එක්සත් ජනපද ගැති අපේක්ෂකයා මාලදිවයිනේ ජනාධිපතිවරනය ජය ගනියි

Pro-US candidate wins Maldives presidential election

රොහාන්ත ද සිල්වා විසිනි , 2018 සැප්තැම්බර් 26

ඒකාබද්ධ විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඞ් සොලීහ් ඉරිදා ජනාධිපති අබ්දුල්ලා යමීන් පරාජය කරමින් ජනාධිපතිවරනය ජය ගත්තේය. සොලීහ්ගේ ජයග්‍රහනය මූලෝපායිකව පිහිටි ඉන්දියානු සාගරයේ දූපත් සමූහය තුල එජය සහ ඉන්දියාව විසින් පිටුබලය දුන් තන්ත්‍රමාරු මෙහෙයුමක ප්‍රතිඵලයකි.

පසුගිය මාසවල එජය, ඉන්දියාව සහ යුරෝපීය සංගමය (යුසං) යමීන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයේ විධික්‍රම සහ ඔහුගේ බීජින් ගැති මාරුව ගැන ඔවුන්ගේ කුහක විවේචනය උත්සන්න කලේය. යමීන් නෙරපා හැරීම අධිෂ්ඨාන කරන ලදුව, ඔවූහු විවෘතව හෝ රහසිගතව විරුද්ධ පක්ෂයට සහය දුන්හ.

යමීන්, “මාලදිවයින් ජනතාව තමන්ට අවශ්‍යය දේ ගැන තීන්දු කර ඇත. මම ප්‍රතිඵල භාරගෙන ඇත.” යනුවෙන් ප්‍රකාශ කරමින් සඳුදා රූපවාහිනිය මගින් ජාතිය අමතමින් තම පරාජය පිලිගති.

මෙම සතියේ අවසාන ප්‍රතිඵලය නිවේදනය කිරීමට නියමිත වූවද, මැතිවරන කොමසාරිස් සඳුදා ප්‍රකාශ කලේ ආසන්න ලෙස ප්‍රකාශ කල සියයට 90 ක ඡන්දවලින් සොලීහ් සියයට 58 ක බහුතරයක්ද, යමීන් සියයට 42 ක්ද ලබා ගත් බවයි.

මැතිවරන කොමිසම විසින් මැතිවරනයට තරඟ කිරීමට හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් නුසුදුසුයි යනුවෙන් තීරනය කරන ලද නිසා සොලීහ් විරුද්ධ පක්ෂ සන්ධානයේ අපේක්ෂකයා බවට පත්විය. විරුද්ධ පෙරමුනට නෂීඞ්ගේ මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එම්ඩීපී), පරාජය ජුම්හෝරී පක්ෂය සහ අධාලත් පක්ෂය සන්ධානය ඇතුලත්විය. සොලීහ් 2011 පටන් එම්ඩීපීහි පාර්ලිමේන්තු නායකයා වී ඇත.

ත්‍රස්තවාදී චෝදනා මත යමීන්ගේ ආන්ඩුව විසින් පෙරාතුව සිරගත කරන ලද නෂීඞ් දැනට ලංකාවේ පිටුවහලේ සිටියි. එජයේ සහ බ්‍රිතාන්‍යයේ පීඩනය යටතේ යමීන් “වෛද්‍ය ප්‍රතිකාර” සඳහා 2016 මුලදී ලන්ඩනයට සංචාරය කිරීමට නෂීඞ්ට අවසර දුනි. නෂීඞ් වහාම යමීන් නෙරපා හැරීමේ උද්ඝෝෂනය වැඩිදියුනු කලේය.

මාලදිවයින් අගනුවර වන මාලේ වාර්තාකරුවන් ඇමතූ සොලීහ් පැවසුවේ: “පනිවුඩය ඝෝෂාකාරීද සහ පැහැදිලිද වෙයි. මාලදිවයින් මහජනතාවට වෙනසක්, සාමය සහ යුක්තිය අවශ්‍යය.” යනුවෙනි. නෂීඞ් ට්විටර් පනිවිඩය හරහා සොලීහ්ට “ඔබ මාලදිවයින් ජනතාවට පමනක් නොව සෑමතැනකම නිදහස අගයන ජනතාවට අතිශයින්ම අගනා සේවයක් සිදුකර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ඓතිහාසික අවශ්‍යතාවකි.”

යමීන් තම පාලනය පවත්වා ගැනීමට මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරන අතර, තමන් ඉවත් කරනු ලැබීම සහ බටහිර ගැති ජනාධිපතියකුව ඇටවීම මගින් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රය නියෝජනය වනවාය යන සියලුම කථාවන් සත්‍යයෙන් තොරය.

මැතිවරනය පැවැත්වූයේ එජ සහ යුසං යේ පීඩනය යටතේ වූ අතර මොවූහු තර්ජනය කලේ යමීන් ජය ගතහොත් සම්බාධක පනවන බවයි. මෙය, විරුද්ධ අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කල යුතු බවට මහජනතාව බිය ගැන්වීමේ පැහැදිලි වෑයමකි.

එජ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව හීදර් නවුඅර්ට් මෙම මස මුලදී ප්‍රකාශනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ “මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රය පසුබැසීම” ගැන වොෂින්ටනය උත්සුක වන බවයි. ඇය අනතුරු ඇඟවූයේ එජය “ප්‍රජාතන්ත්‍රය, නීතියේ ආධිපත්‍යය, සහ නිදහස් සහ සාධාරන මැතිවරන ක්‍රියාවලියට වලකපන පුද්ගලයින්ට එරෙහිව සුදුසු පියවර” ගැනීම ගැන සලකා බලන බවයි.

ජූලි මස යුරෝපීය සංගමය අනතුරු ඇඟවූයේ මාලදිවයිනේ මානව අයිතීන් උල්ලංඝනය කරන සහ නීතියේ ආධිපත්‍යයට වලකැපීම සඳහා වගකිවයුත්තන්ට එරෙහිව සංචාර තහනම් සහ දේපොල කැටි කිරීම් ඇතුලු සම්බාධක පනවන බවයි.

යමීන් මැතිවරනය ජය ගත්තේනම්, එජය සහ යුසංය ඔහුගේ ජයග්‍රහනය නීති විරෝධී යයි ප්‍රකාශ කරමින් ඔහුගේ ආන්ඩුව පිලි ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇත.

එජය සහ ඉන්දියාව වහාම සොලීහ්ගේ ජයග්‍රහනය පිලි ගති. සොලීහ් ප්‍රශංසා කරමින් ප්‍රකාශනයක් නිකුත් කල ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය “මැතිවරන කොමිසම කලින්ම නිල වශයෙන් ප්‍රතිඵල තහවුරු කරනු ඇතැයි” අපේක්ෂාව ප්‍රකාශ කලේය.

මෝල්ඩිව්ස් ඉන්ඩිපෙන්ඩන්ට්ඊයේ වාර්තා කලේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි තම සුභ පැතුම පුද කිරීම සඳහා සොලීහ්ට දුරකථනයෙන් ඇමතූ බවයි. පුවත්පත වාර්තා කලේ මෝදි “ආතතීයට පත්වූ සබඳතාවන් පිලියම් කිරීමට තමන් ප්‍රාර්ථනා කරමින්ද, ප්‍රජාතන්ත්‍රය ප්‍රකෘතිමත් කිරීම සඳහා සහය ප්‍රතිඥා දෙමින්ද” සහ තමන් කඩිනමින් මුන ගැසීමට යෝජනා කලාද යනුවෙනි. සොලීහ් වහාම ආරාධනය පිලි ගති.

එජ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව නවුඅර්ට් තමන්ගේ අනුමැතිය ප්‍රකාශ කරමින් මැතිවරනය “සාමකාමී සහ ජනතාවගේ කැමැත්තට ගරුකලා” යයි පැවසුවාය.

එජය සහ ඉන්දියාවේ සත්‍යය උත්සුකය ප්‍රජාතන්ත්‍රය නොවන නමුත් තමන්ගේ භූ දේශපාලන අවශ්‍යතාවන්ට බාධා වූ යමීන් ආන්ඩුවේ චීන ගැති හැඩගැස්ම විය.

ජනගහනය යන්තම් 400,000 වෙසෙන මාලදිවයින ඉන්දියාවේ නිරිතදිග මූලෝපායිකව සිට කිලෝමීටර 400 ක දුරින්ද සහ මැදපෙරදිග සහ අප්‍රිකාවේ සිට නැගෙනහිර ආසියාව දක්වා ඇති ලොව කාර්යබහුල අධිකම නාවික ගමනාගමන මාවත් ආසන්නව පිහිටා ඇත. ඉන්දියානු සාගරයේ වර්ග සැතපුම් 35,000 පුරා විසිරී ඇති දහස් ගනන් කුඩා දූපත් සමූහය එජය සහ ඉන්දියාව එක් පසෙකින්ද සහ චීනය අනෙක් පසෙන්ද අතර වූ උග්‍ර ගැටුම් ගොනුවන ලක්ෂ්‍යයක් වෙයි.

මැතිවරන ප්‍රතිඵල ගැන වාර්තා කරමින්, එජ අධිරාජ්‍යයවාදයේ ප්‍රමූඛ පෙලේ හොරනෑව වන නිව්යොර්ක් ටයිම්ස් ඉරිදා ලිව්වේ: “එක්සත් ජනපදය සහ එහි සගයින් මෙල්ල කිරීමට පොරබදා ඇති බීජිනයේ වර්ධනය වන ගෝලීය අභිලාෂයන් හි මාලදිවයින මෑතකදී කොටුවී ඇත.” යනුවෙනි.

බීජිනයට එරෙහිව වොෂින්ටනයේ ප්‍රචාරයන් අනුව යමින් පුවත්පත ප්‍රකාශ කලේ “දේශපාලන විරුද්ධවාදීන් ඇතුලුව විවේචකයින් විසින් අනතුරු අඟවන ලදිනය උගුල් රාජතාන්ත්‍රිකත්වය’ ට සමාන මාලදිවයිනේ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල චීනය සිය, මිලියන ගනන් ඩොලර් ආයෝජනය කරඇති” බවයි. මෙම කියාපෑම් චීනය සහ යමීන් ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කෙරින.

යමීන්ගේ ආන්ඩුව මත එල්ව වූ බටහිර පීඩනයට ප්‍රතිචාරය වශයෙන් මාලදිවයින ශ්‍රේෂ්ඨාධිකරනය පෙබරවාරියේ නියෝග කලේ නෂීඞ් සහ අනෙකුත් දේශපාලන නායකයින් අට දෙනෙකු ඇතුලු සිරගත කරන ලද විරුද්ධවාදී මන්ත්‍රිවරුන් වහාම නිදහස් කරන ලෙසයි. මෙම නියෝගය ක්‍රියාත්මක කර තිබුනේ නම්, යමීන්ට පාර්ලිමේන්තු බහුතරය නැතිවෙමින්ද, විරුද්ධ පක්ෂය විසින් දෝෂාභියෝගයට ලක් කරනු ලැබිය හැකිව තිබින.

හදිසි නීතිය පනවමින්, ආඥාදායක ලෙස ප්‍රතිචාර දැක්වූ යමීන් ඉන්දියානු ගැති අගවිනිසුරු අබ්දුල්ලා සයීඞ් ඇතුලුශ්‍රේෂ්ඨාධිකරන උසාවි විනිසුරුවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගති. පසුව, හිටපු මාලදිවයින ජනාධිපති මවුමූන් අබ්දුල් ගයූම්ද ඇතුලුව, සයීඞ් සහ අනෙක් විනිසුරුද, වසරක සහ මාස හතක සිර දඬුවමකට ලක් කෙරින. දැඩි ඉන්දියානු ආධාරකරුවකු වූ ගයූම් ආන්ඩුව පෙරලීමට කුමන්ත්‍රනය කලේය. පීඩනය යටතේ, ඉතිරි විනිසුරුවරු පෙර ශ්‍රේෂ්ඨාධිකරන උසාවි නියෝගය අවලංගු කලහ.

ඉන්දියානු මාධ්‍යය වාර්තා කලේ මාලදිවයිනේ රිජුව මැදිහත් වීමට නව දිල්ලිය ක්‍රියාශීලීව සලකා බලමින් සිටි බවත් සහ “කෙටි දැනුම්දීමකින්” හමුදාව යෙදවීමටත් සූදානම්ව සිටි බවත්ය. නෂීඞ් මාලදිවයින ආක්‍රමනය කිරීම සඳහා ඉන්දියාවට විවෘතව කැඳවුම් කලේය.

ශ්‍රී ලංකාව, නේපාලය සහ බංගලිදේශය වැනි අනෙකුත් දකුනු ආසියාතික රටවල් මෙන්ම මාලදිවයිනද තම බලපෑම්හි බලප්‍රදේශයේ කොටසක් ලෙස සෑමවිටම සලකන ඉන්දියාව කලාපයේ බීජිනයේ බලපෑමට සතුරුය.

යමීන් ආන්ඩුවට ස්ථීරසාරව ආධාර කල චීනය තම බලපෑම ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය තුල ව්‍යාප්ත කිරීම සඳහාත් සහ, විශේෂයෙන්, වැදගත් බලශක්ති ආනයනයන් ආරක්ෂා කිරීම සඳහාත්, වරායවල් සහ මාවත් ඇතුලුව මාලදිවයින තුල යටිතල පහසුකම් ගොඩනැගීම ආරම්භ කල අතර තම Belt and Road Initiative (BRI) කොටසක් ලෙස නය සහ ආයෝජනද සැපයීය.

කෙසේ වෙතත්, බීජිනයේ නැගීම නවතා දැමීමේත් සහ එය එජට යටත් කිරීමේත් වොෂින්ටනයේ වඩ වඩාත් ආක්‍රමනකාරී ප්‍රයත්නවලට බීජිනය අභිමුඛ වෙයි. ඉන්දියානු සාගරයේ සමුද්‍ර මාර්ග, සහ එමගින් මැදපෙරදිග සහ අප්‍රිකාවේ බලශක්තිය සහ අමුද්‍රවයය සඳහා චීනයේ ප්‍රවිෂ්ටය පාලනය කිරීම එප මූලෝපායට අත්‍යාවශ්‍යය වෙයි.

මාලදිවයින තුල තම දේශපාලන සහ මූලෝපායික බලපෑම උත්සන්න කිරීමට එජය සහ ඉන්දියාව විසින් භාවිතා කෙරෙනු ඇති යමීන්ගේ මැතිවරන පරාජය කලාපයේ උග්‍ර කෙරෙමින් පවතින භූ දේශපාලනික උපාමාරු සහ ආතතීන් පිලිබඳව පෙර නිමිති පල කරයි.

Share this article: