ෆෙස්බුක් ශ්‍රී ලංකාව පිලිබඳ ලෝසවෙඅ (WSWS)පල කල ලිපි ඉවත් කරයි

Washington’s censorship regime goes global
Facebook deletes WSWS post on Sri Lanka

2018 නොවැම්බර් 14

සඳුදා ෆෙස්බුක් ආයතනය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නිල දෙමල භාෂා ෆෙස්බුක් පිටුවේ විසුරුවා හැරීමක් ඉවත් කලේ ය. චූදිත හේතුව වූයේ ෆෙස්බුක්හි “ප්‍රජා ප්‍රමිතීන්” තුල නිරූපනය නොකල සීමා කිරීම් උල්ලංඝනය කිරීම යි, එයට කිසිසේත් හේතු දක්වා නැත.

පුද්ගලයන් මිලියන 74ක් භාවිතා කරන දෙමල භාෂාව, ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ දෙමල සුලුතරයකගේ මෙන් ම ගෝලීය ව විසුරුනු විශාල ජන කොටසකගේ භාෂාව යි.

මෙම පියවර එක්සත් ජනපදය තුල පාදක ගූගල්, ෆෙස්බුක් හා ට්විටර් ඇතලු තාක්ෂනික ඒකාධිකාරයන් විසින් වාමාංශික, යුද විරෝධී හා සමාජවාදී සංවිධාන මත කරන කඩා පැනීම්වල මෑත ම අවස්ථාවයි. ඇමරිකානු රාජ්‍ය සංවිධාන සමග මෙම සමාගම් තෙමේ ම පෙර නො වූ ලෙස ඒකාබද්ධ වීමත් සමග, ඒවා වඩ වඩා සන්නද්ධ කෙරෙන්නේ ලෝකය පුරා එක්සත් ජනපද උත්සුකයන් ප්‍රවර්ධනය කිරීමට ය. මෙම ගමනේ කේන්ද්‍රයේ ඇත්තේ සමාජවාදී දේශපාලන දෘෂ්ටීන් මර්දනය කිරීමේ අවශ්‍යතාවය යි.

මෙය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නිල දෙමල භාෂා ෆෙස්බුක් පිටුව ඉලක්ක කෙරුනු පලමු වතාව නො වේ. වෙන් වෙන් අවස්ථා දෙකක දී, මෙම පිටුවෙන් ප්‍රචාරය කෙරුනු ප්‍රසිද්ධ රැස්වීම් “හුවමාරු” මනාපයෙන්(share˜ option') ඉවත් කෙරුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය වඩා පුලුල් ලෙස අන්තර්ජාල වාරනයේ කේන්ද්‍රීය ඉලක්කයක් වී ඇති අතර, “විකල්ප දෘෂ්ටිකෝන” සීමා කිරීම අරමුනු කෙරුනු තම සෙවුම් ඇල්ගොරිතමයේ වෙනස්කම් ගූගල් විසින් නිවේදනය කිරීමෙන් පසු එහි සෙවුම් පිවිසුම් (ිැ්රජය එර්සෛජ) සියයට 75කින් වැටී ඇත.

ශ්‍රී ලංකාව තුල තීව්‍ර වෙමින් තිබෙන දේශපාලන අර්බුදය මධ්‍යයේ, එක්සත් ජනපදය උත්සාහ ගනිමින් සිටින්නේ, ඉන්දියානු උපමහාද්වීපයේ දකුනු වෙරල ආසන්නයේ පිහිටි, දූපත් රටෙන් චීන බලපෑම ඉවත් කීරීමට යි. මිලියන 21ක ජනගහනයකින් යුත් මෙම රට ලෝකයේ දැවැන්තම නාවික ගමනාගමනයකින් යුත් බටහිරට බැඳුන වෙලඳ මාර්ගයක අතර මැද පිහිටා තිබෙන අතර, එක්සත් ජනපදයේ ඕනෑ ම වරායකට වඩා කාර්යබහුල වරායක ප්‍රෞඩ හිමිකරු වෙයි.

ඔක්තෝබර් 26වැනිදා, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනු වට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කලේ ය. නිව් යෝක් ටයිම්ස් පත්‍රය සඳහන් කල පරිදි, “චීනය සමග අතිශයින් කිට්ටු බැඳීම්” හේතුවෙන්, රාජපක්ෂ පත් කිරීම පිලිගත නො හැකි බව වොෂින්ටනය පැහැදිලි කර ඇත.

ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයේ ආධිපත්‍ය දරමින් සිටින්නේ රටේ සිංහල බහුතරය හා දෙමල සුලුතරය අතර බෙදීම් ඇවිල වීමට පාලක පන්තියේ සියළු පාර්ශ්වයන් විසින් වාර්ගික දේශපාලනය යොදා ගැනීමයි. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ගෙන ගිය දෙමල විරෝධය , ලක්ෂයකට වැඩි ජීවිත බිලිගනිමින්, 1983 සිට 2009 දක්වා ප්‍රචන්ඩ ලෙස පැතිරුනු, ලේවැකි සිවිල් යුද්ධය තුල පුපුරා ගිය ආතතීන් ඇවිල වී ය.

ශ්‍රී ලංකාවේ සෑම ධනේශ්වර පක්ෂයක් ම එක් හෝ තවත් වාර්ගික කන්ඩායමක් මත පදනම් වීමට උත්සාහ ගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පමනක් පොදු සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත සිංහල හා දෙමල කම්කරුවන් එක්සත් කිරීමට දශක ගනනාවක් දීර්ග දේශපාලන සටනක් ගෙන ගොස් ඇත.

බෙදුම්වාදී එල්ටීටීඊය 2009දී ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීමෙන් පසු, දෙමල ජාතික පක්ෂ කවර දාටත් වඩා රට තුල අධිරාජ්‍යවාදීන්ගේ උත්සුකයන් සමග වඩා සෘජුව පෙල ගැසී ඇත යි ලෝසවෙඅ අනතුරු අඟවා ඇත. ෆෙස්බුක් විසින් වාරනය කෙරුනු ලිපිය පැහදිලි කරන්නේ දෙමල ජාතික සන්ධානය රාජපක්ෂ පත් කිරීමට විරුද්ධත්වය දක්වා ඇත්තේ චාටුවෙන් ඇමරිකානු හිත - පක්ෂපාතිත්වය දිනා ගැනීමට බව යි. එය මෙසේ පවස යි:

“වික්‍රමසිංහට සහාය දීමේ ටීඑන්ඒ තීරනයට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සමග කිරීමට කිසි දෙයක් ඇත්තේ නැත. ඊට වෙනස් ව, එම සංවිධානය හඹා යමින් සිටින්නේ, 2015 සිරිසේන-වික්‍රමසිංහ බලයට ගෙන ආ, එක්සත් ජනපදය අනුග්‍රහ දැක් වූ තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමට වූ තම සහාය පෙන් වූ එකම අධිරාජ්‍යවාදී ගැති මාවතම ය. එම මෙහෙයුම එල්ල කෙරුනේ චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානම සමග පෙල ගැසෙන වොෂින්ටන් ගැති ආන්ඩුවක් ඇටවීමට යි. ”

එම ලිපිය වික්‍රමසිංහ ඉවත් කිරීමට පෙර දිනවල දෙමල කතා කරන වතු කම්කරුවන් අතර වර්ධනය වෙමින් තිබෙන වැඩවර්ජන ඇතුළුව “ශ්‍රී ලංකාවේ සියළුම ජනවර්ගයන්ගේ කම්කරුවන් අතර” වැඩෙන වර්ජන ව්‍යාපාරය පෙන්වා දුන්නේ ය. “එකම ඉදිරි මාවත තිබෙන්නේ සමාජවාදී හා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් මත සියළුම ජනවර්ගයන්ගේ කම්කරුවන් එක්සත් කිරීමට (සමාජවාදී සමානතා පක්ෂය) විසින් ගෙන යමින් තිබෙන අරගලයේ පදනම මත පමනක්” බව එම ලිපිය තර්ක කලේ ය.

ලිපිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ෆෙස්බුක් පැහදිලි කිරීමක් කර නැතත්, එහි පෙලඹවීම් ස්වයං-ප්‍රත්‍යක්ෂ ය. එම සමාගම ඔවුන් සමග වඩ වඩා ඒකාබද්ධ වනවා පමනක් නො ව, වඩ වඩා එහි කාර්යමන්ඩල සැදෙන්නේ ද හිටපු හා වර්තමාන එක්සත් ජනපද ඔත්තු සේවා සංවිධානවල නිලධාරීන්ගෙනි. මෙම රාජ්‍ය ඒජන්සි ජාත්‍යන්තර සමාජවාදය සඳහා වර්ධනය වන ජාත්‍යන්තර ප්‍රේක්ෂකත්වය දකින්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූමූලෝපායික උත්සුකයන් ඉදිරියට ගෙන යාම සඳහා දියුනු වෙමින් පවතින රටවල වාර්ගික බෙදීම් ගසා කෑමට වන තම උත්සාහයන්ට හරස් වන බාධකයක් ලෙස ය.

රටේ ප්‍රධාන මාධ්‍ය විකාශන විසින් ප්‍රමුඛ කාල (prime time) ආවරනයක් සැපයූ වා වූ ද, කම්කරුවන් විසින් කිට්ටුවෙන් හඹා ගියා වූ ද, ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩල සභාපති ඬේවිඞ් නෝර්ත්ගේ මාසයක් දීර්ග ශ්‍රී ලංකාවේ දේශන සංචාරය වොෂින්ටනය තුල තැතිගැන්මක් ඇති කල බවට සැකයක් නැත.

ෆෙස්බුක් ක්‍රියාව සිදු වන්නේ, සමාජ මාධ්‍ය යෝධයින් විසින් දියුනු වෙමින් පවතින රටවල (සුවිශේෂ වශයෙන් ශ්‍රී ලංකාව නම් කරමින්), දේශපාලන වාරනය වේගවත් කල යුතු බවට බටහිර මාධ්‍ය තුල වර්ධනය වෙමින් තිබෙන ඉල්ලීම මධ්‍යයේ ය.

මෙම උද්ඝෝෂනය තුල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත්තේ නිව් යෝක් ටයිම්ස් පත්‍රය යි, අන්තර් ජාලය තුල භාෂනයේ නිදහස ශ්‍රී ලංකාව ඇතුළු ව දියුනු වෙමින් පවතින රටවල වාර්ගික ප්‍රචන්ඩත්වයට වග කිව යුතු යැයි පවසමින් එය ලිපි මාලාවක් පල කලේ ය.

“දියුනු වෙමින් පවතින රටවල ෆෙස්බුක් වේගවත් ලෙස ව්‍යාප්ත වීම” මධ්‍යයේ සමාගම “පරිශීලකයන් වෙබ් අඩවිය තුල වඩාත් ම දීර්ග කාලයක් තබන ඕනෑ ම අන්තර්ගතයක් (දුර්වල ආයතන සහිත රටවල හානි කර භාවිතයන්ට ඉඩ කඩ සපයමින්) තල්ලු කර හරියි” යනුවෙන් අප්‍රේල් 21වැනිදා මුල් පිටුවේ ලිපියක ටයිම්ස් පැහදිලි කලේ ය.

ආසන්න වශයෙන් විශේෂයෙන් ම ශ්‍රී ලංකාව ගැන යොමු කෙරුනු ලිපියක් තුල, “දුර්වල ආයතන සහිත රටවල්” පිලිබඳ සැඳහුම පැරනි යටත් විජිත සඳහා වක්‍රෝතියකි. ෆෙස්බුක් එවැනි රටවල කතා වාරනය නො කරන්නේ නම්, තෙමේ ම පාලනය කර ගැනීමට පැහදිලි ව අසමත්, ඒවායේ ජනයා, වාර්ගික වෛරයෙන් එකිනෙකා මරා ගනු ඇතැ යි ටයිම්ස් සංඥා කරමින් සිටී.

ඔත්තු සේවා ඒජන්සිවල “නිෂ්ශබ්ද ඇමරිකානුවන්” වෙනුවෙන් කතා කරන ටයිම්ස්, දියුනුවෙමින් පවතින රටවල මහජනයා සාපරාධී ක්‍රියාවලින් ඉවත් කිරීම සඳහා මුකවාඩම් දමා ඔවුන් සිතිය යුත්තේ මොනවාද යන්න ඇමරිකානු සංගත මඟින් කිව යුතුයැයි අවධාරනය කරයි. මෙම තර්ක විවෘත වර්ගවාදයේ සීමා මත පිහිටන අතර 21වන සියවසේ “සුදු මිනිසාගේ කනස්සල්ල” පිලිබඳ යාතිකාවයි. මෙම නව යටත්විජිතවාදී කැලි කසල සඳහා පවතින එකම යුක්තිසහගත ප්‍රතිචාරය නම් එය සිදු කරන්නවුන් පිලිකුලට ලක් කිරිමයි.

පසු ගිය මාර්තු මාසයේ දී සිරිසේන ආන්ඩුව ෆෙස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රෑම් තාවකාලිකව වසා දැමූ අවස්ථාවේ, ටයිම්ස් එම පියවරට ප්‍රශංසා කලේ “තම මුස්ලිසුලුළුතරයට එල්ල කෙරුනු සැහසි ප්‍රචන්ඩතා වැලක්වීමට” අත්‍යාවශ්‍ය පියවරක් ලෙස ය. වාරනය සඳහා වූ ශ්‍රී ලංකා ආන්ඩුවේ ස්වර්ථකාමී යුක්තිසහගත කිරීම දෝංකාර නංවන මෙය තවත් බොරුවකි.

සිරිසේන විසින් ෆෙස්බුක් වසා දැමීමේ අරමුන වූයේ වාර්ගික ප්‍රචන්ඩතා වැලක්වීමට නො ව, එය වසන් කිරීමට ය. සිරිසේන තන්ත්‍රයට ප්‍රචන්ඩතා බල පෑ ප්‍රදේශ තුල සමාජ මාධ්‍ය වසා දැමීමට අවශ්‍ය වූයේ එක්සත් ජනපදය අනුබල දුන් තන්ත්‍රයේ පොලීසිය හා සන්නද්ධ හමුදා විසින් සිදුවීම් තුල පෙන් වූ උදාසීනත්වය පිලිබඳ වාර්තා බොහෝ දුරට යටපත් කිරීමට ය.

ෆැසිස්ට්වාදී කැරලිකරුවන් සමග හමුදාව හා පොලීසියේ කුමන්ත්‍රනය, “ශ්‍රී ලංකාව: මුස්ලිම් ප්‍රජාවට එරෙහි සිංහල වර්ගවාදී ප්‍රචන්ඩත්වයට විරුද්ධ වෙනු!” නම් සමාජවාදී සමානතා පක්ෂයේ මාර්තු 10වැනිදා ප්‍රකාශනයේ කේන්ද්‍රීය කරනු විය. එම ප්‍රකාශනය මෙසේ ප්‍රකාශ කලේ ය:

“මැරයින් වෙනත් ප්‍රදේශ වලින් ප්‍රවාහනය කල බවටත්, විශ්‍රාම ගිය හා සේවයේ නියුතු ආරක්ෂක භටයින් මේවාට සම්බන්ධ වී සිටි බවටත් සාක්ෂි ඇතැයි පිලිගැනීමට, මාර්තු 7දා, ආන්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙකු වන සරත් අමුනුගමට බල කෙරුනි. විශේෂ කාර්ය බලකා හමුදා (එස්ටීඑෆ්) භටයින් බලා සිටියදී මැර කල්ලි වෙලඳසැල් හා නිවාස වලට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ හා ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයන්හි දැක්වුනි. සිද්ධි ඇසින් දුටු සාක්ෂි කරුවෝද ඒවා සනාථ කලහ.”

වර්ගවාදයට විරුද්ධ වීමට ද සෑම ජාතියකම කම්කරුවන් එක්සත් කිරීමට ද සමත් එක ම විකල්පය සමාජවාදී ජාත්‍යන්තරවාදය යි. නමුත් ෆෙස්බුක්, ගූගල් හා අනෙකුත් තාක්ෂනික යෝධයින් මර්දනය කිරීමට බලාපොරොත්තු වන්නේ ද විශේෂයෙන් ම මෙම ඉදිරිදර්ශනයයි. මන්ද එය වොෂින්ටනයේ ගෝලීය ආධිපත්‍යය තව දුරටත් ආරක්ෂා කිරීමට වාර්ගික බෙදීම් ගසා කෑමේ එක්සත් ජනපද උත්සාහයන්ට බාධා කරන බැවිනි.

රාජ්‍ය වාරනයේ මෙම උත්සාහයන්ට විරුද්ධ විය යුතු ය. එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව තුල මෙන් ම ලෝකය පුරා අන්තර්ජාල වාරනයට එරෙහිව අරගලය බාර ගන්නා ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය තම පාඨකයින්ගෙන් ඉල්ලා සිටී.

ආන්ද්‍රෙ ඩමොන්

Share this article: