එජ සෙනේට් සභාව සීඅයිඒ වධක ස්ත්‍රියට බුහුමන් දක්වයි

US Senate pays homage to CIA torturer

2018 මැයි 10

එජ මධ්‍යම ඔත්තු සේවා ඒජන්සියේ අධ්‍යක්ෂවරිය ලෙස ගිනා හැස්පෙල් නාම යෝජනාව පිලිබඳව බදාදා සෙනේට් බුද්ධි මන්ඩල විභාගයේදී සෙනෙට් තේරීමේ කමිටුව සැපයූවේ එජ බුද්ධි අංශ තන්ත්‍රයේ සාපරාධිත්වය මෙන්ම ඇමරිකානු රාජ්‍යය තුල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ බිඳ විසිරීයාම පිලිබඳ මනා හෙලිදරව්වකි.

මෙහිදී විෂය වූයේ ලොව පුරා ඊනියා “අඳුරු කලාප” (“බ්ලැක් සයිට්ස්”) වල හුදෙකලා හිර අඩස්සියේ රඳවනු ලැබූවන්ට වධදීමේ රිජු සහ රහස්‍ය කර්තව්‍යයක් සිදුකල කාන්තාවක් “ලෝකයේ ප්‍රමූඛ බුද්ධි ඒජන්සිය” ලෙස එක්තරා සෙනේට් සභිකයකු විසින් විස්තර කෙරුනු ආයතනය මෙහෙයවීමට පත්කල යුතුද යන්නය.

විභාගයේ මූලික ලක්ෂනයක් වූයේ ඩිමොක්‍රටික්වරුන් සහ රිපබ්ලිකන්වරුන් විසින් ඒජන්සිය නො සෑහෙන ලෙස වර්නනා කරනු ලැබීමයි. මේ ඒජන්සිය කුමනාකාරයේ එකක් ද යත් එය බොහෝ කාලයක සිට හැඳින්වෙන්නේ ‘ඝාතන සමාගම’ (“මර්ඩර් ඉන්ක්”) යනුවෙනි. එය මෙම නම දිනා ගෙන ඇත්තේ දේශපාලන ඝාතන සංවිධාන කිරීම, ත්‍රස්තවාදී හමුදා ගොඩනැගීම සහ ෆැසිස්ට්-මිලිටරි කුමන්ත්‍රන මෙහෙය වීම ආදී අපරාධ ලොව පුරා සංවිධානය කිරීම හේතු කොට ගෙනයි.

විභාගයෙන් පසු ව ඇගේ පත් කිරීමට සහාය පල කිරීමට ඉදිරිපත් වූ ප්‍රථම ඩිමොක්‍රටික් නායකයා වූ බටහිර වර්ජිනියාවේ සෙනෙට් සභික ජෝ මැන්චින්, හැස්පෙල් අමතා මෙසේ පැවසීමට තරම් එඩිතර විය. මම මගේ ඡන්ද දායකයන් සමග කතා කරද්දී ‘ඔබලා රහස් සංවිධානය තුල කරන දේවල් ගැන පම්පෝරියෙන් කතා කරමි’.

හැස්පෙල් වගේ මිනිසුන් කල දේවල් සීඅයිඒ සංවිධානයේ විරෝධය නොතකා 2014 නිදහස් කරන ලද වධහිංසාවන් පිලිබඳ සෙනෙට් බුද්ධි කමිටුවේම වාර්තාවේ ප්‍රමානවත්ව ලේඛනගත විය. සෙනේට් නිලධාරීන් ගැන ඔත්තු බැලූ සීඅයිඒ සංවිධානය කොන්ග්‍රස් මන්ඩලයේ ව්‍යවස්ථාදායක බලයන්වලට රිජු ප්‍රහාරයක් එල්ල කරමින් කමිටුවේ පරිගනක පද්ධතියට පවා කඩා වැදින.

එවකට කමිටුවේ සභාපතිනිය වූ ඩිමොක්‍රටික ඩයනෙ ෆීන්ස්ටීන් ඇතුලු කමිටුවේ කිසිදු සාමාජිකයෙකු මෙම වාර්තාව උපුටා දැක්වීමට සුදුසු යයි නොදැක්කේය.

පිටු 500 ක් වූ හෙලිදරව් කරනු ලැබූ රහස් ලියවිල්ල හැස්පෙල් විසින් නායකත්වය දෙනු ලැබුවා වූ ‘බලල් ඇස’ නමින් රහස්‍ය ලෙස හඳුන්වන ලද තායිලන්තයේ ක්‍රියාත්මක කර වනු ලැබූ සීඅයිඒ රහස් වැඩ පිලිවෙලයි ගැන හෙලිදරව් කිරීම් කර තිබිනි. ඉන් එකක් වූයේ අඟල් 21ක් පලල් වූ අඩි 2.5ක් දික් වූ අඩි 2.5ක් උස් වූත් පෙට්ටිවල දීර්ඝ කාලයක් තිස්සේ සිරකරුවන් තබා ගැනීමයි. “බිත්ති කිරීම” හෙවත් සිරකරුවන්ගේ පිටුපස සහ හිස නැවත නැවත බිත්තියකට ගැටීම. “ජල ක්‍රීඩාව” හෙවත් දිය ගිලී මිය යෑමට කිට්ටු අත්දැකීමක් ලබා දීම සඳහා සිරකරුවන්ගේ කට සහ නාසය මත එලූ රෙදිකඩක් මත ජලය වැක්කිරීම.

නීති විරෝධීව පැහැරගෙන යනු ලැබූවන්, රඳවනු ලැබූවන් සහ වදහිංසාවලට ලක්වූවන් අතර සිය ගනන් අල්කයිඩා හෝ කුමන හෝ එවැනි සංවිධානයකට සම්බන්ධ නැති බව කමිටුව සොයා ගත්තේය. සමහරු වධ වේදනාවන් නිසා මිය ගියහ. හැස්පෙල්ගේ වදහිංසාවලට ලක්වූවන් ඇතුලු අන්‍යයෝ මානසිකව සහ කායිකව යන දෙකෙන්ම සදාකල්හිම අබ්බගාතයෝ බවට පත්වූහ.

සෙනේට් වාර්තාව නිකුත් වී දින කිහිපයක් තුල මෙය මල ලිපියක් බවට පත්වූ අතර මෙය දේශපාලකයින් හෝ මාධ්‍යයන් විසින් කෙදිනකවත් නැවත සඳහන් නොකෙරින. දැන් මෙම වාර්තාවේ විස්තර කෙරුනු ප්‍රධාන අපරාධකරුවන්ගෙන් එක් අයෙකු වොෂින්ටනයේ ප්‍රධාන බුද්ධිඅංශ ඒජන්සියේ ඉහලම තනතුරට උසස් වීමට බොහෝ විට ඉඩ තිබේ.

තායිලන්තයේ තම සේවා කාලය තුලදීට වඩා වදහිංසාවල් පිලිබඳ වැඩපිලිවෙලවල් ක්‍රියාවට දැමීමේදී වඩාත් පුලුල් කර්තව්‍යයක් හැස්පෙල් ඉටුකලේ යයි යන ඇඟවීම් ගුවන්තනාමො බේහි වාර්තාවත් සමග නැවුම් තහවුරු කිරීම් ලැබෙන බව පෙන්නුම් කෙරිනි. මෙම වාර්තාව 183 වතාවක් ජලය භාවිතා කර වදහිංසාවලට ලක්කෙරුනු ඛාලිඩ් ෂීක් මොහොමඩ් හැස්පෙල් පිලිබඳව ඡේද හයක තොරතුරු ඉදිරිපත් කිරීමට මිලිටරි විනිශ්චයකරුගෙන් ඉල්ලා තිබුනු බව සඳහන් කරයි. මොහොමඩ්ගේ ඇටෝනි බලකරුවන්, එජ හමුදා නිලධරයන්, තොරතුරු “වැදගත්” වූ බවට තම එකඟතාවය ප්‍රකාශ කලේය.

වධහිංසාවන් අධීක්ෂනය කිරීමට අමතරව, හැස්පෙල් තායිලන්තයේ අඳුරු කලාප වල රඳවනු ලැබූවන්ට එරෙහිව පරිභව කිරීම් පිලිබඳව වීඩියෝ ඡායාපට 92 ක් රහසිගතව විනාශ කිරීමේ තීරනයේදී ප්‍රමූඛ කාර්යයක් ඉටු කරමින් එය ආවරනය කිරීමට ගැඹුරින්ම හවුල්විය.

“අශිෂ්ට” යනුවෙන් ඇය විසින් අධීක්ෂනය කෙරුනු වධහිංසාවන් හෙලාදැකීමට ඩිමොක්‍රටිකයෝ හැස්පෙල්ගෙන් ඉල්ලා සිටීමත් සමග විභාගයේ උපහාසාත්මක අංගයක් පැවතින. ඇය ඒවා කිසිවක් ගනන් ගත්තේ නැත. “මම විශ්වාස කරන්නේ භාවිතා කිරීමට අපගෙන් ඉල්ලූ නීතිමය උපකරන නිසා මෙම රට තවත් ප්‍රහාරයකින් වලක්වා ගැනීමට සීඅයිඒ සංවිධානය අපූර්ව වැඩ කටයුතු කල බවයි” යනුවෙන් එවැනි ප්‍රශ්නයකට ඇය පිලිතුරු දුන්නාය.

ඇයගේ මෙම ප්‍රකාශය නිව්රන්බර්ග් නුවර නාසිවාදීන් විසින් නින්දිත ලෙස නිදහසට ඉදිරිපත් කෙරුනු කරුනුවල යන්තම් වෙනස්කරන ලද රූපයකි: නියෝග පමනක් අනුගමනය කල ඇයට ජ්‍යෙෂ්ඨයින් විසින් පවසනු ලැබුවේ, ඇයගේ ක්‍රියාවන් - ජිනීවා සම්මුතිය, එජ ව්‍යවස්ථාවේ අටවන සංශෝධනයද, සහ වධහිංසාවන් තහනම් කෙරුනු ආඥාපනත් බරපතල ලෙස උල්ලංඝනය කරන ඇයගේ ක්‍රියාවන් පරිපූර්න ලෙස නීත්‍යානුකූල බවයි.

අවම තරමින් තාවකාලිකව හෝ දැන් වධහිංසාවන් පිලිබඳව වැඩපිලිවෙලවල් පසෙක තබනු ලැබ ඇතැයි යන්න ඇය ප්‍රකාශයට පත් කරන්නේ සීඅයිඒ සංවිධානය තමන් “උසස් අධ්‍යාත්මික ප්‍රමිතියක්” පවත්වා ගැනීමට අධිශ්ඨාන කලයුතු බව පවසමිනි. ඒ සමගම, ඇය බලකර ඉල්ලා සිටියේ “අපි එවිටත් නීතිය අනුගමනය කලෙමු, අපි දැනුත් නීතිය අනුගමනය කරමු” යනුවෙනි.

ජල ක්‍රීඩාවට සහ “ඊටත් වඩා දරුනු ක්‍රියාවන්ට” ඇමරිකන් ජනාධිපති ප්‍රසිද්ධියේ කැමැත්ත ප්‍රකාශ කර ඇති නිසා ඇමරිකානු පුරවැසියන්ට වද දීමට සහ ඔවුන් ඝාතනය කිරීමට සීඅයිඒ සංවිධානය බලය ලබා දීම සඳහා නීතිය නැවත වරක් වෙනස් කිරීමේ හැකියාව හුදෙක් සිතුවිල්ලක් පමනක් නොවේ. එහෙයින් ඇය නැවත වරක් එම නීතිය ක්‍රියාත්මක කරන බවට සැකයක් නැත.

“සදාචාරය සෑමවිටම පන්ති සදාචාරය වී ඇත”, යනුවෙන් ෆ්‍රෙඩ්රික් එංගල්ස් කීර්තිමත් ලෙස ලියුවේ ය. වසර 33 ක සීඅයිඒ සංවිධානයේ නිරත ක්‍රියාකාරිනියගෙන් සදාචාරාත්මක සාක්ෂි සඳහා ඩිමොක්‍රටිකයන්ගේ ඉල්ලීම් කුහක සහ අභූතයක් යන දෙආකාරය වෙයි.

රඳවනු ලැබූවන් ක්‍රමානුකූල වධහිංසාවන්වලට ලක්වූ මිලියනයක් ඉක්මවූ ජීවිත අනතුරට ලක්කල නීති විරෝධී ආක්‍රමනකාරී යුද්ධයේදී ජෝර්ජ් බුෂ් යටතේ දරුනු අපරාධ සිදු කල කිසිවකුටත් දඬුවම් ලබා දී නැත. “ඉදිරිය විනා පසුපස නොබලනු” යනුවෙන් කුහක සටන්පාඨය ඉදිරිපත් කරමින්, ඩිමොක්‍රටික ජනාධිපති බරක් ඔබාමා සහ ඔහුගේ අධිකරන දෙපාර්තමේන්තුව සීඅයිඒ සංවිධානයේ වධකයින් හෝ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ ඩික් චේනි යටතේ රුදුරු ක්‍රියාවන් අධීක්ෂනය කලවූවන්ට හෝ කුමන හෝ චෝදනා ඉදිරිපත් කිරීම අවහිර කෙරින.

ඔබාමා ජෝන් බ්‍රෙනන්ට උසස වීමක් ලබා දුනි. බ්‍රෙනන් නීතිවිරෝධී පැහැරගෙනයාමේත්, අත්‍යසාමාන්‍ය භූමිකාවන් රඟ දැක්වීමේත් සහ වධහිංසාවන්වලත් වැඩපිලිවෙලේ ප්‍රධාන කර්තව්‍යයක් ඉටුකල ඒජන්සියේ හැස්පෙල්ගේ ජ්‍යේෂ්ඨයා විය. ඔහු සීඅයිඒ සංවිධානයේ අධ්‍යක්ෂක ලෙස යාමට පෙරාතුව ඔබාමාගේ ඩ්‍රෝන් ඝාතක වැඩපිලිවෙලවල් මෙහෙයවිය.

සදාචාරය ගැන ඩිමොක්‍රටික්වරුන්ගේ කෑගැසීම සත්තකින් ම අශික්ෂිතය. ඔවුන් බියවී ඇති එකම හේතුව වන්නේ අනාගතයේ දියත් කෙරෙන ප්‍රචන්ඩකාරී ක්‍රියා යුක්ති සහගත කිරීම සඳහා “මානව අයිතීන්” පිලිබඳ ව්‍යාජ කොඩිය වැනීමට වොෂිංටනයට ඇති හැකියාවට හැස්පෙල්ට තනතුරක් දීම මගින් බාධා පැමිනීමේ අනතුර ගැනයි.

හැස්පෙල්ට අනුබල දෙන්නෝ සෑමතැනකම කාන්තාවන්ට ජයග්‍රහනයක් යයි සිතනු ලබන, ඇයව “සීඅයිඒ සංවිධානයේ පලමු අධ්‍යක්ෂවරිය” බවට පත් කරගනු ලබන ඇයගේ නාමයෝජනාව උනන්දු කිරීමට අනන්‍යතා දේශපාලනයට ආයාචනය කරමින් සිටියි. වධහිංසාවන් සඳහා ඇයට ඇති අහිතකර ගිජුකම නිසා “ලේ වැකි ගීනා” ලෙස සිය සහකාර ඒජන්තයින් අතර හැඳින්වෙන මෙම කාන්තාව උසස් කිරීම සීඅයිඒ සංවිධානයේ ලැන්ග්ලේ, වර්ජිනියා මූලස්ථානය වෙත #මීටූ ව්‍යාපාරයේ පැමිනීම සලකුනු කරන බවට එක් කාන්තා හිටපු ඒජන්තවරියක් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලිව්වාය.

සමහරවිට සැලකිය යුතු ලෙස, ඇය 1973 විලියම් කොල්බි මුදුනට පත්වීමෙන් අනතුරුව සීඅයිඒ සංවිධානයේ අධ්‍යක්ෂවරිය වීමට ඒජන්සියේ රහසිගත සේවා අංශයෙන් පත්වෙන පලමු මෙහෙයුම් නිලධාරිනිය වන්නීය. වියට්නාමයේ පුරුෂයින්, කාන්තාවන් සහ ලමුන් දස දහස් ගනනාවක් ඝාතනය කරමින් වදහිංසාවලට ලක් කිරීමේ දැවැන්ත මෙහෙයුම වූ ඔපරේෂන් ෆිනික්ස් හි තම මෙහෙයුම නිසා විලියම් කොල්බි, කුප්‍රකට විය.

හැස්පෙල්ගේ නාමයෝජනාව මතුවන්නේ, එජ හමුදාව සමග එක්ව එජ බුද්ධි ඒජන්සිය වසර 45 පෙර සිදුකල ප්‍රචන්ඩත්වයන් පවා අභිභවා යන අපරාධ සඳහා සූදානම් වෙමින් සිටින විටදීය.

කමිටුවට ඉදිරිපත් කල ඇයගේ ආරම්භක වාර්තාවේදී, ඇය “ඉරානයේ අතිධාවන ක්‍රියාවන් අස්ථායිකරනය; ආක්‍රමනකාරී සහ සමහරවිට මෘග රුසියාව, සහ ගෝලීය වේදිකාවේ චීන අභිලාෂයන්හි දීර්ඝ කාලීන ගම්‍යයන්” අභිමුඛ කිරීමට සීඅයිඒ සංවිධානයේ අවශ්‍යතාවය ගැන කථා කලාය. ඇය “පලමු දිනයේම ආරම්භ කරමින් මෙම දෘඩ ඉලක්කයන්ට එරෙහිව” මෙහෙයුම් දිගටම කරගෙන යන බවට පොරොන්දු වූවාය. ඇයගේ වචන ට්‍රම්ප් පරිපාලනයේ ජාතික ආරක්ෂක මූලෝපාය සමග මුලුමනින්ම ගැලපුනි. ජාතික ආරක්ෂක මූලෝපාය වොෂින්ටනයේ අවධානය “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” සිට රුසියාව සහ චීනය සමග “මහා බලවතුන්” අතර ගැටුම්, එනම් තුන්වන ලෝක යුද්ධයක් සඳහා සූදානම්වීම දක්වා මාරු වී ඇත.

එජ පාලක සංස්ථාපිතයේ ප්‍රබල කොටසක් සමග, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානු පරිපාලනයන් දෙකෙන්ම එකවගේ පත්වූ සැබවින්ම ජීවතුන් අතර සිටින හිටපු සීඅයිඒ සංවිධානයේ අධ්‍යක්ෂකවරු ඇතුලුව හැස්පෙල්ගේ නාමයෝජනාවට සහය දෙන්නෝ එතෙර යුද්ධ සහ රට තුල මර්දනය සූදානම් කිරීමේ ඒජන්සිය මෙහෙයවීමට සුදුසු අපේක්ෂිකාව ලෙස ඇයව දකිති. ඔවුන්ට වධකයෙකු ලෙස හැප්සල්ගේ ඉතිහාසය වනාහි ප්‍රචන්ඩත්වය, ඝාතන සහ සාපරාධිත්වය මත ගොඩනැගුනු ඒජන්සියක් තුල ඔජ වැඩුනාවූ ජයග්‍රහනයක කොටසක් පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: