සෞදියේ සේවය කල ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය කෙරේ

නන්දන නන්නෙත්ති සහ එල්. පී. උදය විසිනි, 2018 මැයි 05

සෞදි අරාබියේ, බුරයිඩා ප‍්‍රදේශයේ ගෘහ සේවයේ යෙදි සිටි ශ්‍රී ලාංකිය කාන්තාවක් වන ප්‍රියන්තා ජයසේකර නැමැති 38 වියැති තිදරු මවක් තමන් සේවය කල නිවසේදී එල්ල කෙරුනු වෙඩි පහරකින් මරනයට පත් විය. වෙඩිතැබීම සිදු කර ඇත්තේ එම නිවසෙහි හාම්පුතාගේ 31 වියැති පුතෙකු විසින් බව වාර්තා වේ.

උපුල් සමග දියනින් දෙදෙනා

මාර්තු 10 දා මෙම අපරාධය සිදු කර ඇති අතර එම අවස්ථාවේ ඇය රෝහල් ගත කරනු ලැබ ඇතත් ජීවිතය බේරා ගැනීමට අවස්ථාවක් තිබී නැති බව ශ්‍රී ලංකා රජයේ එරට තානාපති කාර්යාල නිලධාරීන් විසින් පවුලේ ඥාතීන් වෙත දන්වා ඇත. සිද්ධිය පිලිබඳව මාධ්‍ය වාර්තාවලට අනුව සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගිය කාන්තාවගේ දේහය රෝහල් මෘත ශරීරාගාරයට ගෙන ගොස් ඇත. අප්‍රේල් 17 දින ශ්‍රී ලංකාවට එවන ලද මෘත දේහය පසුදින ඥාතීන් වෙත භාර දෙනු ලැබීය. එහිදී භාරදුන් අධිකරන වෛද්‍ය හා විශවේදී ආයතනය නිකුත් කල මරන සහතිකයට අනුව මරනය සිදුවූයේ “ගිනි අවියකින් නිකුත් වූ මූනිස්සම් මගින් පපුවේ අභ්‍යන්තර අවයව වලට සිදු වූ මරනීය තුවාල හේතුවෙනි” යනුවෙන් සඳහන් ව තිබේ.

ඝාතනයට ලක් වූ ප්‍රියන්තා ජයසේකර ගාල්ල, වදුරඹ, කටඹුරාව ගමෙහි වාසය කල කම්කරු කාන්තාවකි. ඇය එම ප‍්‍රදේශයේ බහුතරයකගේ ජීවනෝපාය වූ තේ ඉඩම්වල කුලී වැඩ කිරීමෙහි නියැලී සිටියා ය. ඇගේ සැමියා, එල්. ජී. උපුල් ගල් බෝර දැමීමේ රැකියාව කරන දුප්පත් කම්කරුවෙකි. ඇඟලුම් කම්හලක සේවය කරන වැඩිමහල් දියනිය හෝටල් සේවකයෙක් සමග විවාහ වී සිටී. බාල දියනියන් දෙදෙනා 3 හා 8 වසර වල ඉගෙනුම ලබති.

අපරාධය සිදු කිරීමට හේතු වූයේ කුමක්දැයි නිශ්චිත නොවන අතර වෙඩි තැබූ පුද්ගලයා මානසික රෝගියෙකු බවත් අපරාධ සිදු වීමෙන් පසුව ඔහු සිය දිවි නසාගෙන ඇති බවත් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් විසින් ප්‍රියන්තාගේ ඥාතීන් වෙත වාචිකව සඳහන් කරනු ලැබ ඇත. කිසිදු සාක්ෂියකින් තොර මෙම ප‍්‍රකාශ විශ්වස කල නොහැකි බව මියගිය කාන්තාවගේ සැමියා වන උපුල් කියයි. ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට ඔහු තව දුරටත් කියා සිටියේ සිය බිරිඳ අයුක්තිය නොඉවසන බැවින් එවැනි අවස්ථාවක ඇය මෙම ප‍්‍රහාරයට ගොදුරු වූවා ද යන සැකය තමන් තුල වන බව ය.

අපරාධය සිදු වන අවස්ථාව වන විට ඇය එහි සේවයට ගොස් මාස 9 ක් පමන ගතවී තිබිනි. මෙම කාලය තුල ඇයට තම සැමියා හා දරුවන් සමග මසකට එක් වරක් පමනක් දුරකථනයෙන් කථා කිරීමට අවස්ථාව ලැබී ඇත. අවසන් වරට පෙබරවාරි 10 දා ඔවුහු දුරකථනයෙන් කථා කලහ. ඉන් හරියටම මාසයක් ගතවු දින ඇය වෙඩි පහරට ලක්ව මිය ගියාය. එම මාසයේ දුරකථන ඇමතුම වෙනුවට වදුරඹ පොලිස් ස්ථානාධිපති ඔවුන් වෙත මෙම පුවත රැගෙන ආවේ ය.

ප්‍රියන්තා බුරයිඩා වල රැකියාව සඳහා යවන ලද්දේ කොලඹ කොටුවේ පිහිටි ඒජන්සියක් වන ට‍්‍රාන්ස් ගල්ෆ් පුද්ගලික සමාගම විසිනි. එම සමාගම තමන් විසින් දැරිය යුතු සියලු වගකීම් වලින් ඉවත්ව සිටී. ප්‍රියන්තා ට‍්‍රාන්ස් ගල්ෆ් සමාගම වෙත යොමු කල එහි ගාල්ලේ නියොජියා දුරකථන ඇමතුමකට ප‍්‍රතිචාර දැක්වීම පවා ප‍්‍රතික්ෂේප කර ඇත. සිද්ධිය සම්බන්දයෙන් කිසිදු තොරතුරක් ලබා දීමට රැකියා ඒජන්සිය සූදානම් නැත.

විදේශ සේවා නියුක්ති කාර්යාලයට පැමිනිලි කල විට පවුලේ ඥාතීන්ට ලැබී ඇති පිලිතුර නම් පැමිනිල්ල විමසා බලා රක්ෂන මුදල ලබා දීමට කටයුතු කරන බවයි. අපරාධයට අදාල සියලු කරුනු හෙලිදරව් කිරීම තබා පිලිගත හැකි වන්දි මුදලක් ලබා දීම ගැන හෝ සාකච්ඡාවක් සිදු නො වේ.

වන්දි ලබා දීම සඳහා කටයුතු කරන බවට ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී, ඇමති සාගල රත්නායක කර ඇති ප‍්‍රකාශය ද මුහුන බේරා ගැනීමේ ප‍්‍රකාශයකි. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් සහන පියස නමින් ක්‍රියාත්මක ආයතනය මෘත දේහය කටුනායක සිට නිවසට ගෙන ඒමේ ගාස්තුව හා මිනී පෙට්ටිය සඳහා රුපියල් 55,000ක මුදලක් වැය කර ඇත. මෙවැනි කටයුතු මගින් තමන් පීඩාවට පත් ජනයාගේ පිහිටට පැමිනෙන බව ආන්ඩුව පෙන්නුම් කරතත් ඔවුන් මුහුන දී සිටින සැබෑ තතු ඉස්මතු වීම හා සෙසු ජනයාගේ අවධානය එම තොරතුරු වෙත යොමු වීම වලකා ලීමටත් හැකි වනු ඇතැයි ඔවුහු සිතති.

ලංකාවේ අනුප‍්‍රාප්තික ආන්ඩු හා බලධාරීන් සලකන්නේ මැද පෙරදිග සේවයට යන සේවකයන් තම ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමම රටවල් උරන වීමට හා රැකියා අවස්ථා නොලැබී විදේශ විනිමය උපයා ගැනීමට ඇති ඉඩ අහුරා දමන අපරාධයක් ලෙසය.

විදේශ සේවා බියුරෝව ම පිලිගෙන ඇති පරිදි ගෘහ සේවිකාවන්ට මුහුන දීමට සිදුව ඇති සේවා කොන්දේසි දරාගත නොහැකිව ආපසු ගෙන්වා ගැනීමට සිදුවන අවස්ථා ඉහල යයි. එය ලංකාවේ පමනක් නොව දකුනු ආසියාවටම පොදු තත්වයකි. 2015 වසර තුල පමනක් මේ රටවලින් ගෘහ සේවිකාවන් 2000 එලෙස ආපසු ගෙන්වා ගැනීමට සිදුවී ඇත.

එහෙත් බරපතල ප‍්‍රශ්න වලට මුහුන දී සිටියදීත් ආපසු පැමිනීමේ අවස්ථාව නොලැබෙන කාන්තාවන් සම්බන්දව සංඛ්‍යා ලේඛනවල සඳහන් නොවේ. 2015 වසරේ වසර 2ක සේවා කාලය අවසන් වී පෙරලා ශ්‍රී ලංකාවට පැමිනි දිඹුලාගල පැලහිටියාව තිදරු මවක් වන එච්.ජේ. නිලන්ති මාධ්‍යට ප‍්‍රකාශ කලේ තමන් ඉසිලිය නොහැකි වධහින්සාවට ලක්වී රැකියාව අත්හැර ආපසු පැමිනීමට දැරූ උත්සාහය සාර්ථක නොවූ බැවින් තමන්ට සම්පූර්න සේවා කාලය දුක්ඛිතව දරා ගෙන ගෙවා දැමීමට සිදු වූ බවයි. ඇය හා ඇගේ පවුලේ අය විදේශ සේවා අමාත්‍යංශයට හා අනෙකුත් මැති ඇමති වරුන්ට තමන් මෙම පීඩාකාරී තත්වයෙන් නිදහස් කර ගැනීමට මැදිහත් වන මෙන් ඉල්ලා ඉදිරිපත් කල ලිපි කුනු කූඩයට දමා ඇති බව ඇය මාධ්‍යට ප‍්‍රකාශ කර ඇත.

මරන දෙකක් ගැන හා ගිවිසුම් කඩ කිරීම, ගිවිස ගත් වැටුප් නොගෙවීම, වධහිංසා කිරීම් හා පවුලේ අය සමග සන්නිවේදන නොමැති වීම යන කරුනු යටතේ පැමිනිලි 4326 ක් විදේශ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගෙන් ගිය වසර තුල පමනක් විදේශ සේවා බියුරෝවට ලැබී ඇත. එයින් 3074 ක් ගෘහ සේවිකාවන්ගෙනි.

සෞදි අරාබිය තුල සිර බාරයේ සිටින ගෘහ සේවිකාවන්ගේ සංඛ්‍යා ව ද පසුගාමී රටවල කාන්තාවගේ ජීවන තත්වය හා කොන්දේසි පිලිබඳ තවත් සාක්ෂියකි. 2016 නොවැම්බර් මාසයේදී සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අශ්නි නෂීන් නිවුස් ෆස්ට් වාර්තාවකට ප‍්‍රකාශ කර ඇති පරිදි පිලිපීන, කෙන්යානු හා ඉතියෝපියානු කාන්තාවන් 400-500 අතර ප‍්‍රමානයක් එරට තුල සිරගත කර ඇත.

මෙම තත්වයන් තුල කාන්තාවන් ගෘහ සේවය සඳහා විදේශ ගත වීමට දක්වන මැලිකම ගැන විදේශ සේවා කාර්යාලයේ කනස්සල්ල පලවී තිබේ. ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් වැඩි සංඛ්‍යාවක් සේවය කරන සෞදි අරාබියේ පමනක් එම සංඛ්‍යාව සියයට 35ට වැඩි ප‍්‍රමානයකින් පහත වැටීම 2015 සිට සිදුවී ඇත.

රුදුරු සේවා කොන්දේසි වලට හේතුව ගෘහ සේවිකාවන් නිසි පුහුනුවක් නොලබා විදේශ රැකියා වලට යොමු වීම යැයි විදේශ සේවා බියුරෝව සදහන් කරයි. මෙය මුලුමනින්ම යථා තතු වසන් කිරීම සඳහා දැරෙන කුහක ප‍්‍රයත්නයකි.

මැද පෙරදිග ගෘහ සේවයට විශාල වශයෙන් ඇදී යන්නේ ඉන්දියාව, බංග්ලාදේශය වැනි දකුනු ආසියාතික රටවලිනි. පිම්මේ ඉහල යන ජීවන වියදම නිසා පවුලේ ආර්ථික බරට උර දීමට කාන්තාවට පමනක් නොව ලමයින්ට ද සිදුවී ඇත. මියගිය ප්‍රියන්තාගේ අත්දැකීම ද ඊට නිදසුනකි.

ඇය ප‍්‍රථම වතාවට මැදපෙරදිග ගෘහ සේවය සඳහා යොමු වූයේ 2012 වසරේදීය ඒ ඇය හා පවුල විසින් අත් පත් කර ගැනුනු අනවසර රජයේ ඉඩමෙහි නිවසක් තනා ගැනීම සදහා ය. නැවත 2016 වසරේ ඇය විදේශ රැකියාවකට ගියාය. අවසන් වරට සෞදි අරාබියට ගියේ ඇගේ සැමියාගේ මිය ගිය මව හා සහෝදරියගේ අවමගුල් කටයුතු වලට ගත් නය ගෙවා දැමීමට අන් මගක් නොවු බැවිනි.

ප්‍රියන්තාගේ සැමියා ස්ථිර ආදායමක් නොලබයි. ඔහුගේ රැකියාව වන බෝර දැමීම සඳහා ගල් විදීම වෙනුවෙන් වැටුප් ගෙවන්නේ කොන්ත‍්‍රාත් ක‍්‍රමයටය. ඒ අනුව රු. 70 ක් ලබා ගැනීම සඳහා අඩියක් විදිය යුතුය. ඒ සඳහා කඹ ආධාරයෙන් ගල් පර්වත වලට බඩ ගෑමට සිදුවේ. වැසි දිනවල වැඩ කල නොහැකිය. පසුගිය මාර්තු මාසයේදි ද වැඩ කිරීමේදී සිදුවූ පාදයේ ආබාධය නිසා මේ වන විටත් ඔහු රැකියාවක නිරත නොවේ.

ප‍්‍රදේශවාසීන්ගෙන් බහුතරයකගේ ජීවනෝපාය වන්නේ කුඩා තේ ඉඩම් වල කුලී වැඩ කිරීමය. වතු ආර්ථිකයේ අර්බුදය නිසා රැකියා අහිමි වූ දහසක පමන වතු කම්කරු පිරිසක්ද ගම් වාසීන් අතර වෙති. ඔවුන්ට ද එදිනෙදා රැකියා සොයා යාමට සිදුවී ඇත.

දකුනු ආසියානු කලාපය තුලමත් ගෘහ සේවය සඳහා ඇති තරගය පහල වැටුප් මට්ටම් පවත්වා ගැනීමටත් ඉසිලිය නොහැකි සේවා කොන්දේසි පැනවීමටත් අවකාශ සලසයි. ආන්ඩුව “පුහුනුව” යන වචනයෙන් ඇඟවුම් කරන්නේ එම තත්වයට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකර ගැනීමය.

මෙරට ශ‍්‍රම බලකායෙන් මිලියන 1.2කට ආසන්න ප‍්‍රමානයක් විදේශ සේවාවල යෙදී සිටිති. ඔවුන් විසින් දල දේශීය නිෂ්පාදනයෙන් උපයනු ලබන කොටස සියයට දොලහකි. ආන්ඩුවේ උත්සුකය කුමන කොන්දේසි තුල වුව මෙම මිනිසුන් මගින් බිලියන ගනන් විදේශ විනිමය උපයා ගැනීම ගැනය.

කතුවරු මෙම ලිපිය ද අනුමත කරතිසෞදි අරාබිය ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාව ගෙල සිඳ මරා දමයි

Share this article: