ශ්‍රේෂ්ඨාධිකරනය සඳහා නාම යෝජිත බ්‍රෙට් කවානාෆ් පිලිබඳ සෙනෙට් සභා විමර්ශනයේ දේශපාලන ප්‍රශ්න

The political issues in the Senate hearing on Supreme Court nominee Brett Kavanaugh wage

2018 සැප්තැම්බර් 29

ශ්‍රේෂ්ඨාධිකරනයට නාම යෝජනා කරන ලද බ්‍රෙට් කවනාෆ් සහ ඔහුගේ පැමිනිලිකාරිය වන ක්‍රිස්ටීන් බ්ලේසි සෙනෙට් සභාවට සාක්ෂි දීමෙන් පැය නවයකට ආසන්න කලකට පසුවද, කැවනා තමාට ලිංගික අඩන්තේට්ටම් සිදු කල බවට ෆෝඞ් කරන චෝදනාව සම්බන්ධව, මීට වසර 30 කට පෙර සිදු වුයේ සහ සිදු නොවූයේ කුමක්ද යන්න පිලිබඳ දැනුවත් වීම සම්බන්ධයෙන් මහජනතාව අහලකට හෝ පැමින නැත. නාම යෝජිතයා ලෙස කැවනා ගේ අනාගතය, සිකුරාදා (සැප්. 28) සෙනෙට් රිපබ්ලිකානුවන් එකඟවූ එෆ්බීඅයි පරීක්ෂනයක ප්‍රථිපලය මත රඳා පවතී.

ලිංගික පහරදීම් සම්බන්ධ චෝදනා කවානාෆ්ට නිලය තහවුරු කිරීමේ එකම ප්‍රශ්නය බවට පත්ව ඇති අතර, ඩිමොක්‍රටික් පක්ෂය සහ මාධ්‍ය මේ කාරනය සම්බන්ධයෙන් කවානාෆ් ගේ සදොස් බව දැනටම ඔප්පුවී ඇති සිද්ධියක්සේ ඉදිරිපත්කොට ඇත. සිදුවීම් පෙලෙහි නාභිගතය ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන ප්‍රමුඛතා සහ එය ආයාචනය කරන ඉසුරුමත් සමාජ ස්ථරයන්ගේ උත්සුකතා පිලිබිඹු කරයි.

ලිංගික පහරදීමේ චෝදනාව පිලිබඳව ඩිමොක්‍රටිකයන්ගේ ක්‍රියාකාරකම් මගින් නිර්දෝෂිභාවයේ පූර්වානුමිතිය අහෝසි කිරීම අපහසුතා දැනවූවද, කවානාෆ් අධිකරනයෙන් ඉවත් කර තැබීම සඳහා වූ ඕනෑම අවස්ථාවක් ඩැහැගැනීමට උනන්දුවෙන් සිටින පිරිසක්ද සිටී. ඒ අවසන් ප්‍රතිපලය මගින් එය අත් කර ගැනීමට යොදා ගත් ක්‍රමය කුමක් වුවද එය යුක්ති සහගත කරයි යන කියමනෙන් දක්වන පරිදිය. ඔවුන්ට අනතුරු හැඟවිය යුතුය: මෙය නරක දේශපාලනයකි, නරක මූලෝපායකි, සහ එමෙන්ම එය වඩාත් නරක උපායකි. කම්කරු පන්තිය මුහුන දෙන සැබෑ ගැටලු ව්‍යාකූල කොට ඒවා වසං කිරීම සඳහා වූ එවන් උත්සාහයන් දේශපාලන ප්‍රතිවිපාක දරා සිටී.

කවානාෆ් පිලිබද විමර්ශනය තුල ඩිමොක්‍රටිකයන්ගේ උපාය මාර්ගයේ ප්‍රධාන අරමුන වී ඇත්තේ වඩාත් වැදගත් පන්ති ප්‍රශ්න වසං කිරීමයි. ලෝකය පුරාම ඇමරිකානු පාලක පන්තිය විසින් සිදු කල අපරාධ පිලිබද කෝපයක් හෝ ඒ පිලිබද උත්සුකයක් හෝ ප්‍රකාශ කිරීම පවා සිදු නොකරන අතරම දශක තුනක් පැරනි චෝදනාව පිලිබඳ ව්‍යාජ සදාචාර කෝපයක් ඔවුන් වැලඳ ගෙන ඇත.

“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙන්” මිලියනයකටත් වඩා අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක් කිරීමද සහිතව එක්සත් ජනපද මිලිටරිය කිසියම් තැනක බෝම්බ හෙලීම් සිදු නොකරන හෝ ඩ්‍රෝන් ප්‍රහාර දියත් නොකරන එක් දිනයක් හෝ ගත නොවේ. දහතුන් දහසක සංක්‍රමනික ලමයින්න් මේ වන විට සිරගත කඳවුරුවලට ගාල් කොට දමා ඇත. එජයේ දහස් ගනන් කම්කරුවන් සෑම වසරකම කාර්මික අනතුරු සහ වැඩ-ආශ්‍රිත රෝග වලින් මිය යයි. ඩිමොක්‍රටික් සෙනෙට් සභික කෝරි බුකර් “පීතෘමූලිකත්වය” පිලිබඳව මැසිවිලි නගන විට, කම්කරු පන්තියේ ආයු අපේක්ෂාවේ පහත වැටීම, පිරිමින් අතර සුරාධූර්ත්වය, මත්ද්‍රව්‍ය අපයෝජනය සහ මානසික අවපීඩනය මගින් බොහෝ දුරට මෙහෙයවේ යන කරුන ඔහු නොසලකා සිටී.

ලිංගික විෂමාචාරය පිලිබඳ චෝදනාවන් මත අඛන්ඩ යොමුව වන්නේ මෙම අපරාධයන්ගෙන් අවධානය අපගමනය කිරීම වේ. කවානාෆ්මද මෙකී අපරාධ සඳහා පාපසහායකයකු වේ. බුෂ් පරිපාලනය අවධියේදී කවානාෆ් කර්තෘ ඇල්බර්ටෝ ගොන්සාල්ස්ගේ “වධ දීමේ ලේඛන” වලට උදව් කල බවට වාර්තාමය සාක්ෂි ඇත. ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් මහජනතාව පිලිබඳ ඔත්තු බැලීමේ ව්‍යවස්ථානුකූලභාවය පැසසීම පිලිබඳව ඔහු වාර්තාගතය. රට පුරා මිලියන ගනනක් කාන්තාවන්ට ගබ්සා කිරීමේ අයිතිය අහෝසි කිරීමට ඔහු පක්ෂ බව විද්‍යුත් තැපැල් පනිවිඩ හුවමාරු කිරීම් වලින්ඔප්පු වේ.

එබඳු ප්‍රශ්නයන්ට ආමන්ත්‍රනය කිරීම ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රතික්ෂේප කිරීම හිතාමතාම ගත් තීරනයකි. මෙම අපරාධවලට සම්බන්ධ වීම සම්බන්ධව ඔවුන්මත් වැරදිකරුවන්ය- කවානාෆ් හෝ වෙනයම් ප්‍රතිගාමියෙකු උසාවියේ සිටියද ඔවුන් එය දිගටම කරගෙන යාමට අදහස් කරත්.

මීට වසර විස්සකට පෙර ඩිමොක්‍රටික් ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ පාලනය හෙීභාවය පිලිබඳ පූර්වානුමිතිය අත්හැර දැමිය යුතු අනවශ්‍ය බරක් ලෙස සැලකීම සහ චෝදනාවන් සැබෑ කරුනු ලෙස සැලකීම ඇතුලත් ඃමීටූ ව්‍යාපාරයේ විධික්‍රම ඩිමොක්‍රටිකයන් භාවිතා කරමින් සිටිති.

ලෝසවෙඅ කැවනා ඔහුට එරෙහි චෝදනාවලට වැරදිකරු ද නැද්ද යන්න පිලිබඳව ආස්ථානයක් නොගනී. කෙසේ වුවද, නීතිමය කරුනක් ලෙස සලකන කල ඉදිරිපත් කර ඇති සියලු දෑ එක් පුද්ගලයෙකුගේ තහවුරු නොවූ ප්‍රකාශ වේ. බ්‍රහස්පතින්දා (සැප්.27) විභාගයේදී ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් කවානාෆ් ලිංගික ප්‍රහාරයන්ට වැරදිකරු බවට ඔවුන් ඔප්පු කලාක් මෙන් බීමත්කමට, බඩ පිපීම සහ වමනය කිරීම වැනි වසර 16 වියැත්තෙකුගේ ලාමක ලියවිලි සහ කැවනා ගේ උසස් පාසැල් වාර්ෂික වාර්තා පොත හාරමින් පහත් සංදර්ශනයක යෙදී ගත්තෝය.

මාධ්‍යය ද එයම අනුගමනය කලෝය. බ්‍රහස්පතින්දා රාත්‍රී පලා දැමීමට රිපබ්ලිකානුවන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලිංගික සෝලී භාවිතය තුල කවානාෆ් කේන්ද්‍රීය ක්‍රීඩකයෙක්වූ බවට වන සාධකයට ආමන්ත්‍රනය කිරීමටවත් ඩිමොක්‍රටිකයන්ට හැකියාවක් නොමැත. මෙම ප්‍රශ්නය මතු කිරීම ඩිමොක්‍රටිකයන් අද එම ක්‍රමවේදයටම සම්බන්ධව සිටියි යන කරුන හෙලිදරව් කරනු ඇත.

ලිංගික විෂමාචාරය සම්බන්ධ චෝදනා මත කවානාෆ් ට එරෙහිව විරෝධතාවය කේන්ද්‍රගත කිරීම සඳහාවූ ඔවුන්ගේ ප්‍රයත්නයේ කොටසක් ලෙස, නිර්දෝෂල කල කර්තෘ මන්ඩල ප්‍රකාශනයකින් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත කැවනා ගේ සාක්ෂි “අස්ථාවර හා දබරශීලී” වන බවට ඉදිරිපත් කලේය. ප්‍රකාශනය කැවනා ගේ දේශපාලන අදහස් පිලිබඳ කිසිදු සඳහනක් නොකරන නමුත් ඔහු “විශ්වාස කිරීමට අපහසුය”, “තමා ඉහල බැව් සිතා හැසිරේ”, “පිලිවෙලක් නැති”, “විවෘත නැති”, “නොමග යවනසුලු” හා “අධික ලෙස මත්පැන් පානය කරන්නෙක්” විය හැකි යැයි නිගමනය කලේය. චෝදිත අපරාධයට ඔහු වැරදිකරු විය යුතු බවට නිගමනය කිරීමට පාඨකයාට මග පෙන්වයි.

පසුගිය සතියේ සීඑන්එන් පුවත් සේවයට කථාකරමින් හවායි ඩිමොක්‍රටික් සෙනෙට් සභික මසීහිරෝනෝ නිර්දෝෂීභව පිලිබද පූර්වානුමිතිය “මෙකී අප්‍රසන්න සිදුවීම් වල වින්දිතයන් පෙරට පැමිනීම සදහා පවතින මහත්ම බාධකය බව” පැවසීය. නිව්යෝර්ක් ඩිමොක්‍රටික් සභික චාල්ස් ෂූමර් වාර්තාකරුවන්ට ප්‍රකාශ කලේ කැවනා ගේ නඩුවේදී “එය නීතිමය ක්‍රියාවලියක් නොවන නිසාත් එය කරුනු අනාවරනය කර ගැනීමේ ක්‍රියාවලියක්” වන නිසාත් “නිර්දෝෂිභාව පිලිබද පූර්වානුමිතිය”ක් නැති බවයි.

කවානාෆ් ගේ නඩු විභාගය සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයන්ගේ මෙහෙයුමේ ගති ස්වභාවය, සිය විවෘත ප්‍රකාශය තුල “වාම ” කුමන්ත්‍රනයක් ලෙස ඔහු සඳහන් කොට ඇති දෙයෙහි වින්දිතයෙක් ලෙස ඔහුව ඉදිරිපත් කරගැනීමට මෙම අති-ප්‍රතිගාමියාට ඉඩ ලබා දුනි. ඩිමොක්‍රටිකයන් සත්‍ය වශයෙන්ම ඉහල තලයේ දේශපාලන මෙහෙයුමක නිරතව සිටිති. කෙසේ වුවද, එහි වාම කිසිවක් නැත. ඊට විපරීතව ඩිමොක්‍රටිකයෝ අන්ත දක්ෂිනාංශික දේශපාලන විධික්‍රමයන් අනුගමනය කොට ඇත.

නිර්දෝෂිභාවය පිලිබද පූර්වානුමිතිය යනු කුඩා කරුනක් නොවන අතර එහි අහෝසි කිරීම වඩාත් දුරදිග යන ප්‍රතිවිපාක වලට තුඩු දෙයි. සමාජවාදීන් හැම විටම පන්ති ප්‍රශ්න නොපැහැදිලි කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී සවිඥානිකත්වය යටපත් කර දැමීමටත් ධනේශවර නියෝජිතයන්ගේ උත්සාහයන්ට එරෙහිව නැගී සිට ඇත. වම්මුන් ඓතිහාසික වශයන් සම්බන්ධිත ව්‍යාපාර, නිර්දෝෂිභාවය පිලිබද පූර්වානුමිතිය සහ නිසි ක්‍රියාවලිය ඇතුලු 18 වන සියවසේ අගභාගයේ ධනේශ්වර විප්ලවයන් විසින් ස්ථාපනය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී හා සමානාත්මතාවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සමග සම්බන්ධිතය.

මෙම අයිතිවාසිකම් සඳහා මහජන සහයෝගය දුර්වල කිරීමට, කම්කරු පන්තිය බෙදා වෙන් කිරීමට සහ රාජ්‍ය මර්දනය, මිලිටරිවාදය හා සංගත සූරාකෑමට පහසුකම් සැලසීමට හැඟීම් සහ අගතිගාමය භාවිතා කිරීම දක්ෂිනාංශික දේශපාලනයේ ඓතිහාසික සම්ප්‍රදාය වේ. විශේෂයෙන්ම ලිංගික ප්‍රචන්ඩත්වය පවත්නා විට- එහි සහජයෙන්ම ගැබ්වන හැඟීම් කෙරෙහි ආයාචනය නිසා, චෝදිත අපරාධකරුවන්ට එරෙහිව දැවැන්ත පලිගැනීමේ මනෝගතියකින් ප්‍රයෝජන ගැනීමට පාලක පන්තියට හැකි වන විට මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සෑම විටම බොහෝමයක් අනතුරුවලට භාජනය විය හැකිය.

කවානාෆ් ගේ විභාගය තුල ඩිමොක්‍රටික් මූලෝපායට මෙම සම්ප්‍රදායන් සමග බොහෝ සමානකම් තිබේ. චූදිතයන් කෙරේ අන්තරාංගික වෛරය දිරිගැන්වීම සහ පලිගැනීමේ මනෝභාවයට වූ ආයාචනයන් මධ්‍යකාලීන නීතියේ විධික්‍රමයන්ය. ඉසුරුමත් ඉහල මධ්‍යම පන්තිකයන් අතර දේශපාලන පදනමක් ගොනු කරගැනීම සඳහා වූ ඩිමොක්‍රටික් පක්ෂයේ උත්සාහයන් පෙරට ගැනීමට ඒවා යෙදා ගනිමින් තිබේ.

බ්‍රෙට් කවානාෆ් වෙනුවෙන් සමාජවාදීන් පන්දම් අල්ලන්නේ නැත. නමුත් ඔහුට එරෙහිව භාවිතා කරන උපාය මාර්ගයන් පීඩිතයන් සහ පාලක පන්තියේ පිලිවෙත් වලට විරුද්ධ වන්නන්ට එරෙහිව දහස් ගුනයක බලය හා ජවය යොදවමින් ක්‍රියාත්මක කරනු ඇත. ව්‍යාජ ලිංගික චෝදනා වල පදනම මත වසර ගනනාවක් හිංසනයට ලක් කර ඇති විකි ලීක්ස් කර්තෘ ජූලියන් අසාන්ජ්ගේ නඩුව එබඳු එක් උදාහරනයකි.

කවානාෆ්ගේ නඩු විභාගයේ ඩිමොක්‍රටික් මෙහෙයුම ට්‍රම්ප් පරිපාලනය කෙරෙහි වූ එහි සමස්ත විරුද්ධත්වයේ ගති ස්වභාවයෙන් වෙන්කල නොහැකිය. මිලිටරි-ඔත්තුසේවා යාන්ත්‍රනයේ අධිපති කොටස් වල ප්‍රතිගාමී මිලිටරිවාදී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී න්‍යාය පත්‍රය පිටුපස ට්‍රම්ප්ට එරෙහිව වූ මහජන විරෝධතාවය මර්දනය කොට අපගමනය කිරීමට එය උත්සාහ කොට ඇත. පාලක පන්තිය ඇතුලත මෙම ගැටුම තුල ප්‍රගතිශීලී හෝ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ශ්වයක් නොමැත.

කවානාෆ් දේශපාලන ප්‍රතිගාමීයෙකු සහ කම්කරු පන්තියේ සතුරකු වේ. එසේ වුවද, මෙම දක්ෂිනාංශික රිපබ්ලිකානුවාට හා ට්‍රම්ප් පරිපාලනයට සිය විරුද්ධත්වය දැක්වීමේදී කම්කරු පන්තිය ඩිමොක්‍රටිකයන්ගේ න්‍යාය පත්‍රයට තමන්ව යටත් කිරීමට ඉඩ නොදිය යුතුය. එසේ කිරීම කම්කරු පන්තිය නිරායුධ කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දුර්වල කිරීම හා ඇමරිකානු දේශපාලනයේ වඩ වඩාත් දක්ෂිනාංශික ගමන් මාවත සඳහා පහසුකම් සැලසීම පමනක් වනු ඇත.

එරික් ලන්ඩන් විසිනි

Share this article: