වොෂිංටනයේ දේශපාලන යුද්ධෝන්මාදය මධ්‍යයේ සිය ෆැසිස්ට්තාලයේ ආයාචනයන් ට්‍රම්ප් උත්සන්න කරයි

Amid political warfare in Washington, Trump steps up his fascistic appeal

2018 මැයි 12

බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඉන්දියානා ප්‍රාන්තයේ එල්කාර්ට් වල පැවති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලිය ෆැසිස්ට්තාලයේ ස්වභාවයක දේශපාලන අයාචනයන් අත්හදා බලමින් සිටින ප්‍රචාරක වැඩසටහන් මාලාවක නවතම එක විය. මාර්තු 10 පිට්ස්බර්ග් ආශ්‍රිතව මූන් නගරයෙ හි ,වොෂිටනයේ, මිචිගන්හි, ඩෙට්‍රොයිට්හි මැකොම්බ් නගරය ආශ්‍රිතව අප්‍රේල් 28 පැවති රැලියක් සහ මැයි 05 වන දින ක්ලේව්ලන්ඩ් හි පැවති ආධාර එකතු කිරීමක් ඇතුලු පසුගිය මාස දෙක පුරා මධ්‍ය බටහිර සියලු කාර්මික ප්‍රදේශ පුරා පැවති ඒ හා සමාන සිදුවීම්වලට පසුව එය සිදුවිය.

මෙම සිදුවීම් නොවැම්බර් 06 සෙනෙට් මධ්‍යවාර තරගයට හෝ නිරිත දිග පෙනිසිල්වේනියානු විශේෂ කොංග්‍රස් මැතිවරනයක් වන පීටර්ස්බර්ග් රැලියට සම්බන්ධිත වන අතර ට්‍රම්ප් රාජ්‍ය සහ ෆෙඩරල් කාර්යාල සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයන් වැලඳගෙන ඇති අතර මෙම රැලි වල අරමුන මැතිවරනමය ගනන්බැලීම් වලට එහා යයි.

එජ පාලක පන්තිය අතර බිහිසුනු ගැටුමක් මධ්‍යයේ මිලිටරි බුද්ධි කොටස් වල සහ අපරාධ විමර්ශන සහ මාධ්‍ය හෙලිදරව්කිරීම් මාලාවක් සමග ඔහුගේ පරිපාලනය කඩා බිඳ දැමීමට උත්සාහ කරන ඩිමොක්‍රටික් පක්ෂයේ සිය දේශපාලන විරුද්ධවාදීන් සමග ට්‍රම්ප් වඩ වඩාත් විවෘත අන්ත දක්ෂිනාංශික පදනමකින් සිය සහයෝගයේ පදනම රැලි කිරීමට හැරී ගෙන ඇත.

ට්‍රම්ප්ගේ ව්‍යාපාරයේ අධිකාරීමය ධාවනය “ජනාධිපති ධුරය දිගු කිරීමක්” ඔහුට ලැබෙනු ඇත යන්න වෙනත් වචනවලින් කිවහොත් එජ ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධනයෙන් විස්තර කරන ලද වාර දෙකක සීමාවට වඩා බලයේ රැඳී සිටීමක් අත් කර ගනු ඇති බවට වග විභාගයෙන් තොරව එල්කාර්ට් වලදී කල ප්‍රකාශනය අත් කර ගත්තේය.

සියලුම ජනරැලි වල සිය ශ්‍රාවකය තුල සිටින කම්කරු පන්තියේ සහ පහල මධ්‍යම පන්තියේ සිටින මිනිසුන්ට කල ඔහුගේ ආයාචනයේ අන්තර්ගතය එකම විය. එනම් ජාතික කොඩියට ගරු කිරීම සඳහා යොමු වීමෙන්, රාජපාක්ෂික භාවයේ ප්‍රතිඥාව සහ අනෙකුත් දේශප්‍රේමී විකාර, සහ සියල්ලටමත් ඉහලින් ආර්ථික ජාතිකවාදය ප්‍රකාශයට පත්කල පරම ඇමරිකානු ස්වෝත්තමවාදයයි.

එහෙයින් එල්කාර්ට් වලදී “සාධාරන සහ අන්‍යෝන්‍ය වෙලඳ ගිවිසුම් අපට අවශ්‍යය. එමෙන්ම අපි අපේ ගොවියන්ට ආදරෙයි. අපි අපේ ගොවියන්ව රැක බලා ගනිමින් සිටිමු. අපි අපේ කර්මාන්ත ශාලාවල කම්කරුවන්ට ආදරෙයි. අපි අපේ කම්කරුවන්ට ආදරෙයි. දශක ගානක් තිස්සේ වෙලඳාම කෙරෙහි වූ විදේශීය රැවටීම් වලට ඇමරිකානු ජනාධිපතිවරු ප්‍රතිචාර දැක්වීය. ඔවුන් නිහඬතාවයෙන් ප්‍රතිචාර කිසිවක් කලේ නැත”යි ඔහු ප්‍රකාශ කලේය.

“වෙනත් රටවල් අපේ කම්හල්, අපේ වැඩබිම් අපේ ධනය සහ අපේ රැකියාවන් සොරකම් කල අතර පාඩු ලෙස ප්‍රචලිත ඩොලර් ට්‍රිලියන ගනනක වෙලඳ හිඟයකින් අපි වද වින්දෙමු” ඔහු තවදුරටත් කීවේය.

මෙක්සිකෝවේ දේශ සීමා තාප්පයක් සෑදීම අවධාරනය කරමින් සහ සිය රැකියා සහ ජීවන කොන්දේසි වලට ප්‍රධාන තර්ජනය ලෙස “විවෘත දේශ සීමා” නියෝජනය කරන බවට කම්කරුවන්ට අනතුරු හඟවමින් ආර්ථික චෞරයින් ලෙස විදේශ රටවල් යක්ෂයින් බවට පත් කිරීම සංක්‍රමනිකයන් හෙලා දැකීම සමග ඔහු සම්බන්ධ කලේය. පසුගිය සතිය පුරා අනවසරයෙන් දේශ සීමාව තරනය කිරීමේදී අල්ලා ගත් සියලු පවුල් වල දෙමව්පියන් සහ ලමයින් බලහත්කාරයෙන් වෙන් කිරීමේ පිලිවෙතක් ක්‍රියාත්මක කරමින් ඔහුගේ පරිපාලනය සංක්‍රමනිකයන් මත වූ සිය ප්‍රහාරය ඉහල දමා ඇත.

පරිපාලනයේ “ඇමරිකාව පලමුව”යන්නට ආනුශංගිකව ජාතිකවාදය යනු දැනට ඉරානය ඉලක්ක කරගත් යුද්ධය ඉහල දැමීමයි. මේ සතියේ මුල ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඉරා දැමීමෙන් අනතුරුව සිරියාවේ ඉරාන ඉලක්ක වලට එරෙහිව එජ සමග සහ සම්බන්ධිතව ඊස්රායලය විසින් ආක්‍රමනකාරී බෝම්බ හෙලීමක් දියත් කර ඇත. ඊස්රායලය ඉරානයට එරෙහිව මෙහෙයවමින් සහ සමස්ථ කලාපයම ඇද ගනිමින් මැද පෙරදිග තුල ඇතිවන පුලුල් පරිමාන යුද්ධයක් අත්‍යාසන්න අනතුරකි.

නාමික විරුද්ධ පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය එය විසින්ම ගැඹුරින්ම අපකීර්තියට පත්ව ඇති බවටත් පලල් සහයෝගී පදනමක් ආකර්ශනය කර ගැනීමේ ශක්‍යතාවය එය සතුව නොමැති බවටත් වූ අවබෝධය සමග ට්‍රම්ප් සිය ගෝසාබදු ආයාචනයන් ඉදිරිපත් කරයි. වෙලඳාම කෙරෙහි ඩිමොක්‍රටිකයන් ආරක්ෂනවාදී පිලිවෙත් වලට උද්‍යෝගිමත්ව සහය දේ. සංක්‍රමනිකයන් කෙරෙහි ට්‍රම්ප්ගේ ආවේනික භාෂාවට අප්‍රසාදය පල කරන අතර ඩිමොක්‍රටිකයන් සංක්‍රමනිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට කිසිවක් කොට නොමැති අතර කලින් සිටි සියලු පරිපාලනයන් ඒකාබද්ධව සිදු කලාටත් වඩා පිටුවහල් කිරීම් වලට වගකිව යුතු ඔබාමා පරිපාලනයේ උරුමය ඔවුන් දරා සිටී.

ඩිමොක්‍රටිකයන්ගේ නියම ආකෘතිය වනුයේ රිපබ්ලිකන් තරගකරු මයික් බ්‍රවුන් උසස් කොට දැක්වූ නොවැම්බර් මැතිවරනයේ එල්කාර්ට් රැලියේදී ට්‍රම්ප්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත් ඉන්ඩියානු ප්‍රාන්තයේ සෙනෙට් සභික ජෝ ඩොන්ලි වේ. ඩොන්ලි ට්‍රම්ප් සමග සිය පොදු එකඟතාවය අවධාරනය කරමින් ප්‍රකාශ මාලාවක් නිකුත් කලේය. ඩොන්ලි “කිසිදු දේශපාලකයෙකුට හෝ දේශපාලන පක්ෂයකට නොව හූසියර්ස් වෙනුවෙන් වැඩකරන ” හෙයින් ඔහු සෙනෙට් සභාවේ සියයට 62 ක් තුල ට්‍රම්ප් සමග ඡන්දය ලබා දී ඇති බව ඔහුගේ ව්‍යාපාරය පෙන්වා දුන්නේය.

ඩිමොක්‍රටිකයන් විදේශ යුද්ධයන් සහ සිය රට තුල සමාජ ප්‍රතිගාමිත්වය ඇතුලු ට්‍රම්ප් පරිපාලනයේ මූලික පිලිවෙත් වලට සහය දක්වයි. ඔවුන්ගේ විරෝධතාවය 2016 ට්‍රම්ප් පත්වීම රුසියාවේ උපායශීලී මෙහෙයුමේ ප්‍රථිපලයක් වූ බව ට වූ මුල්ම ප්‍රකාශයත් සමග ආරම්භ වූ රුසියානු විමර්ශනය මත පදනම් වේ. මෙම ව්‍යාපාරය සිරියාවේ එජ මිලිටරි මැදිහත් වීම උත්සුකයට නැංවීමට වූ ප්‍රචාරනය කිරීමේ උත්සාහයක් සදහා පිනුම් පිත්තක් බවට පත්ව ඇත.

බුද්ධි කොටස් සහ මිලිටරියේ බලගතු කොටස් වල ඉල්ලීම සමඟ සමාන්තරව ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත ස්ථරයන් අතර සහයෝගය බලමුලුගැන්වීම කෙරෙහි ඉලක්කගතවූ මී ටූ ලිංගික දඩයම සහ අනන්‍යතා දේශපාලනයේ අතොරක් නැති ඉහල නැගීම් ඩිමොක්‍රටිකයන් සිදු කරයි.

බටහිර වර්ජීනියාවේ, ඔක්ලහෝමා සහ ඇරිසෝනා වල ගුරුවරුන් විසින් සිදුකල රටපුරා පැතිරී ගිය වැඩ වර්ජන මෙන්ම වඩවඩාත් වැඩ වර්ජන ක්‍රියාදාමයන් ගේ ඉහල යාම තුලින් මතුපිටට පැමින ඇති කම්කරු පන්තියේ විරෝධතාවය වර්ධනය වීමෙන් ඩිමොක්‍රටිකයන් භීතියට පත්වෙයි. වෘත්තීය සමිති සමඟ වැඩ කරමින් විරෝධතාවය මර්දනය කිරීමට සහ කඩා බිඳ දැමීමට උත්සාහ කරන අතරම රුසියානු විරෝධී ව්‍යාපාරය යොදා ගනිමින් අන්තර්ජාලය වාරනය කිරීමේ හා එය කම්කරුවන් සංවිධානය කිරීමට යොදා ගැනීමේ හැකියාව අවහිර කිරීමේ ඔවුන් යෙදී සිටියි.

2016 මැතිවරන ව්‍යාපාරය අතරතුර ඔබාමා පරිපාලනය යටතේ අරමුනු කල ආර්ථික ජයග්‍රහන මගින් “වමට බර” කම්කරු පන්තියේ කොටස්වලට ආයාචනා කිරීමට ට්‍රම්ප් උත්සාහ කලේය.මෙකී ආයාචනයන් සම්පූර්නයෙන්ම වංක සහ සාවද්‍ය වූ අතර එය නිශ්චිත ප්‍රතිචාරයක් දිනාගෙන විස්කොන්සින්, මිචිගන් සහ පෙනිසිල්වේනියා වල සිය ඡන්ද විද්‍යාල ජයග්‍රහනයන් සදහා සීමාව ට්‍රම්ප්ට සැපයීය.

ධනපතියන් සහ ව්‍යාපාරිකයන් සදහා බදු කප්පාදු කිරීමේ, සෞඛ්‍ය, සුරක්ෂිතබාවය පිලිබඳ සහ පාරිසරික රෙගුලාසි ව්‍යාපාර සදහා පාරිසරික නීති කප්පාදු කිරීමේ, සහ ආරක්ෂනවාදී වෙලඳ පිලිවෙත් ක්‍රියාවේ යෙදවීමේ සිය පිලිවෙත් මගින් උත්පාදනය කොට ඇතැයි ට්‍රම්ප් පවසන ප්‍රකාශිත ආර්ථික උත්පාතයෙන් කිසිදු ප්‍රතිලාභයක් දැක නොමැති මිලියන ගනන් කම්කරුවන්ට කිසිදු එබඳු ආයාචනයක් ඩිමොක්‍රටිකයන් සිදු නොකරයි. ඒ රිපබ්ලිකන් පක්ෂයට වඩා නොඅඩුව ඩිමොක්‍රටික් පක්ෂය තුල පිපිරීම් කැඳවුම් කරන වෝල් වීදිය බැංකු සහ යෝධ සංගතයන්ගේ සංචිතයන්ට බිලියන සිය ගනනින් ඩොලර් පොම්පකරමින් සිටින මේ පිලිවෙත් සම්බන්ධයෙන් හොඳින්ම සෑහීමකට පත්ව ඇති හෙයිනි.

නිල “වාම” සංවිධානයන්, වෘත්තීය සමිති සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කප්පාදු පියවරයන්ට සහ රැකියා සහ ජීවන කොන්දේසි කප්පාදු කිරීමට සහාය දක්වන හෙයින්, සංක්‍රමනිකයන් සහ සුලු ජන කොටස් දඩ මීමා කර ගනිමින් කඳු ගැසෙන සමාජ නොසන්සුන්තාවය ප්‍රතිගාමී දිශාවකින් හරවා යැවීමට උත්සාහ කරන සහ එමගින් ජාතිකවාදී සහ නව ෆැසිස්ට්වාදී දක්ෂිනාංශිකයන් වාසි ලබා ගන්නා හෙයින් යුරෝපය පුරා කම්කරුවන් මුහුනපාන එම අන්තරායටම ඇමරිකානු කම්කරුවන්ද මුහුන දේ. ප්‍රන්සයේ ජාතික පෙරමුන ජර්මනියේ විකල්පය සංවිධානය, සහ බ්‍රිතාන්‍යයේ, ඉතාලියේ සහ නැගෙනහිර යුරෝපය පුරාම ඒ හා සමාන සංවිධාන පරිදිම ට්‍රම්ප් එකී පිලිවෙතම අනුගමනය කරමින් එම ආයාචනයන්ම අනුගමනය කරමින් සිටී.

මේ දේශපාලන තත්ත්වය තුල දැවැන්තම අනතුර වනුයේ කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලයක් ලෙස සංවිධානය වී නොමැති කමයි. 2016 මැතිවරනයේදී ට්‍රම්ප් පහසුවෙන් ජයග්‍රහනය කල සියලු ප්‍රාන්තයන් වන බටහිර වර්ජිනියාවේ, ඔක්ලහෝමා සහ ඇරිසෝනා වල ගුරුවරුන්ගේ වර්ජනයෙන් ප්‍රකාශයට පත්වූ පරිදි කම්කරු පන්තිය ගමන් කරමින් සිටිනුයේ දකුනට නොව වමටය.

දිගහැරෙමින් පවතින දේශපාලන අර්බුදය තුල හදිසි දේශපාලන කර්තව්‍යය වනුයේ කම්කරු පන්තිය තමාගේම විප්ලවවාදී සමාජවාදී වැඩ පිලිවෙලකින් මැදිහත් වීමයි. මෙය යුද්ධයට, අසමානතාවයට, ස්වෝත්තමවාදයට, අධිකාරීවාදයට සහ ඒවායේ මූලාශ්‍රය එනම් ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව පොදු අරගලයකින් කම්කරුවන් ඒකාබද්ධ කිරීමට දේශපාලන නායකත්වයක්, එනම් සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියේ සෑම කොටසක් තුලම ගොඩනැගීම සඳහා වූ සටනක් ඉල්ලා සිටී.

පැට්‍රික් මාටින්

Share this article: