ජුලියන් අසාන්ජ් නිදහස් කරන ලෙස බලකරන රැලි ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වේ

Free Julian Assange rallies called in Sri Lanka and India

2018 ජූනි 7

ජුලියන් අසාන්ජ් නිදහස් කරන ලෙස බලකරමින් ගෙනයන ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙස මෙරට හා ඉන්දියාවේ ට්‍රොට්ස්කිවාදීහු ජූනි 19දා කොලඹදී හා තමිල්නාඩුවේ චෙන්නායි ආසන්නයේ විරෝධතාවන් පවත්වති.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය, විකිලීක්ස් කතෘ නිදහස් කරන ලෙස බලකරමින් කම්කරුවන් හා තරුනයින් ජාත්‍යන්තරව බලමුලු ගන්වයි. වසර හයකට පෙර ලන්ඩනයේ තානාපති කාර්යාලයෙහි රැකවරනය දීමට ඉක්වදෝරය ඉදිරිපත් වුවත් ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියා නිහඬ කිරීමට ඇමරිකාව යොදන දේශපාලන බලපෑම් හමුවේ දැන් දනගසා ඇත.

අසාන්ජ් තානාපති කාර්යාලයෙන් ඉවත් කලහොත්, ඇමරිකාවේ අතට පත්වීමේ හා මරනීය දන්ඩනය පැනවීමේ හැකියාව ලබාදෙන ඔත්තු බැලීමේ චෝදනාවන් යටතේ ඔහුට නඩු පැවරීමේ අන්තරාය මතු කරයි. ඔහු කර ඇති එකම “අපරාධය” ඇමරිකානු අධිරාජ්‍යවාදයේ හා එහි සහචරයන්ගේ නීති විරෝධී යුද්ධ හා මිලිටරි කුමන්ත්‍රන හෙලිදරව් කිරීමය.

සමාජවාදී සමානතා පක්ෂය කොලඹ දුම්රියපොල ඉදිරිපිට සිය රැලිය පවත්වනු ලබයි. එදිනම හජාජාක ඉන්දියානු ආධාරකරුවන් ශ්‍රීපෙරුම්බුදූර්හි මධ්‍යම බස් නැවතුම්පොලේදී විරෝධතාවක් පවත්වයි. තමිල්නාඩු අගනුවර වන චෙන්නායිහි සිට කිමී 40ක් දුරින් පිහිටි එම නගරය ගෝලීය මෝටර් රථ හා ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන මධ්‍යස්ථානයකි.

රැලි දෙකම ඕස්ට්‍රේලියානු සසප විසින් ජූනි 17දා සිඩ්නි නගරයේ පවත්වනු ලබන පෙලපාලියට හා රැලියට සහයෝගය පිනිස පවත්වනු ලබයි.

ප්‍රධාන බලවතුන් හා ඔවුන්ගේ අනුගාමික ආන්ඩු, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය තුලින් නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදීව තොරතුරු ගලායාම අවහිර කිරීමට උත්සාහ දරමින් සිටී. අසාන්ජ්ට එරෙහිව ඇමරිකාවේ මූලිකත්වයෙන් එල්ල කෙරෙන ප්‍රහාරයට සමගාමීව ගූගල් හා ෆේස්බුක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා අනෙකුත් වාමාංශික නැඹුරුවක් සහිත හා යුද විරෝධී වෙබ් අඩවි වාරනය කරයි. මෙරට හා ඉන්දියාවේ ආන්ඩු ද අන්තර්ජාලය හා සමාජ මාධ්‍යය කරා පිවිසුම මැඬීමේ උත්සාහයක නිරතව සිටී.

ජූලියන් අසාන්ජ්ගේ ආරක්ෂාව සඳහා සටන, කථාකිරීමේ හා සියලු ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ නිදහස වෙනුවෙන් සටනකි.

අපි සියලුම කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන්, තරුනයින්ගෙන් හා පීඩිත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතාවන්ට සම්බන්ධ වන ලෙසත් සහයෝගය දෙන ලෙසත්ය.

ශ්‍රී ලංකාවේ විරෝධතාව

කොලඹ කොටුවේ දුම්රියපොල ඉදිරිපිට

ජූනි 19 අඟහරුවාදා සවස 4.00ට

ඉන්දියාවේ විරෝධතාව

ශ්‍රීපෙරුම්බුදූර් බස් නැවතුම්පොල

තමිල්නාඩු

ජූනි 19 අඟහරුවාදා සවස 5.00

Share this article: