තූත්තුකුඩියේ සංහාරය සහ මෝදිගේ ඉන්දියාව

The Tuticorin massacre and Modi’s India

2018 මැයි 26

සෙනසුරාදා, ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) අනෙකුත් නායකයින් ඔවුන් බලයට පත්වීමේ සිව්වන වසර ඉන්දියාවේ “අභිවෘද්ධිය” පිලිබද උත්කර්ෂවත් කථා සහිතව සමරනු ලැබීය.

අභිවෘද්ධිය කා වෙනුවෙන්ද? විෂ සහිත රසායන ද්‍රව්‍ය වලින් භූගත ජලය සහ පරිසරය දූෂනය කරමින් දිගුකාලයක සිට තමිල් නාඩුවේ තූත්තුකුඩිය අපවිත්‍ර කොට ඇති තඹ විරුවම් හල (තඹ දිය කිරීමේ කර්මාන්ත ශාලාව) වසා දමන ලෙස ඉල්ලා සිටි කම්කරු ජනතාවට එරෙහිව අඟහරුවාදා දියත් කල පොලිස් සංහාරයෙන් සමකාලීන ඉන්දියාවේ සමාජ ජීවිතයේ සහ පන්ති සම්බන්ධතාවල ම්ලේච්ඡත්වය අනාවරනය විය.

මිනිසුන් 12 දෙනෙකු ඝාතනය කොට තවත් 60 කට අධික සංඛ්‍යාවකට තුවාල සිදු කල සංහාරය තුල රාජ්‍ය ප්‍රකෝපකරනයක තත්‍යාංකයන් (ලක්ෂනයන්) පවතී. එය “මහජන සාමය”ට තර්ජනයක් නියෝජනය කෙරෙන බව ප්‍රකාශ කරමින් තමිල් නාඩු අධිකාරීන් කල්තියාම විරෝධතාවය පැවැත්වෙන දිනයන් සාපරාධීකරනය කලේය.

ඔවුන් “අනෛතික” විරෝධතාවය මතට කඩිනමින් සකස්කල පොලිස් නිලධාරීන් 1,500 ක් පිටත් කොට හල අතර අනතුරුව 20,000 ක් තරම් බලා පොරොත්තු වූවාට වඩා වැඩි සෙනගක් අරගලයට අවතීර්න වූ විට එය මාරක බලකායක් බවට පත්විය. සිය කාර්ය පටිපාටි උල්ලංඝනය කරමින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර නිකුත් නොකොට විරෝධතා කරුවන් මරා දැමීම සදහා ඔවුන්ගේ හිසට පොලීසිය වෙඩි ප්‍රහාර එල්ල කලේය. වීඩියෝ දර්ශන වලින්, ඇසින් දුටු සාක්ෂි වලින් සහ බොහෝ දේ පැවසෙන වෙඩි ප්‍රහාරයට ලක්වූවන්ගේ සිරුරු වලින් පොලිස් ස්නයිපර් ප්‍රහාරකයන් විරෝධතාකරුවන්ගේ පාද නොව ඔවුන්ගේ හිස ඉලක්ක කොට ගත් බව තහවුරු කරයි.

තමිල් නාඩුවේ සහ ඉන්දියාව පුරාම ජනතාව පොලිස් ප්‍රහාරයට එරෙහිව සිය විරෝධතාවය ප්‍රකාශ කල අතර මෝදි තන්ත්‍රය සහ බීජේපී හි සමීප මිතුරකු වන තමිල්නාඩුවේ ඒඅයිඒඩීඑම්කේ ප්‍රාන්ත ආන්ඩුව තූත්තුකුඩියේ දාමරිකත්වය අත්‍යවශ්‍ය සහ අවශ්‍ය ප්‍රමානයට පමනක් බලය යෙදවීමක් වන බවත් ප්‍රකාශ කල අතර තවදුරටත් මර්දනය සහ ප්‍රචන්ඩත්වය සදහා සැලසුම් සකස් කලේය. ප්‍රාන්තයේ දකුනු දිග දිස්ත්‍රික්කයන් තුනක දින පහක කාලයකට සමාජ මාධ්‍යයන්ට සහ අන්තර් ජාලයට ප්‍රවේශ විය හැකි සියලු මාර්ගයන් කපා දැමීම, තමිල් නාඩුව තුල අවශ්‍ය වන ඕනෑම අවස්ථාවක පිටත් කර හැරීම සදහා මධ්‍යම සංචිත පොලිස් බල ඇනියේ මිලිටරි හමුදාවක් සූදානමින් ස්ථාන ගත කොට තැබීම සහ ටුටිකොරින් සිදුවීම් පිලිබද මහජන රාවය ප්‍රචන්ඩත්වය බවට පත්කිරීම සඳහා සැලසුම් කරන වාම වාදී අන්තවාදීන් පිලිබද තර්ජනාත්මක බුද්ධි අංශ අනතුරු ඇඟවීම් නිකුත් කිරීම මේවාට අයත්විය.

තූත්තුකුඩියේ ජනතාව සහ ගිනිකොන දිග තමිල් නාඩුවේ ධීවරයින් වේදන්ත රිසෝසස් විරුවම්හලෙන් බාහිර පරිසරයට මුදා හරින සල්ෆර් ඩයොක්සයිඞ්, ඊයම්, ආසනික් සහ අනෙකුත් විෂ ධූලක යන්ගේ තර්ජනයට එරෙහිව 1996 එය විවෘත කල දින සිට විරෝධතා දක්වමින් සිට ඇත. අධිකාරීන් තවමත් ඔවුන්ගේ පැමිනිලි වලට අත්‍යන්තයෙන් සතුරුව සිට ඇත.

ප්‍රදේශයේ වැසියන් රෝගී කොට මරා දමා ඇති සහ ගිනිකොන දිග තමිල් නාඩුවේ වෙරල තීරයෙන් පිටත මුතු සහ මත්ස්‍ය කර්මාන්තය විනාශ කොට ඇති විෂ ද්‍රව්‍යයන් මුදා හැරීම සඳහා වේදන්ත සහ එහි හිමිකරු වන බහු මිලියනපති ව්‍යාපාරික අනිල් අග්‍රවාල් හට අවසරය ලබා දී ඇත. විරුවම්හල වසා දැමීම සදහා මෑතම සිදු වූ විරෝධතාවයට තුඩු දුන් හේතුව වූයේ එම කම්හල ලෝකයේ දෙවන විශාලතම තඹ විරුවම්හල බවට පත් කරන, තූත්තුකුඩියේ විරුවම්හලේ වාර්ෂික නිශ්පාදන ධාරිතාවය වසරකට ටොන් 800,000 ක් දක්වා දෙගුන කිරීමට වේදන්ත කම්හලට ආන්ඩුව විසින් අවසර දීමයි.

අගහරුවාදා සංහාරයට එරෙහි මහජන වෛරය සංසිඳුවීමට වන උත්සාහයක් ලෙස තමිල්නාඩු ආන්ඩුව සහ අධිකරන නිශ්චිත කාලයකට විරුවම්හල වසා දැමීමට නියෝග කොට ඇති අතර ඒ සමගම තමිල් නාඩු දූෂන පාලන මන්ඩලය එය විරුවම්හලේ බල ශක්ති සැපයුම විසන්ධි කොට ඇති බව ප්‍රකාශ කලේය.

නමුත් ඉන්දියානු රාජ්‍ය සහ දේශපාලන ප්‍රභූව යලි යලිත් පෙන්වා සිටින්නේ ඔවුන් ඉන්දියාවේ සංගත ප්‍රභූවේ සහ අග්‍රවාල් ගේ නීච සහකරුවන් බවත්, ඔවුන් පරිසර විනාශය සහ සමාජ කාලකන්නි භාවය “අභිවෘද්ධිය සඳහා කරන ගෙවීම” ලෙස දකින බවත්ය. ඉතාම අවම පාරිසරික ප්‍රමිතීන් වේදන්ත ආයතනය විසින්නොතකා හරිනු ලැබීම ඔවුන්ට තවකාලිකව නිශ්පාදන අත්හිටුවීමට බලකරනු ලැබූ කලින් අවස්ථාවේදී පරිදිම කල්ගත වීමට පෙර ඉක්මනින්ම ඔවුන් විරුවම්හල යලි විවෘත කිරීමේ කොල එලිය දල්වනු ඇත.

එවන් සමාජ අපරාධ ඉන්දියාව පුරාම ඇති තරම් පවතී. ඉන්දියාව ගෝලීය ලාභ ශ්‍රම නිශ්පාදනයේ කේන්ද්‍රය බවට පත්කිරීමට වූ ධාවනය තුල ඉන්දියානු ධනපති පන්තිය, මහා ව්‍යාපාරික යටිතල පහසුකම් වැඩිදියුනු කිරීමේ ව්‍යාපෘතිවලට සහ ඉන්දියානු සන්නද්ධ බලයන් නවීකරනය සහ න්‍යෂ්ටිකකරනය කිරීමට, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය සහ කෘෂිකාර්මික සහනාධාරයන්ට වෙන් කර ඇති රාජ්‍ය සම්පත් හරවමින් සිටින අතර පෞද්ගලීකරනයේ සහ සංගත බදු කප්පාදු කිරීමේ සමාජමය වශයෙන් දහනශීලී න්‍යාය පත්‍රයක් අනුගමනය කරමින් සිටී.

ඉන්දියානු කම්කරුවන්ගෙන් සහ පීඩිතයන්ගෙන් වැඩෙන සමාජ විරෝධය රාජ්‍ය මර්දනය සහ වර්ගවාදී ප්‍රතිචාරයන් සහ හානිකර කුල දේශපාලනයේ ගිනි ඇවිලවීම් සමග සම්මුඛ වී ඇත.

ඉන්දියාවේ නව ගෝලීය වශයෙන් සම්බන්ධිත කර්මාන්ත ශාලා තුල පැතිර පවත්නා කුරිරු ලාභ ශ්‍රම තන්ත්‍රයට අභියෝග කිරීමට තරම් නිර්භීත වීම වෙනුවෙන් ඝාතන චෝදනා උගුලකට හසු කොට ජීවිතාන්තය දක්වා සිරගත කල මරුටි සුසුකි වාහන කර්මාන්ත ශාලාවේ කම්කරුවන් 13 දෙනාගේ නඩුව ගන්න. ආයෝජකයන්ට යලි සහතික වීමට සහ රට තුල නිශ්පාදනය සඳහා විදේශ ප්‍රාග්ධනය ආකර්ෂනය කර ගැනීම එල්ල කර ගත් මෝදිගේ “ඉන්දියාවේ නිෂ්පාදනය කරමු” ව්‍යාපාරය උත්සුකයට නැගීම පිනිස ඔවුන්ගේ ආදර්ශවත් දඩුවම අවශ්‍ය වන බවට වූ හේතු මත ඔවුන්ට නියම කල කෲර පන්ති සාධාරනත්වය රාජ්‍ය අභිචෝදකයන් සහ විනිසුරුවරුන් ප්‍රසිද්ධියේ සාධාරනීකරනය කලේය.

නව ලිබරල් “ප්‍රතිසංස්කරනයේ වසර 25 ක් විසින් ඉන්දියාව ලෝකයේ වඩාත්ම අසමාන සමාජයන්ගෙන් එකක් බවට පරිවර්තනය කොට ඇත. සියලුම ඉන්දියානුවන්ගෙන් හතරෙන් තුනක් දිනකට එජ ඩොලර් 02 කටත් වඩා අඩු ආදායමක් සිය පැවැත්ම වෙනුවෙන් ලබා ගන්නා අතර ඉහලම සියයට 1 සියලුම ආදායමෙන් සියයට 23 ක් සහ රටේ සමස්ථ ධනයෙන් සියයට 60 ක් ගිලදමයි.

මෙම සමාජ ධ්‍රැවාන්තකරනය ඉන්දීයානු බිලියනපතියන් තුල වන ක්ෂනික ආදායම් ඉහල යාම මගින් ප්‍රදර්ශනය කරයි. 1990 දශකයේ මැද වන විට සිටියේ ඉන්දියානු බිලියනපතියන් දෙදෙනෙක් පමනක් වන අතර දැන්, ෆෝර්බ්ස් සගරාවට අනුව 131 ක් දෙනෙක් සිටී. මෙහි තේරුම නම් කැනඩාවට වඩා යන්තම් පොඞ්ඩක් දල ජාතික නිශ්පාදනය වැඩි ඉන්දියාව, ජර්මනිය, බි්‍රතාන්‍යය සහ රුසියාව ඉක්මවා යමින් ලෝකයේ තෙවන විශාලතම බිලියන පතියන් සහිත රට වන බවට කට මැත දොඩවන බවයි.

ධනේශ්වර වෙලද පොල ගැති බව සහ අතිශය වර්ගවාදය සහිත පෞද්ගලික සංවර්ධනය ඒකාබද්ධ කොට ගන්නා ආන්ඩුවක් වන මෝදි තන්ත්‍රය යනු සමාජ මංකොල්ලයේ මේ ක්‍රියාවලියේ කූටප්‍රාප්තියයි.

වෙන කිසිවකු විසින් නොව සිය විශාලතම බිලියනපති මුකේෂ් අම්බානි මගින් මෙහෙයවෙන ඉන්දියානු සංගත ප්‍රභූව කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය ඉහල දැමීමට 2014 මැයි වලදී මෝදි සහ ඔහුගේ බීජේපී ය බලය ලබා ගැනීම දක්වා තල්ලු කල අතර ඉන්දියානු ධනපති පන්තියේ මහා බලයක් වීමේ අභිප්‍රායයන් වඩා ආක්‍රමනාකාරී ලෙස ප්‍රකාශයට පත් කරයි. වසර හතරක් වයසැති බීජේපී ආන්ඩුව ආයෝජන හිතවාදී “ප්‍රතිසංස්කරන” වේගවත් කොට, මේ වන විටත් සොච්චමක් වන ඉන්දියාවේ සමාජ වියදම් කප්පාදු කොට චීනයට එරෙහිව වොෂිංටනයේ මිලිටරි උපායාත්මක ප්‍රහාරයට ඉන්දියාව ගැට ගසා ඇත.

ඉන්දියානු ජනගහනයේ දැවැන්ත කොටසක් ඉන්දියාවේ ධනේශ්වර සංවර්ධනයේ ප්‍රතිලාභයන්ගෙන් බැහැර කොට ඇති අතර මේ ක්‍රියාවලිය නව සහ වේගවත් කැරලිකාරී කම්කරු පන්තියකට නැගී සිටීමක් ලබා දී ඇත.

දකුනු ඉන්දියානු ප්‍රාන්තය වන තමිල් නාඩුව ඉන්දියාවේ වඩාත්ම ක්ෂනික නාගරීකරනය පසුගිය දශක දෙක පුරා අත්විද ඇති අතර අහම්බයක් ලෙස නොව සමාජ විරෝධයේ කේන්ද්‍රයක් ලෙස මතුවී ඇත. පොලිස් සමීක්ෂන සහ සංවර්ධනය පිලිබද ජාතික කාර්යාංශයට අනුව එබදු සංඛ්‍යා ලේඛන ලබා ගත හැකි අවසාන වසර වන, 2016 යේ දී තමිල් නාඩුව තුල දිනකට 47 ක් ලෙසින් විරෝධතා, වැඩවර්ජන, පෙලපාලි හෝ ආන්ඩු විරෝධී රැස්වීම් තිබුනි. මෙය ඕනෑම ඉන්දියානු ප්‍රාන්තයක් සැලකූ කල දෙවනුවට විශාලතම සංඛ්‍යාව විය.

බීජේපී ය සහ ඉන්දියානු සංගත ප්‍රභූව ඉන්දියාවේ “නැගීම” සමරන අතර යථාර්තය වනුයේ මෙරට ලෝක ධනවාදයේ කඩාවැටීමෙන් උත්පන්න ඉහල යන ආර්ථික භූ දේශපාලනාත්මක කැලඹීම් වලින් මඬනා ලද සමාජ බෝම්බයක් බවයි.

එකී දැවැන්ත සමාජ වෛරය සමස්ථයක් ලෙස මූලිකවම ඉන්දියානු ධනපති පන්තියට සහ මෝදි තන්ත්‍රයට එරෙහිව කම්කරු පන්තියේ සවිඥානික දේශපාලන අභියෝගයක් තවමත් පැන නොනැංවීමට හේතුව වී ඇත්තේ ඉන්දියානු (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂය සහ ඊට වඩා වයස්ගත කුඩා සගයකු වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) සහ ඔවුන්ට සම්බන්ධිත වෘත්තීය සමිති වන සීඅයිටීයූ සහ ඒඅයිටීයූසී බඳු ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂයන්ගේ දේශපාලන ද්‍රෝහීකම්ය.

දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදීන් ධනපති සංස්ථාපිතයේ අත්‍යාවශ්‍ය පාර්ශ්වයක් සහ ඉන්දියානු ධනපති පන්තියේ අත්‍යවශ්‍යම සමාජ වාරුව ලෙස කටයුතු කොට ඇත. මහජන විරැකියාව සහ චිරාත්කාලීන දරිද්‍රතාවය පිලිබඳ මහජන කෝපය ගසා කෑම මගින් බීජේපී ය බලයට පැන ගත්තේය. නමුත්, නව ලිබරල් “ප්‍රතිසංස්කරන” සහ වොෂිටනය සමග සමීප සමාජ සම්බන්ධතා පවත්වා ගෙන ගිය ජාතික ආන්ඩු මාලාවකට (ඒවායින් බොහොමයක් කොන්ග්‍රස් පක්ෂය විසින් මෙහෙයවූ ආන්ඩු විය) සහය දැක්වීම මගින් සහ ඔවුන් බලයේ සිටින ප්‍රාන්ත තුල ඔවුන් විසින්ම නම් කර ගන්නා ආයෝජන හිතවාදී පිලිවෙත් ක්‍රියාවේ යෙදවීම මගින් ස්ටැලින්වාදීන් මේ සඳහා මග පෑදිය.

ස්ටැලින්වාදීන් තව දුරටත් දකුනට පැද්දීම මගින් පන්ති අරගලයේ උත්සන්න වීමට ප්‍රතිචාර දක්වා ඇත. බීජේපී යට විරුද්ධ වීමේ නාමයෙන් ඔවුන් දක්ෂිනාංශික ප්‍රාදේශීයවාදී සහ කුලවාදී පක්ෂයන්ගේ කන්ඩායමක් මෙන්ම මෑතකදී ඉන්දියානු ධනපති පන්තිය වඩාත්ම කැමති ආන්ඩු පක්ෂය වන කොංග්‍රස් පක්ෂයට සිය සහය ලබා දීමට සහ අගහරුවාදා සංහාරය සහ මරුටි සුසුකි කම්කරුවන් දඩයම් කිරීම සදහා ඉතාම වගකිව යුතු ආයතන වන ඉන්දීය රාජ්‍යයේ කුනු වුන “ප්‍රජාතන්ත්‍රවාදී” ආයතන තුල සිය විශ්වාසය ස්ථානගත කිරීමට කම්කරු පන්තියට බල කරමින් සිටී.

කම්කරු පන්තිය කෙරෙහි වූ ස්ටැලින්වාදීන්ගේ ආකල්පය බොරු නඩු අටවා සිර ගත කල මරුටි සුසුකි කම්කරුවන්ට ඇටවූ උගුලට ඔවුන් දක්වන සතුරු භාවය මගින් ප්‍රදර්ශනය වේ. සේවා යෝජකයන් කම්කරුවන්ට තර්ජන එල්ල කරනුයේ සිය වැඩ බිමද “මරුටි සුසුකියක් කිරීමට” තර්ජනය කරමින්න් වුවද , ස්ටැලින්වාදීන් සිය ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කිරීමට කම්කරු පන්තිය බලමුලු ගැන්වීම පසෙක තිබියේවා ඔවුන්ගේ නඩුවට ප්‍රචාරයක් දීම පවා ප්‍රතික්ෂේප කරමින් 19 වන සියවසේ දකුනු ඉන්දියාවේ චන්ඩාලයින්ට මෙන් මෙකී පන්ති යුද සිරකරුවන්ට සලකමින් සිටී. මේ දරිද්‍ර වැටුප් සහ අනාරක්ෂිත රැකියාවට එරෙහිව අරගලයට මරුටි සුසුකි කම්කරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධ කෙරෙන ව්‍යාපාරයක් කොන්ග්‍රස් පක්ෂය සහ ඔවුන්ගේ වෘත්තීය සමිති , මහ ව්‍යාපාරිකයන් සමග ඔවුන්ගේ සුවපහසු සම්බන්ධතාවයන් අතුගා දමනු ඇති බව ඔවුන් හඳුනා ගෙන ඇති හෙයිනි ඒ.

ලෝකය පුරා මෙන්ම, ඉන්දියාවේද කල යුතු හදිසි කාර්යය වනුයේ සමාජ අසමානතාවයට, සූරාකෑමට හා යුද්ධයට එරෙහිව තමන්ගේම ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරමින් කම්කරුවන්ගේ බලය හා සමාජවාදය සඳහා වන අරගලය වටා නාගරික හා ග්‍රාමීය දුගීන් රැලි කර ගැනීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ක්‍රියා මාර්ගය තහවුරු කර ගැනීමයි. මේ ඉදිරි දර්ශනය ඉටු කර ගැනීමේ මූලික කර්තව්‍යය වනුයේ ඉන්දියාව තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැගීම හරහා කම්කරු පන්තියේ නව දේශපාලන නායකත්වයක් ගොඩ නැගීමයි.

කීත් ජෝන්ස් විසිනි.

Share this article: