ට‍්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම නිෂ්ප‍්‍රභා කර යි

Trump torpedoes Iran nuclear accord

2018 මැයි 9

ඇමරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී ඇති බවත්, ඉරානය මත බල බිඳින ආර්ථික සම්බාධක යලි පටවමින් සිටින අතර, ඉක්මනින් ම තව දුරටත් නම් නොකෙරුනු සම්බාධක පටවනු ඇති බවත් එක්සත් ජනපද ජනාධිපති නිවේදනය කලේ ය.

එසේ කිරීමේ දී, ට‍්‍රම්ප් වොෂින්ටනයේ කිට්ටු ම සහචරයන් මෙන් ම න්‍යෂ්ටිත ගිවිසුමේ අත්සන්කරුවන් වන බ්‍රිතාන්‍ය, ප‍්‍රන්සය හා ජර්මනිය විසින් එවැනි ක‍්‍රියා මැද පෙරදිග සම්පූර්න යුද්ධයකට ඇද වැටෙනු ඇති බවට කරන ලද අනතුරු ඇඟවීම් නො සලකා හැරියේ ය.

එහෙත් ප‍්‍රකෝපකාරී හා ගිනි අවුලුවන, ඊයේ නිවේදනය කිසිසේත් පුදුමයක් නො වේ.

ඉරානය හා මහා බලවතුන් න්‍යෂ්ටික ගිවිසුමක් සඳහා “රාමුවකට” ලඟා වී ඇති බවට කෙරුනු නිවේදනයට ප‍්‍රතිචාර වසයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2015 අප්‍රේල් මස ඉදිරිදර්ශන ලිපියක් පල කලේ ය: “පුලුල් ඓතිහාසික අර්ථයෙන් ගත් විට, ගිවිසුම එය ලියන ලද කඩදාසිය තරම් වත් වටින්නේ නැත. නුවනට හුරු හා අවස්ථාව නම්, එක්සත් ජනපදය ගිවිසුම ඉරා දමනු ඇත්තේ, අතීතයේ බොහෝ අවස්ථාවල සිදු වී ඇති ආකාරයට ය. මුවම්මර් ගඩාෆිගේ ලිබියානු තන්ත‍්‍රය මහා පරිමාන ජන ඝාතක අවි වැඩසටහන අතහැර දැමීමට 2003දී ගිවිසුමක් ඇති කර ගත්තද නැටෝව නායකත්වය දුන් 2011 තන්ත‍්‍ර වෙනස් කිරීමේ යුද්ධයේ තෙමේ ම ඉලක්කයක් විය. තමන්ගේ ම ආර්ථික පරිහානිය මධ්‍ය යේ, තමන්ගේ ප‍්‍රමුඛ තරඟකරුවන්ගේ වියදමෙන් ගෝලීය ආධිපත්‍ය සඳහා වන තම සාහසික ගමනේ දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නැවතීමක් නැත.”

වෙනස් කිරීමට අවශ්‍ය දේ වෙනස් කරන, 1930 හා අද අධිරාජ්‍යවාදීන්ගේ රාජ්‍යෝපාය අතර සිත් ඇද ගන්නා මෙන් ම උපදේශාත්මක සමාන්තර කමක් ඇත. දෙවැනි ලෝක යුද්ධයට සූදානම් වීමේ දී, සියලුම ආකාරයේ රාජ්‍යතාන්ත‍්‍රික ගිවිසුම් අත්සන් කෙරුනේ, නාසි තන්ත‍්‍රය ප‍්‍රහාරක යානා මෙහෙය වීම සමග, ඉක්මනින් ම ඉරා දැමීමට පමනි.

මෙහි දී, ට‍්‍රම්ප් ධවල මන්දිරයේ තම පුරෝගාමීන්ට වඩා මුරන්ඩු මෙන් ම දාමරික වනවා පමනි.

ඔහුගේ කතාව බැන වැදීමක් විය. ගෙවී ගිය සියවස් කාලක කාලය තුල මැද පෙරදිග විශාල ප‍්‍රදේශයක එක්සත් ජනපදය ඉදිරියට ගෙන ගොස්, අවුස්සා, හා ආධාර හා අනුබල දී ඇති යුද්ධ ඇෆ්ගනිස්තානයේ සිට ඉරාකය, ලිබියාව, සිරියාව හා යේමනයේ සංකීර්න සමාජ පුපුරුවා හැර ඇත. එහෙත් බිලියනපති, ෆැසිස්ට්වාදයට මනාප කයිවාරුකාරයා, එහි “උදාසීන” මෙන් ම “නරුම” ක‍්‍රියාකාරකම් මැද පෙරදිග “මහත් විනාසයට” හේතු වී ඇති, ඉරානය “රාජ්‍ය ත‍්‍රස්තවාදයේ ප‍්‍රමුඛ ලෝක රාජ්‍ය අනුග‍්‍රාහකයා” වීම සම්බන්ධයෙන් ඉරානයට චෝදනා කලේ ය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ඉතිහාසයේ ඉතාමත් අනවසර ප‍්‍රවේගී පිරික්සුම් පාලනයකට යටත් කර ඇති, ජාත්‍යන්තර පරමානුක බලශක්ති ඒජන්සිය, ඉරාන ගිවිසුමේ අනෙකුත් සියලු අත්සන්කරුවන්, ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් හා ට‍්‍රම්ප් පාලනාධිකාරියේ අනෙකුත් සමාජිකයන් සියල්ල එක හෙලා ප‍්‍රකාශ කරන්නේ ඉරාන ගිවිසුම් ලිපිය යටතේ වන සියලු අවනතභාවයන් ඉරානය විසින් සපුරා ඇති අතර, අඩු වසයෙන් දශක එකහමාරක් තුල කිසිදු න්‍යෂ්ටික අවි වැඩසටහනක් නො තිබූ බව යි. එසේ වුවත් ට‍්‍රම්ප් සඳහන් කරන්නේ න්‍යෂ්ටික ආයුධ සහිත බැලිස්ටික මිසයිල වලින් සන්නද්ධව ඉරානය එජට තර්ජනය කරමින් සිටින බවයි.

මෙම බොරු සඳහා සාක්ෂියක් ලෙස, ඔහු ඇඟිල්ල දික් කලේ අප්‍රේල් 30වැනිදා ඊස්රායල් අගමැතිගේ පෙන්වීම හා දෙඩීමේ දේශනයට යි, යුරෝපා සංගමය ද, ඉතාමත් දක්ෂිනාංශික ඒවා හැරනු විට, අනෙකුත් සියලු බටහිර මාධ්‍ය විසින් රැවටිල්ලක් හා බොරු ලෙස මෙය දැඩි ලෙස විවේචනය කරන ලදී. යුද ප‍්‍රචාරය, කපටකම් හා කූට රචනය පිලිබඳ විශේෂඥයෙකු වන නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය එතරම් ගොරෝසු රඟපෑම් සමග වොෂින්ටනය තෙමේ ම සම්බන්ධ වීම වෘත්තීය වසයෙන් අවමානයක් ලෙස දැනී, තම කර්තෘ වාක්‍ය ප‍්‍රතිචාරය දැක්වූයේ “ඉරානය ගැන නෙතන්යාහුගේ රැවටිල්ල” යනුවෙන් ශීර්ෂපාඨය යෙදීමෙනි.

ඔහුගේ කතාවේ අවසානයට ආසන්නයේ දී ට‍්‍රම්ප් අවධාරනය කලේ (”ඔබට අහක දාන්න බැරි කුට්ටියක්” තූත්තු කරන මාෆියා ලොක්කෙකුට සමාන භාෂාව යොදා ගනිමින්) එක්සත් ජනපදය පිටුබලය දුන් ෂාගේ ම්ලේච්ඡ ඒකාධිපතිත්වය යටතේ පැවති නව යටත්විජිතවාදී ආකාරයක යටත් කර ගැනීමක් ඉරාන මහජනතාව මත පැටවීම ඉලක්ක කෙරුනු ආර්ථික, රාජ්‍යතාන්ත‍්‍රික හා මිලිටරි පීඩනයක් උත්සන්න කරන උද්ඝෝෂනයකට වොෂින්ටනය අවතීර්න වී ඇති බව යි.

පලමුව ඔහු ෂාට ස්තෝත‍්‍ර ගී ගැයුවේ, 1979 විප්ලවයට පෙර ඉරානය “ලෝක ගෞරවයට පාත‍්‍ර වූ බව” පවසමිනි. ඊට පසු ඔහු ඉරාන නායකයින් එක්සත් ජනපදය පැන වූ “නව ගිවිසුම” ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි ප‍්‍රකාශ කලේ, “මම ඔවුන්ගේ තත්වයේ සිටියා නම් මම සත්තකින්ම එකම දේ පවසනවා. නමුත් කාරනය නම්, ඔවුන්ට අලුත් මෙන් ම කල් පවතින ගිවිසුමක් අවශ්‍ය බව පෙනෙන්න තියෙනවා.”

ඉරාන ගිවිසුම පුපුරුවා හැරීමෙන් “එක්සත් ජනපදය තව දුරටත් හිස් තර්ජන නො කරන” බවට කයිවාරු ගැසීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, ට‍්‍රම්ප් ඔහුගේ ප‍්‍රකාශය තුල කෙටියෙන් උතුරු කොරියාව ගැන සඳහන් කලේ ය.

ට‍්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජුන්ග්-යුන් අතර සැලසුම් කෙරෙන සාකච්ඡාවල ක්ෂ්නික ප‍්‍රතිඵල කුමක් වුවත්, ඉරාන ගිවිසුම පිලිබඳ එක්සත් ජනපද නොපිලිගැනීම පැහැදිලි කරන්නේ කොරියානු අර්ධද්වීප “සාකච්ඡා” එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ ප‍්‍රචන්ඩත්වය හා කොල්ලකෑමට පහසුකම් සැපයීම අරුමුන කර ගත් උපක‍්‍රමික උපාමාරුවක් බව ය. ගිවිසුමකට ලඟා වුනොත්, එය තම ඉතාමත් දැඩි ප‍්‍රතිවාදීන් සමග හැප්පීමට ඇමරිකානු අත් නිදහස් කර ගැනීමට පමනි. එක්සත් ජනපද මූලෝපායික ප‍්‍රමඛතාවන් වෙනස් වන්නේ නම් හා අවස්ථාව නම්, නැතහොත් වාතාවරනය ඉඩ දෙන්නේ නම්, කොරියානු න්‍යෂ්ටිකහරන ගිවිසුම ඉවත දැමීමට වොෂින්ටනය ඉතාමත් තුනී හා උපක‍්‍රමික ව්‍යාජයක පිහිට පතනු ඇත.

ඩෙමොක‍්‍රටිකයන් හා එක්සත් ජනපද-මිලිටරි ඔත්තුසේවාවල ප‍්‍රබල කන්ඩායම් ප්යොන්ග්යැන්ග් සමග සාකච්ඡාවලට ට‍්‍රම්ප්ගේ හැරීම හෙලා දැක, උතුරු කොරියාව සමග ඔහු අත්සන් කරන ඕනෑ ම ගිවිසුමක් ඔවුන් ප‍්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇති බව අඩු වැඩි වසයෙන් නිවේදනය කර ඇති බව සඳහන් කල යුතු ය.

ඔවුන්ගේ උපදේශවලට දක්වන ට‍්‍රම්ප්ගේ උදාසීනත්වයෙන් පෙනී යන්නේ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් කෝප ගන්වා හා බිය කෙරුන බවට සැකයක් නොමැති බවයි. ප‍්‍රන්ස අගමැති එමානුවෙල් මැක්‍රෝන් හා ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් යන දෙදෙනාම අප්‍රේල් මස අග දී පුද්ගලිකව ම වොෂින්ටනයට පැමිනියේ ඉරාන ගිවිසුම අවලංගු නො කරන ලෙස ට‍්‍රම්ප්ට කන්නලව් කරනු පිනිස ය. සඳුදා, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන්ගේ වාරය විය. ඔහුට මුන ගැසිය හැකි වූයේ උප ජනාධිපති පෙන්ස් හා රාජ්‍ය ලේකම් පොම්පියෝ පමනි.

නැවත වතාවක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම ප‍්‍රදර්ශනශීලී යුරෝපීය සහචරයන්ගේ උත්සුකයන් ගසාබසා දැමුවේ තමන්ගේ ම උත්සුකයන් නිරුවත් ව හඹා යමිනි. ප‍්‍රසිද්ධ ප‍්‍රකාශනවල දී කුමක් පැවසුන ද, අධිරාජ්‍යවාදී බලවතුන් අතර සම්බන්ධතා නිරතුරුව ම විසකුරු වන්නේ ආර්ථික අර්බුදය හා එමෙන් ම සැමදා තීව‍්‍රවන භූදේශපාලනික හා වානිජ එදිරිවාදුකම් යටතේ සෑම අයෙකු ම තමන්ගේ ම උත්සුකයන් හඹා යාම සමගිනි.

පසු ගිය සියවසේ ඉතිහාසය පෙන්නුම් කලේ බ්‍රිතාන්‍ය, ප‍්‍රන්ස හා ජර්මානු පාලක ප‍්‍රභූවේ අධිරාජ්‍යවාදී අභිලාෂයන් ඇමරිකාවේ ධනේශ්වර පාලකයින්ගේ ඒවාට වඩා කෑදරකමින් අඩු නැති බව යි.

ඉරාන ගිවිසුම දියබත් කිරීමෙන් ට‍්‍රම්ප් වැලක්වීමට ඔවුන් උත්සාහ කර ඇත් නම්, ඒ මෙය ඉරානය ආර්ථික වසයෙන් සූරාකෑමේ ඔවුන්ගේ උත්සාහයන් ඉක්මවා යා හැකි නිසාත් එමෙන් ම ඉහල යන තෙල් මිල හා තව දුරටත් සරනාගතයන්ගේ දැවන්ත ගලා ඒම ඇතුලු ව, ඉරානය සමග යුද්ධයක අස්ථායිකරන බලපෑමට ඔවුන් බිය වන නිසාත් පමනි.

ගිවිසුමේ රැඳී සිටන ලෙස ට‍්‍රම්ප්ට ඒත්තු ගැන්වීමේ ඔවුන්ගේ නිෂ්ඵල උත්සාහයේ දී, යුරෝපියානුවෝ ටෙහෙරානය මත සම්පූර්න නව ඉල්ලීම් මාලාවක් සැකසීමේ දී ඔහු සමග එකතු වෙති, ඒවාට එහි බැලිස්ටික් මිසයිල වැඩ සටහනට උග‍්‍ර සීමා පැනවීම හා ඊස්රායලය සඳහා ඔවුන්ගේ දැඩි සහාය සපථ කිරීම ද ඇතුලත් ය, ඒ අනුසාරයෙන් ඉරානයට එරෙහි ඔවුන්ගේ ප‍්‍රහාරය සමග පෙරට යාමට ට‍්‍රම්ප් හා නෙතන්යාහු යන දෙදෙනා ම දිරිමත් කරති.

මෙය යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ වෙනත් ප‍්‍රධාන උත්සුකයන් පෙන්වා දෙයි, එය අවධාරනය කරන්නේ ඔවුන්ගේ අභිප‍්‍රායන් යුද කාමයෙන් අඩුනැති බව යි. ඩෙමොක‍්‍රටික් පක්ෂය හා එක්සත් ජනපද මිලිටරි ඔත්තුසේවා සංවිධානවල බොහොමයක් දෙනා සමග, ඔවුන් තර්ක කරමින් සිටින්නේ ඉරානය නම්මා ගැනීමට, හා එම උද්ඝෝෂනය රුසියාවට එරෙහි නැටෝවේ මිලිටරි-මූලෝපායික ප‍්‍රහාරය සමග ඒකාබද්ධ කිරීමට හොඳ ම මූලෝපාය වන්නේ සිරියාව තුල තන්ත‍්‍ර වෙනස සඳහා වන යුද්ධය කර ගෙන යාම වෙත යොමු වීම බව යි. පසු ගිය මාසයේ සිරියාව මත එක්සත් ජනපද-ප‍්‍රන්ස-බ්‍රිතාන්‍ය ගුවන් ප‍්‍රහාරයේ දී දේශපාලන නායකයින් හා ධනපති මාධ්‍ය විසින් අවංකව පිලි ගැනුනු පරිදි, මෙම විකල්ප අධිරාජ්‍යවාදී මූලෝපායේ වේගවත් ප‍්‍රතිඵලය විය හැක්කේ, සියලු ප‍්‍රතිපල සහිතව, එක්සත් ජනපදය හා රුසියාව අතර ඍජු මිලිටරි ගැටුමකි.

වොෂින්ටනය න්‍යෂ්ටික ගිවිසුම කඩා බිඳ දැමීම තහවුරු කරන්නේ ඉරාන ධනේශ්වර ජාතිකවාදී තන්ත‍්‍රයේ අතිමහත් අර්බුදය හා විනාසකාරී හෙලිදරව් වීම යි. ඉරානය තුල වැඩෙන පන්ති ප‍්‍රතිඝතිතාවන්ගෙන් බිය වු ඉස්ලාමීය සමූහාන්ඩුවේ ධනේශ්වර නිකායික තන්ත‍්‍රය තම බලාපොරොත්තු තැබුවේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සන්ධානයක් හා නව එක්සත් ජනපද මැද පෙරදිග විදේශ ප‍්‍රතිපත්ති පිලිබඳ බරක් ඔබාමාගේ බොරු පොරොන්දු තුල ය. එක්සත් ජනපදය ලිබියාවට පහර දුන්නේ ද, සිරියාව තුල ඒ ආකාරයේ ම තන්ත‍්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් දියත් කලේ ද, ඊජිප්තුව මත තම ලේවැකි ග‍්‍රහනය උපයෝගී කර ගැනීමේ දී සහාය දුන්නේ ද ඔබාමා යටතේ දී ය යන්න ප‍්‍රශ්නයන් නො වී ය.

එහි ආරම්භයේ සිට ඉරාන ගිවිසුම පිලිබඳ පිලිගැනුනු විරුද්ධවාදියෙකු වන ට‍්‍රම්ප් බලයට පත් වූ දා සිට, ඇමරිකානු කෝපයෙන් තමන් ව ආරක්ෂා කිරීමට ටෙහෙරානය මංමුලා සහගත ලෙස යුරෝපීයන්ට ආයාචනා කලේ ය. මේ අතර, මෙම උත්සාහයන් සමග අධිරාජ්‍යවාදීන්ගේ ම අනුග‍්‍රහ ලබා ගැනීමට හා ආයෝජකයින් අද්දා ගැනීමට ඉරාන ධනේශ්වරය ඉදිරියට තල්ලු කෙරී ඇත්තේ තම කම්කරු විරෝධී කප්පාදු ප‍්‍රතිපත්ති සමගිනි.

ට‍්‍රම්ප්ගේ නිවේදනයට ප‍්‍රතිචාර වසයෙන්, ඉරාන ජනාධිපති හසන් රූහානී හා යුරෝපීයයන් නිවේදනය කලේ තමන් න්‍යෂ්ටික ගිවිසුම සමග එකට සිටීමට අරුමුනු කරන බව යි. එය කිරීමේ දී රූහානි එල්ලෙන්නේ තුත්තිරි ගසක ය.

කීත් ජෝන්ස්

Share this article: