ජර්මානු ආන්ඩුව, සමාජවාදී සමානතා පක්ෂය(එස්ජීපී) “වාමාංශික අන්තවාදී” සෝදිසි ලැයිස්තුවට ඇතුලුකර ගනී

German government places Socialist Equality Party on subversive watch list

ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2018 අගෝස්තු 17

පසු ගිය මාසයේ, ජර්මානු දේශීය ඔත්තුසේවා ඒජන්සිය වන ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ෆෙඩරල් කාර්යාලය (බීඑෆ්වී) තම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වාර්ෂික වාර්තාව තුල, රාජ්‍ය අධීක්ෂනයට යටත් “වාමාංශික අන්තවාදී” සංවිධාන පිලිබඳ නාම ලේඛනයට සමජවාදී සමානතා පක්ෂය ද එකතු කලේ ය. එය සමාජවාදී සමානතා පක්ෂය (එස්ජීපී) මත කල්යල් බලා එල්ල කරන ලද දේශපාලන ප්‍රහාරයකි.

ඊට පෙර වසරවල දී, වාර්ෂික වාර්තාව එස්ජීපීය ගැන සඳහන් නො කලේ ය. දැන් “වාමාංශික අන්තවාදී පක්ෂ” තුනෙන් එකක් ලෙස මෙන් ම ඔත්තුසේවා විසින් අධීක්ෂනය කල යුතු “නිරීක්ෂනයට යටත් සංවිධානයක්” ලෙස ද එය දෙවතාවක් සඳහන් කෙරේ.

ඔත්තුසේවා විසින් අධීක්ෂනය කිරීමේ අර්ථය, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත දැවන්ත සීමා කිරීම් පැනවීම වන අතර ම, ගනු ලබන තහනමක පූර්වනිමිත්තක් ද වීමයි. තමන් සෝදිසි කෙරෙන බව, තම සන්නිවේදන තුලට මැදිහත් වෙමින් තිබෙන බව හා සැඟවුනු ක්‍රම මගින් තමන් පිලිබඳ ඔත්තු බැලෙන බව එස්ජීපී හා එහි සාමාජිකයින්ට පිලිගැනීමට සිදුවේ. ඔවුන් “ව්‍යවස්ථාවේ හතුරන්” ලෙස හංවඩු ගැසෙන අතර මැතිවරන, ප්‍රසිද්ධ පෙනීසිටීම්, කාමර කුලියට ගැනීම් හෝ රැකියාවක් සොයමින් සිටිය දී හිරහැර කිරීම්වලට මුහුන දීමට සිදුවීම බලාපොරොත්තු විය හැක.

උදාහරන වසයෙන්, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල (ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය හා ක්‍රිස්තියානි සමාජ සංගමය) ශිෂ්‍ය සංවිධානය වන ආර්සීඩීඑස් ඉල්ලා සිටින්නේ රහස් ඔත්තුසේවා විසින් අධීක්ෂනයට යටත් කෙරෙන සංවිධාන හා ඔවුන්ගේ සාමාජිකයින් විශ්වවිද්‍යාලවලින් පලවා හැරිය යුතු බව යි.

එස්ජීපී කිසියම් නීතියක් කඩ කරමින් සිටින බවට හෝ ප්‍රචන්ඩ කටයුතුවල නියලෙන බවට හෝ ඔත්තු සේවා විසින් චෝදනා කර නැත. එය ඒ වගේ ම පැහදිලිව තහවුරු කරන්නේ එස්ජීපීය නීත්‍යානුකූල මාධ්‍යයන්ගෙන් තම අරුමුනු පෙරට ගෙනයන බව යි. එය “තම දේශපාලන අදහස් වෙත මහජන අවධානය දිනා ගැනීමට උත්සාහ ගන්නේ මැතිවරනවලට සහභාගී වීමෙන් හා දේශන මගින්” බව එය පවස යි.

විශේෂයෙන් ම සමාජවාදී ක්‍රියාමාර්ගයක් දේශනා කරයි, ධනවාදය විවේචනය කරයි එමෙන් ම ස්ථාපිත පක්ෂ හා වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කරයි යන කාරනා මගින් එය, එස්ජීපීය අධීක්ෂනය කිරීම යුක්තිසහගත කරයි. බීඑෆ්වී වාර්තාව මෙසේ සඳහන් කර යි: “පවතින රාජ්‍ය හා සමාජ පර්යායට එරෙහිව, “ධනවාදය” පිලිබඳ පොදු හෙලා දැකීමක් ලෙස, යූරෝපා සංගමයට එරෙහිව, චුදිත ජාතිකවාදය, අධිරාජ්‍යවාදය හා මිලිටරිවාදය මෙන් ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, වෘත්තීය සමිති හා වාම පක්ෂයට එරෙහිව ද තම ක්‍රියාමාර්ගය තුල එස්ජීපීයේ උද්ඝෝෂනය එල්ල කෙරේ.”

“වාමාංශික අන්තවාදය” නම් පරිච්ඡේදය පිලිබඳ පොදු හඳුන්වාදීම පැහැදිලි කරන්නේ, ධනවාදය හා එහි සමාජ ප්‍රතිවිපාක පිලිබඳ ඕනෑ ම සමාජවාදී විවේචනයක් මර්දනය කිරීමට රහස් ඔත්තුසේවා අපේක්ෂා කරන බව යි.

“වාමාංශික අන්තවාදයේ දෘෂ්ටිවාදාත්මක පදනම වන්නේ, සමස්තයක් වසයෙන් ධනේශ්වර පද්ධතිය ප්‍රතික්ෂේප කිරීම යි, මන් ද, වාමාංශික අන්තවාදීන්ට අනුව ‘ධනවාදය’ හුදෙක් ආර්ථික රූපාකාරයකට වඩා වැඩි දෙයක් වන නිසා බව එය පවස යි: එය (ධනවාදය) දකිනු ලබන්නේ රට තුල ‘මර්දනය’ හා විදේශවල ‘ආක්‍රමන’ මගින් කෙරෙන ‘ධනේශවර පාලනයේ’ පදනමක් ලෙස මෙන් ම සහතිකයක් ලෙස ය.” ඒ නිසා “ධනවාදය” සමාජ අසාධාරනය, නිවාස “විනාස කිරීම,” යුද්ධ, දක්ෂිනාංශික අන්තවාදය හා වර්ගවාදය මෙන් ම පාරිසරික විනාසයන් ඇතුලු සමාජමය හා දේශපාලනික ආපදා වෙනුවෙන් වග කිව යුතු ය.”

ඔත්තු සේවාවන්ට අනුව, පුද්ගලයන් මිලියන ගනනාවක් විසින් දරනු ලබන ධනවාදය පිලිබඳ එවැනි විවේචන, “අපගේ රාජ්‍ය හා සමාජ පර්යාය ද ඒ නයින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මත ද” ප්‍රහාරයක් වන්නේ ය. “ප්‍රමුඛ න්‍යායික නායකයින් ලෙස මාක්ස්, එංගල්ස් හා ලෙනින්” මත පදනම් වන්නා වූ ද නැතහොත් ප්‍රතිපත්තියක් වසයෙන් “පාලකයන්ට එරෙහිව පීඩිතයන්ගේ විප්ලවවාදී ප්‍රචන්ඩත්වය” “නීතයානුකූල” යයි සලකන ඕනෑ ම අයෙකු, ඔත්තුසේවාවේ ඇසින් “වාමාංමශික අන්තවාදියෙකු” මෙන් ම “ව්‍යවස්ථාවේ හතුරෙකි.”

මෙය අයත් වන්නේ ජර්මනිය තුල දීර්ග හා විනාසකාරී ඉතිහාසයක් ඇති සමාජවාදී පක්ෂ මර්දනයේ සම්ප්‍රදායට යි. 1878දී, ජර්මානු චාන්ස්ලර් ඔටෝ වොන් බිස්මාර්ක් “සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ මනීමරු අභිලාශයන්ට එරෙහිව” කුප්‍රකට සමාජවාද විරෝධී නීතිය බල ගැන්වීය. මෙය වසර දොලහක් තිස්සේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නීතිවිරෝධී තත්වයට ඇද දැමී ය. 1933දී හිට්ලර්, පලමුව කොමියුනිස්ට් පක්ෂය ද දෙවනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද තලා දැමුවේ, නාසි ඒකාධිපතිත්වය, දෙවැනි ලෝක යුද්ධය හා යුදෙව්වන් මූලෝත්පාඨනය සඳහා මග පාදා ගනු පිනිස ය. දැන් ක්‍රිස්තියානි ප්‍රජාතන්තවාදීන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මහා සභාගය හා එහි ඔත්තුසේවා ඒජන්සි සූදානම් කරමින් සිටින්නේ, සමාජවාද විරෝධී නීතියේ තුන්වැනි අනුවාදය යි. ඔවුහු ජර්මනිය සඳහා විකල්පය සංවිධානයේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින අතර අන්ත දක්ෂිනාංශික මෙම පක්ෂයට විරුද්ධ වන ඕනෑ ම අයෙකු නීති විරෝධී කරන බවට තර්ජනය කරති.

ඒඑෆ්ඩීයේ ප්‍රමුඛ නියෝජිතයින් සංක්‍රමනිකයන්ට එරෙහිව උද්ඝෝෂනය කර, වර්ගවාදය අවුලුවා, හිට්ලර්ගේ වමාක් (හමුදාව) උත්කෘෂ්ටයට නංවා ජාතික සමාජවාදීන්ගේ (නාසීන්ගේ) අපරාධ පහල දැමුව ද, බීඑෆ්වී වාර්තාවේ “දක්ෂිනාංශික අන්තවාදය” ගැන පරිච්ඡේදයේ මෙම පක්ෂය ගැන තනි සටහනක් හෝ නොමැත. මෙය ඒඑෆ්ඩීයට කිට්ටුවෙන් සම්බන්ධ නව දක්ෂිනාංශික ජාලයක් වන වෝකිෂ්-රේසිස්ට් (වාර්ගික ජාතිවාදීන්) පාර්ශ්වය හා විදේශික භීතික පෙගීඩා නියෝජිතයින්ට ද අදාල වේ.

දක්ෂිනාංශික අන්තවාදී ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒඑෆ්ඩීය විසින්ම ද විනය ක්‍රියාමාර්ග දෙකක් අරඹා ඇති, තුරින්ගියාවේ ඒඑෆ්ඩී ප්‍රකාශක, බ්ජෝරන් හෝකේ ද වාර්තාවේ සඳහන් නො වේ. නව දක්ෂිනාංශික දෘෂ්ටිවාදියෙකු වන ගෝට්ස් කුබිට්ස්ෂෙක් ගේ “රාජ්‍ය ප්‍රතිපත්තිය සඳහා ආයතනය,” ජූර්ගන් එල්සාසර්ගේ කොම්පැක්ට් සඟරාව හෝ සතිපතා ජුන්ග් ෆ්‍රේය්හේට් ගැන හෝ සඳහන් නො වේ. සුදු ජාතිකවාදී අයිඩෙන්ටේරියන් ව්‍යාපරය ගැන සඳහන් කෙරෙන නමුදු, ඒ හුදෙක් “සැක කටයුතු කාරනයක්” ලෙස පමනී.

“වාමාංශික අන්තවාදය” ගැන පර්ච්ඡේදයේ දී, ඒඑෆ්ඩීය ගැන අවස්ථා කීපයක දී සඳහන් කෙරෙන්නේ, උපකල්පිත “වාමාංශික අන්තවාදයේ” ගොදුර ලෙස ය. ඒඑෆ්ඩීයට එරෙහිව හා දක්ෂිනාංශික අන්තවාදයට එරෙහිව විරෝධය දක්වන හෝ ඔවුන් ගැන තොරතුරු එකතු කරන අය සැලකෙන්නේ “වාමාංශික අන්තවාදීන්”ලෙස ය.

“අප්‍රේල් මස කොලෝන් හා දෙසැම්බරයේ හැනෝවර් හි දී ඒඑෆ්ඩීයේ පක්ෂ සම්මේලන දෙකකට එරෙහිව පැවැත්වූ විරෝධතා” බීඑෆ්වී වාර්තාවේ සඳහන් කෙරෙන්නේ “අන්ත වාමාංශික” මනෝගතියේ සාක්ෂි ලෙස ය. “දක්ෂිනාංශික අන්තවාදීන්ට එරෙහිව පවතින සටන” හා “චූදිත හෝ සැබෑ දක්ෂිනාංශික අන්තවාදීන් හා ඔවුන්ගේ සංවිධාන පිලිබඳ තොරතුරු” එකතු කිරීමට ද මෙය අදාල වේ.

බීඑෆ්වී වාර්තාවේ විශාල කොටසක් පෙනී යන්නේ ඒඑෆ්ඩී පක්ෂ මූලස්ථානයේ දී ඒවා ලියන ලද සේය. බොහෝ ඡේද මුද්‍රනය කිරීමට සුදුසුය. එතැන් සිට අභ්‍යන්තර අමාත්‍යංශ විසින් තහවුරු කෙරී ඇත්තේ බීඑෆ්වී ප්‍රධානී හෑන්ස්-ජෝර්ජ් මාසෙන් ඒඑෆ්ඩී නියෝජිතයින් සමග අවස්ථා කිපයක දී ම හමු වී ඇති බව යි. අමාත්‍යංශයේ නිල ප්‍රකාශනයට අනුව, වසර හයකට පෙර තනතුර බාර ගැනීමේ සිට මාසෙන් සීඩීයූ/සීඑස්යූ, එස්පීඩී, හරිතයන්, වාම පක්ෂය, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ඒඑෆ්ඩී ය ද සමග සාකච්ඡා “196ක් පමන” පවත්වා ඇත.

මාසෙන්ගේ සංවාදකයින්ට ඒඑෆ්ඩී ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ගෝලන්ඞ් හා ඔහුගේ පුරෝගාමී ෆ්‍රෝකේ පෙටි්‍ර අයත් වෙති. වාර්තාවන පරිදි, පෙටි්‍රගේ පැරනි සහායිකාවකට අනුව, තමන් ද බීඑෆ්වී විසින් ඒඑෆ්ඩීය අධීක්ෂනය කිරීම අපේක්ෂා නො කල අතර එවැනි අධීක්ෂනයන් මග හරින්නේ කෙසේ දැ යි ඔවුන්ට උපදෙස් දුන් බව මාසෙන් ඇයට සහතික කලේ ය. මාසෙන් මෙය ප්‍රතික්ෂේප කල ද, බීඑෆ්වී වාර්තාවේ ඒඑෆ්ඩීය සඳහන් නො කිරීමේ කාරනය පෙන්වා දෙන්නේ පෙටි්‍රගේ ආධාරකාරිය නිවරැදි බව යි.

දක්ෂිනාංශික කුමන්ත්‍රනයක්

ෆෙඩරල් ආන්ඩුව ඔත්තුසේවාවන්ට වගකියන අතර, එය අභ්‍යන්තර ඇමතිට ඍජුව වග කියයි. ඔහු බීඑෆ්වී වාර්තාවේ පෙරවදන ලිව්වේ ය. සීඩීයූ, සීඑස්යූ හා එස්පීඩී මහා සභාගයේ අනුමැතිය නොමැති ව, වාර්තාව මෙම රූපාකාරයෙන් එලි දැක්වීමට නො හැකි වනු ඇත. එස්පීජීයට පහර දීමට හා ඒඑෆ්ඩීයට සහාය දීමට තීරනය කලේ ආන්ඩුවේ ඉහල මට්ටමේ දී ය. ස්ථීර ශුභසාධන කප්පාදු, මිලිටරි යලිසන්නද්ධකරනය හා පොලිස් රාජ්‍යයක් ගොඩනැගීම, විශාල බහුතරක් ප්‍රතික්ෂේප කරන, කම්කරු පන්තියේ හා තරනයන්ගේ පෙරලිකාරී වීමට මහා සභාගය ප්‍රතිචාර දක්වමින් සිටින්නේ, මිලිටරි යලි සන්නද්ධ කිරීමෙන් හා පොලිස් රාජ්‍යයක් ගොඩනැගීමෙනි. පසු ගිය සැප්තැම්බරයේ මහා මැතිවරනයේ දී, සීඩීයූ, සීඑස් යූ හා එස්පීඩීය වසර 70ක් තුල තම නරකම ප්‍රතිඵල ලැබූහ. ෆෙඩරල් පාර්ලිමේන්තුව සඳහා අද මැතිවරනයක් පැවත් වුව හොත්, මහා සභාගයට තව දුරටත් බහුතරයක් නො ලැබෙනු ඇත.

මෙම කොන්දේසි යටතේ නිල දේශපාලනය, අන්ත දක්ෂිනාංශික බලවේග ශක්තිමත් කරන ස්ථීර කුමන්ත්‍රනයක ගතිලක්ෂන අත් කර ගනී.

2013 තරම් මෑත දී, ආන්ඩුවක් පිහිටුවීමට පූර්වයෙන් මිලිටරිවාදයට සිය කැපවීම පෙන්නුම් කරමින් මාස ගනනාවක රහස් සාකච්ඡා පැවත්වුනි. ආන්ඩුවේ ප්‍රමුඛ නිලධාරීහු “මිලිටරි තහනමේ අවසානය” නිවේදනය කල අතර, යුක්‍රේනයේ දක්ෂිනාංශික කුමන්ත්‍රනයට සහාය දුන්හ, මෙය රුසියාව සමග තියුන ගැටුම් ඇවිල වූයේ ය. ජර්මනිය රුසියාවේ දේශසීමාව දක්වා ම නේටෝ හමුදා රැඳවීමට සහභාගී විය.

මේ අවස්ථාවේ, සභාග සාකච්ඡා මාස හයක් තිස්සේ පැවතුනි, එය ඓතිහාසික වාර්තාවකි. සීඩීයූ, සීඑස්යූ හා එස්පීඩීය 1945න් පසු ඉතාමත් දක්ෂිනාංශික ක්‍රියාමාර්ගයකට එකඟ වූහ. ඔවුහු විස්තීරන යලිසන්නද්ධ කිරීමේ ප්‍රතිපත්තියක් හා පොලිස් රාජ්‍යයක් ස්ථාපිත කිරීමට තීරනය කලහ. මිලිටරි වියදම් දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 2 දක්වා ඉහල දැමීමට අපේක්ෂිත ය, මෙහි අර්ථය, මිලිටරි අයවැය සැබවින් ම දෙගුන කිරීමකි. මේ අතර, අනිවාර්ය මිලිටරි සේවාව නැවත හඳුන්වා දීම ද හමුදාවන් න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ කිරීම ද සාකච්ඡා වේ.

මිලිටරි ශක්තිය මාර්ගයෙන් තම අධිරාජ්‍යවාදී විජිගීෂාවන් සාක්ෂාත් කර ගැනීමේ පාලක පන්තියේ අභිලාෂයන්ට අතීතයෙහි තම අපරාධකාරී දේශපාලනයට සුදුහුනු ගෑම මෙන්ම එය යලි කරලියට ගෙනඒම ද අවශ්‍ය ය. වැඩි කල් යාමට පෙර ඒඑෆ්ඩී නායක ගෝලාන්ඞ් ප්‍රකාශ කලේ නාසීන්ගේ අපරාධ, හුදෙක් “වසර දහස් ගනනක් සාර්ථක ජර්මානු ඉතිහාසය මත කුරුලු බෙට්ටක්” වන බව යි. එවකට විදේශ ඇමති හා අද සමූහාන්ඩු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මීයර් (එස්පීඩී) ප්‍රකාශ කලේ ජර්මනිය “පැත්තක සිට ලෝක දේශපාලනය ගැන අදහස් ප්‍රකාශ කිරීමට” වඩා කාර්යභාරයක් ඉටුකල යුතු බව යි. දේශපාලන විද්‍යාඥ හර්ෆ්‍රීඞ් මූන්ක්ලර් මෙසේ එකතු කලේ ය: “සෑම දෙයකට ම අප වරදකරුවන් වී ඇතැ යි ඔබට අදහසක් ඇත්නම්, යුරෝපය තුල වැදගත් ප්‍රතිපත්තියක් අනුගමනය කල නො හැකි වනු ඇත.”

කෙසේ නමුත් මහජනයා අතර, ජර්මානු මිලිටරිවාදයේ පුනරාගමනය මුහුන දෙන්නේ අතිවිශාල විරුද්ධත්වයකට ය, එය දැන් පන්ති අරගලයේ තීව්‍රවීමත් සමග සම්පාත වේ. එස්පීඩී-සීඩීයූ යන දෙකම නායකත්වය දුන් ආන්ඩු විසින් පතුලේ සිටින අයගෙන් මුදුනේ සිටින අයට සමාජ ධනය යලි බෙදාහැරීමේ වසර 20ට පසු, සමාජ සම්බන්ධතා කෑලිවලට ඉරා දැමී ඇත. ශ්‍රම වෙලඳපොල ප්‍රතිසංස්කරන කීපයක්, බටහිර යුරෝපයේ විශාල ම අඩු වැටුප් අංශය නිර්මානය කර ඇත. තරුනයින්ට රැකියා සොයා ගැනීම අසීරු ය; නව සේවකයින්ගෙන් ස්ථීර රැකියා ලබන්නේ සියයට 44කට පමනකි. දරිද්‍රතාව පුපුරන සුලු ය. අනෙක් අතට, සුපිරි පොහොසතුන් 45දෙනක් ජනගහනයේ දුප්පත් අර්ධයට වඩා වැඩි ධනයක් හිමි කර ගනිති.

ධනේශ්වර සමාජය බංකොලෙත් අතර විකල්පයක් අවශ්‍ය බව බොහෝ කම්කරුවෝ හා තරුනයෝ සිතති. එස්ජීපී තරුන අංශය වන, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින් විශ්වවිද්‍යාල හතක සංවිධානය කරන ලද, “කාල් මාක්ස්ගේ දෙසිය වන වසර - මාක්ස්වාදයේ තත්‍යතාවය” නම් දේශන මාලාව දහස් ගනනක් ප්‍රේක්ෂකයින් ආකර්ෂනය කර ගත්තේ ය.

1930 ගනන්වල ඒකාධිපතිවාදී ප්‍රතිපත්තිවලට ආපසු හැරීම මගින් මෙම පෙරලිකාරිත්වයට පාලක පන්තිය ප්‍රතිචාර දක්වයි. එහිදී සමාජවාදීන් මත කඩා පනිමින්, අන්ත දක්ෂිනාංශයේ ප්‍රතිපත්ති අනුගමනය කරයි. මෙම අර්බුදය, අතීත දුඹුරු පැහැය (ෆැසිස්ට් වර්නය) එලිමහනට පමුනුවමින් ජර්මානු ධනේශ්වරයේ “ප්‍රජාතන්ත්‍රවාදී ” මුහුනත ඉරා දමා තිබේ.

නාසි පාලනයට පූර්වගාමී වීමර් සමූහාන්ඩුව අතරතුර දී, පොලීසිය හා අධිකරනය කුරිරු ලෙස සමාජවාදීන් හා යුද විරෝධීන්ට හිංසා කල අතර නාසීන් ශක්තිමත් කලහ. 1923දී, ලේවැකි කුමන්ත්‍රන උත්සාහයක් වෙනුවෙන් හිට්ලර් නව මසකට හිරගෙට යැවුනු අතර, අධිකරනය වෙල්ට්බූහ්නේ සංස්කාරක කාල් වොන් ඔසිඑට්ස්කි මිලිටරිවාදයට විරුද්ධ වීම වෙනුවෙන් දෙවතාවක් දීර්ග ලෙස හිරේ දැමී ය. ඊට පුස ඔහුට වද දී මරා දැමුනි.

අවසානයේ දී, හිට්ලර් බලයට පැමිනියේ මහජන ව්‍යාපාරයකින් නොව, රීක් ජනාධිපති පෝල් වොන් හින්ඩෙන්බර්ග් වටා රොක් වුනු රාජ්‍ය සංවිධාන තුල කුමන්ත්‍රනයක් හරහා ය. මාස දෙකකට පෙර පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරනයේ දී නාසීහු බරපතල පරාජයකට හා මූල්‍ය බංකොලොත්කමකට ද මුහුන දුන්නෝ ය. අධිකරනය, ඔත්තුසේවා, පොලීසිය හා මිලිටරිය අවසානයක් නැතිව තෙමේ ම යටත් වුවා මිස හිට්ලර් තම බලය ගොඩනඟාගෙන තිබුනා නො වේ.

මහා සභාගය මෙන් ම ඔත්තු සේවා දැන් පෙල ගැසෙමින් සිටින්නේ, මෙම සම්ප්‍රදායන් පසුපස ය. කෙසේ නමුත්, අද ඔවුන්ට ෆැසිස්ට් මහජන ව්‍යාපාරයක් මත රඳා පැවතිය නො හැක. මහජනතාවගේ බහුතරය ඒඑෆ්ඩීයට වෛර කරති. එය, ආන්ඩුව, සංස්ථාපිත පක්ෂ හා එහි දක්ෂිනාංශික ප්‍රචාරය පැතිරවීමට කැමති මාධ්‍යවල නිර්මානයකි. එහි නායකයින් බොහෝසෙයින්ම මතු වන්නේ, සීඩීයූ, සීඑස්යූ හා එස්පීඩීයෙන් මෙන් ම මිලිටරිය, ඔත්තුසේවා, හා අධිකරනය හා පොලීසියෙනි.

මැතිවරන පරාජය නො තකා මහා සභාගය සමග ඉදිරියට යෑමේ තම තීරනය සමග එස්පීඩීය හිතාමතා ම ඒඑෆ්ඩීය ශක්තිමත් කර ඇත. සමූහාන්ඩු මැතිවරනයේ දී ඒඑෆ්ඩීය ලැබුවේ ඡන්දවලින් සියයට 12.6ක් වුවත්,එය දැන් පාර්ලිමේන්තු විපක්ෂය මෙහෙයවයි. එහි සංක්‍රමන විරෝධී උද්ඝෝෂනය දැන් මහා සභාගයේ නිල ප්‍රතිපත්තිය වී ඇත. සභාගය එය පාවිච්චියට ගන්නේ ආන්ඩුවේ බලය වැඩි කිරීමට, කම්කරු පන්තිය බෙදීමට හා ජාතිකස්වෝත්තමවාදය ඇවිලවීමටත් ය.

බීඑෆ්වී මෙම දක්ෂිනාංශික කුමන්ත්‍රනයේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එයට දක්ෂිනාංශික ගොහොරුව තුල ගැඹරුට ඇදුනු මුල් ඇත. කලින් වසර 15ට පෙර, එහි නායකත්වය බොහෝ බීඑෆ්වී රහස් තොරතුරු සපයන්නන්ගෙන් සමන්විත බවත්, එන්ඩීපීය “ආන්ඩුවේ ප්‍රශ්නයක්” යන යන පදනම මත, ජර්මනියේ ශ්‍රේෂ්ඨාධිකරනය දක්ෂිනාංශික ජර්මානු ජාතික පක්ෂය තහනම් කිරීම ප්‍රතික්ෂේප කලේ ය. 2000 හා 2004 අතරතුර සංක්‍රමනිකයන් නව දෙනෙකු හා පොලිස් කාන්තාවක මරා දැමූ, ජාතික සමාජවාදී රහස් සංවිධානයට (එන්එස්යූ) බීඑෆ්වී රහස් තොරතුරු සපයන්නෝ දුසිම් කීපයක් ඇතුලත් වූහ. එක් තොරතුරු සපයන්නෙක් මිනීමැරුම් දර්ශනයක පවා පෙනී සිටිය ද, වාර්තා වන පරිදි කිසි දෙයක් නොදුටු බව පැවසිනි. එන්එස්යූව බලය වැඩි කර ගත්, තුරින්ගියා මව්බිම ආරක්ෂාව නම් සංවිධානය ගොඩ නැගුනේ බීඑෆ්වී අරමුදල්වලිනි.

ජීඑස්පී ආරක්ෂා කරනු

එස්ජීපීය මෙම කුමන්ත්‍රනයේ ඉලක්කය වී ඇත්තේ, එය ස්ථීරව සමාජවාදී ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් පෙනී සිටින බැවිනි. එය සංස්ථාපිත පක්ෂවල සංක්‍රමන විරෝධී උද්ඝෝෂනයට මෙන් ම මධ්‍යම පන්තියේ අනන්‍යතා දේශපාලනයට ද අනුගත වී නැත. එය ධනවාදය පෙරලා දැමීමට සමාජවාදී ක්‍රියාමාර්ගයක් පසු පස ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කරමින් සිටී. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස, එය ස්ටැලින්වාදයට එරෙහි ලියොන් ට්‍රොට්ස්කිගේ වාම විරුද්ධ පක්ෂයේ සම්ප්‍රදායන් වෙනුවෙන් පෙනී සිටී.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය 1930 ගනන්වල නාසීන්නට එරෙහිව ස්ථිරසාර ලෙස සටන් කලේ ය. ජාතික සමාජවාදය පිලිබඳ ලියොන් ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය, එහි ප්‍රතිවිපාක පිලිබඳ ඔහුගේ අනතුරු ඇඟවීම්, එස්පීඩීය හා නාසීන් අතර වෙනස වටහා ගැනීම හා හිට්ලර්ට එරෙහිව එක්සත් පෙරමුනක් සඳහා සටන් කිරීම පතික්ෂේප කල, ස්ටැලින්වාදී ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ මාරක ප්‍රතිපත්ති පිලිබඳ ඔහුගේ විවේචන තවමත් තියුනු අදාලත්වයකින් යුත් අතර මෙම විෂය ගැන මෙතෙක් ලියවුනු හොඳම රචනා අතර ද වේ.

නාසි රහස් පොලීසිය වූ, ගෙස්ටෝපෝව විසින් ට්‍රොට්ස්කිවාදීන්ට ම්ලේච්ඡ ලෙස හිංසා කරන ලදී. 1937දී, ග්ඩාන්ස්ක් උසාවියක් බොරු නඩුවක දී ට්‍රොට්ස්කිවාදීන් දීර්ග සිරදඬුවම්වලට ලක් කලේ ය. නාසීන්ගේ ට්‍රොට්ස්කිවාදී ගොදුරු අතර යුදෙව් ප්‍රශ්නය පිලිබඳ මාක්ස්වාදී කතුවරයෙකු වූ ඒබ්‍රහම් ලියොන් ද විය. ඔහු වාඩිලා ගැනුනු බෙල්ජියම හා ප්‍රන්සයේ නීතිවිරෝධී සමාජවාදී වැඩ කටයුතු මෙහෙය වූ අතර, ඔස්විට්ස් ගෑස් කාමරවල දී මරා දමන ලදී. පලමුවැනි දක්ෂිනාංශික පක්ෂය පාර්ලිමේන්තුවට ඇතුලු වූ ක්ෂනික ඉක්බිත්තේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නැවත වතාවක් හිංසනයට ලක් කෙරෙමින් තිබේ යන කාරනය අවධාරනය කරන්නේ, නිල දේශපාලනයේ දක්ෂිනාංශික වෙනසකි.

ඊනියා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ ෆෙඩරල් කාර්යාලය විසින් පතුරවන බොරුවලට වෙනස් ලෙස, එස්ජීපීය මුලුමනින් ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරයි. ව්‍යවස්ථාව මගින් සහතික කෙරෙන අතිමූලික අයිතීන්, (එනම් ජීවිතය හා භෞතික සම්පූර්නත්වයේ අනුල්ලංගනීය බව වෙනුවෙන්, නීතිය ඉදිරියේ සමානත්වය වෙනුවෙන්, හෘදය සාක්ෂිය, භාෂනය, රැස්වීම හා මාධ්‍ය නිදහස, වෘත්තීය පිලිබඳ නිදහස් තේරීම යනාදිය වෙනුවෙන්) අවලංගු කාසි ලෙස පවතින අතර සමාජයේ ආර්ථික පදනම් ප්‍රාග්ධනයේ පුද්ගලික හිමිකරුවන්ගේ ග්‍රහනයේ තිබෙන තාක් දුරට එය ප්‍රතිවිරුද්ධය බවට හැරේ. සමාජවාදී ක්‍රියාමාර්ගයක් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කර ගැනීමේ පූර්වාවශ්‍යතාවයක් වෙයි.

කම්කරු පන්තිය නුදුරු අනාගතයේ දී ධනවාදය පෙරලා දමා සමාජවාදී සමාජයක් ගොඩ නගන්නේ නැති නම්, ම්ලේච්ඡත්වයට හා තුන්වැනි ලෝක යුද්ධයට ඇද වැටීම නො වැලක්විය හැක. මෙය විසිවැනි සියවසේ විනාසයන්ගේ පාඩමක් පමනක් නො වේ. එය දැවැන්ත ප්‍රවේගයකින්, ඩොනල්ඞ් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපදය විසින් නායකත්වය ලබන මොවුහු තම මිලිටරි හමුදා ප්‍රසාරනය කරමින්, පවතින යුද්ධ තීව්‍ර කරමින් හා නව යුද්ධ සූදානම් කරමින් සිටිති. මෙය අධිරාජ්‍යාවාදී බලවතුන්ගේ උරුමයයි.

බීඑෆ්වීය එස්ජීපී ඉලක්ක කර ඇත්තේ එහි මාක්ස්වාදී විශ්ලේෂනය වඩ වඩා තහවුරු වෙමින් පවතින බැවිනි. සූරාකෑම, අසමානතාව, මර්දනය, යුද්ධය හා දක්ෂිනාංශික අන්තවාදයට එරෙහිව වැඩෙන විරුද්ධත්වයෙන් තැති ගැනුනු බීඑෆ්වීය හා මහා සභාගයේ එහි ස්වාමින්ට එස්ජීපී සමාජවාදී ක්‍රියාමාර්ගය බලපෑමක් අත්කර ගැනීම වැලක්වීමට අවශ්‍ය ය. වසරකට පෙර පක්ෂය “සමාජ සමානතාව සඳහා පක්ෂයේ” සිට “සමාජවාදී සමානතා පක්ෂය” ලෙස වෙනස් කල බවත්, ඒ නයින් එහි සමාජවාදී අරමුන පක්ෂ නාමයෙන් ප්‍රකාශ කල බවත් බීඑෆ්වී වාර්තාව පැහැදිලි ව සඳහන් කර යි.

ජර්මානු ඉතිහාසය වෙනස් කිරීමට හා නාසීන් පුනස්ථාපනය කිරීමට විරුද්ධත්වය දැක්වීම වෙනුවෙන් එස්ජීපීය වසර ගනනාවක් තිස්සේ මාධ්‍ය හෙලාදැකීම්වලට ලක් කෙරී ඇත. එස්ජීපීය හා සසජාතශි විසින් දක්ෂිනාංශික අන්තවාදී ඉතිහාසය විවේචනය කල විට, මාධ්‍ය පරිභවාත්මක කෝපයේ මහා ඝෝෂාවක් මුදා හලේ ය.

බාබෙරොව්ස්කි නාසි ක්ෂමාලාපක අර්න්ස්ට් නොල්ටේ ආරක්ෂා කල අතර හිට්ලර් “කුරිරු නො වූ” බව ප්‍රසිද්ධියේ පැවසී ය. සසජාතශි මෙය ඍජුව සම්බන්ධ කලේ ජර්මානු මිලටරිවාදයේ පුනරාගමනයට යි. “20වැනි සියවස පිලිබඳව නව ආඛ්‍යානයක්,” “ජර්මානු අපරාධ හෑල්ලු කරන හා යුක්තිසහගත කරන ඉතිහාසය පිලිබඳ මුසාකරනයක්” වර්ධනය නො කර ජර්මනියට මිලිටරිවාදී ප්‍රතිපත්තියකට ආපසු පැමිනිය නො හැකි බව එය පෙන්නුම් කලේ ය.

බාබෙරොව්ස්කි පිලිබඳ විවේචනය ශිෂ්‍යයින් අතර සැලකියු යුතු සහයෝගයක් දිනා ගත්තේ ය. පාලක පන්තිය තැති ගැනුනි. ආචීර්නකල්පික ෆ්‍රැන්ක්ෆර්ටර් අල්ජෙමේන් සේයිතුංග් පුවත්පත “රංචු ගැසීම” සම්බන්ධයෙන් එස්ජීපීයට චෝදනා කල අතර එහි “ඵලදායිත්වය” ගැන පැමිනිලි කලේ ය. හුම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ පරිපාලන විධායක සභාව දක්ෂිනාංශික අන්තවාදී මහාචාර්යවරයාට සහාය පල කල අතර ඔහු පිලිබඳ විවේචන “පිලිගත නො හැකි” යැයි ප්‍රකාශ කලේ ය. වසරකට වඩා වැඩි කාලයක් පුරා, ගූගල් (සමාගම) ජර්මානු ආන්ඩු කවයන් සමග කිට්ටු සම්බන්ධතා ඇති ව, වාමාංශික, යුද විරෝධී, හා ප්‍රගතිශීලී වෙබ් අඩවි, විශේෂයෙන් ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාරනය කරමින් සිටී.

වාම පක්ෂය හා හරිතයන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ බියගුලු නිශ්ශබ්දතාව පමනී, නැතහොත් ඔවුහු බාබෙරොව්ස්කිට හා මහා සභාගයේ ක්‍රියාවන්ට සහාය දුන් හ. ඔවුහු දක්ෂිනාංශයේ වැඩෙන බලපෑම වැලක්වීමට කිසිවක් කර නැතිවාක් පමනක් නො ව, ටූබින්ජෙන් හරිත නගරාධිපති බොරිස් පාමර්, හා වාම පක්ෂයේ දේශපාලඥයින් වන සාහ්රා වගෙන්ක්නෙක්ට් හා ඔස්කාර් ලෆොන්ටේන් මෙන් සරනාගතයන් දඩයමේ දී එහි අත්වැල් ගායනයට එක්වූහ.

වාම පක්ෂයේ බොහෝ අනුගාමිකයින් ඇතුලුව, ශාස්ත්‍රාලික වම පවා, ප්‍රශංසනීය ව්‍යතිරේකයන් කීපයක් හැරුනු කොට, නිශ්ශබ්ද කෙරී, දක්ෂිනාංශික ප්‍රහාරය ඉදිරියේ දනින් වැටුනහ. සරනාගතයින්ට එරෙහිව බාබෙරොව්ස්කි ප්‍රසිද්ධියේ උද්ඝෝෂනය කර, දක්ෂිනාංශික අන්තවාදීන්ගෙන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ බව පෙනෙනු සාකච්ඡා කන්ඩායමක් පිහිට වූ අවස්ථාවේ දී පවා මෙය වෙනස් නො වී ය.

අපේ පක්ෂය “වාමාංශික අන්තවාදී” සංවිධානයක් ලෙස බීඑෆ්වී විසින් වර්ගීකරනය කිරීම එස්ජීපීය හා එහි දේශපාලනය මර්දනය කිරීමේ තවත් උත්සාහයකි. එය ඉලක්ක කරන්නේ එස්ජීපීය වුවත්, සමාජ අසමානතාව, මිලිටරිවාදය හා මර්දනයට විරුද්ධව සටන් කරන්නාක් මෙන් ම සමාජවාදී ඉදිරිදර්ශනය පෙන්නා දෙමින් සිටින්නා වූ ද සෑම අය ම එය ඉලක්ක කර යි.

මහා සභාගය හා ඔත්තුසේවා ඒජන්සියේ මෙම ප්‍රහාරයෙන් එස්ජීපීය බිය නො වන්නේ ය. එය ඇරඹෙන්නේ මහජනතාවගේ විශාල බහුතරයක් විසින් නොතකා හැර, ප්‍රතික්ෂේප කලා වූ අපකීර්තිමත් ආන්ඩුවකිනි. අපි එයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අයිතිය ආරක්ෂා කරමු. අප අපගේ වැඩකටයුතු ඉදිරියට ගෙන යන අතර කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයින් අතර එස්ජීපී බලපෑම ශක්තිමත් කිරීමට හා වර්ධනය කිරීමට අප සන්තකයේ ඇති සියලු ම නීතිමය මාර්ගයන් හරහා අපි අපගේ වැඩ ඉදිරියට ගෙන යමු. ඊ ලඟ වසන්තයේ දී යුරෝපා මැතිවරනයට සහභාගීවීමට අපි සැලැසුම් කරමු.

වාම පක්ෂය, එස්පීඩී හා හරිතයන්ගේ බැරෑරුම් ව සිතන සාමාජිකයින් ඇතුලුව දක්ෂිනාංශයේ වර්ධනයට විරුද්ධවන සෑම අයෙකු දෙසට ම හැරෙන අපි, බීඑෆ්වී ප්‍රහාරයට එරෙහිව විරුද්ධත්වය දක්වන මෙන් ද එස්ජීපීය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු. ඔත්තුසේවා, එස්ජීපීය හා සියලු වාම සංවිධාන අධීක්ෂනය කිරීම අත් හැර දැමිය යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාද විරෝධී කුමන්ත්‍රනයන්ගේ තවාන උගුලා දමන ලෙසත් අපි බලකර සිටිමු.

Share this article: