රොබට් එෆ්. කෙනඩිගේ ඝාතනය හා ඇමරිකානු ලිබරල්වාදයේ අවසානය

The assassination of Robert F. Kennedy and the end of American liberalism

2018 ජූනි 6

වසර පනහකට පෙර, 1968 ජූනි 5වැනිදා උදෑසන, සෙනෙට් සභික රොබට් එෆ්. කෙනඩි ලොස් ඇන්ජලිස් හි ඇම්බසඩර් හෝටලයේ දී මාරාන්තික ලෙස තුවාල ලැබුවේ, සෙනෙට් සභික ඉයුජින් මැකාර්තිට වඩා සුලු පරතරයකින් කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩෙමොක්‍රටික් ජනාධිපතිවරන පලමු වටය ජය ගැනීමෙන් යන්තම් පැය කීපයකට පසු ය. කෙනඩිගේ හිස, බෙල්ල හා උදරයට වෙඩි තුනක් එල්ල කෙරුනු අතර, මොලය පුරා උන්ඩ කැබලි විසිරී ගිය හිසෙහි තුවාලය මරනීය බව ඔප්පු කෙරිනි. ආසන්න වසයෙන් පැය 26කට පසු, ජූනි 6වැනිදා අලුයම 1.44ට ඔහු මිය ගියේ ය. ඒ වන විට ඔහුගේ වයස යන්තම් අවුරුදු 42ක් විය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 1968 වඩාත් ම පුපුරුන සුලු හා සිද්ධිවලින් ගහන වූ දේශපාලන කැලඹීම් මාලාවක වසරක් වූ අතර කෙනඩිගේ ඝාතනය ඉන් එකක් පමනක් විය. වසර ඇරැඹුනේ වියට්නාමයේ ටෙට් ප්‍රහාරය සමගිනි, මෙය ජොන්සන් පාලනාධිකාරය සොලවා දමා, එක්සත් ජනපදයේ යුද විරෝධී මනෝගතිය මෙලවී ය; පලමුව ඉයුජින් මැකාර්ති හා කෙනඩි ජනාධිපති තරඟයට එලඹියේ, ජොන්සන්ගේ යලි යෝජනා කිරීමට අභියෝග කරමින් හා යලිපත්වීම සඳහා ඔහු තරඟ නො කරන බවට මාර්තු 31වැනිදා ඔහු නිකුත් කල ප්‍රකාශයට මග පාදමිනි. ඊට යන්තම් දින හතරකට පසු, අප්‍රේල් 4වැනිදා, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ඉතාමත් ම ප්‍රමුඛ පුද්ගලයා වූ, කනිෂ්ට මාටින් ලූතර් කිංග්, ටෙනෙසි ප්‍රාන්තයේ මෙම්බිස්හි දී ඝාතනය කෙරුනේ එක්සත් ජනදපය සිසාර ප්‍රධාන නගරවල කැරලි අවුලුවමිනි. මෙම කාලපරිච්ඡේදය පුරා, වියට්නාමය, වර්ගවාදය හා පොලීස් ප්‍රචන්ඩත්වය මත විරෝධතාවන්ගෙන් විද්‍යායතන මන්ඩප සොලවා දැමුනි.

1968 වසර මහා අවපාතයෙන් පසු ඇමරිකානු දේශපාලන පද්ධතියේ තියුනු ම අර්බුදය සලකුනු කල අතර, එය පැමිනියේ පශ්චාත් දෙවැනි ලෝක යුද්ධය අතරතුර කම්කරු පන්තියේ ප්‍රධාන ජයග්‍රහනයන්ගේ මස්තකප්‍රාප්තියත් සමග ය. කාර්මික වෘත්තීය සමිති ගොඩනැගීමට හා තමන්ගේ ජීවන තත්වයන් ඉහල දමා ගැනීමට 1930ස් ගනන්, 1940ස් ගනන් හා 1950ස් ගනන් පුරා කම්කරු පන්තිය සටන් කර තිබුනි. මෙය පුලුල් ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයන්ගේ, විශේෂයෙන් ම 1950ස් හා 1960 ගනන්වල මානව අයිතිවාසිකම් අරගල හා කාන්තාවන් සඳහා සමාන අයිතීන් සඳහා ඉල්ලීම්, පිරිමි සමලිංගිකයන්ට හිංසා කිරීම අවසන් කිරීම, වයස 18ට වැඩි අයට ඡන්ද අයිතිය හා වෙනත් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරනවල ගාමක බලවේගය වූයේ එයයි.

මෙම කාලපරිච්ඡේදය වියට්නාම් යුද්ධයත් සමග අවසන් වුනු අතර එහි දී ඇමරිකානු තරුනයන් මිලියන ගනනක්, විශේෂයෙන් ම කම්කරු පන්තියෙන් බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගැනුනු අතර ප්‍රසිද්ධ ජාතික විමුක්ති ව්‍යාපාරයකට එරෙහිව ගිනිකොනදිග ආසියාවේ වනාන්තර වල සටන් කිරීම සඳහා පිටත් කර යැවුනි. ලින්ඩන් බී ජොන්සන් යටතේ ඇමරිකානු පාලක පන්තිය මුල දී “තුවක්කු හා බටර්” එක්කිරීමට උත්සාහ කල නමුත්, තෝරා ගැනීමට බල කෙරුනු විට, තම ලෝක තත්වය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කලේ රට තුල කම්කරු පන්තියේ වියදමිනි. අවපාතයේ සිට පශ්චාත් යුද උත්පාතයේ සමෘද්ධි සමය පුරා මහා ව්‍යාපාරික පක්ෂ දෙකෙන් ප්‍රමුඛ එක වූ ඩෙමොක්‍රටික් පක්ෂය, මෙහි ප්‍රතිඵල වසයෙන් ඇති වූ ගැටුම්වලින් කෑලිවලට ඉරා දැමුනි.

මෙම අර්බුද කාලපරිච්ඡේදයේ වඩාත් ම කැපී පෙනෙන එකක් වූයේ, 1963 ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි, 1965 සිවිල් අයිතිවාසිකම් සටන්කාමියෙකු වූ මැල්කම් එක්ස්, ඊට පසු 1968 මාස දෙකක් අතරතුර කනිෂ්ට මාටින් ලූතර් කිංග් හා රොබට් එෆ්. කෙනඩි දක්වා වූ ඝාතන මාලාව යි. මෙම ඝාතනවල සමුච්චිත බලපෑම අතිමහත් විය. මිලියන ගනනාවක් සමස්ත නිල දේශපාලනයෙන් තික්ත කරවා දුරස්ථ කෙරුනේ, ක්ෂනික තතු කුමක් වුවත්, ප්‍රගතිශීලී යැයි හැඳින්විය හැකි සමාජ ප්‍රතිසංස්කරන කපා දැමීමේ සහ ආචීර්නකල්පික මෙන් ම දක්ෂිනාංශික බලවේගයන්ගේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමේ කොටසක් ලෙස මෙම ඛේදනීය සිදුවීම් දකිමිනි.

රොබට් කෙනඩිගේ මරනය විශේෂයෙන් ම සලකුනු කලේ, ෆ්‍රැන්ක්ලීන් රූස්වෙල්ට් දක්වා ආපසු යන කාලපරිච්ඡේදයේ අවසානය යි, එහි දී ඩෙමොක්‍රටික් පක්ෂය තෙමේ ම සමාජ ප්‍රතිසංස්කරනවලට ලැදි පක්ෂය ලෙස හුවා දක්වා ගැනුනේ, මහා ව්‍යාපාරයන්ගේ ආධිපත්‍යය මත යම් නිශ්චිත සීමාවන් පනවන අතර, සමස්තයක් වසයෙන් කලු, සුදු හා සංක්‍රමනික කම්කරු පන්තියේ ජීවන තත්වයන් වර්ධනය කල ආර්ථික පියවර ප්‍රවර්ධනය කරමිනි. රූස්වෙල්ට්ගේ සමාරම්භය හා රොබට් කෙනෙඩිගේ ඝාතනය දක්වා වූ, මෙම කාලපරිච්ඡේදය යන්තම් වසර 35ක් පමනක් විය, එය එතැන් සිට ගෙවී ගොස් ඇති වසර 50ට වඩා බොහෝ අඩු කාලයකි.

නාසීන්ගේ මිලියනපති හිතවාදියෙකුගේ වරප්‍රසාදී පුත්‍රයා ද, කොමියුනිස්ට් විරෝධී කතෝලිකයෙකු ලෙස තම වෘත්තිය ඇරඹුවා වූද පුද්ගලයෙකු ඩෙමොක්‍රටික් පක්ෂයේ වාමාංශයේ පෙනී සීටීම හා කම්කරු පන්තියට ඉල්ලීමක් කිරීමට පැමිනිය යුතු දැ යි යන්න උත්ප්‍රාසාත්මක ය. රොබට් කෙනඩිගේ වෘත්තීය දිවිය පුද්ගලාරෝපනය කලේ, කොමියුනිස්ට් විරෝධී හා අධිරාජ්‍යවාදී මිලිටරිවාදය සමග “ප්‍රගතිශීලී” ලිබරල් න්‍යායපත්‍රය සම්බන්ධ කිරීමේ මාරක උත්සාහයක් වූ, ඩෙමොක්‍රටික් පක්ෂයේ සීත යුද්ධ කාල ලිබරල්වාදයේ ප්‍රතිඝතිතාවන් ය.

ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් කොමියුනිස්ට් විරෝධී දඩයම අරා ගත් අතර, එහි දී ඔහු සෙනෙට් සභික ජෝශප් මැකාති සමග උරෙනුර ගැටී වැඩ කලේ ය, 1960 ගනන්වල එක්සත් ජනපදයේ නීතිපති ලෙස ඔහුගේ වැඩවල දී, ඔහු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට සහාය දුන් අතර ම ද එෆ්බීඅයි සංවිධානය විසින් ආචාර්ය කිංග්ගේ දුරකතන වලට හොරෙන් සවන් දීම ද අනුමත කලේ, නිව් යෝක් සෙනේට් සභිකයෙකු ලෙස ඔහුගේ භූමිකාවේ දී, ජොන්සන් පාලනාධිකාරියේ සමාජ ප්‍රතිසංස්කරනවලට සහාය දුන්නේ එහි වියට්නාම් යුද ප්‍රතිපත්තිවලට වඩ වඩා විරුද්ධ වෙමිනි.

ඔහුගේ සහෝදරයාගේ ඝාතනය කෙනඩිට ප්‍රගාඪ ලෙස බලපෑවේ ය යන්න ගැන සැකයක් නැති අතර ඔහු පුද්ගලිකව විශ්වාස කලේ, වරෙක ඔහු ම ද සේවය කල, ජාතික ආරක්ෂක සංවිධානවල කන්ඩායම් විසින් ඝාතනය සිදු කරන ලද බව යි. නමුත් ඔහු ම ද ඇමරිකානු සමාජයේ ගැඹුරු හා විභව ලෙස පුපුරන සුලු සමාජ බෙදීම් ගැන සියුම් ලෙස සංවේදී ඔහුගේ පන්තියේ මිනිසෙක් විය. රූස්වෙල්ට් හා ජෝන් එෆ්. කෙනඩිගේ මෙන් ම ඔහුගේ ප්‍රතිසංස්කරනවාදය ද එල්ල කෙරුනේ ධනවාදය පරාජය කිරීමට නොව, එහිම හිත සුව පිනිස පාලක ප්‍රභුව මත යම් කැප කිරීම් පැටවීමට සිදු වුවත්, එය ආරක්ෂා කිරීමට ය.

ඇමරිකානු දේශපාලන වර්ධනයේ මෙම ප්‍රතිසංස්කරන අවධිය ඵලදායි ලෙස අවසන් වූයේ දෙවැනි කෙනඩි ඝාතනය සමගිනි. එය ඉතිහාසයේ සැලිකිය යුතු හැරවුම් ලක්ෂයක් බව පිලිබිඹු කෙරුනේ ශෝකය පිටාර ගැලීම තුල ය. රොබට් කෙනඩි ඝාතනයට ඔහුගේ වැඩිමහල් සොහායුරාගේ ඝාතනය තරම් කම්පිත බලපෑමක් නො තිබූ නමුත්, ආලින්ටන් ජාතික සුසාන භූමියේ මිහිදන් කිරීම සඳහා දුම්රිය ඔහුගේ මිනී පෙට්ටිය ගෙන ආ අවස්ථාවේ නිව් යෝක් සිට වොෂින්ටනය දක්වා මග දෙපස මිලියන ගනනාවක් පුද්ගලයෝ පෙල ගැසුනහ.

නැවත කිසි දිනක සියලු ම ජනවර්ගවල කම්කරු පන්තික ඡන්දදායකයන්ට එවැනි පුලුල් ආයාචනයක් කිරීමට කිසි ම ඩෙමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයෙකුට හැකි නොවෙනු ඇත. 1972දී ජෝජ් මැක්ගවර්න් වැනි “වමේ” බව මවා පෑ, නාමයෝජකයන් එසේ කලේ විදේශ ප්‍රතිපත්තිය හා සංස්කෘතික පදනම මත මිස, ආර්ථික පදනම මත නො වූ අතර කම්කරුවන්ට ප්‍රදානය කිරීමට තරම් දෙයක් තිබුනේ ද නැත.

1980දී එවකට සිටි (ජනාධිපති) ජිමී කාටර්ට එරෙහි තම අභියෝගයේ දී එඩවඩ් කෙනඩි තම සොහොයුරාගේ භූමිකාව පුනරුච්චාරනය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ දී, ඔහුගේ ප්‍රයත්නය සමතලා වී ගියේ ය. දශකයක් තුල දෙවැනි ලෝක තෙල් අර්බුදයේ ග්‍රහනයට ගැනුනු ඇමරිකානු ධනවාදයට කිසිදු වැදගත් ප්‍රතිසංස්කරනයක් සඳහා තව දුරටත් සම්පත් නො තිබුනි, අපේක්ෂාව ගැන කියනුම කවරේ ද? බ්‍රිතාන්‍යයේ තැචර් හා එක්සත් ජනපදයේ රේගන් දෙසට පාලක පන්තිය තියුන ලෙස දකුනට හැරෙමින් සිටි අතර, ශුභසාධන රාජ්‍යයේ ඉතිරි වූ යමක් වී නම් කුරුටු ගා දැමුනි.

රොබට් කෙනඩිගේ මරනයෙන් පසු ජනාධිපති වූ ඩෙමොක්‍රටිකයෝ, එනම් 1976 කාටර්, 1992 ක්ලින්ටන් හා 2008 බරක් ඔබාමා එකම අච්චුවේ අය වූහ: මූල්‍යමය වසයෙන් ගතානුගතික, කම්කරු පන්තියෙන් පිටස්තර, සංගත-ගැති, විශේෂයෙන් ම මිලිටරි-ඔත්තුසේවා සංවිධානවලට හා වෝල් වීදියට තම අවංකත්වය ප්‍රදර්ශනය කිරීමට තරයේ ඉටා ගත් (අය වූහ). රොබට් කෙනඩිගෙන් පසු සෑම ඩෙමොක්‍රටික් ජනාධිපතියෙක් ම එක්කෝ දේශීය සමාජ ප්‍රතිසංස්කරන පිලිබඳ මාවාපෑමක් පවා සූරා දැමූහ, නැතහොත්, ඒවා ප්‍රගිතිශීලී යැයි බොරු වෙස් ගන්වමින්, ඔබාමා මෙන් ජීවන තත්වයන් හා සමාජ ප්‍රතිලාභ පහල දමන ප්‍රති-ප්‍රතිසංස්කරන (ඔබාමාකෙයා, පාසල් “ප්‍රතිසංස්කරන” ආදිය) පිලිගැන්වූවෝ ය.

ලිබරල් ප්‍රතිසංස්කරන පිලිබඳ ඉදිරිදර්ශනය ශඛ්‍ය වූයේ ලෝක ආර්ථිකය තුල ඇමරිකානු ධනවාදය ප්‍රමුඛ හා අනභියෝගී ස්ථානයක් අත්විඳි කාලපරිච්ඡේදය අතරතුර දී පමනී. එම කාලපරිච්ඡේදය අවසන් වී බොහෝ කල් ය. රැකියා, ජීවන තත්වයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, මෙන් ම සමාජ ආරක්ෂනය හා වෛද්‍ය රැකවරනය (මෙඩිකෙයා) වැනි අයිතීන්ගේ ජයග්‍රහන වල ඉතිරුව ඇත්තේ කුමක්ද ඒවා අරක්ෂා කර ගැනීම සඳහා, ඩෙමොක්‍රටික් පක්ෂ ලිබරල්වාදයේ අපකීර්තිමත් ඉතිරිපහදු ඇතුලුව, ධනේශ්වර දේශපාලනයේ සියලු කන්ඩායම්වලට මුලුමනින් ම විරුද්ධ ලෙස, ධනේශ්වර පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම අවශ්‍ය ය.

පැට්‍රික් මාටින්

Share this article: