2018 කම්කරු දිනය: පන්ති අරගලයේ වර්ධනය හා ක්‍රියාකරී කමිටු සඳහා අවස්ථාව

Labor Day 2018: The growth of the class struggle and the case for rank-and-file committees

2018 සැප්තැම්බර් 3

එක්සත් ජනපදය හා කැනඩාව තුල, 2018 කම්කරු දිනය සැමෙරෙමින් තිබේ. සෑම වසරක ම පුරද්දක් ලෙස, එක්සත් ජනපදය තුල එදින සලකුනු කෙරෙනවා ඇත්තේ ඒඑෆ්එල්-සීඅයිඕ සංවිධානය විසින් සංවිධානය කෙරුනු පෙලපාලි කීපයකිනි .මෙහිදී වෘත්තීය සමිති නිලධාරීන් ඩෙමොක්‍රටික් පක්ෂ දේශපාලඥයින් හිස් මෙන් ම කුහක දේශපාලන කතා පවත් වනු ඇත. කෙසේ නමුත්, මෙම වසරේදී, කම්කරු දිනය පැවත් වෙන්නේ සංගතවාදී හා කම්කරු විරෝධී වෘත්තීය සමිති සමග කම්කරුවන් වඩ වඩා ඍජු ගැටුම්වලට ගෙන එන පන්ති අරගලයේ පුනර්ජීවනය මධ්‍යයේ ය.

රජයේ පාසල් නැවත ඇරීමත් සමග, ගුරුවරු සැලකියයුතු වැටුප් වැඩිවීමක් හා රජයේ අධ්‍යාපනයට වඩ වඩා අරමුදල් වෙන් කර ගැනීම සඳහා වන තම අරගලය යලි පන ගන්වමින් සිටිති. 2013 ඩෙමොක්‍රටික් ආන්ඩුකාර ජේ ඉන්ස්ලී එක්සත් ජනපද ඉතිහාසයේ විශාල ම සංගත බදු කප්පාදුව, එනම් ගුවන් යානා හා ආරක්ෂක අවි නිෂ්පාදන යෝධයෙකු වන බෝඉන්ග් සමාගම වෙනුවෙන් ඩොලර් බිලියන8.7ක බදු කප්පාදුවක් අධීක්ෂනය කල අතර, වොෂින්ටන් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කීපයක ගුරුවරු වැඩවර්ජනයට පිවිස ඇත. වෘත්තීය සමිති විසින් අරගල නවතා දැමීමේ උත්සාහය නො තකා, ප්‍රාන්ත මට්ටමේ වැඩවර්ඩවර්ජනයක් කැඳවීමට වන ගුරු සාමාජිකයන්ගේ ඉල්ලීම් වැඩි වෙමින් තිබේ.

ගෙවී ගිය සතියේ, ශිෂ්‍යයින් 640,000ක් ද ගුරුවරුන් 33,000ක් ද සහිත රටේ දෙවැනි විශාලම පාසල් දිස්ත්‍රික්කය වන ලොස් ඇන්ජලිස් හි වැඩවර්ජනයක් අනුමත කිරීමට පක්ෂව ගුරුවරු සියයට 98ක ඡන්දයක් ලබා දුන්හ. පරිහානියට යමින් තිබෙන පාසල් හා ප්‍රමානවත් අරමුදල් නොමති පාසල් සම්බන්ධයෙන් ඩෙට්‍රොයිට් ගුරුවරුන් හදිසි අසනීප නිවාඩු යෑම් පෙලක් ක්‍රියාත්මක කර යන්තම් වසර දෙකකට පසු, ඩෙට්‍රොයිට් හි ගුරුවරු හා දෙමව්පියෝ බීමට ගන්නා ජලයෙහි ඉහල මට්ටමේ ඊයම් හා තඹ මට්ටම සම්බන්ධයෙන් කෝප වී සිටිති. එම පාසල් දිස්ත්‍රික්කයට නගරයේ සියළුම පාසල්වල ජල සැපයුම නවතා දැමීමට බල කෙරී තිබුනි.

මෙම වසර මුල දී, ගුරුවරුන් ප්‍රාන්ත පුරා පැතිරනු වැඩවර්ජන ක්‍රියාත්මක කල ප්‍රාන්තවල, වඩවර්ජන පොලඹවන කිසිදු ප්‍රශ්නයක් විසඳා නැත. ඇරිසෝනා හි දී, ප්‍රාන්ත ශේෂ්ඨාධිකරනය අධ්‍යාපනයේ ආයෝජනය කිරීම එල්ල කර ගත් බදු ආරම්භකත්වයක් සඳහා වූ ඡන්දයක් නිකම්ම අත්හැර දැමීය. එමඟින් ඩොලර් 250,000ට වඩා උපයන පුද්ගලයන් හා කුටුම්භ මත සියයට 3 සිට 4 දක්වා අල්ප අදායම් බද්දක් වැඩි කිරීමට ඉඩ තිබුනි.වෘත්තීය සමිති, ඩෙමොක්‍රටිකයන් හා ඔවුන්ගේ අනුබද්ධ ආයතන අරමුදල් පිලිබඳ අර්බුදයට විසඳුමක් ලෙස බදු ආරම්භකත්වය ප්‍රචාරය කලේ, පසු ගිය මැයි මාසයේ ඇරිසෝනා ප්‍රාන්ත ගුරුවරුන් 69,000කගේ වැඩවර්ජනය වසා දැමීමට කුමන්ත්‍රය කල අවස්ථාවේ දී ය. කෙසේ නමුත්, අවසානයේ දී, පාලක පන්තිය තම මුදල් ඉපයීමේ මෙහෙයුම මත සුළු ම හෝ ආක්‍රමනයකට ඉඩ නො දෙනු ඇත.

එක්සත් ජනපදයේ වැඩවර්ජන ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනයත් සමග සම්පාත වේ. සති අන්තයේ දී, එක්සත් ජනපදයේ සවුත් වෙස්ටර්න් රේල්වේ කම්කරුවන් ආරක්ෂක මුර තනතුරු අහෝසි කිරීමට එරෙහිව තුන් දින වැඩවර්ජනයක් ගෙන ගියහ. මෙය සිද වූයේ පසු ගිය මාසයේ අයර්ලන්ත, ස්පාඤ්ඤ හා අනෙකුත් යරෝපීය රටවල ගුවන් නියමුවන්ගේ වැඩවර්ජනය පසු පසය.

වෘත්තීය සමිති ක්‍රමානුකූලව වැඩ කර ඇත්තේ වැඩවර්ජන වැලක්වීමට හා, නො හැකි නම්, ඉක්මනින් ම මෙම සටන් හුදකලා කර ඒවා පාවා දීමට ය.

■ වොෂින්ටන් ප්‍රාන්තයේ විශාල ම පසල් දිස්ත්‍රික්කය වන සියටල් හි ගුරු වෘත්තීය සමිතිය ආරවුලක් විසඳීමට කලබල වී ඇත්තේ, ප්‍රාන්ත මට්ටමේ වැඩවර්ජනයක් වැලක් වීමේ උත්සාහයක් ලෙස ය. වසන්තයේ ගුරුවරුන්ගේ වැඩවර්ජනයේ ආරම්භකත්වය ගනු ලැබුවේ වෘත්තීය සමිති නො ව, එය මතු වූයේ ඔවුන්ට එරෙහිව සාමාජිකයින්ගේ කරල්ලකින් මගිනි.

■ එක්සත් ජනපද වානේ හා ආර්සෙලෙර් මිටල් හි 31,000ක් කම්කරුවන් ආවරනය කෙරෙන කම්කරු ගිවිසුමක් සෙනසුරාදා කල් ඉකුත් වීමත් සමග, එක්සත් වානේ කම්කරු සමිතිය රැකියාවේ රැඳී සිටීමට කම්කරුවන්ට බල කර ඇත්තේ, ඉහල ලාභ ලබන සමාගම් විසින් ඓතිහාසික වැටුප් අඩු කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම නො තකාය.

■ එක්සත් පාර්සල් සේවාවේ කම්කරුවන් 230,000ක් ආවරනය කෙරෙන කොන්ත්‍රාත්තුවක් ජූලි 31වැනිදා අවසන් වීමෙන් මසකට පසු, ටීම්ස්ටර්ස් වෘත්තීය සමිතිය කම්කරුවන්ගේ ඉතා ප්‍රබල වැඩවර්ජන වරම ප්‍රතික්ෂේප කර ගබඩා කම්කරුවන්ට දරිද්‍ර මට්ටමේ වැටුප් සමග, පැකේජ බෙදා හැරීමේ කම්කරුවන්ට වඩා පහල වැටුප්, අර්ධකාලීන රැකියා හඳුන්වා දෙන කොන්ත්‍රාත්තුවක් සම්මත කර ගැනීමට උත්සාහ ගනිමින් සිටී.

■ ඇමරිකානු සන්නිවේදන කම්කරුවෝ නම් වෘත්තීය සමිතිය, ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් වීමෙන් පසු, ඒටීඇන්ඞ්ටී නම් බහුජාතික සන්නිවේදන සංගතයේ කම්කරුවන් 7,000ක් රැකියාවල තබා ඇත.

■ ෆියට්-ක්‍රයිස්ලර් කම්කරුවන් සමාගමේ කොකොමො, ඉන්ඩියානා සම්ප්‍රේෂන මෙහෙයුම් වර්ජනය කිරීමට ඡන්දය දීමෙන් පසු, එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය (යූඒඩබ්ලිව්) ඔවුන් රැකියාවල රඳවා ඇත. යූඒඩබ්ලිව් සංගත කලමනාකරනයේ ඍජු හස්තයක් ලෙස හෙලිදරව් වී ඇත්තේ, මොටර් රථ කම්කරුවන් මත ඓතිහාසික පැවරුම් කඩිමුඩියේ පැටවීමේ තම කාර්යභාරය සඳහා හුවමාරු වසයෙන් ඩොලර් බිලියන ගනනාවන් පිලිගැනීමෙනි.

වෘත්තීය සමිතිවල ක්‍රියා ඒවා මොනවා දැ යි යන්න පිලිබඳ ප්‍රකාශනයකි. පසු ගිය දශක හතර පුරා වෘත්තීය සමිති, තමන් විසින් ධනවාදය හා ජාතික රාජ්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම මත පාදකව, ලාභ ශ්‍රම කෙතාන්ත්‍රාත්කරුවන් හා කම්කරුවන් මත පොලිස් රාජ්‍ය ඒජන්සියක් බවට පරිවර්තනය කෙරී ඇත. ඒවා පවතින්නේ පාලක පන්තියේ නියෝගයන්ට එරෙහි විරුද්ධත්වය සංවිධානය කිරීමට නො ව, එම විරුද්ධත්වය වැලක්වීමට ය.

ඒඑෆ්එස්සීඑම්ඊට එරෙහිව ජානුස් නඩුවේ දී, රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සඳහා නීතිපති නැවත නැවතත් පැවසුවේ, ඒජන්සි ගාස්තු, එනම් වෘත්තීය සමිති සාමාජිකත්වය ප්‍රතික්ෂේප කරන රාජ්‍ය අංශයේ කම්කරුවන්ගෙන් වෘත්තීය සමිති ගාස්තුවලට සමාන දායක මුදල් අඩු කිරීම “වැඩ වර්ජන නොකිරීමේ තුටුපඬුරු ය” යනුවෙනි. එනම්, කම්කරුවන්ගේ වැටුප්වල කොටසක් රාජ්‍ය අනුග්‍රහයෙන්, ස්වයංක්‍රීය ව අඩු කිරීම තමන් මත පැටවෙන කොන්දේසිවලට එරෙහිව කම්කරුවන් වැඩවර්ජනය නො කරන බව සහතික කිරීම සඳහා ගෙවීමකි.

වඩා මෑත දී, නිව් යෝක් ප්‍රාන්ත එක්සත් ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියේ ප්‍රකාශකයෙකු ඇල්බනි ටයිම්ස් යූනියන් නම් (ඇමරිකානු දිනපතා පුවත්පත) පුවත්පතට පැවසුවේ, රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වැඩවර්ජන අවහිර කරන ටේලර් නීතිය, “සාමය රැකිමේ දී, වසර 40ට වැඩි කාලයක් ඵලදායී ලෙස ක්‍රියාත්මක වී ඇති” නිසා ඉවත දැමිය යුතු නැති බව යි.

තම මෑත පස්වැනි ජාතික සම්මේලනයේ දී, සමාජවාදී සමානතා පක්ෂය“පන්ති අරගලයේ පුනර්ජීවනය හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ” නම් යෝජනාව සම්මත කර ගත්තේ ය. එය සමාජ අසමානත්වයේ අත්‍යන්ත වර්ධනය හා කම්කරු පන්තිය හා තරුනයන්ගේ සමාජ හා දේශපාලනික පෙරලිකාරිත්වය පැහදිලි කලේ ය:

එක්සත් ජනපදය යනු සමාජ වෙඩිබෙහෙත් පීප්පයකි. එක්සත් ජනපදයේ සමාජ අරගල පෙර නො දුටු ආකාරයකින් පැනනැගීම නො වැලැක්විය හැක. කම්කරු පන්තියේ පුලුල් කොටස්වල සමාජ අවශ්‍යතාවල පොදු බව, ප්‍රාදේශීය බෙදීම් වල ඛාදනය, කම්කරු පන්තියේ වාර්ගික හා ජාතික ඒකාග්‍රතාවය, අන්තර්ජාලය පදනම් කරගත් සමාජ මාධ්‍යවල බලපෑම යනාදී බොහෝ සාධක මහජන විරෝධතාවයන්ගේ ඒකාබද්ධවීමක් දෙසට ක්‍රියා කරමින් තිබේ. ඒ අනුව ක්ෂනික හේතුකාරකය කුමක් වුවත්, කුමන ස්ථානයක හටගත්තත්, පුපුරායන බරපතල සමාජ විරෝධතාවයන් ඉතා සීග්‍රයෙන් ව්‍යාප්තවන බවටත්, මිලියන ගනනින් කම්කරුවන් අරගලය තුල ක්‍රියාකාරී සහභාගීත්වයට ආකර්ශනය කරගනු ඇති බවටත් අපේක්ෂා කල හැකිව තිබේ. කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම් සලකා බැලීමේදී, මෙම සමාජ අරගලවල ඒකාබද්ධ වීමේ තාර්කික ප්‍රතිඑලය වනු ඇත්තේ, දේශපාලන බලය පිලිබඳ ප්‍රශ්නය මතු කරන, මහා වැඩවර්ජනයකි.

මෙම විශ්ලේෂනය නිවරැදි බව ඔප්පු වී ඇත. රට පුරා ද ජාත්‍යන්තරව ද කම්කරුවෝ අසමානතාව, තීව්‍ර කෙරන සූරාකෑම, සමාජ කාලකන්නිකම හා ධනවාදයේ ප්‍රතිවිපාකයන්ට විරුද්ධත්වය දැක්වීමට මාවත් සොයමින් සිටිති. තම අභ්‍යන්තර ගැටුම් කොතරම් තීව්‍ර වුවත්, ඩෙමොක්‍රෙටික් මෙන් ම රිපබ්ලිකානු, පාලක පන්තියේ නියෝජිතයෝ, පන්ති අරගලයේ පුනර්ජීවනයේ ගම්‍යයන් පිලිබඳ තම භීතියේ දී එක්සත් වෙති.

කම්කරු පන්තියේ විරද්ධත්වය සම්බන්ධීකරනය හා සංවිධානයට වෘත්තීය සමිතිවලින් ස්වාධීන නව සංවිධාන,එනම් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කොමිටි ගොඩනැගීම අවශ්‍යය. එම යෝජනාවේ සඳහන් කරන පරිදි:

මේ නිසා කම්කරු පන්තියේ මහා අරගලවලට සූදානම් වීම පිනිස ප්‍රසිද්ධ වැඩබිම්වල හා ආශ්‍රිත ප්‍රදේශවල එකිනෙකට සම්බන්ධ කොමිටි ජාලයක් වර්ධනය කිරීම අවශ්‍ය වේ. එවන් කොමිටිවල අවශ්‍යතාව උද්ගත වන්නේ කම්කරුවන්ගේ ම අත්දැකීම තුලිනි. ඔවුන්ව නියෝජනය කරනවා යැයි කියන වෘත්තීය සමිති කම්කරු පන්ති අරගල සංවිධානය වීමට බරපතල ලෙස හතුරු වනවා පමනක් නොව, කම්කරුවන්ගේ දුක්ගැනවිලි විසඳීම හා ගිවිසුම් වගන්ති බලාත්මක කිරීම වැනි අතිශය සීමා සහිත ආකාරයේ නියෝජනය කිරීම් පවා අත්හැර දමා තිබේ.

එවැනි කමිටු වර්ධනය කිරිම කම්කරු පන්තියේ සෑම කොටසක් ම මුහුන දෙමින් සිටින්නා වූ කේන්ද්‍රීය කර්තව්‍යයකි. වෘත්තීය සමිති කම්කරු පන්තිය මත ග්‍රහනය පවත්වා ගෙන යන තාක් දුරට, එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තර ව කම්කරු පන්තියේ අවංක එක්සත් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම අපහසු ය.

ෆැක්ටරි කමිටු ගොඩනැගීම හා මහා වැඩවර්ජනයකට සූදානම් වීම, සසප යෝජනාව කියන පරිදි,“දේශපාලන බලය” පිලිබඳ ප්‍රශ්නයකි. ඉතාමත් මූලික අවශ්‍යතාවන්, එනම් යහපත් වැටුප්, ගුනාත්මක බවින් ඉහල රාජ්‍ය අධ්‍යාපනය,සෞඛ්‍ය සේවා හා නිවාස එමෙන් ම ඊ ලඟ පරම්පරාවේ අනාගතය සඳහා යුද්ධය, දේශපාලන මර්දනය හා ප්‍රචන්ඩත්වයෙන් නිදහස් ලෝකයක් සඳහා තමන්ගේ ම අතට දේශපාලන බලය ගැනීමට, සංගත හා මූල්‍ය ප්‍රභූවේ ගලග්‍රහනය බිඳීමට හා සමාජය සමාජවාදී ලෙස සංවිධානය කිරීමට කම්කරු පන්තිය විප්ලවවාදී ව බලමුළු ගැන්විය යුතු ය.

ජෙරී වයිට් විසිනි

Share this article: