සීඅයිඒ ඩිමොක්‍රටිකයෝ

The CIA Democrats

පැට්‍රික් මාර්ටින් විසිනි, 2018 මාර්තු 7

පලමු වන කොටස

ව්‍යවස්ථාදායකය තුලට මිලිටරි බුද්ධි අංශ පුද්ගලයන් ගලා එම එක්සත් ජනපද දෙශපාලන ඉතිහාසයේ මීට පෙර දක්නට නොලැබුනු තත්වයකි.

ඉදිරි නොවැම්බර් 6 දා නියෝජිත මන්ත්‍රී මන්ඩලය සඳහා පැවැත්වීමට නියමිත චන්ද විමසීම තුලදී බොහෝ සෙයින් අපේක්ෂා කෙරෙන පරිදි, ඩිමොක්‍රටිකයන් බහුතරයක් තේරී පත් වුවහොත්, කොංග්‍රස් මන්ඩලය තුල අලුත් ඩිමොක්‍රටික සාමාජිකයන් අතුරෙන් භාගයක් තරම් මිලිටරි- බුද්ධි තන්ත්‍රයේ හිටපු සාමාජිකයින් වනු ඇත. ඔවුන් කොන්ග්‍රසයේ පහල මන්ඩලයේ ( නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ) බලතුලනය පාලනය කරනු ඇත.

මෙහිදී තල්ලුව සහ ඇදීම යන දෙකම සිදු වෙමින් තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයෝ දැනට සිටින රිපබ්ලිකානු මන්ත්‍රීන් පරාජය කිරීමට වඩාත් හොඳ ඉඩකඩ තිඛෙන හෝ ඇබෑර්තුවක් තිඛෙන වාසිසහගත ආසනවලදී, පිලිගැන්මක් ඇති “තරුවකට” බොහෝවිට ඉඩ සලසා දෙති.

උදාහරනයක් නම් එලිස්සා ස්ලෝට්කින් ය. හිටපු සීඅයිඒ නිලධාරිනියක වන ඇය ඉරාකය තුල තුන් වතාවන් වැඩ කර තිබේ. ඇය ඔබාමාගේ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මන්ඩලයේ ඉරාකය පිලිබඳ අධ්‍යක්ෂක ලෙස ද ජාතික බුද්ධි අංශයේ ප්‍රථම අධ්‍යක්ෂක ජෝන් නෙග්රොපොන්ටේ ගේ ප්‍රධාන සහකාරිනිය හැටියට ද කටයුතු කර තිබේ. ඉරාකයේ එක්සත් ජනපදය කරගෙන ගිය යුද අපරාධ වලට ගැඹුරින් සම්බන්ධ වූ ස්ලෝට්කින්, පෙන්ටගනයට මාරු විය. එතැන ඇගේ වගකීම් ඉසව් වුයේ, ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු භාර ප්‍රධාන නියෝජ්‍ය උප ලේකම් කෙනෙකු හැටියට, ඩ්රෝන් මිලිටරි කටයුතු, “ස්වදේශාරක්ෂාව” සහ සයිබර් යුද්ධ කටයුතු භාරව වැඩ කිරීම යි.

එලිස්සා ස්ලෝට්කින්

ඩිමොක්‍රටික් පක්ෂයේ කොංග්‍රස් උද්ඝෝෂන කමිටුව [ඩීසීසීසී] ඇය තමන්ගේ ප්‍රධාන අපේක්ෂිකාවක් ලෙස නම්කර තිබේ. එය රිපබ්ලිකනුවන් අත දැනට තිඛෙන ආසන අතුරෙන් අතිශයින්ම අවදානම් සහගත ඊනියා “රෙඩ් ටු බ්ලු” වැඩ පිලිිවෙලේ කොටසක් වන ආසන ය. මෙහි දී නම් ලංසින්ග් සහ බ්‍රයිටන් අතුලත් මිචිගන්හි අටවන කොංග්‍රස් මන්ඩල දිස්ත්‍රික්කයයි. මෙම දිස්ත්‍රික්කයේ නියෝජිත මන්ත්‍රී මන්ඩල ආසනය දැනට තිඛෙන්නේ දෙවතාවක් පත්ව තිඛෙන, රිපබ්ලිකන් නියෝජිත මයික් බිෂොප් අතේ ය.

ඩිමොක්‍රටික් නායකයෝ, සීඅයිඒ ඒජන්තයින් ද ඉරාක සහ ඇෆ්ගන් යුද්ධවල කෘතහස්තයන් ද ඉදිරිපත් කරති. ඒ සමගම එම පුද්ගලයෝ වඩාත් කැමති දේශපාලන වාහකය ලෙස ඩිමොක්‍රටික් පක්ෂය තෝරා ගනිති. රිපබ්ලිකන් පක්ෂයට වඩා ඩිමොක්‍රටික් පක්ෂයේ නාමයෝජනා ඉල්ලන්නන් අතර හිටපු ඔත්තුකාරයන්, මිලිටරි නිලධාරීන් වෙති. මේ අය ගනනින් කොතරම් වැඩි දැයි කිවහොත්, එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ රියෝ - ග්‍රන්දේ දේශසීමාව දිගේ එක්සත් ජනපද - මෙක්සිකෝ දේශ සිමාව ඇතුලත් ටෙක්සාස් ප්‍රන්තයේ විශාල ප්‍රදේශයක ඩිමොක්‍රටිකයන් කන්ඩායමක් ම තරඟවැද සිටිති. ඉරාකයේ ගුවන් හමුදා බුද්ධි අංශ නිලධරයෙකු ද පසුව සුඩානයේ සහ ලිබියාවේ එක්සත් ජනපද ආක්‍රමනයන්හි උපදේශකයෙකු ද හැටියයට සේවය කලාවු ද ජීනා ඔර්ටිස් ජෝන්ස් සහ ජේ හියුලින්ස් අතර තරඟය ඉන් එකක් වේ. පසුව කී තැනැත්තාගේ වෙබ් අඩවිය ඔහු විස්තර කරන්නේ, කැපිටෝල් හිල්හි [එක්සත් ජනපදයේ ආන්ඩු මධ්‍යස්ථානයේ] හිටපු ජාතික ආරක්ෂක සහකාර නිලධාරි යෙකු ද, මධ්‍යම ආන්ඩුවේ චෝදක නිලධාරියෙකුද, සිය දෙමාපියන් දෙදෙනාම වෘත්තියෙන් රහසිගත සීඅයිඒ ඒජන්තයන් ද වූ තැනැත්තෙකු ලෙස ය. දැනට ඉන්න රිපබ්ලිකානු කොන්ග්‍රස් සභිකයා වන විල්හුර්ඩ් වුවත් හිටපු සීඅයිඒ ඒජන්තයෙකි. ඉතින් එම දිස්ත්‍රික්කයේ ඕනෑම චන්ද දායකයකුට ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාථමික චන්ද විමසීමේ දී වේවා මහ මැතිවරනයේ දී වේවා තෝරා ගන්නට සිදු වී තිඛෙන්නේ ඔත්තු සේවයේ හිතවතුන්ගෙන් එක අයෙකි.

මාර්තු 4 දා සීඑන්එන් ප්‍රවෘත්ති සේවයේ “රාජ්‍යයේ තත්වය” [ස්ටේට් ඔෆ් ද යුනියන්] නමැති වැඩ සටහනට ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික චන්ද විමසීමේ දී ඩිමොක්‍රටිකයෙකු ලෙස නාම යෝජනා ඉල්ලා සිටින කාන්තා අපේක්ෂකයින් ගෙන් එක් අයෙකු ලෙස ජෝන්ස් ගේ විස්තරයක් ඉදිරි පත් කර තිබුනේ ය. සීඑන්එන් ජාලය ඇය පරෙස්සමින් විස්තර කර තිබුනේ, “වෘත්තියෙන් සිවිල් සේවකයෙකු” යනුවෙනි. ඒ කෙසේ වෙතත් කොන්ග්‍රස් මන්ඩල වෙබ් අඩවිය, ජෝන්ස් කෙලින්ම ඔත්තුකාරියක ලෙස සලකනු ඇති, ඇගේ භූමිකාව ට පක්ෂව හ නග යි. උසස් විද්‍යාලයෙන් සමත් වූ වහාම, —රහස් බුද්ධි අංශයේ නිලධාරිනියක ලෙස එක්සත් ජනපදයේ ගුවන් හමුදාවට ඇතුලුවූ ඕටිස් ජෝන්ස් ඉරාකයට පත් කරනු ලැබ, එක්සත් ජනපද මිලිටරියේ “නොවිමසනු නොකියනු” පිලිවෙත් යටතේ සේවය කලා ය. අන්තිම වාක්‍යයෙන්, ඒ ජාතියේ වැඩ කටයුතු ගැන උනන්දුවන අයට දැනුම් දෙන්නේ, ජෝන්ස් සම ලිංගිකයෙක් බවය.

මැතිවරන ව්‍යායාමයේ දක්වා තිඛෙන ජීවන චරිත විස්තරයට අනුව , ඕර්ටිස් ජෝන්ස් ඉක්බිති පත්කර යැවුනේ , “වෙලඳ බලගැන්වීම් පිලිබඳ ජ්‍යෙෂ්ට උපදේශක” තනතුරකට ය. එය 2012දී ජනාධිපති ඔබාමා විසින් ඇතිකල විධායක නියෝගයකින් නිර්මානය කල තනතුරකි. පසුව එක්සත් ජනපද වෙලඳ නියෝජිතයා ගේ කාර්යාලයේ ආයෝජන ය සඳහා අධ්‍යක්ෂක ලෙස පත් වූ ඇයට භාර වුයේ, විදේශ රටවල් විසින් කරනු ලබන ආයෝජන වල ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට අවදානමක් නැති බව සහතික කිරීමේ සමාලෝචන කාර්යයයි. ඉහතකී පසුබිම සහිත ඇයට චන්දය දිනාගත නොහැකි වුව හොත්, ට්‍රම්ප් පාලනයේ වානිජ යුද්ධ ප්‍රයත්නය ට පහසුවෙන්ම සම්බන්ධ විය හැකිවේ .

මේ ලිපිය සකස් කරනු ලැබුවේ කෙසේ ද ?

නියෝජිත මන්ත්‍රී මන්ඩලය දැනට පාලනය කරනු ලබන්නේ රිපබ්ලිකන් වරුන් විසිනි. ඩිමොක්‍රටිකයන්ට 193 ද රිපබ්ලිකානුවන්ට 238 වශයෙනි. ආසන හතරක් හිස් ය. ඉන් එකක් කලින් තිබුනේ ඩිමොක්‍රටිකයන්ට ය. මීලඟ කොන්ග්‍රසයේ දී 218ක බහුතරයක් කරා එන්නට නම්, ඩිමොක්‍රටිකයන් දැනට වඩා ආසන 24 ක් ලබාගත යුතුය

.

ඩිමොක්‍රටික මැතිවරන ව්‍යාපාර කමිටුව විසින් ආසන 102 ක් ප්‍රමුඛ හෝ තරඟශීලි යයි නම් කර ඇත. ඉන් 22ක දැනට ඉන්නා මන්ත්‍රීවරුන් ගනනාවක් නොවැම්බරයේ දී තරඟ නොකරති. [ ඊට ඩිමොක්‍රටිකයන් පහක් සහ රිපබ්ලිකානුවන් 80 ඇතුලුවේ. ] ඩිමොක්‍රටිකයන් ගේ පැත්තට සැලකියයුතු හැරීමක් සිදුවිය හැකිය යි පෙරදැක තිඛෙන මත විචාරනයන් අනුව දැන් ඉන්නා රිපබ්ලිකානු නියෝජිතයන්ගෙන් 80 දෙනෙකු තරම් පරාජය විය හැකිය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මෙම තරඟය උග්‍ර දිස්ත්‍රික්ක 102 ම ඩිමොක්‍රටික් අපේක්ෂකයන් විසින් ෆෙඩරල් මැතිවරන කොමිසමට ඉදිරිපත් කර තිබෙන වාර්තා සියල්ල සමාලෝචනය කර ඇත. අප එහිදී විශේෂ අවධානයක් දැක්වුයේ, ඉදිරිපත් කිරීමේ අන්තිම දිනය වන 2017 දෙසැම්බර් 31 වන විට ප්‍රාථමික තරඟයට මුහුනදීම සඳහා, අඩු වශයෙන් ඩොලර් 100,000ක මුදල් සම්භාරයක් එක්රැස්කර ගැනීමට ඔවුන් සමත්විය යුතුය යන කාරනයටය.

මීට අමතරව, අපේක්ෂකයෙකු එකතු කරගෙන තිබෙන්නේ ඩොලර් 100, 000 සීමාවට වඩා පහත මට්ටමක් වුවද, ඔහුට නාම යෝජනා දීම අභියෝගයට ලක් වූයේ නැති නම් හෝ අන්තිම මොහොතේ විශ්‍රාම ගැනීම හෝ ඉල්ලා අස්වීමක් නිසා මැතිවරන කොමිසමේ වාර්තාවකින් තොරව ඉහල ප්‍රමුඛත්වයක් දරන කල්ගතවී ඉදිරිපත්වූ අපේක්ෂකයින් සිටිත් නම් ඔවුහු ද මෙම පරික්ෂනයට ලක් කරන ලද හ.

චන්ද දිස්ත්‍රික්ක 102 තුල ඩිමොක්‍රටික් නාම යෝජනා අතර මෙවන් අපේක්ෂකයින් ගනන 221ක් වෙයි. මේ එකිනෙක අපේක්ෂකයාට ඔහුගේ ජීවන චරිතය පිලිබඳ විස්තර දක්වන වෙබ් අඩවියක් ඇත. අපි ඒ විස්තර එක්රැස්කොට මේ වාර්තාවේ දී සමාලෝචනය කර තිබේ. මෙහි දී දක්නට ලැබුනු සිත්ගන්නා කරුනක් නම්, මිලිටරි-බුද්ධි තන්ත්‍රය තුල ද රාජ්‍ය දෙපාර්තමේන්තුව, පෙන්ටගනය හෝ ජාතික ආරක්ෂක මන්ඩලය සඳහා ඉටු කල සිවිල් කටයුතු වල ද වාර්තාවක් තිබෙන අපේක්ෂකයන්, විශේෂයෙන්ම ඉරාකය හෝ ඇෆ්ඝනිස්ථානයේ යුද්ධ සම්බන්ධයෙන් ඉටු කල තම වැඩකටයුතු වසන් නොකිරීමයි. බැග්ඩෑඩ් නුවර සීඅයිඒ ඒජන්තයෙකු ලෙස වැඩ කිරීම හෝ ඇෆ්ඝනිස්ථානයේ දී යුද හමුදාවේ විශේෂ මෙහෙයුම් තුල ඝාතකයෙකු ලෙස හෝ ධවල මන්දිරයේ හා පෙන්ටගනයේ ඩ්රොන් මිසයිල ප්‍රහාර සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කිරීම ද සිය වාර්තාවේ විය යුතු අනර්ඝ තාරකා සලකුනක් මිස වසන් කල යුත්තක් ලෙස ඩිමොක්‍රටිකයන් විසින් සලකනු නොලබන බව මොවුන් දැන සිටී.

තරඟය උග්‍ර චන්ද දිස්ත්‍රික්කවල සියලුම ඩිමොක්‍රටික් අපේක්ෂකයන් ගෙන් හතරෙන් පංගුවක් රාජ්‍ය දෙපාර්තමේන්තු හෝ ජාතික බුද්ධි අංශවල සාමාජිකයෝ ය. ඩිමොක්‍රටික් අපේක්ෂකයන් ගේ ලොකුම උපගනය මෙයයි. ඩිමොක්‍රටික කොන්ග්‍රස් මන්ඩල අපේක්ෂක ලැයිස්තුවේ ජාතික ආරක්ෂක නිලධාරීහු (57 ) රාජ්‍ය සහ ප්‍රාදේශීය ආන්ඩු නිලධාරීන් (45) නීතිඥයන් (35), මහ සංගත විධායකයන්, ජාවරම් කරුවන් සහ ධනවත් පුද්ගලයන් (30) සහ වෙනත් සවෘත්තිකයන් (19) වෙති.

තරඟ තිඛෙන මෙම දිස්ත්‍රික්ක සඳහා ප්‍රාථමික චන්ද විමසීම් වලට ඉදිරිපත් කිරීමට ඩිමොක්‍රටික් අපේක්ෂකයන් තෝරා ගැනීමට නියමිත ඡන්ද විමසීම් 102 න් 44 ක මිලිටරි-බුද්ධි අංශවල හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පසු බිමක් ඇති නිලධාරීහු වෙති. දිස්ත්‍රික්ක 11ක එවන් අපේක්ෂකයින් දෙදෙනා බැගින් සිටින අතර එකක තුන්දෙනෙක්ම වෙති. තරග වලින් වැඩි හරියක් මිලිටරි-බුද්ධි අංශ අපේක්ෂකයින් ඩිමොක්‍රටික නාම යෝජනා දිනාගැනීමට ඉඩ තිබෙන අතර ඩිමොක්‍රටිකයන් මහමැතිවරනය දිනුවොත් ඔවුන් නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ මන්ත්‍රීන් ලෙස කොංග්‍රසයට ඇතුලුවීමට සමත් වනු ඇත.

යම් ප්‍රාදේශීය වෙනස්කම් තිබේ. වයඹ ප්‍රදේශයේ ඩිමොක්‍රටිකයන් විසින් ඉලක්ක කරගෙන තිඛෙන ආසන 31න් 21කම මිලිටරි-බුද්ධි අංශ අපේක්ෂකයෝ සිටිති. ඩිමොක්‍රටික අපේක්ෂකත්වය ඉල්ලා සිටින අය ඉන්නේ දකුන හෝ මැද බටහිර නොව, මෙම ප්‍රදේශයේ ය.

බටහිර ප්‍රදේශයේ ඩිමොක්‍රටිකයන් ඉලක්ක කරගෙන ඉන්නා ආසන 23න් මිලිටරි-බුද්ධි අංශ අපේක්ෂකයන් ඉන්නේ 7ක පමනි. ආසන දුසිම් භාගයකම ප්‍රධාන ඩිමොක්‍රටික අපේක්ෂකයින්, සියතින් -ගෙවා තරඟයට බැස ගෙන ඉන්නා, ප්‍රධානකොටම තොරතුරු තාක්ෂන කර්මාන්තයට අයත් දශලක්ෂපතියන්ය. කැලිෆොර්නියාවේ රිපබ්ලිකානු විශ්‍රාම ගැනීම් රැල්ලක්ම සිදුව තිඛෙන තත්වයක් තුල ධනවත්තු එම ආසනවලට තරඟ වැද සිටිති.

මිලිටරි-බුද්ධි අංශ අපේක්ෂකයන්ට ඔවුන්ගේ පක්ෂ තන්ත්‍රයෙන් පමන ඉක්මවූ සහායක් ලැබෙන අතර සියතට ගැනීමට ඉලක්ක කෙරෙන දිස්ත්‍රික්කයන්ට ඉදිරිපත් වන ලෙස ඔවුන් දිරිගන්වනු ලැබේ. දිස්ත්‍රික්ක 22න් 10 කට නැතහොත් සියයට 50කට ආසන්න ප්‍රමානයක තෝරාගනු ලැබ සිටින මිලිටරි-බුද්ධිඅංශ අපේක්ෂකයෝ “රෙඩ් -ටු බ්ලු” [රිපබ්ලිකන් පක්ෂයෙන් ඩිමොක්‍රටික් පක්ෂයට] වැඩ පිලිවෙලේ කොටසක් ලෙස ඉතාම ඉහල අවධානයක් ලබති. සමහර අවස්ථාවලදී, මිලිටරි-බුද්ධි අංශ අපේක්ෂකයෝ, දැවැන්ත මැතිවරන අරමුදල් හිමිකරගෙන, සිය විරුද්ධවාදීන් ලෙස ඉස්මතුවිය හැක්කන් සාර්ථකව එලියට දමති. එය වනාහි ඩිමොක්‍රටික් පක්ෂයට මුදල් දෙන ආධාරකරුවන් ඔවුන් පිටුපස පෙලගැසී ඇති බව පෙන්නුම් කිරීමකි .

Share this article: