සමාජවාදී සමානතා පක්ෂයේ 50 වන සංවත්සරය සැමරීමේ මීලඟ දේශනය
ධනපති ආන්ඩු වලට විරුද්ධව සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන

2018 සැප්තැම්බර් 6

සමාජවාදී සමානතා පක්ෂය (සසප) එහි 50 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් පවත්වන දේශන මාලාවේ මීලඟ දේශනය “ධනපති ආන්ඩු වලට විරුද්ධව සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන” යන මාතෘකාව යටතේ සැප්තැම්බර් 12 සවස 04.00 ට මහනුවර ජනමැඳුර ශාලාව, (ගුඩ්ස්ෂෙඩ් බස් නැවතුම්පල අසල) දී පැවැත්වේ

වසර 50 ක අතීතයක් කරා දිවෙන සසප හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) අරගලයේ මූලික පදනම වූයේ ධනපති ක්‍රමය පෙරලා දමමින් සමාජවාදය පිහිටුවීම සඳහා කල අඛන්ඩ හා අප්‍රතිහත අරගලයයි. ආරම්භයේ සිටම ධනපති ආන්ඩු වලට එරෙහි සමාජවාදය සඳහා වන සටන ජාත්‍යන්තර සටනක් වන බවත් ඒ සඳහා නායකත්වය සැපයිය හැක්කේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී සංවිධානය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මඟින් පමනක්ය යන්න මතත් විකොස පදනම් විය.

එම සටනේ දී විකොස/සසප පදනම් වූයේ අධිරාජ්‍යවාදී යුගය තුල ධනපති ආන්ඩු වලට නොදියුනු රටවල ජාතික ප්‍රශ්නය, ගොවි ජන ප්‍රශ්නය විසඳීම ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ඉටු කල නොහැකි බවත් ඒ සඳහා ගොවිජනයා ඇතුලු සෙසු පීඩිත ජනතාවගේ සහාය ඇතිව කම්කරු පන්තිය බලය ගත යුතු බවත් තහවුරු කල ලියොන් ට්‍රොට්ස්කි 1905දී ඉදිරිපත් කල රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට මඟ හෙලි කල නොනවතින විප්ලවයේ ක්‍රියා මාර්ගය මතයි.

1970 දී බලයට පැමිනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) නායකතවයෙන් යුක්ත සමසමාජ හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ සම්බන්ධිත ධනපති සභාග ආන්ඩුවට විරුද්ධව සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට විකොස සටන් වැදුනි.

පන්ති අරගලය උග්‍රවූ 1970 දශකයේ මැද භාගය තුල ආන්ඩුව පලවා හැරීමේ මහා වර්ජනයක් සහ කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා උද්ඝෝෂනය කල විකොස, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට 1975 දී සිරිමා බන්ඩාරනායක අගමැතිනිය ක්‍රියා කලේ විකොසට එරෙහි මර්දනයක් සඳහා දොර විවෘත කරමිනි. මීට එරෙහිව කම්කරු පන්තිය ප්‍රමුඛ මහජන ව්‍යාපාරය බලමුලු ගන්වා ගැනීමට විකොස ක්‍රියාත්මක විය.

සමසමාජ හා ස්ටැලින්වාදී නායකයන්ගේ ද්‍රෝහී ක්‍රියා කලාපය නිසා දේශපාලනිකව අවමංගත කෙරුනු මහජනයා මුලා කොට 1977 බලයට පැමිනි දක්ෂිනාංශික යූඇන්පී ආන්ඩුව අධිරාජ්‍ය-ගැති ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දමමින් කම්කරු-පීඩිත මහජනයා මත එල්ල කල ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනතාව බල මුලු ගැන්වීමට විකොස සටන් වැදුනි. 1983 වර්ගවාදී ජන ඝාතනයන්ට හා අනතුරුව දියත් කල වර්ගවාදී යුද්ධයටත් එරෙහිව විකොස ගෙනගිය අඛන්ඩ අරගලය යොමු වූයේ උතුරේත් දකුනේත් කම්කරුවන් සමාජවාදී ඉදිරිදර්ශනයක් මත ඒකාබද්ධ කිරීමටය.

1996 දී විකොස, සමාජවාදී සමානතා පක්ෂය බවට පරිවර්තනය කලේ, කම්කරු පන්තියේ පැරනි සංවිධානවල බිදවැටීම හමුවේ, ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයේ නායකත්වය සදහා සෘජුවම උර දීම ලෙසය. 1998දී දියත් කල ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුලින් සමස්ත දකුනු ආසියාවේම ජාතික රාජ්‍යයන් පිලිබඳ දේශපාලනික විශ්ලේෂනයන් ඉදිරිපත් කරමින් දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩුවක ඉදිරි දර්ශනය යටතේ කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජන කොටස් තුලට සමීප වීම සඳහා සසප ක්‍රියා කලේය.

ධනවාදී ආන්ඩු හා ඒවායේ ඒජන්සි වලට එරෙහි 50 වසරක මෙම සටන් ඉතිහාසය හා ඉන්දු උප මහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අද දින අරගලයේදී එහි අදාලත්වය මෙම දේශනය තුලින් පැහැදිලි කෙරෙනු ඇත.

කොලඹ, ගාල්ල, නුවර, යාපනය, කුරුනෑගල, හලාවත සහ හැටන් ඇතුලු තවත් නගරවල පැවැත්වීමට නියමිත මෙම සංවත්සර දේශනවලට සහභාගී වන ලෙසද කම්කරුවන්, තරුනයන් සහ ශිෂ්‍යන්ගෙන් සසප ඉල්ලා සිටී.

දේශන මාතෘකා, දින, වේලාවන් හා ස්ථාන

1. ට්‍රොට්ස්කිවාදය සඳහා අඩ සියවසක සප්‍රතිපත්තික අරගලය

2. විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය පිහිටුවීම

3. වර්ගවාදී යුද්ධයට හා බෙදුම්වාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය

4. ධනපති ආන්ඩු වලට විරුද්ධව සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන

5. සුලු ධනපති ජාතිකවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය

6. කලාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ මාක්ස්වාදී කලා විචාරය ස්ථාපිත කිරීමට ගෙනගිය අරගලය

කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

ජූනි 22 සිකුරාදා සවස 4.00

ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය

ජූලි 12 බ්‍රහස්පතින්දා සවස 4.00

අගෝස්තු 2 බ්‍රහස්පතින්දා සවස 4.00

අගෝස්තු 16 බ්‍රහස්පතින්දා සවස 4.00

අගෝස්තු 30 බ්‍රහස්පතින්දා සවස 4.00

සැප්තැම්බර් 13 බ්‍රහස්පතින්දා සවස 4.00

ගාල්ල නගර සභා ක්‍රීඩා මන්ඩපය

ජූලි 8 ඉරිදා සවස 3.00

අගෝස්තු 5 ඉරිදා සවස 3.00

සැප්තැම්බර් 9 ඉරිදා සවස 3.00

සැප්තැම්බර් 23 ඉරිදා සවස 3.00

මහනුවර ජනමැඳුර ශාලාව (ගුඩ්ස්ෂෙඩ් බස් නැවතුම්පල අසල)

ජූලි 03 අඟහරුවාදා සවස 4.00

ජූලි 20 අඟහරුවාදා සවස 4.00

අගෝස්තු 15 අඟහරුවාදා සවස 4.00

සැප්තැම්බර් 12 අඟහරුවාදා සවස 4.00

සැප්තැම්බර් 27 අඟහරුවාදා සවස 4.00

යාපනය, වීරසිංහම් ශාලාව

අගෝස්තු 7 අඟහරුවාදා සවස 4

සැප්තැම්බර් 11 අඟහරුවාදා සවස 4

ඔක්තෝබර් 11 බ්‍රහස්පතින්දා සවස 4

ඔක්තෝබර් 31 බදාදා සවස 4

නොවැම්බර් 15 බ්‍රහස්පතින්දා සවස 4

හලාවත, සමූපකාර මන්ඩල ශාලාව (මහජන බැංකුව අසල)

අගෝස්තු 21 අඟහරුවාදා සවස 4.00

කුරුනෑගල, තරුන බෞද්ධ සංගම් ශාලාව

අගෝස්තු 29 බදාදා සවස 4.00

Share this article: