාලියට සහාය දෙයි

Pulitzer Prize-winning journalist Chris Hedges endorses June 17 Sydney demonstration in defense of Julian Assange

ක්‍රිස් හෙජස් , 2018 ජුනි 8

ජාත්‍යන්තර කීර්තිධර පුවත් කලාවේදී , ග්‍රන්ථ කතෘ, දේශක සහ හිටපු නිව්යෝක් ටයිම්ස් වාර්තාකරු ක්‍රිස් හෙජස්, ජූලියන් අසාන්ජ්ට කොන්දේසි විරහිතව නිදහස ලබා ගැනීමට වහා ම ක්‍රියා කරන ලෙස ඕස්ට්‍රේලියානු ආන්ඩුවට බලකිරීම සඳහා ජුනි 17 දා සිඩ්නි නුවර නගර සභා චතුරශ්‍රයේ පැවැත්වෙන පෙලපාලියට සහාය පල කරමින් පහත ප්‍රකශය නිකුත් කර ඇත.

ක්‍රිස් හෙජස්

ජුලියන් අසාන්ජ්ගේ ජීවිතය අනතුරේ ය. මූලික මානව අයිතින් උල්ලංඝනය කරමින් ඉක්වදෝර් ආන්ඩුව තම ලන්ඩන් තානාපති කාර්යාලය තුල ඔහුට ලබාදී තිබුනු රැකවරනය මෘග සිරගත කිරීමක් බවට පත්කොට තිබේ.

ඔවුන් ඔහු අන්තර්ජාලයට පිවිසීම වලක්වා, එමගින් තම සහකරුවන් සමග කතාකිරීම හෝ ලෝක සිද්ධීන් දැන ගැනීමේ ඉඩකඩ පවා අහෝසි කර දමා ඇත. මෙම අමානුෂික සැලකීමේ විනිවිද පෙනෙන අරමුන නම්, ලන්ඩන් පොලිසියට ජුලියන් අල්ලා ගැනීමට හැකි වන පරිදි, ඔහු ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් දොට්ට බස්සා, බ්‍රිතාන්‍ය හිරගෙයකට ඔහුව කොටුකර, ඇමරිකා එක්සත් ජනපදයට පිටුවහල් කිරීමේ කල්තබා සකස් කෙරුනු තීන්දුවක් ක්‍රියාත්මක කිරීමය. ජුලියන් අසාන්ජ් එක්සත් ජනපදයට බාර දෙනු ඇත. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්, මයික් පොම්පියෝ, ජෝන් බෝල්ටන් සහ සීඅයිඒ විශේෂඥ ප්‍රධාන වධක ජිනා හස්පල් අතට පත් කෙරෙනු ඇත.

ජුලියන් අසාන්ජ් නිර්භිත මාධ්‍යවේදියෙකි; ඔහු දඩයමට ලක්කර ඇත්තේ, අධිරාජ්‍යවාදයේ සැබෑ අපරාධ එලිදරව් කර තිබෙන හෙයිනි. ජුලියන්ට විරුද්ධ කුමන්ත්‍රනය පරාජය කල යුතු ය. ඔහු ආරක්ෂා කිරීමේ සටන ආන්ඩුව මූලික ප්‍රජාතන්ත්‍ර අයිතින් පාගා දැමීමට එරෙහිව කරන අරගලයේ තියුනු මුවාත යි.

ඒ නිසා මම, ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු ලෙස අසාන්ජ්ට හිමි අයිතීන්ට ආන්ඩුවේ ආරක්ෂාව ලබා දෙනමෙන් ඉල්ලා ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂය විසින් ජුනි 17 දා සිඩ්නි නගරයේ දී කැඳවා තිබෙන පෙලපාලියට සහයෝගය දෙමි.

බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු, සහ ඉක්වදොර් ආන්ඩු ජුලියන් අසාන්ජ්ට පනවා තිබෙන නීති විරෝධී මර්දනය අවසන් කොට ඔහු සුරක්ෂිතව ඕස්ට්‍රේලියාවට පෙරලා පැමිනීම සහතික කිරීමට ටර්න්බුල් ආන්ඩුව ක්‍රියා කල යුතු වේ,

Share this article: