“නව සීතල යුද්ධය,” වාරනය, හා අන්තර්ජාලයේ අනාගතය

The “new cold war,” censorship, and the future of the internet

2018 ඔක්තෝබර 17

අඟහරුවාදා, අන්තර්ජාල වාරනය හා ජාත්‍යන්තර භූදේශපාලනික ගැටුම් මැද “ජාලයේ බිඳවැටීම” ගැන අනතුරු අඟවමින් නිව් යෝක් ටයිම්ස් පත්‍රය ප්‍රධාන කතුවැකි ප්‍රකාශනයක් පල කලේ ය. “දේවල් මෙම මාවතේ ඉදිරියට ගිය හොත්, ඊ ලඟ දශකය දැකීමට ඉඩ ඇත්තේ, නව සීතල යුද්ධය තුල හුදෙක් තවත් පෙරමුනකට යන්තම් ටිකක් වැඩි පහත් තත්වයකට අන්තර්ජාලය ඇද වැටීම යි” යනුවෙන් ප්‍රවෘත්ති පත්‍රය අනතුරු අඟව යි.

කතුවැකිය ඇරඹෙන්නේ ගූගල් මව් සමාගම වන ඇල්පබට් සභාපති එරික් ෂ්මිඞ් ගේ අනතුරු ඇඟවීමක් සඳහන් කරමිනි. ටයිම්ස් වචනවලින් එය, “ඊ ලග වසර 10 සිට 15 දක්වා කාලය තුල අන්තර්ජාලය දෙකකට බෙදීමට බොහෝ ඉඩ ඇත, ඉන් එක් අන්තර්ජාලයකට චීනය විසින් නායකත්වය දෙනු ඇති අතර අනෙකට එක්සත් ජනපදය විසින් නායකත්වය දෙනු ඇත.”

ටයිම්ස් අනුව, ෂ්මිඞ් “අන්තර්ජාලය ගෝලීය ව පවතී යැයි බැරෑරුම් ලෙස කල්පනා කරන බව පෙනෙන්නේ නැත.” මෙම තක්සේරුව සමග එකඟ වන අතර, පුවත්පත මෙසේ ද සඳහන් කර යි, “කෝක වුනත්, ෂ්මිඞ් මහතාගේ චින්තනයේ දෝෂය වන්නේ ඔහු ම ද තාක්ෂනික වේදිකාව පිලිබඳ ව යුරෝපා සංගමය තුල සැමදා වැඩවෙමින් තිබෙන නියාමනයන් වටා ඒකාබද්ධ වෙමින් තිබෙන යුරෝපීය අන්තර්ජාලය ඉක්මනින් ම ඉවත දමන බවයි. සියලුම සංඥා පෙන්වා දෙන්නේ අන්තර්ජාල තුනක අනාගතයකි.”

හුදෙක් චීනයට පමනක් නො ව, මෙම සියලු “ගෝලයන්ට” වාරනය පොදු වනු ඇත යි ටයිම්ස් අනතුරු අඟවයි.“අන්තර්ජාල වාරනය හා සෝදිසි කිරිම් කලෙක මර්දනකාරී ආන්ඩුවල ප්‍රමුද්‍රාව වන්නේ ඊජිප්තුව, ඉරානය හා චීනය ප්‍රධාන උදාහරන වීමත් සමගිනි.” නමුත් “මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගයන්ගේ හුදු රාජ්‍යයක් නොවන බව” පැහදිලි වී ඇත.

සෙනෙට් සභික මාර්ක් වොරන් හා කොංග්‍රස් සභික ඇඩම් ෂ්චිෆ් ඇතුලු, ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන පුද්ගලයන් සමග එකමුතුව අන්ත්ර්ජාලය වාරනය කිරීමේ එක්සත් ජනපද තාක්ෂන සමාගම්වල උත්සාහයන් යුක්තිසහගත කිරිමේ දී, ආසන්න වසයෙන් වසර දෙකක්, ටයිම්ස් පෙරමුන ගෙන ඇත යි යන කරනු සලකා බලන විට, මෙම අනතතුරු ඇඟවීම උත්ප්‍රාසාත්මක ය. ඇමරිකානු දේශපාලනයේ රුසියානු අතපෙවීම් වල නාමයෙන් වාරනය යුක්ති සහගත කිරීමට ආසන්න වශයෙන් වසර දෙකක් තිස්සේ ටයිම්ස් උත්සාහ කලේය.

2017දී ගූගල් ඉංජිනේරු උප සභාපති බෙන් ගෝමස් විසින් නිවේදනය කෙරුනු “බකමූනු ව්‍යාපෘතිය” නමින් ප්‍රසිද්ධ ආරම්භකත්වයෙන් පටන් ගනිමින් ව්‍යාප්ත වාරන පියවර මාලාවකට මෙම උද්ඝෝෂනය හේතු වී ඇත. මෙය සෙවුම් ප්‍රතිඵල තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇතුලුව, වාමාංශික වෙබ් අඩවි වලලා දැමීය.

ෆෙස්බුක් හා ට්වීටර් ද මේ සමාන ක්‍රියා අනුගමනය කර ඇත්තේ, ඒවායේ පරිශීලකයන්ගේ ප්‍රවෘත්ති සැපයීම්වල විරුද්ධපාර්ශ්වීය පිටු පහල දමමින්, හා හරියට ම ගිය සතියේ දී, මිලියන ගනනාවක අනුගාමිකයන් සහිත වාමාංශික පිටුවල ගිනුම් වසා දමමිනි. ටයිම්ස් මෙම උද්ඝෝෂනයේ සෑම පියවරක දී ම ප්‍රීතිඝෝෂා කර ඇත්තේ, ෆෙස්බුක් විසින් ඉවත් කරන ලද දේශපාලනික පිටු “කුනු කන්දල්” (ස්පෑම්) හා “දේශීය බොරු ප්‍රචාර” යැයි පැවසීමට තරම් දුර යමිනි.

ටයිම්ස් හා ඇමරිකානු පාලක පන්තිය අනුන්ට ඇටවූ උගුලෙහි තමන්ම වැටී සිටිති. ඇමරිකානු ආන්ඩුව හා ඔත්තුසේවා සංවිධාන අන්තර්ජාලය ආයුධයක් ලෙස සූදානම් කිරීමට උත්සාහ ගෙන ඇති ආකාරයෙන් ම, අනෙකුත් බලවතුන් ද එසේ කරන්නේ, අන්තර්ජාලය ආර්ථික හා දේශපාලනික ගැටුම්වල සටන්භූමිය වී තිබීමත් සමගිනි.

ටයිම්ස් කලබල වන්නේ, ඇමරිකානු සමාගම්, එමෙන් ම විශේෂයෙන් ම ගූගල්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූදේශපාලනික උත්සුකයන් අනුව ඒවායේ සියලුම ක්‍රියාවන් කපා කොට නො දැමීම සම්බන්ධයෙනි.

“රටක් සතුරු කොටස්වලට කැඩීම පිටු දැකීමට හා ඒ වෙනුවට තම මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කුමක් නමුත් ඇමරිකානු සමාගම් නොක රයි... අන්තර්ජාලයේ අනාගතය ත්‍රෛපාක්ෂික සීතල යුද්ධයක් නම්, මෙම ලෝක තුනේ ම මුදල් හම්බ කිරීමට සිලිකන් වැලියට (තාක්ෂනික සමාගම්වල වාසභූමිය) අවශ්‍ය වගයි පෙනෙන්නේ.”

ගූගල් වෙත ටයිම්ස් කෝපය අවුලුවා ඇත්තේ, ඇමරිකානු ආන්ඩුවේ ප්‍රමුඛ නායකයින්ගේ විරෝධය නොතකා, තමන් චීන ආන්ඩුව විසින් පනවනු ලබන නීති යටතේ චීනයේ ක්‍රියාකාරී වන බව සමාගම අවධාරනය කර සිටීම යි .

චීන වෙලඳපොල සඳහා පිරික්සන ගවේෂන යන්ත්‍රයක් නිර්මානය කිරීමේ තම සමාගමේ සැලැස්ම සැබවින් ම සමාගම ප්‍රසිද්ධියේ අඟවා ඇතිවාට වඩා තවත් බොහෝ දුර ගොස් ඇති බව පැහැදිලි කල ගෝමස්ගේ කාන්දු වූ කතාවට ටයිම්ස් ඇඟිල්ල දික්කලේ ය. “ගූගල් ඇතුලින් කාන්දු වූ ගෝමස් මහතාගේ කතාව විටෙක බොහෝ සේ මවාගත් අයහපත් රාජ්‍ය හඬක් නැඟුවේ ය. ‘මෙය අප කිසිවෙකු මීට පෙර ජීවත් ව නොසිටි ලෝකයකැ’ යි ගෝමස් මහතා තම සේවකයින්ට පැවසී ය. ‘මම සහමුලින් ම කියන්නේ, අපි හැක්කරන්නවුන් කාන්ඩයක් හදලා තියෙනවා. අපි ඔවුන් පැත්තකින් තියලා තියෙනවා.’”

එක්සත් ජනපදය හා යුරෝපය තුල අන්තර්ජාලය වාරනය කිරීමේ ගූගල් උද්ඝෝෂනයේ දී ප්‍රධාන ක්‍රියාකලාපයක් ඉටු කර ඇති ගෝමස් මහතාගේ “මවා ගත් අයහපත් රාජ්‍ය” ලෝක සමාජවාදී වෙබ් අඩවි පාඨකයින්ට හුරුපුරුදු ය. එක්සත් ජනපදය තුල දේශපාලන විරුද්ධත්වය කඩා බිඳ දැමීමට ඔහු වැඩ කරමින් සිටි අවස්ථාවේ දී, ටයිම්ස් කිසි දා ඔහුගේ නම සඳහන් නො කල අතර ඔහු මුලසුන දැරූ වාරන වැඩසටහන ආරක්ෂා කලේ ය.

එහෙත් දැන් ගූගල් චීන ආන්ඩුවේ සහයෝගය ඇතිව වාරනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිමින් සිටින විට, “වේදිකා හා සේවා අතලොස්සක බලය” ගැන ටයිම්ස් පැමිනිලි කරමින් සිටී.

වෙනත් වචනවලින් කියතොත්, එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සි වෙනුවෙන් කතා කරන ටයිම්ස් පත්‍රයට අවශ්‍ය ඉනුත් වාසි ලබා ගන්නට යි. “විදේශ මැදිහත් වීම” වැලක්වීම නාමයෙන් දේශීය දේශපාලන විරුද්ධත්වය වාරනය කිරීමට එයට එක්සත් ජනපද තාක්ෂන සමාගම් අවශ්‍ය ය. නමුත් ටයිම්ස් අඟවන, චීන උයිගර් ජනයා අතර බෙදුම්වාදී මනෝගතීන් ප්‍රචාරය කිරීමේ එක්සත් ජනපද ගැති උත්සාහය ඇතුලුව, ඇමරිකානුවන්ගේ “මැදිහත්වීම” වැලක්වීමට වන විදේශ රටවල යෝජනා මෙම සමාගම් විසින් ම ප්‍රතික්ෂේප කිරීම ද එයට අවශ්‍ය ය.

ටයිම්ස් හා ඔවුන් පෙනී සිටින ඇමරිකානු පාලක පන්තියට “ගෝලීය” අන්තරජාලය තබා ගැනීම අවශ්‍ය වන්නේ, එක්සත් ජනපදය තුල එහි නීති ලියවෙන තාක් දුරට, ඇමරිකානු පාලක පන්තියට කතාන්දරය පාලන කල හැකි තාක් දුරට ය. අනෙකුත් ආන්ඩු හා පාලක ප්‍රභූන් තමන්ගේ ම දේශීය හා භූමූලෝපායික උත්සුකයන් සමග බැඳුනු, තමන්ගේ ම නීති හා සීමා කිරීම් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටින විට, එය සලකන්නේ දරා ගත නො හැකි ලෙසට ය.

ටයිම්ස් පත්‍රයේ කුහකත්වය පසෙකින්, එය ඇඟිල්ල දිගු කරන ප්‍රපංචය බොහෝ සැබෑ මෙන් ම භයානකය. අන්තර්ජාලය මතු වුයේ තොරුතුරු පැතිරවීමට හා අදහස් හුවමාරු කර ගැනීමට සහ ජාතික බෙදීම් යටපත් කිරීම හා වෘත්තීය “මුරකාරයන්,” එනම් සංස්ථාපිත මාධ්‍ය පාලනය කිරීම සඳහා බලගතු යාන්ත්‍රනයක් ලෙස ය. අතින් දරනා උපකරන හා සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රගුනනය සමග, ලෝකය පුරා කම්කරුවන්ට හා තරුනයන්ට තොරතුරු විශාල තොගයක් දැන් තිබේ.

මෙම වර්ධනයෝ ධනේශ්වර පාලක ප්‍රභූව බියට පත් කරති. විශේෂයෙන් ඇමරිකානු පාලක පන්තිය පෙරමුනු දෙකක යුද්ධයක් ගෙන යමින් සිටී. දේශීය විරුද්ධත්වය මර්දනය කිරීමට එක්සත් ජනපදය තුල පාදක දැවන්ත සමාජ මාධ්‍ය හා අන්තර්ජාල සමාගම්වලට පීඩනය යෙදීමට එයට අවශ්‍ය අතර ම, තමන්ගේ ම පාලන යාන්ත්‍රනයක් ස්ථාපිත කිරීමට වන, චීනයේ හෝ යුරෝපයේ වේවා තම තරඟකරුවන්ගේ උත්සාහයන් යටින් කපා දැමීමට ද එයට අවශ්‍ය ය.

විවෘත මෙන් ම ජාත්‍යන්තර ව ඒකාබද්ධ අන්තර්ජාලයට වන තර්ජනය ධනේශ්වර පද්ධතියේ අතිමූලික ප්‍රතිඝතිතාවන්ගේ, එනම් ගෝලීය ආර්ථිකය හා ලෝකය ජාතික රාජ්‍යයන්ට බෙදීම අතර, සහ සමාජගත නිෂ්පාදනය හා පුද්ගලික ලාභ සමුච්චයනය සඳහා ආර්ථික ජිවිතය යටපත් කිරීම අතර ප්‍රතිඝතිතාවන්ගේ ප්‍රකාශනයි. සන්නිවේදන පද්ධති ගෝලීය වන නමුත්, ඒවා මෙහෙයවමින් සිටින්නේ එකිනෙකාට හතුරු පාලක පන්තීන් විසිනි. තොරතුරු විසුරුවා හැරීම නෛසර්ගිකව නිදහස් නමුත්, එය බෙදා හැරීමේ පොදු කාර්ය පහසුකම් පවතින්නේ බලගතු සමාගම්වල පාලනය යටතේ ය.

විවෘත හා ගෝලීය අන්තර්ජාලය රැක ගත හැකි තනි සමාජ බලවේගය වන්නේ එකම අවංක ජාත්‍යන්තර පන්තිය වන කම්කරු පන්තිය යි, ඔවුන්ගේ උත්සුකයන් බැඳෙන්නේ ධනපති ජාතික රාජ්‍ය පද්ධතියට විරුද්ධව යි. වාරනයට එරෙහි අරගලය මානව වර්ගයාගේ සමාජ, සංස්කෘතික හා තාක්ෂානික ජයග්‍රහනයන් ආරක්ෂා කිරීමේ අරගලය යි. එය වෙන් කල නො හැකි සේ යුද්ධය, අසමානතාව හා ඒකාධිපතිත්වයට එරෙහි සටන හා සම්බන්ධ ය.

කෙටියෙන් එය, විප්ලවවාදී ප්‍රශ්නයකි. ජාත්‍යන්තර කම්කරු පන්තිය ධනේශ්වර පාලක ප්‍රභූවේ පෙරමුනු දෙකක යුද්ධයට එරෙහිව ප්‍රතිචාරය දැක්විය යුත්තේ ධනේශ්වර පද්ධතියට ම එරෙහි එක පෙරමුනක යුද්ධය සමගිනි. ආරක්ෂක පදනමක් මත අන්තර්ජාලය ස්ථාපිත කල යුත්තේ, සමානතාව, හා නිෂ්පාදනයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මත පාදක, ගෝලීය සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීම ඔස්සේ ය.

අන්ද්‍රෙ ඩැමොන්

Share this article: