බටහිර වර්ජිනියාවේ ගුරුවරුන්ගේ වැඩ වර්ජනයේ පාඩම්

Lessons of the West Virginia teachers strike

2018 මාර්තු 8

බටහිර වර්ජනියාවේ 33,000කට අධික ගුරුවරුන් සහ අනෙකුත් රජයේ පාසල් සේවකයින් නිරත වන දින නවයේ වර්ජනය බදාද උදය වරුවේ අවසන් විය. අඟහරුවාදා ආන්ඩුකාර ජිම් ජස්ටිස් විසින් අත්සන් කරනලද, රාජ්‍ය ව්‍යවස්ථාදායකය මගින් කඩිමුඩියේ වෘත්තීය සමිතිවල කොන්දේසි මත සූදානම් කරන ලද ගිවිසුම කෙරෙහි වර්ධනය වෙමින් පවතින වෛරය මධ්‍යයේ ගුරුවරු ජනපදය පුරා දිස්ති‍්‍රක්කවල යලි වැඩට ගියහ.

බටහිර වර්ජිනියාවෙහි අධිෂ්ඨානශීලී අරගලයේ අවධානය දිනාගත් එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරුවෝ යෝග්‍ය වැටුප් සඳහාත් ඉහලයමින් ඇති සෞඛ්‍යාරක්ෂන පිරිවැය අවසන් කිරීම සඳහාත් ගුරුවරුන්ගේ අරගලය සමග අනන්‍යවෙමින් සහය දුන්හ. මෙම අරගලය තුලින් සමාජයේ මූලික බෙදීම වර්ගය හෝ ලිංගිකත්වය නොව පන්තියය යන්න එලිදරව් කල එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් වර්ධනය වෙමින් පවතින කම්කරු පන්තියේ කැරලිකාරිත්වය ප‍්‍රභල ලෙස ප‍්‍රදර්ශනය කෙරින.

කෙසේ වෙතත්, වෘත්තීය සමිතිවල ප‍්‍රකාශනයන්ට ප‍්‍රතිකූලව වර්ජනය අවසන් කිරීමට එලඹි ගනුදෙනුව ගුරුවරුන්ට ජයග‍්‍රහනයක් නොවේ. මෙය, කුමන හෝ වැටුප් වැඩි වීමක් පැහැදිලිව අතුගා දැමෙන රාජ්‍ය සේවක රක්ෂන ඒජන්සිය මගින් ඉහල නංවන සෞඛ්‍යාරක්ෂන පිරිවැය අවසන් කිරීමේ ගුරුවරුන්ගේ කේන්ද්‍රීය ඉල්ලීමට ආමන්ත‍්‍රනය නොකරයි. තවදුරටත්, රජයේ කම්කරුවන්ට එක්වරක් සියයට පහකින් වැටුප් වැඩිවීම සමාජ සුභසාධන ගැඹුරු ලෙස කප්පාදු කිරීම මගින් පියවීමට නියමිතය.

වර්ජනය සමතයකට පත්කිරීම පිලිබඳව රජය පාලනය කරන යෝධ සංගතවල ආකල්පය යලි වැඩට යැවීමේ, වෘත්තීය සමිතිවල අන ප‍්‍රතික්ෂේප කල ගුරුවරුන්ට පසුගිය සතියේ පහර දුන් දක්ශිනාංෂික චාල්ස්ටන් ඬේලි මේල් පුවත්පතෙහි කතුවැකියක් මගින් හුවා දැක්වින. “බටහිර වර්ජිනියාවේ සෙනේට් මන්ඩලයේ රිපබ්ලිකන්වරුන්ට ප්‍රීතිඝෝෂා තුනක්,” යනුවෙන් පුවත්පත “ඉහල බදු පැනවීම මගින් මුරන්ඩු කල්ලියක ඉල්ලීම්වලට යටත්” නොවීම ගැන ප‍්‍රීතිය ප‍්‍රකාශ කලේය.

රජය මත ආධිපත්‍යය පවත්වමින් ඩිමොක‍්‍රටිකයින් සහ රිපබ්ලිකන්වරුන් හසුරුවන්නාවූ බලශක්ති සංගත හා, ධනවතුන් වෙත බදු පැනවීම වෙනුවට, සොච්චම් වැටුප් වැඩිවීම සඳහා කුමන හෝ අමතර අරමුදලක් සම්පාදනය වනු ඇත්තේ නිදහස් ජනප‍්‍රජා පාසැල්වල ඉගැන්වීම් කපා හැරීම් මගින්ද, අඩු-ආදායම්ලාභී නිවැසියන්ගේ මෙඩිකේඩ් සෞඛ්‍යාරක්ෂන වැඩපිලිවෙල්වලින් ඩොලර් මිලියන 10ක් අඩු කිරීම මගින්ද, නිදහස් සෞඛ්‍යාරක්ෂන චිකිත්සාගාර සඳහා නව මූල්‍ය සම්පාදන වනසා දැමීම මගින්, සහ අනෙකුත් කප්පාදු මගින්ද වෙයි.

ඩේලි මේල් පුවත්පත ප‍්‍රමුදිත ලෙස සඳහන් කලේ සමහරවිට “ඉතිරි කිරීම්වල උපරිම වාසනාව හිමිවන්නේ රාජ්‍යය සහ ප‍්‍රාන්ත අධ්‍යාපන නිලධාරි තන්ත‍්‍රයට” බවයි - එනම්, රාජ්‍ය සේවක රැකියා විනාශ කිරීමයි.

ගිවිසුමේ රාමුව වනාහි ප‍්‍රකෝපකරනයයි. ගුරුවරු වර්ජනය කලේ අනෙකුත් කම්කරුවන්ගේ සෞඛ්‍යාරක්ෂනය සහ අත්‍යාවශ්‍ය සේවාවන් අහිමි වීම දැකීමට නොවේ. ඔව්හු අරගලය කලේ තම සිසුන් තවදුරටත් දුගීභාවයට ඇදදැමීම මගින් ඉතිරි කෙරෙන මුදල්වලින් සොච්චන් වැටුපක් වැඩිකර ගැනීමට නොවේ.

බටහිර වර්ජිනියාවේ අරගලය අවසන් වී නැත. බොහෝ ගුරුවරු තමන් යලි වැඩට යාමට බල කල ගනුදෙනුව ගැන අවබෝධ කරගනිති. ප‍්‍රතිචාරය වනු ඇත්තේ වෛරය ඉහල යාමයි. තවදුරටත් වර්ජනය සනිටුහන් කරන්නේ එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් වැඩි දියුනු වන පන්ති අරගලයේ පිබිදීමකි.

බටහිර වර්ජිනියාවෙහි ගුරුවරුන්ගේ අරගලයේ පාඩම් සවිඤ්ඤානකව උකහා ගැනීම අනිවාර්ය බවට පත්වෙයි.

වර්ජන යටපත් කරනු ලැබීම වනාහි වෘත්තීය සමිතිවල (එක්සත් පතල් කම්කරුවන් සහ අනෙකුත් ඒඑෆ්එල්-සීඅයි ඕ සහ ජයග‍්‍රහනය සඳහා වෙනස වැනි වෘත්තීය සමිති සමග ගුරුවරුන්ගේ ඇමරිකානු ෆෙඩරේෂනය (ඒඑෆ්ටී), ජාතික අධ්‍යාපන සංගමය සහ ඔවුන්ගේ රාජ්‍ය සහකරුවන්) ක‍්‍රමානුකූල, දැනුවත් සහ ද්‍රෝහිත්වයේ ප‍්‍රතිඵලයකිි.

ආරම්භයේ සිටම, අරගලය ප‍්‍රදර්ශනය කලේ කම්කරුවන්ගෙන් මුදල් ලබාගනිමින්ද සහ සංගතවලට සහ රජයට ලංසු තබමින්ද ක‍්‍රියාත්මක වන, තමන් වෘත්තීය සමිති යනුවෙන් හඳුන්වා ගනු ලබන සංවිධාන සහ කම්කරු පන්තිය අතර පවතින විශාල පරතරයයි. මෙම වර්ජනය ආරම්භවූයේ බටහිර වර්ජිනියා අධ්‍යාපන සංගමය (ඩබ්ලිව්වීඊඒ) සහ ඒඑෆ්ටී- බටහිර වර්ජිනියා (ඩබ්ලිව්වී) කාර්යාලවල නොව, දකුනු පතල් ජනපදවල ගුරුවරුන් විසින් පාසැල් භෝජනාගාර සහ රැස්වීම් ශාලාවලත් සහ සමාජ මාධ්‍යවලත් සිදුවූ සාකච්චා මගින්ය.

ජනපදය පුරා අරගලයේ මනෝගතිය පුපුරා යනවිට, වෘත්තීය සමිති කම්කරුවන්ගේ කැරලිකාරිත්වය යටපත් කිරීමේ වෑයමක් ලෙස ජනපදය පුරා දින දෙකක සීමිත වර්ජනයක් කැඳවූ අතර එය තව දින දෙකකින් දික් ගැසුනි. පසුව, පෙබරවාරි 27 දා, වෘත්තීය සමිති හදිසියේම ආන්ඩුකාර ජස්ටිස් සමග ගනුදෙනුවක් සඳහා නිවේදනය කරමින් මාර්තු 1 දා යලි වැඩට යන ලෙස ගුරුවරුන්ට නියෝග කලහ.

ගුරුවරු, කෙසේවෙතත්, කැරලිකාරී වූහ. අගනුවර පිකට් වැටවල සහ ඔන්ලයින් (සමාජ වෙබ්අඩවි) තුල රැස්වීම් සංවිධානය කල ඔව්හු, දිග්ගැසුනු වර්ජනයක් මගින් දෙමව්පියන් දුරස්ත වෙයි යනුවෙන්ද, උසාවි වාරන නියෝග සහ දඩවලට ගොදුරු වියහැකියි යනුවෙන්ද තර්ජන මගින් කම්කරුවන් බියගැන්වීමට වෙර දැරූ වෘත්තීය සමිති ක්‍රියාධරයින්ගේ තර්ක ප‍්‍රතික්ෂේප කලහ. ජනපදයක් ජනපදයක් පාසා, පාසල් කම්කරුවෝ ඩබ්ලිව්වීඊඒ සහ ඒඑෆ්ටී-ඩබ්ලිව්වී සහ පාසැල් සේවක කම්කරු වෘත්තීය සමිතිවල වර්ජන බිඳීමේ නියෝග පිලිනොපැදීමට ඡන්දය දෙමින් ඔව්න්ගේ සටන දිගටම දියත් කලහ.

කැරලිගසමින්, වර්ජිත කම්කරුවෝ අවම තරමින් තාවකාලිකව හෝ වෘත්තීය සමිති විසින් හෙලනලද යකඩ සැට්ටය කඩාබිඳ දැමූ අතර මෙම ආරම්භක අවස්ථාවෙහි වූ කම්කරු පන්තික ව්‍යාපාරය ජනපදය තුලත්, රටෙහිත් සහ ලෝකයේත් කම්කරුන් සහ තරුනයින් ආකර්ෂනය කරගන්නාවු බලගතු ධ‍්‍රැවයක් බවට පත්විය.

වෘත්තීය සමිතිවල ප‍්‍රතිචාරය වූයේ මෙම වර්ජනය ශක්තිමත් වෙමින් සහ එය මෙවැනිම ක්‍රියාවන් සඳහා කම්කරු පන්තියේ අනෙකුත් කන්ඩායම් ආවේශ කරමින් පැවැති නිශ්චිත මොහොතෙම වර්ජනය නැවැත්වීමේ තම (සමිති නායකයින්ගේ) වෑයම දෙගුන කිරීමයි. බටහිර වර්ජිනියාවේ සහ වර්ජිනියාවේ පසුගිය සති අන්තයේ 1,400 ක් ෆ‍්‍රන්ටියර් කොමියුනිකේෂන්ස් කම්කරුවන්ගේ වැඩ නැවැත්වීම වෘත්තීය සමිති නිලධරයේ ආස්ථානයෙන් ගත් කල, අන් සියල්ලටත් වඩා වර්ජනය අවසන් කිරීමේ තීරනාත්මක බව ඉස්මතු කලේය.

1981 පැට්කෝ ගුවන් යානා හසුරුවන කම්කරුවන්ගේ වර්ජනය කඩා දැමීමේ සිට එක දිගට ක‍්‍රියාවට දැමුනු පාවාදීම් වල සිට පන්ති අරගලය යටපත් කිරීම සඳහා ඔවුන් කල සියලු දේ සේදී යන අයුරින් කම්කරු පන්ති ව්‍යාපාරයක් ඉස්මතු වීම වැලැක්වීම වෘත්තීය සමිති වල එල්ලයයි. ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ පවතින රාජ්‍ය අංශයේ සේවක වෘත්තීය සමිතිවලට ගෙවනු ලබන “ඒජන්සි ගාස්තුවල” ව්‍යවස්ථානුකූල භාවය පිලිබඳ ජනූස්ට එදිරිව ඒඑෆ්එස්සීඑම්ඊ නඩුවේදී, පාලක ප‍්‍රභූවට තමන්ගෙන් ලැබෙන ප‍්‍රයෝජනය පිලිබඳව වෘත්තීය සමිති ඉතා ඕනෑකමින් පැහැදිලි කල ආකාරය, සමිති නීතිඥයා පසුගිය මස වාචික වාදවිවාද තුල දී “වෘත්තීය සමිති වලට ලබා දෙන ආරක්ෂාව වැඩවර්ජන නො කිරීම සඳහා තුටුපඬුුරක්.” යනුවෙන් කල ප‍්‍රකාශය මගින් ප‍්‍රදර්ශනය කලේය.

වෘත්තීය සමිතිවල වර්ජන බිඳීමේ මෙහෙයුම ඔවුන්ගේ අත්‍යවශ්‍ය කාර්යය සමග බද්ධ වී ඇත. කම්කරු පන්තියේ සංවිධාන නොවන මේවා සංගත සහ රාජ්‍යයේ ඒජන්සීන් වී ඇත. ගුරුවරුන්ගේ වෘත්තීය සමිති, සමාගම් ගැති ගිවිසුම් බලහත්කාරයෙන් ක්‍රියාවට දැමීම වෙනුවෙන් මොටර් රථ සමාගම්වලින් රිජුව අල්ලස් ලබාගෙන ඇති බවට හෙලිදරව් වී ඇති යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වලට වඩා වෙනස් නැත.

බටහිර වර්ජිනියාවේ ගුරුවරුන්ගේ වර්ජනය දක්වන්නේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරයක ගමන්පථය වෙයි. පන්ති අරගලයේ පුනර්ජීවනය කම්කරුවන් වෘත්තීය සමිති සමග කෙදිනකටත් වඩා රිජු සහ විවෘත ගැටුමකට ගෙන එනු ඇත. අරගලයක් ආරම්භ වන ඕනෑම ස්ථානයක වේවා, කම්කරුවන් වෘත්තීය සමිති ඉටු කරන කර්තව්‍යය ගැන අවබෝධයකින් සන්නද්ධ කල යුතුය. ධනවාදය ආරක්ෂා කිරීමට ජීවත්වන ඔව්හු කම්කරු පන්තියට පොලිස්කාරකම් කරති.

වර්ජනය පුරාම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කලේ ගුරුවරුන්ට සමස්ථ කම්කරු පන්තිය සමග අත්වැල් බැඳ ගැනීම සඳහා ස්වාධීන කම්කරුවන්ගේ කොමිටි ගොඩ නැගීමටයි. බටහිර වර්ජිනියාවේදී එවැනි කොමිටි ගොඩ නැගීම අවශ්‍ය වන්නේ වැටුප්වලට සහ සෞඛ්‍යාරක්ෂනයට එරෙහිව එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට ඊලඟ අවධියේදී සූදානම් වීමටයි. ජනපදය පුරාමත් සහ ජාත්‍යන්තරවත් ෆැක්ටරි සහ වැඩබිම් කොමිටි ගොඩ නැගීම, රාජ්‍ය තන්ත‍්‍රයටත්, ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවලටත් සහ ධනපති ක‍්‍රමයටත් එරෙහිව සමස්ථ කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් තුල අරගල ඒකාබද්ධ කිරීම සඳහා රාමුවක් සපයනු ඇත.

ගුරුවරු සඳහා පමනක් නොව කම්කරු පන්තියේ සියලුම කන්ඩායම් සඳහාද, තීරනාත්මක ප‍්‍රශ්නය, වන්නේ සමාජවාදී නායකත්වයක් ගොඩ නැගීමයි. මෙය විසින්, ස්වාධීන සංවිධාන සහ කම්කරුවන්ගේ ආරම්භකත්වය සඳහා දිරිමත් කරමින්ද, ඔව්න්ගේ පන්ති විඤ්ඤානය වර්ධනය කරමින්ද, සෑම වෙන් වෙන්වූ අරගල මගින් මතුකරන්නාවූ අතිමූලික දේශපාලන ප‍්‍රශ්න පැහැදිලි කරමින්ද, එක්සත් ජනපදය තුලත් සහ ලෝක පරිමානවත් සමාජවාදය සඳහා ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරය මෙහෙයවනු ලබනු ඇත.

ජෙරි වයිට් සහ ජෝසෆ් කිෂෝර්

Share this article: