එක්සත් ජනපදය න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීම: “න්‍යෂ්ටික යුද්ධය සඳහා සූදානම් වෙනු”

US missile treaty withdrawal: “Prepare for nuclear war”

2018 ඔක්තෝබර 24

සෙනසුරාදා, කෙටි-හා මධ්‍ය දුර මිසයිල වර්ධනය කිරීමෙන් වොෂින්ටනය හා මොස්කව්ව වැලක්වූ, අන්තර්මධ්‍ය දුර න්‍යෂ්ටික බලයන් (අයිඑන්එෆ්) පිලිබඳ ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිවේදනය කලේ ය.

මෙම ක්‍රියාවේ අපරාධකාරිත්වය හා කුරිරුකම අතිශයෝක්තියෙන් දැක්වීම අපහසු ය. යුරෝපය හා නැගෙනහිර ආසියාවේ පුද්ගලයන් බිලියන ගනනකගේ ජීවිත හිතාමතා තබා ඇත්තේ, බීජීනය හා මොස්කව්වට එරෙහි වොෂින්ටනයේ න්‍යෂ්ටික ශක්තිමත් කිරීම ඔස්සේ බොහෝ පැතිවලින් එල්ල කෙරෙන ප්‍රහාර තුල ය.

ඇමරිකානු මිලිටරි සැලැසුම්කරුවන් අපේක්ෂා කරන්නේ න්‍යෂ්ටික අවි ශක්තිමත් කිරීමට පමනක් නොව, සටනේ දී ඒවා පරිහරනය කිරීමට යි. ඔවුන් තම ප්‍රතිවාදීන් බවට පත්වන්නවුන්ට ප්‍රදර්ශනය කරන්නට බලාපොරොත්තු වන්නේ ඔවුන් වෙනුවෙන් මානවවාදී හෝ සදාචාරත්මක බාධා නැති බවත්, එමෙන් ම වොෂින්ටනය තම තරඟකරුවන් පරාජය කරන්නේ හුදෙක් ආයුධවලින් පමනක් නොව මිනීමරු පිපාසිත බවෙන් බවත් ය.

මෙම සැලැසුම් රහසේ සකස් කෙරෙමින් තිබේ. නිව්යෝක් ටයිම්ස් පත්‍රය ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් වීම සැලකිය යුතු කාරනයක් නොවන ලෙස සලකා ඇත. එය මුල් පිටුවේ ප්‍රවෘත්තියක් පවා නො වූ අතර, පුවත්පත ඒ ගැන කතුවැකියක් හෝ තීරු ලිපියක් ප්‍රසිද්ධ නො කලේ ය. එය ඉරිදා රූපවාහිනී කතා සන්දර්ශනවල දී ද සාකච්ඡා නො කෙරුනි.

ඩෙමොක්‍රටිකයන් ද ප්‍රතිවිපාක ගැන බොහෝ සේ මුලුමනින් ම නිශ්ශබ්දව සිටින අතර, ගෝලීය යුද්ධයේ අනතුර ද (හෝ යුද්ධයට වන ඕනෑ ම විරුද්ධත්වයක්) යන්තම් සති දෙකක් ඔබ්බේ පැවත්වෙන, 2018 මධ්‍යවාර මැතිවරනයේ කාරනාවලින් ඉවත් කෙරී ඇත.

කෙසේ නමුත්, විදේශ පිලිවෙත් මාධ්‍ය හා බුද්ධි මන්ඩල ප්‍රකාශනවල න්‍යෂ්ටික යුද්ධය ප්‍රමුඛ කාරනයකි. ධවල මන්දිර නිවේදනයට පෙර පවා, ෆොරීන් එෆෙයාර්ෂ් (විදේශ කටයුතු) නම් සඟරාව තම වර්තමාන මුද්‍රන්‍ය න්‍යෂ්ටික යුද්ධය පිලිබඳ සාකච්ඡාවකට කැප කලේ, එහි කවරයේ මිසයිලයක් දියත් කිරීම විශේෂ ලෙස ප්‍රදර්ශනය කරමිනි.

එම මුද්‍රනය ජනවාරියේ දී පෙන්ටගනය විසින් ප්‍රසිද්ධ කෙරුනු, “ත්‍රස්තවාදය මත යුද්ධයේ” ඵලදායි අවසානය ද “මහා බලවතුන්ගේ ගැටුමේ” ආරම්භය ද ප්‍රකාශ කල, ජාතික ආරක්ෂක මූලෝපායේ ප්‍රධාන කතුවරයෙකු වන එල්බි්‍රජ් ඒ. කෝල්බිගේ තීරු ලිපියක් විශේෂ කොට පල කර යි.

මූලෝපාය හා හමුදා වර්ධනය පිලිබඳ හිටපු සහකාර ලේකම් වන, කෝල්බි තම ලිපිය නම් කලේ,“ඔබට සාමය අවශ්‍යනම්, න්‍යෂ්ටික යුද්ධයට සූදානම් වෙනු” යනුවෙනි. ඔහු මෙසේ ලියයි: “න්‍යෂ්ටික අවදානම් සීමාවට යෑමේ අවදානම අතිවිශාල විය හැක, නමුත් ඒ තරමට ම එය විරුද්ධවාදියෙකුට ඉහලින් න්‍යෂ්ඨික වාසියක් ජය ගැනීමේ ප්‍රතිලාභය වන්නේ ය.”

“රුසියාව හෝ චීනය සමග වන ඕනෑ ම අනාගත ගැටුමක් න්‍යෂ්ටික එකක් වනු ඇත”යි කෝල්බි අනතුරු ඇඟවී ය. “වඩා දැඩිව සටන් කරන, බොහෝ අවිනිශ්චිත අරගලයක දී, සෑම සටන්කරුවෙක් ම, ලන්සුව ඉහල දැමීමට හා අනෙක් පැත්තේ අධිෂ්ඨානය පරීක්ෂා කිරීමට, හෝ හුදෙක් සටන පවත්වා ගෙන යාමට පවා, න්‍යෂ්ටිකව මෙහෙයුම් කරා යාමට පෙලඹීමට ඉඩ ඇත.”

ප්‍රකෘතිමත් පුද්ගලයෙකු මෙය න්‍යෂ්ටික අවි තුරන් කිරීම සඳහා තර්කයක් යැයි දැකීමට ඉඩ ඇත. නමුත් පෙන්ටගනයේ වෘත්තීය මිනීමරුවන්ගේ සිත් තුල, එය කතා කරන්නේ එවැනි අවි නිපද වීමේ හා පාවිච්චි කිරීමේ හදිසි අවශ්‍යතාවය යි.

“න්‍යෂ්ටික යුද්ධයක් මග හැරීමේ හොඳම ආකාරය වන්නේ, සීමිත න්‍යාෂ්ටික සටන් කිරීමකට සූදානම් වීම” යැයි කෝල්බි ලියයි. “එක්සත් ජනපදය සීමිත, ඵලදායි න්‍යෂ්ටික මෙහෙයුම් පැවත්වීමට සූදානම් බව එක්සත් ජනපද නිලධාරීන් ප්‍රදර්ශනය කල යුතු” යැයි ද කෝල්බි ලිය යි.

වෙනත් වචනවලින් නම්, කෝල්බි න්‍යෂ්ටික අවි යොදා ගැනීමට උපදෙස් දෙන්නේ, අන්තිම විනිශ්චය දා පරිකල්පිත සිද්ධියක් ලෙස නොව, රුසියාවට එරෙහිව බෝල්කන් කලාපයේ හෝ වේවා, නැතහොත් චීනයට එරෙහිව නැගෙනහිර ශාන්තිකර කලාපයේ වේවා සාම්ප්‍රදායික මිලිටරි ගැටුමක් උත්සන්න කිරීම තුල දී ය.

එවැනි තර්කවලට උන්මාදයක් ඇති නමුත්, මෙම උන්මාදයට වෛෂයික පදනමක් ඇත. ජාතික රාජ්‍ය හා ගෝලීය ආර්ථිකය අතර විසඳිය නො හැකි ගැටුම මත හුස්ම හිරවන්නා වූ ධනේශ්වර ලෝක පද්ධතිය මනුෂ්‍ය වර්ගයා මෙහෙයවමින් සිටින්නේ විනාසයක් කරා ය.

අයිඑන්එෆ් ගිවිසුම රුසියාව සමග වන අතර, ට්‍රම්ප් පාලනාධිකාරියේ ඉන් ඉවත් වීම පිටුපස ප්‍රධාන ගනන් බැලීමක් වන්නේ චීනය සමග වැඩෙන ගැටුමයි. තීරනයට ප්‍රශංසා කරන ලිපියක, නැෂනල් ඉන්ටරෙස්ට් නම් සඟරාව මෙම පියවර හැදින් වූයේ “චීනයේ නව දුස්ස්වප්නය” කියා ය. “වඩ වඩා අහිතවත් මුහුදු හා බටහිර ශාන්තිකර කලාපයේ අහස ප්‍රවේසමෙන් පාලනය කිරීමට සැලැසුම් කෙරුනු මිලිටරි පද්ධති අතර සිදුවෙමින් තිබෙන ‘වෙඩි පිටියේ යුද්ධයේ දී’ වොෂින්ටනයට පවතින අවදානම තීරනාත්මකව කැපී පෙනෙතැ”යි සඟරාව සඳහන් කලේ ය.

“කෙසේ නමුත්, එක්සත් ජනපදය අයිඑන්එෆ් ගිවිසුමෙන් ඉවත් වීම මෙම තත්වය ආපසු හැරවීමට උදව් කිරීමට ඉඩ ඇත” යි එය ලියන්නේ, “නව ඇමරිකානු සාම්ප්‍රදායික ක්‍රම, ගිල්වා නො දැමිය හැකි, මාවතෙන් පිට ජපානය, පිලිපීනය හා ඕස්ටේ්‍රලියාව වැනි ප්‍රදේශවල ස්ථානගත කල හැකි” යයි ද පවසමිනි.

එහෙත් මෙම රටවල් “ගිල්වා නො දැමිය හැකි” ඒවා වුවද, ඒවා පුද්ගලයන් මිලියන සිය ගනනකගේ නිජ බිම් වන්නේ ය. ප්‍රතිපත්ති සකසන්නන් විසින් රහස් ලියවිලි තුල හරියට ම මිලියන කීයක් ඝාතනය කෙරෙනු ඇත් දැ යි සැලැසුම් කරද් දී පවා, එවැනි මිසයිල කඳවුරු අසල ජීවත්වන මහජනයාට කියනු ඇත්තේ, සැබවින් ම න්‍යෂ්ටික යුද්ධයක් ඇති විය නො හැකි බව යි.

වොෂින්ටනය න්‍යෂ්ටික අවදානම් සීමාව කරා තල්ලු කරන දෙය වන්නේ, තම තරඟකරුවන්ට, විශේෂයෙන් ම චීනයට සාපේක්ෂකව එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික ශක්තියේ දිග්ගැස්සෙන පරිහානිය යි. නමුත් මෙම ක්‍රියාදාමය මෑත වසරවල දී දරනු අවධියකට ඇතුල් වී ඇත්තේ, එරට ඉහල වටිනාකමිකින් යුත් නිෂ්පාදන හා උසස් තාක්ෂන අංශය ප්‍රචාරනය කිරීමට වන චීන පාලක ප්‍රභූවේ කොටසකගේ සාමූහික උත්සාහය සමගිනි.

මෙම මස මුල දී චීනයට එරෙහිව නව මිලිටරි හා ආර්ථික (සම්බාධක) උත්සන්න කිරීම් නිවේදනය කරන කතාවක දී, එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්, චීනය ඔහු නම් කල “රෝබෝ විද්‍යාව, ජෛව තාක්ෂනය, හා කෘතිම බුද්ධිය ඇතුලුව 21වැනි සියවස් ආර්ථිකයේ කැපී පෙනෙන මුදුන්” පාලනය කිරීම නවතා දැමිය යුතු යැයි ඉල්ලා සිටියේ, ට්‍රම්ප් පාලනාධිකාරිය යටතේ, එක්සත් ජනපදය “පුනරුත්තාපනය කල ඇමරිකානු ශක්තිය සමගින් අපගේ උත්සුකයන් ආරක්ෂා කරමින් සිටින බව” පැහැදිලි කරමිනි.

“අපි අපගේ න්‍යෂ්ටික අවි ගබඩාව නවීකරනය කරමින් සිටිමු” යි පෙන්ස් අනතුරු ඇඟවී ය. “අපි වැඩි දියුනු කල සටන් යානා හා බෝම්බ දමන යානා ප්‍රවර්ධනය කරමින් සිටිමු. අපි නව ගුවන් යානා හාරකයන් හා යුද නැව් පෙලක් ගොඩනගමින් සිටිමු. අපි මීර පෙර නො වූ ලෙස අපගේ සන්නද්ධ හමුදාවන්ට ආයෝජනය කරමින් සිටිමු.”

දේශපාලන විරුද්ධත්වය මත පොලිස් රාජ්‍ය කඩා පැනීම් සමග පූර්න යුද්ධයක් වනු ඇති, න්‍යෂ්ටික යුද්ධයක් සඳහා ක්‍රියාකාරී සූදානම් වීම සිදු කෙරෙමින් තිබෙන්නේ, මුලුමනින් ම ඊට විරුද්ධ වන, මහජනයාට හොර රහසේ ය.

මිලිටරිය ශක්තිමත් කිරීමට විරුද්ධත්වය දක්වනවාට විපරීත ව, ඩෙමොක්‍රටිකයන් පසු ගිය දෙවසර තුල ට්‍රම්ප් සම්බන්ධ තම විවේචන යොමු කර ඇත්තේ, ඔහු රුසියාවට එරෙහිව ඇති තරම් ආක්‍රමනකාරී නොවී ය යන ප්‍රකාශන මත ය. මෙම කාරනය දේශීය විරුද්ධත්වය නිශ්ශබ්ද කිරීම ඉලක්ක කෙරුනු අන්තර්ජාල වාරන පාලනයක් පැටවීමට කඩතුරාවක් ලෙස යොදා ගෙන ඇත.

මෙම උමතු ප්‍රතිපත්තිය නැවැත් විය හැක්කේ කම්කරු පන්තියට පමනී. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, 2016 පෙබරවාරී 16වැනිදා, සමාජවාදය හා යුද්ධයට එරෙහි සටන නම් තම ප්‍රකාශනය තුල එය ඉදිරිපත් කල තීරනාත්මක ප්‍රතිපත්ති යලි තහවුරු කරයි.

ං යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

ං නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාපතිත්වයේ ද මිලිටරිවාදයේ ද යුද්ධයේ ද මූලික හේතුව වන ආර්ථික ක්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.

ං එබැවින් නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිවම, ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.

ං අන් සියල්ලටත් වඩා, නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය. ධනවාදයේ නොනවතින යුද්ධයට, කම්කරු පන්තිය නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් පිලිතුරු දිය යුතුය. එහි මූලෝපායික එල්ලය වන්නේ, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම හා ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමයි. ගෝලීය සම්පත්, සහේතුක, සැලසුම්ගත සංවර්ධනයකට එමගින් කොන්දේසි සැකසෙන අතර එම පදනම මත, දුප්පත්කම තුරන්කර මානව සංස්කෘතිය නව ඉහලකට ඔසවා තබනු ඇත.

මෙම ප්‍රතිපත්තිමය පදනම මත අධිරාජ්‍යවාදයට එරෙහි සටන බාර ගැනීමට අධිෂ්ඨාන සහගත කම්කරුවන් හා තරුනයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග සම්බන්ධතා ඇති කර ගන්නා ලෙස හා සමාජවාදය සඳහා සටනට එක්වන ලෙසයි.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: